වැල්මී වල ඇති ඔබ නොදත් විශේෂ ගුණ 5ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ග්ලිසිරීසා ග්ලබ්රා යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන වැල්මී ඖශධීය අතින් ඉතා ඉහළ වටිනාකමක් ඇති ශාකයක් වන අතර ලොව පැරණිතම ඖශධීය ශාකයක්ද වේ. අයුරුවේද වෛද්‍ය විද්‍යාවේදී බොහෝ ඖශධ නිපධවීම සදහා වැල්මී භාවිතා කෙරේ. චීනය, මැදපෙරදිග සහ දකුණු ආසියාවේ වෙසෙන බොහෝ පිරිසක් වැල්මී යොදා ඖශධීය පානයන් සාදා පානය කරන අතර ඔවුන්ගේ නිරෝගී බව සදහා වැල්මී ඉතා වැදගත් වන බව ඔවුන්ගේ මතයයි.

කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනා, බඩේ ආම්ලික ගතිය, බැක්ටීරියා සහ වෛරස් ආසාධන සදහා වැල්මී ප්‍රාධාන වශයෙන් භාවිතා කරනු ලැබේ. තවද සමේ ඇති වන කුරුළෑ ආසාධන තත්වයන් සදහාද වැල්මී ඉතා වැදගත් වේ. වැල්මී වල ප්‍රති ඔක්සිකාරක සහ ග්ලිසිරිසීන් බහුලව අන්තර්ගත වේ. පහත ඇත්තේ වැල්මී වල ඇති ඔබ නොදත් ගුණ 5ක් පිළිබද විස්තරයකි.

 

1. ආහාර අජීර්ණ වීම් නැති කරයි

ආහාර අජීර්ණ වීම් සහ ආහාර මාර්ගයේ ඇති ආම්ලිකතා මග හරවා ගැනීම සදහා වැල්මී බහුලව යොදා ගැනේ. වැල්මී වල ඇති විශේෂ සංයෝග සහ සංඝඨක මගින් ආහාර ජීර්ණය ක්‍රමවත් කරන අතර ආම්ලිකතාව නිසා බඩේ හඩ ගන්නා රෝග ඇති වීමේ හැකියාව අවම කරනු ලබයි.

 

2. බඩේ තුවාළ ඇති වීම් වළක්වයි

බඩේ ඇති වන තුවාළ සදහා නිසි ප්‍රතිකාර නොගත හොත් එය පිළිකා තත්වයක් දක්වා වර්ධන වීමට පුළුවන. පහළ සහ කුඩා අන්ත්‍රයේ වැඩි වශයෙන් ඇති වන මෙම තුවාළ හේතුවෙන් බඩේ වේදනාව සහ බඩ ඉදිමීම ඇති වේ. නමුත් වැල්මී වල ඇති ග්ලයිසිරිසීන් මගින් බඩේ ඇති වන මෙම තුවාළ තතවයන් ඇති වීම වළක්වන අතර එය පිළිකා තත්වයක් දක්වා වර්ධනය වීම අවම කරයි.

 

3. ශ්වසන අබාධ නැති කරයි

වැල්මී වල ඇති ප්‍රති බැක්ටීරියා නාශක සහ ප්‍රති ඉදිමුම් ගුණ නිසා ස්වසන අබාධ ඇති වීම අවම කරනු ලබයි. විශේෂයෙන්ම වැල්මී වල ඇති ග්ලයිසිරිසීන් මේ සදහා වැදගත් වේ. ඇදුම රෝගය සදහා වැල්මී ඖශධයක් ලෙස භාවිතා කරනු ලබයි.

 

4. දත් කුහර ඇති වීම වළක්වයි

වැල්මී වල ඇති විශේෂ සංයෝග මගින් දත් කුහර සෑදීම සදහා හේතු වන බැක්ටීරියා විනාශ කරනු ලබයි. ස්ට්‍රෙප්ටො කොකස් බැක්ටීරියාව දත් කුහර ඇති වීම සදහා ප්‍රධානව බලපාන අතර වැල්මී වල ඇති විශේෂ සංයෝග මගින් මෙම බැක්ටීරියාව විනාශ කරනු ලබයි.

 

5. දියවැඩියාව පාළනය කර

පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ වැල්මී මුල් වලින් සාදා ගන්නා තේ පානය කිරීම මගින් වකුගඩු වල නිරෝගීතාවය වැඩි කරන බවත් රුධිරයේ ඇති සීනී මට්ටම පාළනය වන බවත්ය. එම නිසා දියවැඩියාව පාළනය කළ හැක.

 

උපුටා ගැනීම: BENIPOST

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!