එයා ඇඳලා හිටියේ රතු පාට ඇඳුමක්. එයා ළඟින් ආව සුවද මට හිතාගන්න බෑ. මම හරියට මල් වත්තක ඉන්නව වගේ දැනුනා. එයා බලන්න මන් ඇඳගෙන ගියෙත් එයාම අරන් දුන්න ඩෙනිම් කලිසමයි , කොටු කොටු කමිසයකුයි දාගෙන. හරියටම වෙලාවටත් කලින් එයා ඇවිත් තිබුණා. මේ අපේ පළවෙනි ආදරවන්තයන්ගේ දින සැමරීම. එයාට දෙන්න මන් ගත්ත ලස්සන ඔරලෝසුවට ඉවසුමක් නෑ එයාගෙ අතේ බැඳෙනකම්. එයා ළඟින් මන් වාඩිවුනා. එයා ඇස් පුන්චි කරලා විනාඩියක් විතර මන් දිහා බලන් හිටියා, එයා මොනවද කියන්න යන්නේ මගේ ඇස් දිහා බලාගෙනම
පටාස්,
දරුණු කොසු පහරක්,
ඇයි අම්මේ ගැහුවේ,
බලපන් වෙලාව, පස්සට අවුව වැටෙනකම් බුදියපන්. එතකොට ඔක්කොම හරි. අනේ ඇත්තටම ජීවිතේ ගැන බරක් පතලක් තේරෙන්නෙ නැති හැටි. අපි නැති කාලෙක කොහොම ජීවත් වෙයිද මන්දා.
ඉතින් අම්මේ. තවම 9 යිනෙ වෙලාව.
කියවන්න එපා. තව පාරක් ගහන්න කලින් නැගිටපන්.
හරි හරි.
අම්මව තවත් තරහ ගස්සන්නේ නැතුව නැගිට්ටා.
වම බලන්න, දකුණ බලන්න,
නැවතත් වම බලන්න , කෙල ගසන්න.
ඕක තමයි මගේ දත් මැදීමේ තියරිය.
අම්මේ. බඩගිනී .
දැන් ඉතින් අම්මව යාලු කරගන්න පට්ට කට්ටක් කන්න වෙනවා .
කොහොමහරි ඌරා කිරිමැටි ගිලිනවා වගේ බත් ටික ගිලපු මම ටවුම පැත්තට යන්න ලෑස්ති උනා.
උඹ කොහෙද යන්නෙ පුතේ.
ටවුමට ගිහින් එන්නම් අම්මේ.
අම්මා පොඩි හිනාවක් දැම්මා. අම්මට හිතේ මන් කෙල්ලෙක් බලන්න යනව කියලා වැලන්ටයින් දවසේ.
ම්ම්ම්..මගෙ පුතාට සල්ලි තියනවද.
ඔවු අම්මේ.
එහෙම කිවුවට අම්මගෙන් කොළපාට ගිරා කොලේකුත් හම්බවෙනවා කියලා මම දන්නවා.
හවසට මට දුවගෙ පින්තූරයක් පෙන්නන්න ඕනි ඔන්න.
ඇහුනෙ නැති ගානට මන් මාරු වුනා.
ඇයි දෙයියනේ . කෙල්ලෙක් නැති මම අම්මට මොන පින්තූර පෙන්නන්ද. ටවුමට යන්නෙ ඩෙනිමක් අරන් එන්න..ලබන සතියේ සමීරයගෙ වෙඩින් එකට අදින්න.
ටටුම නිකන් රතු ඉන්දියන් කාරයො යුද්ද කරලා වගේ. හැමතැනම රතු පාට. කෙහෙල්මල් විකාර.
ඩෙනිමක් ගන්න කඩේට ගියා.
සර් , වැලන්ටයින් ගිෆ්ට් එකක්ද බැලුවේ.
තොගෙ ආච්චිට කියලා කියන්න කටට ආවට අමාරුවෙන් ඉවසල හිටියා.
නෑ . මට ඩෙනිමක් ගන්න.
අහ්. හරි සර්.
මිනිහ දැනගත්තා මට තදවුනා කියලා. ආයෙ ආවෙ නෑ මට ඩෙනිම් පෙන්නන්න. කලු පාට ඩෙනිමක් ගත්තා. ඉනත් හරි.
දැන් ඉතින් බිල ගෙවන්න පෝළිමේ. සින්දුවක් ඇහෙනවා ඒ අතර.
මගේ ආදරෙ හිමිකාරී,
අද ඔහුගේ මණමාලී.
බිල් ගෙවන පෝළිමේ මම තනියම. ඇයි යකෝ. ඉස්සරහිනුත් කපල්, පිටිපස්සෙනුත් කපල්, මම නිකන් තනි අලියා වගේ මැද. කමක් නෑ. හිත හයිය කරගෙන පෝලිමේ හිටියා. බිල් එක ගෙවනකොට එතන තව ප්රමෝශන් එකක්.
සර්. අද මේ කපල් ටී ශර්ට් දෙක ටූ තවුසන් ඔන්ලි. ගන්න සර්. හොද බ්රෑන්ඩ් එකක්.
ඕක අරන් මමයි අපේ ගෙදර බල්ලයි අදින්නද කියල අහන්න හිතුනා. ඇයි යකෝ.
නෑ එපා.
අමාරුවෙන් එතනින් එළියට ආවා.
මල් කුමාරි කියල නම තිබුන බස් එකකට අත දැම්මා ගෙදර යන්න. අම්මටසිරි. එලියෙන් මල් කුමාරි කියලා ගහලා තිබුනට ඇතුල නිකන් පොසොන් තොරණක් වගේ. . අමාරුවෙන් තනි සීට් එකක් අල්ලගත්තා. හෑන්ඩ්ෆ්රී දෙකත් ගහගෙන සින්දුවක් අහන්න හදනකොටම,
අයියේ. මේ සීට් එක දෙන්න පුලුවන්ද අපි දෙන්නට. අයියට අතනට යන්න පුලුවන්ද.
ඇඟට වගා ඔලුව ලොකු, ඒ තරමට ඒ මල්ලිගෙ කොන්ඩේ, ක්රිස්ටෝපර කොලොම්බස් වගේ මල්ලි කෙනෙකුයි, මොනාලිසා වගේ නන්ගි කෙනෙකුයි ගැරඩි දෙන්නෙක් වගේ අත් පටලගෙන මන් දිහා බලන් ඉන්නවා. තනිකඩ මගේ හිත උනුවුනා හරියට බන්සන් දැල්ලට අහුවෙච්ච ටොෆී කොලයක් වගේ.
හරි මල්ලී. මන් නැගිට්ටා.
ටැන්කූ අයියා. මොනාලිසා එහෙම කිවුවා.
ෆුට්බෝඩ් එක ළඟට වෙලා කොන්දගෙනුත් බැනුම් අහගෙන මන් ගෙදර ආවා. පුරුදු විදිහටම කලු පාට ඩෙනිමක් ගෙනාවා කියලා අම්මා බැන්නා.
උඹට ඉතින් කලු පාට විතරනෙ පෙන්නේ.
හරි. වැලන්ටයින් දවස ඉවරයි.
සින්දුවක් දාගෙන නිදාගන්න සැරසුනා. අහම්බෙන් මටම ගැළපෙන සින්දුවක් ප්ලේ උනා.
බුදුන්ගේ අමා ධර්මේ
නොතේරී දනා මේ
වෙළීලා බැඳී ප්රේමේ
විනාසේ උනාවේ.
උපුටා ගැනීම: හර්ෂ ප්රදීප් හේවාවසම්