වැන්දඹු උලලේනී (කෙටි කතාවකි) (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“දරුවව දීලා ගිහින් උබ ඕන මගුලක් නටාගනින්”.
“ඔය ලමයා වැදුවෙ මම උබ හැදුවට”
“උබට වෙන මිනිහෙක් එක්ක යන්නනෙ උවමනාව මගෙ දරුවව උබට වැඩක් නෑ උබ පලයන්”
“උබ වගේ බේබද්දෙක් ළග දරුවව තියලා යන්න තරම් මම මී හරකියක් නෙමෙයි”
“මොකද්ද පරට්ටි තෝ කිව්වෙ”
ලවන් ප්රාර්තනාගෙ කොන්ඩෙන් ඇදගෙන ගිහින් බිත්තියෙ හතර පස් සැරයක් වැද්දුවා….
“මම්…මා….මම්…මා”
චුටි පුතු සිහේන් හෙමි හෙමින් කෙදිරි ගගා ආවෙ වෙන්නෙ මොනවද කියලා නොතේරුම් කමට….
“මිනිහො මගෙ දරුවා යකෝ”
කියලා කට ගන්නවාත් එක්කම ලවන් ප්රාර්තනාට ගහන්න ගත්තු මල් වාස් එක පස්ස නොබලා විසි කලා….
“පපා….”
සිහේන්ගෙ ඔලුවෙ වැදුනු මල් වාස් පාරට සිහේන් කලන්තෙ හැදිලා වැටුනෙ බිමටම….
“අල්ලන්න එපා මගෙ ලමයව”
ප්රාර්ථනා කියන්නෙත් අම්මා කෙනෙක්…. ඒත් කවදාවත් ලවන් හිතලා දරුවට එහෙම දෙයක් කරන කෙනෙක් නෙමෙයි….වෙන්න තියෙන්නේ මොනවද දෛවය ඒ හැමදේම නොහිතන වෙලාවට කරනවා ….
සිහේන්ව දෝතට අරන් ප්රාර්ථනා දුවගෙන ගිහින් කාර් එකට නැග්ගා….ඒ පමාවෙන් ලවන්ද කාර් එක පන ගන්වගෙන හයියෙන් ඉගිලුනා….
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
නොනවත්වා දරුවා වමනෙ කරනකොට ප්රාර්ථනාගෙ ඇග දාඩියෙන් තෙත් උනා….
“මගෙ දරුවට මොනවත් වෙන්නෙ නෑ”
“මගෙ දරුවා දිහා දෙවියො බලනවා”
ප්රාර්ථනා හොස්පිටල් කොරිඩෝවේ ද
ඉදගෙන කණුවකට ඔලුව ගහගෙන අඩන්න ගත්තා….
“ප්රාර්ථනා….මට සමාවෙන්න….මම හිතලා නෙමෙයි”
“පලයං යන්න”
ප්රාර්ථනා ලවන්ව තල්ලු කරලා කොරිඩෝව දිගේ දුවගෙන ගියා….
ලවන් දැනගත්තා ඔය දූවන්නෙ නිලේෂ් ලගට කියලා…. ලවන් හිටි පිළිමයක් වගේ බලාගෙන හිටියා ප්රාර්ථනා ඈතට ඇදෙන හැටි…. පිරිමියෙක් විදියට ඇස් වලින් කදුලු පිට නොකලත් හදවතින් ලවන් මහ හයියෙන් ඉකි ගැහුවා….
දරුවා අමාරුවෙන් හුස්ම ගන්න හැටි තාත්තෙක් විදියට ලවන්ට දරන්න බැරි උනා…. ප්රාර්ථනා තවත් ආදරයක් හොයා නොගිය නම් අදටත් එදා වගේම සතුටින් දරුවත් එක්ක ඉන්න තිබුණා කියලා ලවන්ගෙ හිත කෑ ගහලා කිව්වෙ ප්රාර්ථනාට ඇගිල්ල දික් කරන ගමන්….
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
නිලේෂ් එක්ක එෆෙයාර් එකක් තියෙනවා කියලා දැනගත්තට ලවන් කවදාවත් හිතුවෙ නෑ ප්රාර්ථනා නිලේෂ් එක්ක ලවන් ඉස්සරහට එයි කියලා….
“උබ නිසා තමයි මෙ හැමදේම”
“ඒයි අතාරිනවා එයාව”
“මරනවා උබව මම “
ප්රාර්ථනාගෙ සියුමැලි අතක් හරි වේගෙන් ලවන්ගෙ කම්මුලක නතර උනා…..
“තමුසෙ එක්ක ඕක තමයි මට ඉන්න බැරි”
“උබ පලයන් මූ එක්ක මගෙ දරුවව තියලා”
“උබගෙ ලමයා උබ තියාගනින් මට එපා උබගෙ ලේ වලින් ඉපදුන එකෙක්”
නිලේෂ් කියනකොට ප්රාර්ථනාට අකුණක් ගැහුවා වගේ.ලවන් කට කොනින් හිනාවෙලා යන්න ගියා ටිකක් එහාට….
“මොකද්ද නිලේෂ් ඒ කතාව මට මගේ දරුවව ඕන”
“ආහා….මේකයි හොරේ නේද ආ”
“පූර්ණි….ඔයා”
ඔව් පූර්ණි තමයි ඇයි පේන්නෙ නැද්ද”.
“ඔයා කොහොමද මෙතන”
“තමුසෙ හිතූවද ගොනා හැරෙන්නේ පොල් පැලේට කියලා නොතේරෙන බබෙක් කියලා මම ආ”
“ඔයා හිතාගෙන ඉන්නවා වැරදියි පූර්ණි මෙ මගෙ යාලුවෙක් අර ඉන්නෙ එයාගෙ හස්බන්ඩ් දරුවට සනීප නෑ”
“නිලේෂ් මොනවද මේ කියන්නේ කවුද මෙ ගෑණි”
“ආ….ඔය කතා කරන විදියට හිතාගන්න පුලුවන්”
“මමයි නිලේෂුයි මැරි කරන්න ඉන්නෙ”
“එතකොට මේ දරුවගෙ තාත්තා කවුද ආ “
“විකාර කියවන්න එපා ප්රාර්ථනා”
ඈතට වෙලා ලවන් මේ හැමදේම බලාගෙන….නිලේෂ්ගෙ වයිෆ් නිලේෂ් ප්රාර්ථනා අතර වෙන දේ….ලවන්ට ඕන උනේ නෑ ඒ අතරට යන්න….
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
තියටර් එකේ ඉදලා එලියට ආපු ඩොක්ටර්ගෙ මූණෙ තිබුණෙ පරාජිත බවක්….ලවන් අඩියට දෙකට ඩොක්ටර් ලගට දූවගෙන ගියා….
“ඩොක්ටර් මගෙ දරුවා….”
“සොරි ලවන් අපිට දරුවව බේරගන්න බැරි උනා….”
“ඩොක්ටර්……”
“වැදූනු පාර සැරටම වැදිලා තියෙනවා පිටින් නොපෙනුනාට ඇතූලෙන් ගොඩක් ඩැමේජ් වෙලා අයෑම් වෙරි සොරි ලවන්”
ලවන් මහ හයියෙන් කෑ ගගහා ඇඩුවෙ තමන්ගෙම අත් දෙකෙන් තමන්ගෙ ලේ වලින් ඉපදුන පුංචි දරු පැටියා නැති උන නිසා…. ප්රාර්ථනා මුල්ලකට වෙලා බලාගත්තු අත බලාගෙන ඉන්නවා….නිලේෂ් පූර්ණි එක්ක ඈතට යනවා ….
“මට සමාවෙන්න ලවන්”
ලවන් ප්රාර්තනාව අතෑරලා එක සැරයක් දරුවා ලගට ගිහින් සීතල උන පුංචි කොපුල් ආදරෙන් සිපගත්තා….
“සමාවෙයන් මගෙ රත්තරන් පුතේ”
ලවන් රෝහලෙන් එලියට ඇවිත් හරියට යන මගක් නොදැන හයියෙන් ඩ්රයිව් කලා….පුතාගෙ හිනාව,කතාව ඇහෙනකොට ඒ ගෙදරට ආයෙම අඩියක් තියන්න බෑ…. කොටින්ම කිව්වොත් දරුවා නැති ජීවිතයක් ලවන්ට නෑ…. ඉස්සරහින් හූ කියාගෙන යන කෝච්චිය ලවන්ට අත් වනනවා…. ඇස් පියාගෙන වේගෙ වැඩි කරපු ලවන් නතර උනේ කිලෝ මීටර් ගානක් ඈතට විසි වෙලා….
“පපා….පපා….”
පුතා හිනාවෙවී අත වනනවා….ලවන් ඒ අත හයියෙන් අල්ලගත්තා….
නොලැබෙන තාවකාලික ප්රේමයක් පස්සෙ ගිහින් අන්තිමට ප්රාර්ථනාට උනේ ජීවිත කාලයම විදවන්න….
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
🥀සමාප්තයි🥀
උපුටා ගැනීම:  Meedum Dahara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!