මිනිස්සු තමන්ගේ වාසියට කබරගොයත් තලගොයා කරනවා කියන එකට දෙන්න පුලුවන් හොඳම උදාහරණයක් තමයි මේක. මුස්ලිම් මිනිස්සු මේ දවස්වල එයාලගේ ආගමට අනුව අවසන් ගමන් යන්න ඕනේ කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. පුද්ගලිකව ඒ අයට එහෙම ඉල්ලන්න අයිතියක් ඇති බව මම පිළිගන්නවා. ඒ අයිතියට මම ගරු කරනවා.
ඒත් තමන්ගේ අවසන් ගමන් යාමේ අයිතිය වෙනුවෙන් කරපු උද්ඝෝෂණයකදී තමයි මුස්ලිම් දැරියක් (බැලූ බැල්මට බාලවයස්කාර දැරියක් වගේ පෙන්නේ) මේ විදිහේ බෝඞ් එකක් එල්ල ගෙන ඉන්නේ.
ඇත්ත “වෛරසයකට ක්රියාත්මක විය හැක්කේ සජීවී ධාරක ශෛලයක් තුළදී පමණයි” කියන එක ඕලෙවල් කරපු හැමෝම ඉගෙන ගෙන තියෙනවා. ඒක බැලූ බැල්මට විද්යාත්මක තර්කයක්.
ඒත් දැන් විද්යාව ඉස්සරහට දාන මුස්ලිම් මිනිස්සුම තමයි මේ බෝඞ් එක උස්සගෙන ඉන්නවටත් වඩා බාල දැරියන්ව ඔවුන්ට වඩා දෙගුණයක් විතර වයසින් වැඩි පිරිමින්ට කසාද බන්දලා දෙන්නේ. කාන්තාවකට විවාහ වෙන්න සුදුසු වයස් සීමාවක් ගැන ජාතික වගේම ජාත්යන්තර නීති රීතිත් තියෙනවා. ලිංගික ක්රියාකාරකම්වල යෙදීමට සහ දරුවන් වැදීමට තරම් කාන්තාවක් ජීවවිද්යාත්මකව වැඩෙන්නේ මොන වයසේදීද කියන කාරණය සළකා බලලා තමයි මේ වයස් සීමාව තීරණය කරලා තියෙන්නේ.
එහෙනම් මුස්ලිම් අය කරන්න ඕනේ වෛරස් ගැන වගේම කාන්තා ප්රජනන සෞඛ්ය ගැනත් පෙළ පොත්වල තියෙන කරුණු කාරණා අධ්යයනය කරලා ඊට අනුව තමන්ගේ සිරිත් විරිත් සහ සම්ප්රදායන් නැවතත් සංශෝධනය කරන එක.
එහෙම නැතුව විද්යාවෙන් තමන්ට වාසි කෑල්ල විතරක් අරගෙන අවාසි කෑල්ල කපා හරිනවා නම් ඒක තනිකරම ප්රෝඩාව.
උපුටා ගැනීම: Anil Karunarahne