උතුම්නම් එතරම්ම මවු ගුණ (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
උතුම්නම් එතරම්ම මවු ගුණ
දමා යාවිද හිත ගලක් කරගෙන !, 😥
ඒ 2016 වර්ෂයේ තවත් ලස්සන දවසක්. මම හැමදාම පන්තියට යන්නේ ලස්සන හිනාවක් එක්ක. ඒක ඉනාවක් දහයේ කොල්ලෝ ටික පීරියඩ් එක ඉවරවෙනකම්ම සතුටින් තියාගන්න. ඉතිං එදත් කොල්ලෝ ටිකට විහිළුවක් එහෙම කරලා පාඩම පටන් ගත්තා. එදා තිබුනේ “සිංහභාහු “නාට්යයේ කොටසක්. මම ළමයි එක්ක එකතුවෙලා ඒකෙ ගීතමය කොටස් ගායනා කළා. ළමයි ආසාවෙන් පාඩමට එකතු වුණා.
“බලන්න ළමයි සුප්පා දේවී සිංහභාහුටයි සිංහසීවලීටයි කොයි තරම් ආදරෙයිද “ඇය තම පණ දෙවැනි කොට ආදරය කරන සැමියාව දාලා දරු දෙදෙනගේ යහපත සඳහා ලෙන අතහැරලා යන්න තීරණය කළා. එහෙම තමයි අම්මලා දරුවෝ වෙනුවෙන් සියල්ල අතහරින්න ඇය දෙපාරක් හිතන්නේ නෑ. මව් ගුණය මහා පුදුමාකාර දෙයක්.. මම කියාගෙන යනවා. එක වරම පිටුපස පේළියේ පුටුවක් මහා සද්දෙන් පස්සට ඇදෙනවා ඇහුණා. ඒත් එක්කම .”මැඩම් බයිලා කියන්න එපා “මහා හයියෙන් කෑ ගැහුවා ඉස්කෝලෙම නරක කොල්ලා කියලා හංවඩු ගහපු කළු කොල්ලා (හැබැයි මං ආදරෙයි. මටත් ආදරෙයි )ඇස් රතුවෙලා. කඳුළු පේළි දෙකක් ගලනවා. තරහෙන් වෙවුලනවා. මම හරිම සංසුන්ව “ඇයි මගේ පුතා එහෙම කියන්නේ “
“මැඩම් අම්මා කියන කෙනා එච්චරම උතුම්නම් මාස හයේ පුංචි මාව දාලා යයිද ?තාත්තා මාව ලොකු කරේ එළකිරි දීලා. අම්මා කියන නමටත් මම වෛර කරනවා. මගේ තාත්තා තමයි මගේ ලෝකේ මම අම්මා ගැන තියෙන සින්දුවක්වත් අහන්නේ නෑ මැඩම් “වැහි ලිහිණි පැටියා අඬ අඬා කියෝනවා. මම ඔලුව අතගාලා ඌව ඉන්දුවා පුටුවේ.
එදා දවසම මගේ හිත අඬනවා. ගෙදර ඇවිල්ලා ඒ දුක කවි කළා මෙහෙම
උතුම්මය මව් ගුණ
පවසයි මගේ ගුරු මව
නොපවසන්න වැදි බණ
කෑගසා කීවානේ මගේ හිත
සය මසකි බිලිඳු මට
මව් කිරි උර උරා බොන
උතුම්නම් එතරම්ම මව් ගුණ
දමා යාවිද හිත ගලක් කරගෙන
හඬනවිට කුස ගිනිගෙන
තන පුඩුව සොය සොයා මගෙ මුව
ලේ කිරි පිරුණු ඇගේ දෙතන
කකියෑවේ නැද්ද මගෙ හැඬුමට
හද ගිනිගෙන ම ‘පියාගේ
හඬන මා තුරුලට ගෙන
දස දහස් වර ඒ පිරිමි හිත
හඩන්නට ඇත්ද මගෙ හැඩුමට
එළකිරි ගෙනත් උණුකර
ලං කර සිඟිති මුව වෙත
උර උරා බොන මදෙස බලමින
කොතරම් හඬන්නට ඇත්ද ඔහු නෙත සිත
සතියකට පසුව එළඹුන ගුරුදිනය දවසේ ඔහු මට සාරි කටුවකුයි පර්ස් එකකුයි ගෙනත් දීලා මැඩම් මේක දැම්ම මැඩම්ගේ සාරියේ ගහන්නකෝ. මගේ පරණ පර්ස් එකේ තිබුන සියල්ල ඔහුම ඔහු ගෙනාපු පර්ස් එකට දාලා මට දුන්නා. හැමදාම ගේන්න මැඩම්. ඔහු ඉස්කෝලෙන් අයින් වෙනකම්ම මම ගැහුවේ ඒ සාරි කටුව විතරමයි. ගෙනාවේ ඒ පර්ස් එක විතරමයි. අදටත් මම ප්රවේසමෙන් අරන් තියලා තියෙනවා ඒ අහිංසක තෑගි දෙක. ඔහුට හැමදාම හිතින් ජය පතමින්
උපුටා ගැනීම: Himali Weerasingha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!