අවුරුදු 13ක පාසල් කාලය ඉවර වෙන්නෙ උසස් පෙල විභාගයෙන් පසුවයි.උසස් පෙල විභාගයෙන් පසුව හැමෝටම ලැබෙන්නෙ අසීමිත නිදහසක්.ටිකක් අධ්‍යාපනයෙන් විවේකයක් අරගෙන තමන්ගෙ හිතෙ තියන ආසා කරන දේවල් කරන්න, ජීවිතය විඳින්න මේ ලැබෙන්නෙ හොදම අවස්ථාවක්. ඉතින් මේ ලැබෙන විවේකයෙන්, අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන වෙනස්ම පුද්ගලයෙක් විදියට සමාජගත වෙන්නෙ කොහොමද කියලා මම අද කියලා දෙන්න හිතුවා…
තමන් කව්ද කියලා හදුනගන්න.

අපි වෙනස්ම පුද්ගලයෙක් විදියට සමාජගත වෙන්න කලින් අපි කව්ද කියලා හදුනගෙන සිටිය යුතුයි. අපි මේ ලෝකයට ඇවිත් තියෙන්නෙ අපිටම ආවේණික කාර්‍ය්යකටයි.ඉතින් ඒ මොකක්ද කියලා හදුනගත්තොත් ඔයාට මේ ලෝකෙ අද්විතීය තැනක් ලබාගන්න පුලුවන්.
පරිඝණක විද්‍යාවට තමන්ගෙ ඇති ආසාව හදුනගත්ත බිල් ගේට්ස් අද ලෝකයෙ අංක එකෙ ධනවතෙක් වෙලා ඉන්නවා. අභ්‍යවකාශ විද්‍යාවට තමන්ගෙ ඇති ඇල්ම අවබෝධ කරගත් එලොන් මස්ක් අද ලොව පොහොසතා වෙලා ඉන්නවා.නිවේදනයට තමන්ගෙ ඇති ආසාව තේරුම්ගත් ඔප්‍රා වින්ෆේ අද ලොව වැඩිම ආදායමක් ලබන නිවේදිකාවක්.තමන්ගෙ අසීරුම අවස්ථාවෙදී වුනත් තමන්ගෙ විභවතාවය මතුකරගත් ජේ.කේ රෝලිං අද ලොව පොහොසත්ම ලේඛිකාවයි.
ඉතින් මේ ලැබුණු නිදහසෙන් උපරිම ප්‍රයෝජන අරගෙන තමන් කව්ද කියන දේ සොයාගන්න උත්සාහ කරන්න. තමන් වඩාත් ආසා කරන ක්ෂේත්‍රයක් තෝරාගැනීමෙන් ලැබෙන වාසි මොනවද ?

- තමන්ගෙ උසස් අධ්‍යාපනය තමන් කැමතිම ක්ෂේත්‍රයකින් සිදුකල හැකි නිසා ඉතා විශිෂ්ඨ විදියට ආසාවෙන් ඉගෙනීම සිදුකල හැකිවීම.
- තමන් කැමතිම ක්ෂේත්‍රයකින් රැකියාවක් ලැබෙන නිසා ඉතා කැමැත්තෙන් යුතුව තමන්ගෙ රැකියාව කරගෙන යාමට හැකිවීම සහ ඒ ඔස්සෙ ඉහලටම යාමට හැකිවීම.
- තමන් කැමතිම ක්ෂේත්‍රයකින් කටයුතු කරන නිසා ජීවිතය ඉතාමත් සතුටින් ගතකල හැකිවීම.
- සමාජයෙ වඩාත් කැපී පෙනෙන අද්විතීය පුද්ගලයෙක් බවට පත්වීම.
සමාජය ආශ්‍රය කරන්න .

මිනිසා කියන්නෙ සමාජශීලී සත්තවයෙක්.මිනිසුන්ට තම ජීවිත කාලය පුරාවටම කටයුතු කිරීමට අන්‍යයන්ගේ උදව් උපකාර අවශ්‍යයි. එහෙම නැතිනම් අන් අය සමග සහයෝගයෙන් කටයුතු කල යුතුම වෙනවා.දෙමාපිය යටතෙ හැදීවැඩුන අයට සමාජය ගැන අවබෝධයක් ලබාගන්න තියන හොදම අවස්ථාව තමයි මේ.
තමන් ඉන්න සමාජයෙන් පිට තරමක් වෙනස් සමාජයක් ඇසුරු කරන්න, අන් අය අවබෝධ කරගන්න , එක් එක් සමාජය අනුව අනුවර්තනය වෙන්න කටයුතු කරන්න.වෙනස් සමාජයන් ඇසුරු කරන්න තියන හොදම ක්‍රමය තමයි.ක්‍රීඩා සමාජ වලට, සෞන්දර්ය සමාජ වලට, සමාජ සුබසාධන සමාජ වලට සහ අලුත් දේවල් ඉගෙනීමට විවිධ පන්ති වලට එක්වීම කරන්න පුලුවන්.
අලුත් දේවල් අත්හදා බලන්න. අභියෝග භාරගන්න

දැන් තරුණයින් නරක අත්හදා බැලීම් වලට යනවට වඩා හොද අත්හදා බැලීම් සිදුකරන්න පෙළඹීම හොද ප්‍රවණතාවයක්. ඉස්සෙල්ලම ඔයා කරන්න කැමති අත්හදා බලන්න කැමති අලුත් දේවල් වල ලයිස්තුවක් හදාගන්න. අපි ඒකට කියන්නෙ බකට් ලිස්ට් එකක් කියලයි.
උදාහරණ විදියට : එක රැයක් යාලුවෝ එක්ක කෑම්ප් කරන්න, කන්දක් තරණය කරන්න, තමන් ආස තැන්වල ට්‍රැවල් කරන්න, පොත් එකතුවක් හදාගන්න, අලුත් කෑම වර්ග අත්හදා බලන්න … වගේ දේවල්.ඔයා කැමති ඕනම දෙයක් මේ ලයිස්තුවට එකතු කරගන්න පුලුවන් .
මේ වගෙ පුංචි පුංචි අභියෝග කරන්න පටන් ගත්තම තමන්ගෙ ආත්ම විශ්වාසය ඉහල නංවා ගන්න පුලුවන්.ඒ වගේම තමන්ගෙ අනාගතයට අත්දැකීම් බහුල කෙනෙක් විදියට මුහුණ දෙන්න, කිසිම දේකට බය නැති කෙනෙක් විදියට මුහුණ දෙන්න ශක්තිය ලැබෙනවා.තමන්ට ඉදිරි අභියෝග ,අරමුණු ජයගන්න මේ පොඩි අභියෝග වලට මුහුණ දීමේන් ඉගෙනගන්න දේවල් ගොඩාක් වටිනවා.