සර්බියාවේ උපත ලද වෙස්නා වුලොවික්, පාසල් අධ්‍යාපනයේ හමාර කළායින් පස්සේ, වැඩිදුර අධ්‍යාපනය ලබන්නට ඉංග්‍රීසි භාෂාව හදාරන අරමුණින් ලන්ඩනයට යන්න ගුවන් යානයකට නැගුනා. දීර්ඝ ගුවන් ගමන අවසන් වී ගමනාන්තයට ළඟා වෙන මොහොත වන විට වෙස්නා දැඩි තීරණයකට එළඹ සිටියා. ඒ
කවදා හෝ දිනක ගුවන් සේවිකාවක් වී ලොව පුරා සංචාරය කරන්නටයි. වැඩිකලක් යන්නට මත්තෙන් ඇගේ සමීප මිතුරියක් ගුවන් සේවිකාවක් වන්නට අයදුම් කරන බව දැනගන්නට ලැබෙනවා. තමන්ගේ සිහිනය මල්ඵල ගන්වන අරමුණින් ඇයට එකතු වුණු වෙස්නා, 1971 දී යුගෝස්ලෝවියාවේ JAT නම් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස බැඳෙන්නට අයදුම් කරනවා.
උපායක්
සියලුම අවශ්‍යතාවන් නිසි පරිදි සපුරන්නට හැකි උනත්, තමාගේ අඩු රුධිර පීඩන රෝග ඉතිහාසය වෛද්‍ය පර්යේෂණයේ දී තහවුරු වුණොත් බලාපොරොත්තු සියල්ල බිඳ වැටෙන බව ඇය දැන සිටියා. මේ නිසා වෛද්‍ය පර්යේෂණයට යොමු වෙන්නට මොහොතකට කලින්, ඇය කෝපි කෝප්ප කිහිපයක්ම පානය කළේ එයින් තමාගේ රුධිර පීඩනය වැඩි වෙතැයි බලාපොරොත්තුවෙන්.
බලාපොරොත්තු වූ ලෙසටම වෛද්‍ය පර්යේෂණය සමත් වෙන්න ත්, ගුවන් සේවිකා පුහුණු පාඨමාලාට ඇතුළු වෙන්නත් වෙස්නා වාසනාවන්ත වුණා.
ඉරණම් ගමන
ගුවන් සේවිකාවක් ලෙස ස්ථිර පත්වීම ලැබී ගතවූ අටවෙනි මාසයේදී, JAT 360 යානය, කෝපන්හේගන් නගරයට ඉහළින් ස්ටොක්හෝම් සිට බෙල්ග්‍රේඩ් දක්වා යන ගමන් වාරයට සහභාගී වන ලෙස ඇයට විධාන ලැබුණා. ඇගේ නම ම භාවිතා කළ තවත් ගුවන් ගුවන් සේවිකාවක් සිටීම නිසා, ලැබුණු විධාන වල කුඩා පැටලිලි ස්වභාවයක් තිබුණත්, දෙවරක් නොසිතා වෙස්නා ගමනට එක් වුණේ,තමන් මීට පෙර ඩෙන්මාර්කයට පියාසර කර නොතිබුණු නිසයි.
අනතුර
1972 ජනවාරි 26 වෙනිදා සන්ධ්‍යා භාගයේ විවේක සුවයෙන් තමන්ගේ නිවසේ සිටි බෲනෝ හොන්ක් ට තම නිවසේ ට නිවෙසට තරමක් දුරින් පිහිටි ප්‍රදේශයකින් විශාල ශබ්දයක් ඇසෙනවා. සිද්ධිය පරික්ෂා කරන්නට ගිය බෲනෝ ට දැකගන්න ලැබෙන්නේ දුම් වලාවකින් වැසී ගිය, සුන්බුන් වූ ගුවන් යානයක බිහිසුණු දර්ශනයයි.
බැලූ බැල්මට ගුවන් අනතුරින් කිසිවෙක් බේරුනේ යැයි අනුමාන කරන්නට නොහැකි වුණත් , විනාඩි කිහිපයක් ඇතුළත බෲනෝ ගේ උපකල්පනය අසත්‍යයක් කරමින් දුම්වලා අතරින්, පාවහන් පවා නොමැතිව ඉතා දුර්වල සහ පහසුවෙන් ඇවිද එන වෙස්නා ව දර්ශනය වුණා.
ප්‍රථමාධාර
වහාම ක්‍රියාත්මක වුණු බෲනෝ, ඇයට ප්‍රථමාධාර දෙන්නට පටන් ගත්තා. වාසනාවන්ත වෙස්නා..! දෙවැනි ලෝක යුද සමයේ දී සටන් බිමේ ප්‍රථමාධාර ලබා දෙන්නෙකු ලෙස කටයුතු කර තිබීම නිසා ගලවා ගැනීමේ නිලධාරීන් පැමිණෙන තෙක් වෙස්නාගේ ප්‍රාණය නිරුද්ධ නොවී තබා ගන්නට බෲනෝ දක්ෂ වුණා.
ප්‍රහාරයේ සුලමුල
අදාළ අනතුරට හේතුව යුගොස්ලෝවියානු අන්තවාදීන් පිරිසක් විසින් ස්ථාපනය කර තිබුණු සූත්‍රය වැනි සත්වැනි බෝම්බයක් බව අනාවරණය වුණා.
ප්රතිහාර්යයක්!
වෙස්නා ගේ අනතුර පිළිබඳ පසු විපරමේ දී පැහැදිලි වුණේ, ගුවනේදී පුපුරා ගිය යානය කඩාවැටෙන මොහොත වන විට වෙස්නා සිටි ස්ථානය, ඇයට ආරක්ෂා වන්නට හේතු වුණු බවයි. ගුවන් යානය පුපුරා යාමත් සමග මගින් සියලු දෙනෙක්ම පාහේ ගුවන් යානයෙන් පිටතට විසි වුණත්, ඒ වනවිට ඇය අල්ලාගෙන සිටි Food cart එක සිරවීම නිසා ඇය යානයෙන් පිටතට වැටීම වැළකී තිබෙනවා. ඒ වෙනුවට ඇය රැඳී සිටි ගුවන්යාන කොටස පමණක් හිමෙන් වැසී වැසීගිය කඳුකර වනාන්තර ප්‍රදේශය මතට වැටී තිබෙනවා.
ඇද වැටීමේදී ඇතිවන ඉහළ පීඩනය නිසා එවැනි අවස්ථාවල බොහොමයක් දෙනා හෘදයාබාධයකට ලක්ව මිය යන නමුත්, වෙස්නාගේ අඩු රුධිර පීඩන මට්ටම එසේ නොවීමට හේතු වෙන්නට ඇති බවත් වෛද්‍යවරුන් නිගමනය කළා.
අනතුර සිදුවූ ක්ෂණයේ දිවි ගලවා ගන්නට ලැබුණත්, පාද දෙකේම අස්ථි, හිස් කබලට සහ කොඳු ඇට පෙළ ස්ථාන තුනකිනුත් බිඳීගොස් දරුණු ලෙස හානි සිදු වී තිබීම නිසා වෛද්‍යවරුන් විශ්වාස කෙළේ ඇයට වැඩිකල් ජීවත් වීමට හෝ නැවතත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් නැති වේවි කියලයි. මොළයට සිදුවී තිබුණු හානිය නිසා කෝමා තත්ත්වයට පත්වුණු වෙස්නා මාසෙකට අධික කාලයක් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ යන්ත්‍ර සුත්‍ර වල ආධාරයෙන් ජීවත් වුණා.
එහෙත් සියලු සියලු දෙනාම මවිතයට පත් කරමින්, අනතුරින් මසක කාලයකට පසුව වෙස්නා අවදි වුණා. අනතුරින් ඇතිවූ ආතතිය නිසා ඇම්නීසියා තත්ත්වයට පත්වී සිටියා. තමන් අඩි 33000 ක ට ඉහළින් සිදු වූ සිදුවූ ගුවන් සිදු වූ ගුවන් අනතුරකින් දිවි ගලවා ගත් බව වත්, ගුවන් යානයේ ගමන් ගත් තමන් හැර ඉතිරි මගීන් සහ කාර්ය මණ්ඩලයේ ඇගේ මිතුරියන් ඇතුළු 28 දෙනෙක් මියගිය බව වත් ඇය දැන සිටියේ නැහැ. අනතුර සිදු වූ 1972 ජනවාරි 26 වැනිදාට පෙර ඈ ගමන් කළ සොඳුරු ගුවන් ගමනාන්තයන් සහ අවසාන වරට මගීන්ට ආචාර කල මොහොත පමණක් ඇයට මතක තිබුනා. ලොව වැඩිම උසක සිට වැටී දිවි ගලවාගත් පුද්ගලයා ලෙස වෙස්නා ගිනස් වාර්ථා පොතටත්අ ඇතුළු වුණා.
කිසිවෙකුටත් අදහාගත නොහැකි ලෙස, සිහිය ලැබී මාස දහයක් ගතවූ තැන වෙස්නා සම්පූර්ණ සුවය ලැබුවා. 2016 වර්ෂයේදී ඇය 66 හැවිරිදි ව සිටියදී මෙලොව හැර ගියා.
මූලාශ්‍ර : https://supercurioso.com/ , https://likeswifty.com/ https://en.wikipedia.org/
…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………
තවත් මේ වගේ ලිපි කියවන්න A/L පන්තිය Facebook page එකට එකතු වෙන්න.