හිතකර ආහාරයක් වැඩිපුර ගැනීමෙහි වරදක් නැහැ කියලා බොහෝ දෙනෙකුට සිතෙන්න පුළුවන්. මේ මතයට රැවටී එළවළු පලතුරු වැනි හිතකර දෙයක් පවා සීමාවක් නොමැතිව ආහාරයට ගන්නා පුද්ගලයන් නොදන්නා කාරණය වන්නේ ඒවා පමණ ඉක්මවා ආහාරයට ගැනීම සීනි සහ සෝඩියම් ආහාරයට ගැනීම තරම්ම අහිතකර වන බවයි. මේ අහිතකර බලපෑම් වළක්වා ගැනීමට මධ්‍යස්ථ ප්‍රමාණයෙන් ආහාරයට ගැනීමයි සුදුසු.පහතින් දැක්වෙන්නේ ඒ ආකාරයෙන් පමණ ඉක්මවා ආහාරයට ගැනීම නුසුදුසු වන සෞඛ්‍ය සම්පන්න ආහාර කිහිපයක් ගැනයි.
01.කෙසෙල්.

පමණ ඉක්මවා කෙසෙල් ආහාරයට ගැනීම දත් දිරා යාමට හේතු විය හැකියි. සීනි ආහාරයට ගැනීමේදී සිදු වන ආකාරයටම මෙම පලතුරු වලිනුත් ඔබේ දත්වල එනැමලයට හානි කරන බැක්ටීරියා නිපදවීම සිදුවෙනවා. නමුත් මෙහි ඇති හොඳ දේ වන්නේ කෙසෙල් වල අඩංගු සීනි ප්‍රමාණයෙහි සාන්ද්‍රතාව අඩු වීමයි. මීට අමතරව කෙසෙල් වල ඉරුවාරදය වැඩි කිරීමට හේතු වන ටයිරැමින් නම් සංයෝගය අඩංගු වන නිසා වැඩිපුර කෙසෙල් ආහාරයට ගැනීමෙන් හිසේ කැක්කුම් ඇතිවිය හැකියි. ඒ නිසා වඩාත් සුදුසු සහ සෞඛ්‍ය සම්පන්න වන්නේ දිනකට කෙසෙල් ගෙඩි 2ක් පමණ ආහාරයට ගැනීමයි.
02.ඕට්ස්.

පමණ ඉක්මවා ඕට්ස් ආහාරයට ගැනීමෙන් බඩ පිපුම සහ මළ පිටවීම සම්බන්ධව ගැටලු ඇතිවිය හැකියි. අධ්‍යනයකට අනුව ආහාරමය තන්තු ප්‍රමාණය අඩු කිරීම මගින් මල බද්ධය සම්බන්ධ ලක්ෂණ අවම කරගත හැකියි. මීට අමතරව පමණට වඩා ඕට්ස් ආහාරයට ගැනීමෙන් මැග්නීසියම්, කැල්සියම් සහ සින්ක් අවශෝෂණය වන ප්‍රමාණයත් අඩු විය හැකියි. තවද, රස වැඩි කරගැනීම සදහා පීනට් බටර් පලතුරු වැනි අමතර ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක් එක් කරනවා නම් ඕට්ස් ආහාරයට ගැනීම මගින් බර වැඩි වීමත් සිදුවිය හැකියි. දිනකට ආහාරයට ගත යුතු ඕට්ස් ප්‍රමාණය මැන බැලෙන්නේ ඔබේ දෛනික කැලරි පරිභෝජනය අනූවයි. සාමාන්‍යයෙන් අවුන්ස 3-6පමණ සෞඛ්‍ය සම්පන්න ප්‍රමාණයක්.
03.චීස්.

චීස් බොහෝ ප්‍රමාණයක් ආහාරයට ගැනීම ඔබට හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කෙරෙනවා. කිරීටක හෘද රෝග ඇතිවීම සඳහා හේතු වන සංතෘප්ත මේද බොහෝ ප්‍රමාණයකින් චීස් වැනි ආහාර සමන්විත වෙනවා. චීස් ආහාරයට ගන්නා අතරතුර මුදාහැරෙන කොලිසිස්ටොකිනින් (cholecystokinin) නම් හෝර්මෝනය නිසා බඩේ සහ පපුවේ දැවිල්ලද ඇතිවිය හැකියි.
04.බත්.

ලංකාවේ අප දිනපතා ආහාරයට ගන්නා බත් වල අඩංගු වන්නේ විටමින් ඉතා සුළු ප්‍රමාණයක්. ඒ නිසා ඇතැම් විට අනෙකුත් විටමින් වර්ග ඔබට මග හැරී යා හැකියි. ඊට අමතරව බත් ආහාරයට ගැනීමෙන් පසු ඉන්සියුලින් මට්ටම ඉතා වේගයෙන් ඉහළ යාමත්, අඩු මට්ටමේ ආසනික් ප්‍රමාණයකට (low level arsenic exposure) නිරාවරණය වීම නිසා ඔබේ මානසික මට්ටම දුර්වල වීමත් සිදුවිය හැකියි. මේ නිසා දිනකට සහල් ග්‍රෑම් 90 ක පමණ බත් ආහාරයට ගැනීම සුදුසුයි.
05.බ්‍රොකොලි.

බ්‍රොකොලි වල තයිරොයිඩ් හෝර්මෝන අධිකව ස්‍රාවය වීමට හේතු වන තයෝසයනේට අඩංගු වෙනවා. මේ නිසා හිසකෙස් හැලීම, මුහුණ ඉදිමීම වැනි දේවල් සිදුවිය හැකියි. ඊට අමතරව බ්‍රොකොලි මගින් නාසය අවහිර වීම, සමේ දද හට ගැනීම, කැසීම වැනි ආසාත්මිකතා ඇතිවිය හැකියි. මේ නිසා දිනකට බ්‍රොකොලි කෝප්ප 4කට වැඩියෙන් ආහාරයට නොගන්න.
06.බ්ලූ බෙරි.

දියවැඩියාවට අහිතකර වන පරිදි බ්ලූබෙරි මගින් රුධිර සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා පහත හෙලීමේ හැකියාව තිබෙනවා. බ්ලූබෙරි මගින් රුධිරයේ ඝනත්වයද අඩු වන නිසා ඔබ ඒ හා සම්බන්ධව ඖෂධ ගන්නවා නම් ගැටලුකාරී තත්ත්ව ඇතිවිය හැකියි. ඊට අමතරව බ්ලුබෙරි වල විටමින් k අඩංගු වන නිසා හුස්ම ගැනීමට අපහසු වීම සහ හුස්ම ගැනීමේ අක්‍රමිකතාවයක්ද ඔබට අත්විඳීමට සිදුවනු ඇත. දිනකට බ්ලූබෙරි කෝප්ප 1ක් පමණ සෞඛ්‍ය සම්පන්න ප්‍රමාණයක් වශයෙන් සැලකිය හැකියි.
උපුටා ගැනීම: Hela Rahas