අවුරුදු 13ක පාසල් කාලය ඉවර වෙන්නෙ උසස් පෙල විභාගයෙන් පසුවයි.පොඩි කාලයෙ ඉදන් අම්මා තාත්තා ලග හැදුන වැඩුන අයට සමාජයට බහින්න, සමාජය අදුරගන්න, තමන්ව හරියට අදුරගන්න ලැබෙන නිදහස් අවස්ථාවක් තමයි මේ. ඒලවෙල් ඉවර වෙලා ලැබෙන නිදහසෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන තමන්ගෙ ජීවිතයට අලුත් අත්දැකීම් , වටිනාකම් ගොඩාක් එකතු කරගන්න ලැබෙන මුල්ම අවස්ථාව තමයි මේ…
එක වසරට ඉස්කෝලෙට භාරදෙන ලමයෙක්ට පලවෙනියට විභාග ආතතියක් දැනෙන්න ගන්නෙ ශිෂ්‍යත්ව විභාගයෙන්.ඊලගට නොකඩවා අවුරුදු ගනනක් ඉස්කෝලෙ යන ලමයෙක් ඕලෙවල් විභාගයට මුහුණ දෙනවා එතනින් පස්සෙ ඒලවෙල් විභාගයට අවුරුදු දෙකක් හො කිහිපයක්ම මුහුණ දෙන ලමයට විශාල නිදහසක් ලැබෙන්නෙ එතනින් පසුවයි. ඉතින් මේ ලැබෙන නිදහස කොහොමද අපි ගත කරන්න ඕනෙ කියලා මේ ලිපියෙන් කතා කරමු.
හොද විවේකයක් අරගන්න…

ඉස්සෙල්ලම ඔයා හොද විවේකයක් ගන්න ඕන.යාලුවෝ එක්ක, පවුලෙ අය එක්ක ටිකක් ට්‍රැවල් කරන්න යන්න. කාලෙකින් හමුවුනෙ නැති ගමේ යාලුවො ටිකක් හමුවෙන්න යන්න. සෙල්ලම් කරන්න. කාලෙකට පස්සෙ හොද ෆිල්ම්ස් ටිකක්, ටීවි සීරිස් ටිකක් බලන්න.පොත් ටිකක් අරගෙන කියවන්න පුස්තකාලෙට යන්න. කාලයක් තිස්සෙ ඔයාගෙ ඔලුවෙ හිරවෙලා තිබුණ පීඩනය නැතිකරගන්න මේක තමයි හොදම අවස්ථාව.හැබැයි එහෙමයි කියලා නරක පුරුදු ඇබ්බැහීන් වලට යොමුවෙන්න නම් එපා.
ඊලගට මම යෝජනා කරනවා ඔයාට පුංචි බකට් ලිස්ට් එකක් හදාගන්න කියලා.බකට් ලිස්ට් එකක් කියන්නෙ ඔයාට මේ ජීවිත කාලය තුල කරන්න ආසාවෙන් ඉන්න දේවල් ලයිස්තුවකට. උදාහරණ විදියට කෑම්ප් කරන්න, තනියම මූවි එකක් බලන්න යන්න, භාවනාවක් පුරුදු කරන්න, සතියකට පොතක් කියවන්න, තනියම කන්න යන්න වගෙ දේවල්. ඉතින් ඔයා මේ වගෙ බකට් ලිස්ට් එකක් හදලා පුලුවන් තැනින් පටන් ගන්න.
ඔයා කව්ද කියලා අදුරගන්න…

ඔයා කව්ද ? ඔයා මේ ලෝකයට ඇවිත් ඉන්නෙ මොකටද ? කියලා හොයන්න පටන් ගන්න මේ තමයි හොදම අවස්ථාව. අපි පුංචි කාලයෙ ඉදන් ඉස්කෝලෙට ඕන විදියට , දෙමව්පියන් ට ඕන විදියට දේවල් කලත් එතනින් පස්සෙ අපිම අපෙ ජීවිතය ගැන තීරණය කල යුතුයි.ඉතින් ඊට කලින් අපි කව්ද කියන එක දැනගෙන ඉන්න ඕන.
කොහොමද අපි කව්ද කියලා අදුරගන්නෙ ?
නිදහස් වෙලාවක් අරගෙන මේ කරුණු ගැන ටිකක් හිතලා බලන්න..
- ඔයා වැඩිපුරම ආසාවෙන් දක්ෂ විදියට කරන්නෙ මොනවද ?
- ඔයා විනෝදාංශ විදියට මොනවද කරන්නෙ ?
- ඔයා ඉස්කෝලෙදි ආසාවෙන් ඉගෙනගත්ත විෂයන් මොනවද ?
- ඔයා ගොඩාක් දක්ෂයි කියලා අනිත් අය කියන්නෙ මොනවටද ?
- ඔයාගෙ සිහින රැකියාව මොකක්ද ?
- ඔයා වැඩිපුරම අන්තර්ජාලයෙන් හොයන/ වැඩිපුරම කියවන්න කැමති පොත් මොනවද ?
මේ කියන ප්‍රශ්න ඔයාගෙන්ම අහලා බලන්න එතකොට එක ක්ෂේත්‍රයක් ගැන ඔයාට අදහසක් එයි.ඒ තමයි ඔයා හදවතින්ම කැමති දේ.ඉතින් මේ ක්ෂේත්‍රය ඔස්සෙ ඉදිරියට යන්න, උසස් අධ්‍යාපනයක් ලබාගන්න ඊලගට කටයුතු කරන්න ඕන. මතක තියාගන්න මෙන්න් මේ වාක්‍ය ” ඔබ ඔබම වීම තරම් වටින අන් දෙයක් මෙලොව් නැත “.
තමන්ගෙ ජීවිතයට වටිනාකම් එකතු කරගන්න.

මේ නිදහස උපරිමයෙන් භාවිතා කරලා ඔයාගෙ ජීවිතයට වටිනාකම් එකතු කරගමු.විභාග නිසා හෝ වෙනයම් හේතූන් නිසා අතරමග නතර වුන ඔයාගෙ ක්‍රීඩා, සෞන්දර්ය දේවල් ආයෙත් පටන් ගන්න හොදම වෙලාව මේ. මොකක්මහරි සංගීත භාණ්ඩයක් පුරුදු වෙන්න.මැහුම්, ගෙවතු අලංකරනය, අලුත් රසවත් කෑම හදන්න, කලා නිර්මාණ කරන්න පටන් ගන්න. ඉංග්‍රීසි හදාගන්න , වෙන භාෂාවක් පුරුදු වෙන්න. ඩ්‍රයිවින් ලයිසන් ගන්න.තනියම ජීවිතය විඳින්න පුරුදු වෙන්න.
මේ වගේ තව ඔයා ලග ඇති බලාපොරොත්තු ගොඩාක්.ඒ හැමදෙයක්ම එකින් එක කරන්න පටන් ගන්න.මේ ලැබුණ නිදහසෙන් තමන්ගෙ ජීවිතය සොයාගෙන ඉදිරි අනාගතය වෙනුවෙන් ලොකුම පිම්මක් පනින්න කටයුතු කරන්න.තමන්ව සොයාගන්න, තමන්ගෙ ජීවිතය සොයාගන්න. ඔයාගෙ ජීවිතයෙ හොදම වර්ෂන් එක වෙනුවෙන් මේ කාලය හරිම ඵලදායි විදියට ගත කරන්න.