වොයිස් කියන්නෙ ඉන්ටනැෂනල් ප්ලැට්ෆෝම් එකක්. තේරිලා ඉන්න කොල්ලො කෙල්ලොත් පට්ට. ඒකෙ විවාදයක් නෑ. ඒක ලංකාවට වෙනස් කරද්දි මොකක්දෝ අවුලක් තියෙනව වගේ හිතෙනව. මේක ගීත ගායනා තරඟයක්. ඒක භක්ති ගීත තරඟයක් වගේ තිබිල බෑ. පට්ට ආකර්ශණීය විදියට වර්ණවත් විදියට කොරවෙන්න තියෙන්නෝන. ඒක හරි. හැබැයි මුන්ට මේකෙ බේස් එක මතක නෑ වගේනෙ. සිංදු ටික ලෙසටම තියෙන්නෝන. ඉන්ටනැෂනල් වොයිස් ප්රෝග්රෑම් එකක් බැලුවොත් ඒවගෙත් මේ ෆැන්සි ගතිය ටිකක් තියෙනව. හැබැයි හෙලුවෙං ඇවිත් හරි උං සිංදුවනං කියනව කිවිල්ලක් මවිල් කෙලිං වෙන්න. මෙතන එහෙම වෙනවද?
අනිත් දේ තමයි මේ සිංදු වලට කරන දේවල්. එතනදිත් ආයිමත් අර සරල ගායනා ක්රම මෙතනදි බලාපොරොත්තු වෙන්නෑ. ඒ වුනත් ඕනවට වඩා මික්ස් කරන්න ගිහිං,විච්චූර්ණ වෙලා, විකෘති වුනු ගතියක් ගොඩක් සිංදු වල මටනං තිබුන.
හිංචි පිංචි හාවා යද්දි තනිවෙලා
විලේ උන්නු ඉබ්බ දැකල වතුර නෑවීලා
වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
නාන් දීන් දිනක නදින්
කොහොඹ කලේ ඔලුවෙ තියන්
මෝලම් පාරට නටලා
තාලම් නාගසලං තොවිල් බෙරේ කරේ බැඳන්
කෝලම් ඔක්කම දමලා
වගේ එකක් ඉස්සරහට කිව්වත් වැඩිය හිතන්නෙපා. ඒකතමයි ඒ මේ හදන ස්ටෑන්ඩර්ඩ් එක. 

තව ඒ විදියට භාවිතා කරන මේ සිංදු වලට යම්කිසි ගෙවීමක් වෙනවද? ඇත්තටම ඉතාම මෑතකාලීනව මේවගේ රියලිටි ෂෝස් පටන් ගත්ත නිසා වගේම ඉස්සර තිබුනෙ නිකං ගමේ ගොඩේ තිබුනු ආධුනික ගී තරඟ නිසා ඒ ආශ්රිතව රෝයල්ටි පොලිසීස් නැතුව ඇති. ඒ වුනත් දැන් මේ කරන මට්ටමේ අතිශය තරඟකාරී ග්ලෝබල් ස්ටේජ් එකක අමු අමුවෙ භාවිතා වෙලා විව්ස් මිලියන් ගානක් ගිහිං චැනල් එක තනිවම භුක්ති විඳින ආදායම අදාල නිර්මාණයේ මුල් අයිතිකරුවන්ටත් හිමිවෙන්න ඕන නැද්ද? ගමේ භක්ති ගීත තරඟයකට තියෙන රෝයල්ටි පොලිසීස් මෙතනදි වෙනස් වෙන්න ඕන නැද්ද?
ප.ලි.
මුං මොකක් ඇඳං ආවත් ඇඳුං නැතුව ආවත් කමක් නෑ කියන සිංදු ටික උපරිම මට්ටමක වචනයක් කියන්න නැතිවෙන්න තියෙන්නෝන කියල මං හිතන්නෙ. නැත්තං වෙන්නෙ මේ තරුණ ටැලන්ට්ස් නිකංම නිකං කොමිටල් කැරැක්ටර්ස් ටිකක් වෙලා ග්ලෝබල් ප්ලැට්ෆෝම් එකක නෝන්ඩි වෙලා නැතිවෙලා යන එක විතරයි..
උපුටා ගැනීම: Asanka Warnakulasooriya