ඕන් කතාවක්, සම්පූර්ණ ඇත්ත මෙයාලා.
මේ මගේ කතාවක්.
අපි කෑම කන්න කඩේකට ගියා. වේටර් මාමා කෙනෙක් ලඟට ආවා. මොනවද ඕනෙ කියල අහල උත්තර දෙන්න කලින් මමා හැරිල ගියා. අපි ඒ මාමාට බැන බැන හිටියා ආපහු එනකං.
“මාර වඩක්නෙ කියන්න කලින් ගිහින්…”
ටික වෙලාවකින් වේටර් මාමා ආපහු ආවා. ඉතින් මම කන්න ගේන්න ඕන දේ කියන්න කලින් නිර්මලීගෙන් අහුවා…
මම: මොනවද ඔයා කන්නෙ ?
ඇය: මොනව හරි ඔයා කැමති දෙයක්…
මම : එහෙම බෑනෙ…. ඔයා කියන්න.
ඇය : ඔයාට ඕන දෙයක් ගේන්න කියන්න අනේ…
මම : අයියෝ කියන්නකො අනේ… මොනවද ඔයාට ඕනෙ…?
මේ අතරතුර වේටර් මාමා ආයෙත් ආපහු හැරිලා ගිහින්.
මට මල පැන්නා. මාමාට කතා කලා. මාමා ආවා.
මම : අංකල් පොඩ්ඩක් ඉන්නකො කියන කං දුවන්නෙ නැතුව…
මේ ටයිනි, වද දෙන්නැතුව කියනවද මොනවද ඔයාට ඕනෙ කියල…
ඇය : ඔයාට ඕන එකක් ගේන්න අනේ…
ආයෙත් මාමා ගිහින්. මම මාමා දිහා බලපු ගමන් ආයෙ දුවගෙන ආවා.
වේටර් මාමා : දැන් හරිද ඕනෙ දේ කිව්වද නෝන…? නැත්නම් මම පස්සෙ එන්නං… නෝනයි මහත්තයයි ආවම ඕම තමයි… ළමයි එක්ක ආවනම් මම එතනම ඉන්නවා… ළමයි ඕන දේ ඉක්මනට කියනවනෙ… මොකෝ මාත්තයා තාම නෝන කිව්වෙ නෑ…? මම ආපහු ගිහින් එන්නම් එහෙනම්….
මම : හෝවු හෝව් පොඩ්ඩක් ඉන්න…. එහෙනම් අංකල් කැමති දෙයක් ගේන්න අපි කන්නං…අපේ නම් ඉතින් ළමය එක්ක ආවත් ඔහොමම තමයි මාමා….
උපුටා ගැනීම: Prasad Jayasuriya