ජීව විද්‍යාව සහ භෞත චිකිත්සාවට තරමක් උනන්දු අයට හදාරන්න පුලුවන් ශ්‍රී ලංකාවේ පිලිගත් උපාධි පාඨමාලවක් තමයි වෘත්තීය චිකිත්සාව එහෙමත් නැත්තම් BSc Occupational Therapy නමින් හදුන්වන උපාධි පාඨමාලාව. මෙම උපාධි පාඨමාලාව පිරිනමන්නෙ කැළණිය විශ්ව විද්‍යාලයෙන්.විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඉහල පිලිගැනීමකට ලක්වන නිසා ශ්‍රී ලංකාව තුල මෙන්ම විදේශ රටවල පවා රැකියා ක්ෂේත්‍රයෙ ඉහල පිලිගැනීමකට ලක්වන පාඨමාලාවක් විදියට ඔබට හදුන්වා දෙන්න පුලුවන්.

අපි ඉස්සෙල්ලම කතා කරමු Occupational Therapy /වෘත්තීය චිකිත්සාව (OT) කියන්නෙ මොකක්ද කියලා.
වෘත්තීය චිකිත්සාව කියන්නෙ පුද්ගලයින්ගෙ ක්‍රියාකාරිත්වය යහපත්ව පවත්වා ගැනීමට සහ නිසි ක්‍රියාකාරිත්වය අඩාල වූවන්ගෙ වර්ධනය සහ ක්‍රියාකාරිත්වය නිසි තත්ත්වයට පත් කිරීමට ක්‍රියා කිරීමයි. එහිදී පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් , කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ රැකියාවන්ගෙ වර්ධනය වීම් සලකා බලයි.බොහෝවිට මානසික සෞඛ්‍ය ගැටලු ,ආබාධිත හෝ දුර්වලතා ඇති පුද්ගලයින් සමග ක්‍රියා කරයි.
OT වල ඇති එක් ප්‍රධාන අංශයක් වන්නෙ ළමා වෘත්තීය චිකිත්සාවයි. එහිදී ලමුන් පවුල තුල, පාසල තුල සහ සමාජය තුල ක්‍රීඩා ක්‍රියාකාරකම් , දෘශ්‍ය ,සංජානන, සමාජීය සහ චිත්තවේගීය සහ අනුවර්තන කුසලතා ශක්තිමත් කිරීමට සහ සංවර්ධනය කිරීමට පහසුකම් සපයයි.
අවසාන අරමුණ වන්නෙ ඔවුන් සතුටින් ස්වාධීන මිනිසුන් ලෙස ක්‍රියා කිරීමට සැලැස්වීමයි.

මෙම වෘත්තීය චිකිත්සාවෙන් (OT) ප්‍රයෝජන ගත හැක්කෙ කාටද ?
- තුවාල සහ ආබාධ ඇති අය.
- සංවේදි සැකසුම් ආබාධ ඇති අයට.
- මොලයෙ සහ කොදුඇටපෙල ආබාධ ඇති අය.
- ඉගෙනීමේ දුෂ්කරතා ඇති අය.
- ඔටිසම් රෝගය සහිත අය.
- හැසිරීමෙ සහ ගැලපුම් දුෂ්කරතා ඇති අය.
- සංවර්ධන ප්‍රමාද ඇති ලමුන්.
- ස්නායු දෝෂ.
- මස්තිෂ්ක අංශභාගය.
- වෙනත් නිදන්ගත රෝග ඇති ලමුන්ට.
දැන් ඔයාට මේ වෘත්තීය චිකිත්සාව ගැන සාමාන්‍ය අවබෝධයක් ලැබෙන්නට ඇති.ඔයාට මේ ඔස්සෙ උපාධි පාඨමාලාවක් හැදෑරීම සදහා කැමැත්තක් ඇත්නම් කැළණිය විශ්ව විද්‍යාලයෙ බාහිර උපාධි අධ්‍යයනාංශය මගින් පිරිනමනු ලබන BSc occupational Therapy බාහිර උපාධිය හදාරන්න පුලුවන්.

ලොව පුරා වෘත්තීය චිකිත්සාව ක්ෂේත්‍රයෙහි ඇති ඉහල දියුණුවත් සමග මෙරට මෙම ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම උදෙසා ශ්‍රී ලංකා වෘත්තීය චිකිත්සකයින්ගෙ සංගමය මගින් මෙරට උපාධි පාඨමාලාවක් පැවැත්වීමෙ හදිසිතාවය හේතුවෙන් මෙම උපාධි පාඨමාලාව මෙරට ස්ථාපිත කර ඇත.මෙම උපාධි වැඩසටහන සෞඛ්‍ය සේවා සහ පෝෂණ අමාත්‍යාංශයේ භෞතික චිකිත්සාව සහ වෘත්තීය ප්‍රතිකාර පාසල විසින් සපයන වසර දෙකක මූලික පුහුණුව මත ගොඩනැගෙනු ඇත.එය වෘත්තීය චිකිත්සාව පිලිබද විද්‍යාවේදී උපාධිය දක්වා තවත් වසර දෙකක වෘත්තීය පුහුණුවක් ලබාදෙනු ඇත.
වෘත්තීය චිකිත්සක බාහිර උපාධි පාඨමාලාව.
මෙය ඩිප්ලෝමා මට්ටමෙ සිට උපාධිය දක්වා පවතින බාහිර උපාධි වැඩසටහනකි.මෙය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර පාඨමාලා ගාස්තුව වාරික 4ක් ඔස්සෙ ගෙවිය හැකිවන ලෙස රුපියල් 250,000/=කි.
උපාධි වැඩසටහන සදහා ඇතුලත් විය හැකි සුදුසුකම්.

- පිලිගත් ආයතනයකින් වෘත්තීය චිකිත්සාව පිලිබද ඩිප්ලෝමාවක් තිබීම.
- පසුගිය වසර පහක වෘත්තිය චිකිත්සක පිලිබද අවම වශයෙන් වසර තුනක සායනික පලපුරුද්ද.
- ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවෙ ලියාපදිංචිය.
- විශ්ව විද්‍යාල අයදුම්පත්‍රය සහ අනෙකුත් සම්මුඛ පරීක්ෂණ වලින් සහ ඉංග්‍රීසි පරීක්ෂණයෙන් සමත්වීම.
වෘත්තීය චිකිත්සාව වැඩසටහන සදහා අයදුම්පත්‍ර කැදවීම මැයි මස සිදුකරන අතර අයදුම්පත් ගාස්තුව රුපියල් 1000/=කි.වැඩිපුර තොරතුරු සහ අයදුම්පත් ලබාගැනීම www.extexams.kln.ac.lk මගින් ලබාගත හැක.