වැලන්ටයින් කුමාරයා (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම කිසි ම දවසක ආදරේ කර නැත..එහෙත් ආදරේ ගැන විවිධ කතා අසා ඇත…මේ ඔබට කියන්න යන වෘතාන්තය ද මාගේ හොඳම මිතුරියක පැවසූවකි…
ආදරයත් රාගයත් පටලවා නොගත යුතු ය..ආලය ලොව ඇති පාරිශුද්ධ වස්තූ අතරින් පළමු වැන්න යැයි කීවොත් නිවැරදි ය..ලෝකය පවතින්නේ ආදරය නිසා ය..හිමි අහිමි ආදර කතා අතර මේ කියන්න යන ආදර කතාව සහෘද ඔබ සැම ආදරයෙන් වැළඳගනු ඇතැයි සිතමි…
මේ සිදුවීම වෙන්නේ 2019 වැලන්ටයින් දවසේ..මේ කතාවේ කතා නායිකාව සඳුනි ය.
ඇය සිය පෙම්වතා සමඟ සමරන පළමු පෙම්වතුන්ගේ දිනය මෙය යි..ඇයගේ පෙම්වතාගේ නම චතුර ය..ඔහු වෘත්තියෙන් ෆිනෑන්ස් කම්පැනියක අන්ඩරයිඩර් කෙනෙකි..
නව යෞවන වියේ සිටින මේ පෙම් යුවල මෙවර වැලන්ටයින් දින නිදහසේ ඇවිදින්නට යොදා ගත්තේ මීට මාසකට පමණ පෙර සිට ය..එම යෝජනාව ඉදිරිපත් කළේ චතුර ය..සඳුනි ඊට තරමක් අදිමදි කළේ එදිනට නිවසින් පැන ගැනීමට තිබූ අපහසුව නිසා ය..කෙසේ නමුත් සිය මවට දස අතේ බින්න ඇද බා ඇය එදින නිවසින් පැන ගත්තා ය..
වෙනදා සඳුනි තුළ තිබූ සංයමය අද ඈ තුළ නැත..තමන්ගේ ජීවිතයේ දෙමාපියන්ට පසු ඇය වැඩියෙන් ම ළං උනේ චතුරට ය..ඔහු සමඟ මෙසේ නිදහසේ වැඩිම මොහොතක් ගත කරන පළමු දවස අද විය යුතු ය..පෙර නම් බස් රථයේ හෝ පාරක කාටත් රහසේ විනාඩි කීපයක් ඔවුන් පෙම් කළෝ ය..ඈත සිටම සඳුනි එනු දුටු චතුර බයිසිකලය ස්ටාර්ට් කරගෙන ඈ සිටි දෙසට වේගයෙන් ඇදෙන්නට විය..තම පෙම්වතා තුළ වෙනදාට වඩා ප්රියමනාප පෙනුමක් ඇති බව සඳුනිට දැනෙන්නට විය..ඔහු හැද සිටියෙ සුදු පැහැති ටී ෂර්ට් එකක් සහ ඩෙනිම් කලිසමකි…
” බබා ගෙදරට මොකක් කියල ද ආවෙ .? “
‘ රිවිශන් ක්ලාස් කියලා ආවේ..ඒත් අම්මා සැකෙන් වගේ හා කිව්වේ දැන් ඉතින් මඟින් මගට ම කෝල් කරයි ‘
” හ්ම් කමක් නෑ නඟින්න “
සිය පෙම්වතාගේ නියෝගය මත ඇය බයිසිකලයට ගොඩ විය..බයිසිකලය ස්ටර්ට් කර මද දුරක් යත් ම ඇය චතුරගේ බඩ තදින් බදාගෙන ඔහුගේ පිට මත සිය හිස තබා ගත්තා ය…වරින් වර ඇය ඔහුගේ පිට මතට මෘදු හාදු දෙන්නට විය..චතුර ද සිය පෙම්වතියගේ ආදර චුම්බනයෙන් වින්දනයක් ලැබී ය…
ටික දුරක් ගොස් බයිසිකලය පාර අයිනේ නතර කළ චතුර සඳුනි දෙස මොහොතක් බලා සිටියේ ය..
‘ මොනව ද.? ඔච්චර බලන්නේ මාව දැකල නැද්ද ? ‘
“හ්ම් දැකලා තිබ්බට මෙච්චර ලස්සනට දැක්කේ අද “
‘ ආ ඒ කියන්නේ වෙනදා කැත ද.? ‘
” නෑ වෙනද ලස්සනයි අද ලස්සනායියියියියියියියියියියියි “
‘ හ්ම් ‘
” චූටි මැණිකේ “
‘ හ්ම් කියන්න සුදු මහත්තයෝ ‘
” අපි අද නිදහස් තැනකට යමු ද කතා කරන්න..”
‘ කොහෙට ද .? ‘
” මම දන්න ලස්සන තැනක් තීනවා යං ද කියන්නකෝ “
‘ අනේ චතුර ඇයි මේ ‘
” එන්න බෑ ද ? හරි හරි මම කතා කළොත් තමයි බැරි කමක් නෑ “
‘ අනේ එහෙම දෙයක් නෑ දෙයියනේ…යමු කමක් නෑ හැබැයි ඉක්මනින් එමු ‘
සඳුනිගේ එම වචන එක්ක චතුරගේ හදවත සතුටින් ඉපිල ගියේ ය..ඔහු බයිසිකලය වේගයෙන් ධාවනය කරන්න විය..විටින් විට ඔහු තිරිංග තද කර අල්ලන්නට විය..එවිට සඳුනී ඔහුගේ ඇඟේ තදින් ගැටෙයි…ආදරේ කරන ගොඩාක් අය මේ ෆීලිං එක විදලා තියෙනවා..
වේගයෙන් ආ බයිසිකලය එක පාරට ම නතර විය..එතැන ( ෆාමසි ) යනුවෙන් ලොකු බෝර්ඩ් එකක් ගසා තිබුණි
” බබා මම චුට්ටක් ඇතුළට ගිහිං එන්න ද.? “
‘ ඇයි .? ” සඳුනි ඇසුවා ය
” ඉන්න මම ටක් ගාලා එන්නම් “
ඔහු ඇය තවත් වචනයකුදු කතා කරන්නට පෙර ෆාමසිය තුළට පිවිසුනේ ය..වෙන්න යන දේ පිළිබඳ ඉවෙන් මෙන් සඳුනිට දැනෙන්නට විය..නමුත් ඇය වැඩි වෙනසක් නොපෙන්වා සිටියේ ඈ තුළ ඔහු කෙරේ වූ ආලය නිසා ය..චතුර විනාඩි කිහිපයකින් ෆාමසියෙන් පිට විය..ඔහු එතුළින් පිට වූවේ හිස් අතිනි..
” අපි යමු මැණික “
නැවතත් ගමන් ආරම්භ කළ ඔවුන් අතර විනාඩි කීපයක් තුළ දැඩි නිහඬ බවක් ඇති විය..
” ඒයි මැට්ටියේ මොකෝ කතා පෙට්ටිය කැඩුන ද ? “
බැරිම තැන චතුර ඇසුවේ ය..තම පෙම්වතිය තරමක් අසතුටින් බව ඔහුට වැටහෙන්නට විය..
” ඇයි මේ මැණික “
‘ හ්ම් නෑ මොකුත් නෑ චතුර අයියේ ‘
” මොකුත් නැති වෙන්න බෑ කෝ කියන්න මට “
‘ මම ඔයාගෙන් දෙයක් අහන්න ද.? ‘
” අහන්න මැණික “
‘ ඔයා මට ආදරේ කරන්නේ ඇත්තටම ද.? ‘
” ඔව් ඇයි සැක ද.? “
‘ අනේ නෑ මහත්තයෝ ‘
” එහෙනම් “
‘ හ්ම් මොකුත් නෑ ‘
” නංගි ඔයා අකමැති නම් කමක් නෑ අපි ආපහු ගෙදර යමු..මේ ගමන යන්න ඕනි නෑ “
‘ නෑ නෑ අයියේ අපි යමු මම කැමතියි.’
” හ්ම් එහෙනම් හිනා වෙලා ඉන්නවා බුකෝගෙන ඉන්නේ නැතුව “
ඔහු එසේ කියා බයිසිකලයේ වේගය තවත් වැඩි කරන්නට විය..ඔහුට කේන්ති ගොස් ඇති බව සඳුනිට තේරුම් ගියේ ය…තම පෙම්වතාට කේන්ති ගිය විට ඇය කළේ ඉතා සුළු දෙයකි..ඒ ඔහුගේ කන් පෙත්තක් තරමක් හෙමින් හපා බෙල්ල බදාගෙන උණුසුම් හාදුවක් ලබාදීමයි…
ඕනෑ ම දඩබ්බර චණ්ඩ පුරුෂයකු හාවෙකු මෙන් හීලෑ කිරීමේ සාත්තරය තරුණියක් දත යුතු ම ය…එය ආලයේ දී පමණක් නොව විවාහයේ දී මෙන් ම එකට එක් වී සිටින තාක් කල් ප්රයෝජනවත් වේ…
ඉතිං චතුර සයිකලය පාළු පාරක් දිගේ වේගයෙන් ධාවනය කළේ ය…ඒ පාර සම්පූර්ණයෙන් ම මනුස්ස වාසයෙන් තොර එකක් විය..දෙපස ලදු කැලෑවෙන් වැසී ගිය ඒ මාවත සඳුනිගේ හිතේ බියක් ගෙන දෙන්නට විය..මාවතේ කොනක බයිසිකලය නතර කළ චතුර නැවත ඇය දෙස තරමක් කෑදර බැල්මක් හෙළී ය…
” ඒයි මෝඩී “
‘ හ්ම් ‘
” කොහොමද ඔච්චර ලස්සන උනේ “
‘ අනේ මම ලස්සන ද .? ‘
” හ්ම් ගොඩාක්ක්ක්ක්ක්ක්ක් “
‘ හ්ම් ඉතිං ඔයාගෙනේ ‘
” ඔව් මගේ කරගන්න තමයි මේ අරං යන්නේ සඳහට ම “
ඉදිරියේ දී කුමක් සිදුවෙන්න යනවාදැ’යි කල්පනා කළ සඳුනී නැවතත් සිය පෙම්වතාගේ මෙම ජුගුප්සාජනක හැසිරීම පිළිබඳ දිගින් දිගට ම කල්පනා කළා ය..ඔහු එතරම් නරක අයෙකු නොවේ…මේ සම්බන්ධය පැවති සමය පුරාවට ම හාද්දකට එහා දෙයක් ඔහු මගෙන් ඉල්ලා නැත..එනමුත් අද චතුරගේ ඇස් හරිම අමුතුයි…ඒ ඇස් ලොකු කතාවක් කියන්න මුල පුරනවා වගෙයි…ඒත් චතුර ෆාමසියට ගියේ ඇයි..? මේ මාව එක්කන් යන්නේ කොහෙද.? මගේ හිත මේ වගේ ප්රශ්න මොහොතින් මොහොත විමසයි..
නැවතත් ගමන් ආරම්භ කළ චතුර ටික දුරක් ගොස් අතුරු පාරක් දිගේ ඇතුළට සයිකලය ධාවනය කළේ ය…එම පාර කෙළවර බෝර්ඩ් එකක් ගසා තිබුණි එය තවමත් හරියට මට නොපෙනේ…මම දැඩි විමසිල්ලෙන් යුතුව එම බෝඩය දෙස බැලූ අතර එහි සටහන් කර තිබුණේ ” මණ්ඩාගල ආරණ්ය සෙනසුන ” යනුවෙනි..එය දුටු වහාම ඇගේ හිතට ලොකු සහනයක් ඇති විය…ඊටත් වඩා සිය පෙම්වතා කෙරේ ඇති වූ ආදරයෙන් ඇය මුසපත් විය..
‘ අනේ දෙයියනේ මම මීට කලින් මොනව ද? චතුර ගැන හිතුවේ ‘
ඇය සිතින් සිතන්නට විය..ඇයට දැඩි පසුතැවිල්ලක් දැනුනි..බයිසිකලය පන්සල් භූමියේ නතර වූ වහාම ඇය බයිසිකලයෙන් බැස චතුරගේ දෙපා අල්ලා වැන්ඳා ය…
‘ අනේ මට සමා වෙන්න මගෙ මහත්තයෝ මං මහ පව්කාර කෙල්ලෙක් මගේ රත්තරං ගැන මම සැක හිතුවා ‘
” ඒයි මෝඩි නැගිටිනවා පිස්සු ද.? මිනිස්සු බලාගෙන කෝ…ඔය කඳුළු පිහිදා ගන්න අඬන්න තරම් දෙයක් උනේ නෑනේ..කෝ එන්න මැණික අඬන්න එපා “
සඳුනි තදින් චතුරගේ අත අල්ලා ගන්නට විය..පන්සල් භූමිය පුරාවට ම හඳුන්කූරු සුවඳ හමයි..චතුර අසල මල් විකුණූ අයෙකුගෙන් මල් මිළ දී ගනු ලැබී ය…ඒ මල් ගෙන ගොස් බුදු කුටියට දෙදෙනාම එක් ව පූජා කර වැඳ පසුව බුදු කුටියේ ඉඩ ඇති තැනක් බලා වාඩි වී පන්සිල් ගන්නට විය..චතුර දැස් පියා ගනිමින් පන්සිල් සමාදන් උවත් සඳුනි පන්සිල් ගන්නවාට වඩා කළේ චතුරගේ මුහුණ දෙස බලා සිටීම ය..
චතුර පන්සිල් ගෙන හමාර වීත් මොහොතක් යන තුරු ම ඇය ඔහුගේ ම මුහුණ බලා ඉන්නට විය…
” මූණේ පෙරැහැරක් යනව ද.? “
එවිටයි සඳුනි පියවි සිහියට පැමිණියේ…
” මේ ඇයි ඉස්සෙල්ලා ඇඬුවේ මොකක්ද ඔයා මාව සැක කළා කිව්වේ “
‘ අනේ මහත්තයො මම හිතුවා ඔයා මාව නරක තැනකට එක්කන් යන්න හදනව කියලා ‘
චතුරට එවර නම් සිනාව නතර කර ගන්නට බැරි විය…ඔහු අතින් කට වසා හිනාව නතර කිරීමට උත්සාහ කළ ද එය නිෂ්ඵල විය…
‘ ඇයි මෝඩයො හිනා වෙන්නේ ‘
” නෑ ඔයා එහෙම හිතුවේ ඇයි කියලා මම දන්නවා “
‘ ඒ කොහොමද .? ‘
” මම ෆාමසියට ගිය නිසා නේ ?.”
‘ ඇත්තට ම ඇයි.? ෆාමසියට ගියේ ‘
” අම්මාට බෙහෙත් එක්ක අරගන්න කියලා ඩොක්ටර් කිව්වා මම අද ඒක ගිහින් දෙන්න ඕනා මම බැලුවේ මේ ගමනින් ම ඒකත් කර ගන්න මේ ෆාමසි වල ඒ බෙහෙත නෑලු “
චතුර කියන හැම වචනයක් ම ගාණේ චතුර පිළිබඳ සඳුනිගෙ හිතේ තිබූ ආලය වර්ධනය වන්න විය…
‘ අයියේ දෙයක් අහන්නම් ‘
” හ්ම් අහන්න “
‘ ඔයා මොකක්ද බුදුන් වැඳලා ඉල්ලුවේ ‘
” අපි දෙන්නට ඉක්මනින් ළං වෙන්න ලැබෙන්න කියලා “
‘ හ්ම් ‘
” මේ අහනවා මම කිසිම දවසක තමුසෙට වරදක් කරන්නෙ නැ…බඳින්න කලින් මම ඔයාගේ අඟට අතවත් තියන්නෙ නෑ…ඒ කියලා මට ආශාවල් නැතුව නෙමෙයි..ඒත් අපි දැනගන්න ඕනා සෙල්ෆ් කන්ට්රෝල් එක තියා ගන්න…මම නැතත් නංගී ඔයා ජීවත් වෙන්න ඕනා..තමන්ගේ කෙල්ල එක්ක කොහේ හරි කාමරේකට ගිහිං ඒකිගේ ආත්මේ විනාශ කරලා..අන්තිමට අතෑරලා දාන පිරිමි නියම පිරිමි නෙමෙයි උන් නපුංසකයෝ..”
‘ අනේ රත්තරං ඔයාට පින් මේ අසරණ කෙල්ල ගැන ඔච්චර හිතනවට ‘
” හ්ම් අපි ඉවසමු චූටි නෝනා තව චූටි කාලය යි…හදිසි නොවී ඉමු..මම ඉක්මනින් ඔයා මගේ කර ගන්නවා..”
දෙදෙනාම පන්සල් භූමියෙන් නික්ම ගියෝ ය…
ඇත්තෙන් ම විරාගී ආදරය කොච්චර සුන්දර ද.? පෙබරවාරි 14 කොච්චර තරුණ ජීවිත ප්රමාණයක් විනාශ වනවා ඇත් ද.? ඒ සියල්ලෝ ම පසුවට පසු තැවිලි නොවන්නේ ද.? අවස්ථාව එන තුරු ඉවසා සිටියේ නම් පසු තැවීමට අවශ්යය වන්නේ ද.? සරාගී ආදර කතා අතර මෙවන් විරාගී ආදර කතා ද ඇති බව සිහි තබා ගන්න…ඇත්තෙන් ම මෙහි එන තරුණයා වැලන්ටයින් කුමාරයකු නොවන්නේ ද.?
_____________________________________________
සමාප්තයි
ස්තුතියි 🙏

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!