ලියන්ඩ ගත්තම සේරම කොනක ඉදන් අතෑරල දාන්ඩෝන…
මට හරි ආසාවක් තිබුන මගෙ ජීවිත කතාව ලියල “රට්ටු හිනස්සන කතා ” කියල නම දාන්ඩ ඒක නිසා මේකට කතා නොලිය නොලියා හිටියා ලෝභකමට ඒත් ඒක කෙරෙන වැඩක් නෙමෙයි නිසා ගුරුමුට්ටි මුකුත් නැතූ හැමෝටම දාල දානව…
කලින් ලිව්ව බිත්තර කතාවෙ හැලුනු කොටස් තිබුන එව්ව ටික දීල යන්ට ආවෙ මේ..
කෑම පස්න හරිම පස්න එව්ව මේ ලේසියෙන් අතෑරල දානඩ බැරුවා. මොකද බඩරිදුම් හිත්රිදුම් වලටත් හේතු වෙන හින්දා ..
අර මස්මාලු කේස් එක නිසා ඉස්කෝලෙ කාලෙදි තමා ඉවසන්ඩම බැරි අව්ල් කාලෙ.
මුල් මුල් අරන් සේරම මුල් මුදුන්මුල් කරල ඉස්කෝලෙ කාලෙ ගහන කොත කන්න මට හම්බුනු අවස්ථා ගනන බොහොම සීමිතයි මොකද එව්ව මෙව්වා පස්පංගුව ගල්බොරළු සේරම එක්ක ඇනුවට පස්සෙ ඒකට ලන්වෙන්ඩ බෝම අමාරුයි මස්මාළු ඇලජික් මගෙ නාහෙට
ඉතිං අපේ එවුන්ට මාගැන හෘදයවස්තුව උනුවේච්චි දවසක ඒ ලගම මේසේ ගාවට වෙලා කන්න අවස්ථාව මට ලැබුන කෝම වෙතත් කාගෙ උනත් බිත්තරේට දඹොස්ගාල ගහන සිරිත මාගාව තිබ්බ උස්සන් දුවල ටැප් එකෙන් හෝදද්දි ටීච කෙනෙක් ඇහුව
මොකද ඔය..?
නෑ මිස් මේ බිත්තරේ වැටුන
විසික් කරනව ඕක ජරාව කියන් උන්දැ ගියා මමනෙ දන්නෙ අර මහා ගිනිකන්ද වගේ එකෙන් මට ලැබුනෙ බිත්තරේ විතරයි කියලා
දවසක් එකෙක් ඔබාගත්ත බිත්තරේ එක කටට පස්සෙ ඒක අරන් බත් එකේ ඌට අයිති හරියෙන් තියාගත්ත කව්රුත් ඌ කටේ දාපුව ගන්නෑනෙ මාත් ඇරියෙ නෑ සුදුමදේ කඩල දෙපැත්තට කරල කහමදේ අරන් කෑව නොදෝමකින්
පස්සෙ කාලෙක ගියා වැඩපලකට ඒකෙ ෂොපින් පාවිච්චිය තහනම් ඉටිකොල හදන වැඩපලක්. සේරම කෑම ගේන්නෙ පෙට්ටිවලට උන් මේසෙ උඩ කොලයක් එලල සේරම කෑමපෙට්ටි ඇල කරනව ඒක නිකන් අර ට්රැක්ටර් ටිපර් කරනවාවගේ ඒකට කියන්නෙ “ටිපර්එක” මං පලාතෙ ගියේ නෑ.
පස්සෙ ටිකක් වැදගත් වගේ තැනක වැඩට ගියා සූට්බූට් දාලා ඒකෙ පාටි එකක් තිබ්බ කළුතර පැත්තෙ හොද හොටෙල් එකක බැලුවම ඒකට ලංකාවෙ එකේක පලාත්වල ලොක්කො පොඩිඇච්චො වෙන්ඩලොක්කො එහෙමත් එනව. ඒදවසට ඒහැම එකක්ම භාර ලංකාවෙ ප්රධානම එකා ඇවිල්ල යාළුවෙක් වගේ හැසිරෙන දවස.. උන් උන් සෙට්වෙලා ගසනව ( මම එතකොට අමධ්යප
)

ලොක්ක ඇවිත් අපිව ටිකක් දැන අදුන ගත්තා පස්සෙ බුවා මට කියනව
” මොකද ලැජ්ජාවෙන් වගේ කෝ කෝ ඔහොම බෑ. වසන්ත කියන්න මෙයාලට”
කියල අපිව බාර මහඑකාට කියල මගෙ පිටට තට්ටුවක් දාල
” පුතා කන්න චිකන් බීෆ් පෝක් ඕන දෙයක් තියනවනෙ”
මං බොහොම විනීතව ” සර් මම මස්කන්නෑ”
කිව්වා..
“ආ එහෙමද හරි එහෙනම් සීෆුඩ් මොනාහරි ඉස්සො දැල්ලො ඕන දෙයක්”
“අනේ සර් මම මස්මාළු දෙකම කන්නෑ”
“අහ් වෙජිටේරියන්ද ok ok එහෙනම් යන් ෂොට් එකක් ගමු….”
“සර් මම බොන්නෑ”
ලොක්ක නැගිට්ටා හැරුනා වසන්තයා දිහාට
” ඕයි වසන්ත මොක්කුද ඕයි මේ එක්ක ඇවිල්ල තියෙන්නෙ මුන්ව අරන් යනව තමුසෙලෑ ආච්චිගෙ දානෙට”” කියලා යන්ඩ ගියා.
කොල්ලො සෙට් එකත් එක්ක ගිය ගිය හැමතැනදිම මම ඇල්ලුවෙ සයිවර් කඩ මොකද අවුලක් නෑ කතෑකි හිතේ බයක් නැතුව ( දවසක් මම තෝසෙ කඩේ එකාව ඇඩෙන්ඩ තොසෙ පාරක් දැම්ම ඒක වෙනම මාතෘකාවකට අදාල නිසා එදාට කියන්නම් )
2004ජීවිතාරක්ෂක කෝස් එක කරද්දි සුගත්දාසෙ ගාව ඉස්සරහ උඩ තෝසෙ කඩේ කද්දි මං වේටර් කොල්ල එද්දි හොරෙන් වගෙ කිව්ව ” එකපාරම සේරමල එකට ඈ සල්ලිත් නෑනෙ ” කියල අරූ අපිදිහා බැලුව කෙලින්ම කඩේ දොර ගාව උගෙ හිතේ අපි දුවයි කියලා ඌ බිල ගේන්නෙත් නෑ දොර ගාවට වෙලා හිටන් ඉන්නව විනාඩි 10ක් විතර ඉදල ”මුදලාලි බිල ගේන්නැද්ද අද ඇහුව”
අරූ දුවන් ආවෙ බිලත් අරගෙනම
කිරිබත්ගොඩ ඇපල්වයිට් එකෙන් එලෝළුරොටි දෙකක් තුනක් පිට පිට කෑව පට්ට රසයි. අංකලය තුන්වෙනිපාර දුන්නෙ නිකන් මට්ටන්ලෑල්ලක් වගේ අමුතු හැඩේ රොටියක්… අංකල් මේ මොනාද මේක එපා කිව්වම
“නෑ නෑ කන්ඩ කන්ඩ ඔය මාළුරොටී”
“නෑ නෑ එපා මං කන්නෑ”
“නෑනෑ කන් ……ඩ. . ඒ ගානමයි”
“එපා අංකල් මට කන්න බෑ”
“කන්ඩ කන්ඩ අනේ මේවෑ හොදලොකු කෑලි තියෙන්නෙ” කියල අර කනේ ගහන හෙඩ්සෙට් එක ගහගත්ත මිනිහෑ හිතේ මං ගාන හින්ද කන්ඩ බෑ කියනව කියලා බැලින්නම් ශ්රවනාබාධිත පොරක්.
දැනටත් කොරොනා කේස් නිසා වැඩපලේ ගෙන්නෙ පාර්සල් හෙනපත කුකුල් ගාතයක් මැදින්ම කෙලල තියනව මාත් ඉතිං ලයිට්කනු හිටවන්ඩ වලවල් හාරනව වගේ එවෑ මස්කෑල්ලයි හොදි ගෑවුන සේරමයි බුල්ඩෝසරෙන් හාරල කාටහරි දෙනවා. එහෙම නිතරම එකාටම නොදී වෙන වෙන අයට දුන්නම බිත්තර තියන දවසට මං හැම එකාගෙම ඒක එකතුකර ගන්නව ණයවාරිකවසේන්.
දැන් ටිකක් වයසින් මුහුකුරා ගීන් නිසා දුමට තිත තියල දියරජාති ටිකක් පාවිච්චි කරනව එතකොට බයිට් වලට මට විශේෂ තැනක් ලැබෙනව. පාටියක් නම් කජු පීරිසි පීරසි ගේකනම් ගස්ලබු කපල පිපිඤ්ඤ කප්…පපලා
වෙන කාටවත් ඒවට අත තියන්න දෙන්නෑ
“උගෙ එක කන්න එපා ඌට වෙන දේවල් නෑ” කියල සමස්ථයක් වසේන් ඔයවගේ තැන්වල ඉන්න බයිට් බඩජාරින්ගෙන් මාව බේරනව සේරම එකඟතාවෙකට ඇවිත්…
දවසක් එකෙක් වෙරිමරගාතෙ මගෙ කටේ මාළු කෑල්ලක් එබුවා…
ඌට වෙරි මට නෑනෙ තප්පරකීපයයි…………………………………………………මට මේම පේනවා කබරය නැගිටල එනවා
ගියා අයිනට කබරය තල්ලුකලා මහකන්දෙන් පහලට…
එයාල දෙහි මිරිකල මට දුන්නනෙ බොන්නට යාළුවො කරයිද ඒම තම පුතෙකුට
“බ්ර්බ්වෑෑෑෑ……ෑ….ක්ග්…ග්…ග්ග්..ග්ග්..ගල්බ්බ්”
කැහ් කැහ් කැහ්…අරූට අනිත් උන් සුමානයක් යනකම් බැන්නා
කෝම උනත් කාගෙන් බේරුනත් බැරිය තාත්තගෙන් මාරු වෙන්ඩ
අල බතල හිඟුරල සිට ආත්ත ලාවුළු පවා උයල කෑමට මේව කන්ඩ…බ්…..
“මොකද්ද ..? කන්න බැරිනම් අතහෝදගනින් අම්බේ මට බැරියෝ….”
දවසක් අඟුන කන්න බෑ කිව්ව කියලා මාසයක් විතර එක දිගටම නීරමුල්ලිය සම්බෝල කන්ඩ උනා.
කෝමහරි පස්සෙ දැන් තිත්ත ජාති කන්න පට්ට ආසයි.
ඒව කන්න අකමැති අයට කියන්නෙ ඔය තිත්ත කොලජාති කතුමුරුංගා එහෙම දෙල් උකුවට උයලා චප්ප චිරිස් වෙන්න අනලා අනලා…
හරියටම කැපෙන්නෙ තිත්ත අඟුනයි දෙලුයි
හොදට චොරොස් වෙන්න අනල ගත්තම නිකන් අමුතු ආතල් පැණිරසක් තියනව ඤංපචං නැතුව කෑහැකි.
කෑම කතානම් අනන්තයි අප්රමාණයි
මගෙ හිතේ පිරී තියන එව්වකෝටියයි
මම තවම එයින් තොපිට කිව්වෙ
චූ………..ච්චයි 



උපුටා ගැනීම: Ruwan Anuruddha