වැරැද්ද (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
👧 අනේ හිම්න් යන්කෝ අයියේ…
🧒හිමින් තමා ලමයෝ මේ යන්නේ ..
මීට වඩා හිමින් යන්නේ කොහොමද ඉතිං..??
👧කොහොම හරි කමක් නෑ යං….
🧒අයියෝ… ඔයාා නම්, හරියට පොඩ් ලමයෙක් වගේ අනේ…
👧ඉතිං මං පොඩීනේ ..
🧒ඔව් ඔව් පොඩී..කොහෙද දන්නෑ පොඩ්..
🧒කොහෙ හරි පොඩීනේ..
🧒කොහේ හරි……
එහෙම කියලා මන් සේප් එකේ පිට්පස්ස බැලුවේ කින්ඩියට හිනා වෙන ගමන්…
👧අනේ අයියා තමුසෙනම් මහාා …මෝඩයා..
🧒ඇයි. ඇයි. දැන් මොකද්ද මං කිව්වේ කියනවකෝ ..
👧නෑ මොකුත් නෑ ..තමුසේ නම් හොදම හොදම නෑ ..😏
🧒හා …
බොරවට මන් තරහක්
පෙන්නුවම මාව යාලුකරගන්න ඕනි නිසා එයා එයාගේ අත් දෙකෙන් තව ටිකක් තද කර බදා ගත්තා..
🧒දගලන්නේ මොකද ..අනේ.. බයිසිකලේ පෙරලන්නද හදන්නේ…
👧කමක් නෑ …ඔහෙ පෙරලිච්චදෙන්..
එයා එහෙම කියන කොට මන් උරහිස උඩ්න් බැලුවේ එයා දිහා..
මූන බටකොල ආචිච්චිගේ වගේ…🤭😂
එයාට චුට්ටක් තලා ගිහිල්ලා 🤭😁😁
ඒයා දිහා බලලා අයෙත් ඉස්සරහ බලකොටම පැන්නනේ කොහෙන්දෝ ආපු පොඩ් කෙල්ලෙක් වාහෙනේට …
දැන් ඉතින් කෙලපන්කෝ තාප්පෙටම😮
පෙනුමේ හැටියට නම් කෙල්ලට අවුරුදු පහක් ඇති …
කෙල්ල බයිසිකලේ වැදිල චුට්ටක් ඉස්සරහට විසි උනත් පේන්න නම් තුවාල උනපාටක් නෑ…..
හැබැයි කෙල්ල ඒ වැදුන පාරට සිහිය නැති වෙලා වගේ ..
පොඩ් එකී විතරයි කවුරුත් පේන්නත් නෑ අහල පහල….
මුංගේ මහ එවුන් ඔන්න ලමයි බලා ගන්න විදිය..
මැරිලා ගියාම අපි එපැයි පොලිසි ගානේ තපින්න..
මන් හැදුවේ මොකුත් දන්නේ නෑ වගේ හිමීට සේප් එකේ මාරු වෙන්න….
දන්නවනේ කෙල්ලට මොනව හරි උනොත් මං එපැයි හිරේ ලගින්න …මට ඒ වෙලාවේ ගොඩක් බය හිතුනා..
ඒත් ඒ වෙලාවේ අපේ නංගි ඩෙගානටන්න පටන් ගත්තනේ…
මට කේන්ති ආවත් ඉවසන් හිටියා.. මරන්නයැයි ඉතිං ..
අයියා මොකද්ද කරන්නේ තමුසේ ඔය..
නංගි මෙතන දැන් අපි හිටියොත් ලොකු අවුලක් වෙන්නෙ.. අපි හිම්ට මාරු වෙමු ….
තමුසෙට පිස්සුද ඒ කෙල්ලට මොනවා උනාද දන්නේත් නෑ ..අඩුම ඒ කෙල්ලට සිහිය වත් නෑ ..අය්යා ඔයත් මනුස්සයෙක් නේද..අපි මේ කෙල්ලව හොස්පිටල් එකකට එක්ක යන්…
බැරිනම් ඔයා තනියම යන්න ..
මම නම් යන්නේ නෑ මේ කෙල්ලව මෙතන මෙහෙම දාලා
නංගි අපිට පොලිසි ගානෙ ලගින්න වෙයි කියන දේ අහපං …
පොලිසි ගානේ බැරිනං අපායට හරි කමක් නෑ මේ කෙල්ල මෙහම දාලා යන්න මට නම් බෑ…
නංගි ටග් ගාලා වාහෙනෙන් බැහලා කෙල්ල ගාවට දිව්වා..
මේකි නම් ඔය ඉල්ලන් පරිප්පු කන්නේ..හෙට සොප් එක ඕපන් කරන්නත් තියෙනවා..
මේ ගෑනිට තේරෙන්නෙ නෑනේ මේකේ බර බතල කම.. චික්
නංගි කෙල්ලවත් වඩාන ඉක්මනට ඇවිත් බයික් එකට නැංගා..
කෙල්ලට පේන්න ලොකු අනතුරක්නැති උනත් ඒ වෙනකොටත් කෙල්ලට සීහිය තිබ්බේ නෑ..
පස්සෙ මොනවා කරන්නද ඉතිං ..
ඉක්මන්ට ලග තියෙන පයිවට් හොස්පිටල් එකට කෙල්ලව එක්ක ගියා…
කෙල්ලගේ සිහිය ගන්න ඩොක්ටස්ලා ටයි කරත් බැරි උන නිසා කෙල්ලව ඉක්මනට ඔපරේෂන් රෑම් එකට අරන් ගියා…
බලනවකේ ..තමුසේ හින්දා අපි ලොකු අමාරුවක වැටේන්නේ..
මං හින්දා…එතකොට මංද දැන් ඒ කෙල්ලව හැප්පුවේ…
ඇයි අයියා ඔයා ඔහොම කතා කරන්නේ.. මට ඔය දේ උනානම් තමුසේ එදාටත් ඕකද කරන්නේ…
මට ඒ වෙලේ නම් පොඩ්ඩක් ලැජ්ජා හිතුනා…
මාත් නංගිත් ඔපරේෂන් රූම් එක ලග බන්කුවේ වාඩි වෙලා දෙපැත්ත බලාගෙන හිටියේ ඇදුරන් නැති දෙන්නෙක් ගානට…
මම ඔපරේෂන් රූම් එකෙන් ඩොක්කට එනකන් බලා හිටියේ දෙය්යො සිහි කර කර …
අනේ කෙල්ලට ලොකු දෙයක් නම් වෙන්න එපා සේරම ඉවරයි එහෙම උනොත්….මගේ හිත ඒ ගැන වදදුන්නා
අයියා…..
නංගි හිමීට එයාගේ අතින් මගේ කොන්දට තට්ටු කරනකොට මන් අසරනයෙක් වගේ හිමීට ඔලුව උස්සලා එයාගේ මූන දිහා බැලුවා
අයියා අපි පොලිසියට කතා කරමු..නැත්තන් මේක ලොකු ප්රශ්නයක් වෙයි…ඒ ලමයගේ දෙමාපියෝ දැන් මේ ලමයව හොයනවත් ඇති…..
එතකොට තමයි මටත් ඒ ගැන මතක් උනේ..
ඉතිං මාත් එයාට එකග වෙලා පොලිසියට කතා කරලා සේරම විස්තරේ කිව්වා…
පැය බාගෙකට විතර පස්සේ පොලියෙන් ඇවිත් මගේ id එකයි නංගිගේ id එකයි අරගෙන පොටො ගහ ගෙන හෙට උදේ පොලිසියට එන්න කිව්වා..
මේ වෙනකොට රෑ හතට විතර ඇති..
පස්සේ පොලිසියේ එක්කෙනෙක් සිද්දිය උන තැනට යැව්වා ඒ ලමයගේ ගෙදර අයව දැනුවත් කරන්න…
නංගි අපි මෙතන හිටියට වැඩක් නෑනේ තවත් රෑ වෙනවා විතරයි මං ඔයාව ගෙදර ගිහින් දාලා එන්නම් …
ඕනේ නෑ …
වෙලාව අටටත් ලගයි තාම ඩොක්ට අවේ නෑ ..මේ වෙනකොට නම් මං හොදටම රත් වෙලයි හිට්යේ…
ඩොක්කට ඔපරේෂන් රූම් එකෙන් එලියට එනකොට හරියට අට හමාරට විතර ඇති …
වෙලාවට ඔයාලා මේ ලමයව මේ වෙලාවටවත් මෙහාට ගෙනාවේ ..පිටින් පේන්න අවුලක් නැති උනත් මේ ලමයගේ ඔලුවේ පුංච් නහරයක් ඩැමේජ් වෙලා.. ලේ ගිහින් තිබුනේ ඇතුලට…
දැන් නම් බය වෙන්න දෙයක් නෑ…
මේ ලමයගේ බාර කාරයා තාම ආවේ නැද්ද ..
නෑ ඩොක්ට …
පුංචි කෙල්ලව ඔපරේෂන් රූම් එකෙන් වාට්ටුවට මාරු කරත් තාම කෙල්ලට සිහිය තියන බවක් නම් මට පෙනුනේ නෑ..
නංගි කෙල්ල ගාවට ගිහින් හිමීට කෙල්ලගේ අත පිරිමැද්දා …කෙල්ලට තිබුනේ පුංච් හා පැටියෙකුගේ වගේ අත් දෙකක්..ඒ වගෙම හුරතල් පෙනුමක්..
ඇත්තටම ඒ වෙලාවේ තමයි මන් හරියට ඒ කෙල්ලගේ මූන දැක්කේ…
චුටි කටක් එක්ක හරි ලස්සන මූනක් එයාට තිබුනේ …
මං මේ කෙල්ල නේද පාරෙ මැරෙන්නෙ දාලා එන්න හැදුවේ කියලා මතක් වෙද්දි මට මං ගැනම මහ ලොකු කල කිරීමක් ඇති උනා..
පොලිසියේ මහත්තයා හොස්පිටල් එකේ ඩොක්ට එක්ක කතා කර කර ඉදලා අපි හිටපු තැනට අවේ කෙල්ලව බලන්න වෙන්න ඇති..
මන් මුකුත් නොකියා කෙල්ල දිහා බලා හිටියේ අනුකම්පාවෙන් වගේ
බලන්ඩකෝ ඔයගොල්ලොන්ගේ නොසලකිල්ල හින්දානේ මේ වගේ අහිංසක ජීවිතනේ විනාස වෙන්නේ…
නෑ මහත්තයා මේ කෙල්ල තමා මහත්තයා එක පාරටම පාර පැන්නේ ..මට එක පාරම නවත්ත ගන්න වෙලාවක් තිබුනේ නෑ..
කොහොම උනත් මේ ලමයව මෙහෙම හොස්පිටල් එකට ගෙනාව එක නම් ලොකු දෙයක් …වෙන මනුස්සයෙක් නම් කවුරුත් ලග පාත පේන්න හිටපු නැති එකේ හිමීට මාරු වෙනවානේ…
කොහොමද මහත්තයෝ එහෙම දෙයක් කරන්නෙ.. හිතක් පපුවක් නැතුව. මේ වගේ චූට් ලමයෙකුට…
මන් එහෙම කියනකොට නංගි හොරෙන් හොරෙන් මා දිහා බැලුවේ කන්න වගේ
එතකොට මට මන් ගැනම තව තවත් ලැජ්ජා හිතුනා
ඔන්න එතකොටම කෙට්ටු ගෑනු කෙනෙක් අඩ අඩම ඇවිත් කෙල්ල බදා ගත්තා…
මන් හිතන්නේ සමහර විට ඒ කෙල්ලගේ අම්මා වෙන්න ඇති..
ඒ ගෑනු කෙනා හිටියේ කොන්ඩේ කඩා දාල නිසා හරියට මට එයාගේ මුන පෙනුනේ නෑ..
නංගි අඩන්න එපා .. ලමයට අමාරුවක් නෑ …ලමයට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ.. එයාට නිදා ගන්න දෙන්න දැන්
නංගි එහෙම කියනකොට තමයි ඒ ගෑනු කෙනා ඔලුව උස්සලා අපි දිහා බැලුවේ…
අනේ දෙයියනේ අසේනි…ඔයා…
මගේ හුස්මත් නතර උනා වගේ…
එතකොට මේ ඔයාගේ දුවද …
මගේ ඔලුව ඇතුලේ වචන පොරකන්න පටන් ගත්තා…
අසේනි මගේ දිහා බැලුවේ හරියට මන් එයාගේ ලෝකෙ ආයෙත් සැරයක් එයාගෙන් උදුර ගත්තා වගේ…
අසේනි මා දිහා මොහොතක් බලා ඉදලා ආයෙම බැලුවේ නංගි දිහා ..
ඒ ඇස් තව තවත් විඩාබර වෙනවා එතකොට මට පෙනුනා….
අසේනි, මං අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ල.. ඒත් මට අපේ ගෙවල් වලින් කැමත්ත දුන්නේ නැති එයාව මගේ කර ගන්න මට බැරි උනා..
එයාව ඉල්ල ඉල්ල මන් ගෙදර අය එක්ක පොරකාපු හැටි ඒ වෙලාවේ මට මැව් මැව් පෙන්න ගත්තා…
උබට ඒ කෙල්ල ඔනේ නම් උබගේ අම්මයි අප්පච්චියි මලයි කියලා හිතේ තියාගනින්..
උබ වෙනුවෙන් අපි මොනවාද නොකරේ අන්තිමට උබ කොහෙවත් යන කෙල්ලෙක් ලොකු කර ගත්තා…
කියනවනේ එකා යකා කියලා…
ඇයි අම්මේ අම්මා මාව තේරුම් ගන්නේ නැත්තේ ..අසීට වගේම මට අම්මලවත් ඔනේ…
උබට අපියි එකිවයි දෙන්නෙක් තොරගන්න බෑ ..එකි තෝරගන්නවා නම් ..උබ එකිවත් අරං ඕන දීපංකරේක පලයං අපේ මරෙනකට වත් අයේ එන්න එපා…
උබ එදා මාව දාලා යන්න එපා කියලා ..අඩ අඩ මාවම ඉල්ලුවත් මං උබට සොරි කියලා ආපහු හැරුනේ හිතක් පපුවක් නැති අමුනුස්සයෙක් වගේ…
හ්ම් ..මන් ගත්ත හුස්ම පොද පිට කරේ මහා ලොකු කලු ගලක් බිමින් තියනවා වගේ…
තවත් ඒ ගැන හිතලා වැඩක් නෑ…
මන් දැන් බැදලා.. එයත් දැන් බැදලා අපිට අපේ අතීතේ ආයේ වෙනස් කරන්න බෑනේ…
මගේ ඇස් වල කදුලු පයින්න පොර කෑවත් මන් ඒකට කදුලු වලට අවසර දුන්නේ නෑ..
පොලිස් රාලහාමි අසනි දිහා බැල්මක් හෙලලා පෑන අතට ගත්තේ මොනවා හරි සටහන් කරගන්න.
මිස්ගේ නම මොකද්ද
එච් එම්..අසනි දිසානයක…
ලමයගේ නම
එච් එම් ..නෙතුකි රත්නායක…
ඒ නම ඇහෙනකොට සත්තයි මගේ හුස්ම මොහොතක් නවතින්න ඇති…
ඇයි උබ ඒ නමම දැම්මේ ..කිය කිය මගේ හිත හතරවටෙටේ දුවන්න ගත්තේ අතීතය සේයා ඇස් ඉදිරිපිට මවා පාමින්…
මන් නම් ආස ඔයාගේ වගේ ලස්සන ඇස් තියන චූට් දෝනියෙකුට…
මට නම් ඌනි තූට් කොලු පැටියෙක්…
එහෙම බැනේ මට ඕනේ දෝනියෙක්නේ ..
බෑ කොලු පැටියෙක් ඕනි …
හරි හරි දෙන්නෙක්ම දෙන්නම්කෝ එකපාරම..
හ්ම්…
කෙල්ල ලැජ්ජවෙන් වගේම ආදරෙන් හිමීට මගේ උරහිසට බර උනේ හීන ගොඩක් හිතේ තියාන …
මේ ඔයා මට ඉස්සරෝම චූට් දොනියෙක් දුන්නොත් අපි එයාට දාමු නෙතුකි කියලා හාද .. .
හැබැයි ඔන්න චූට් කොලු පැටියෙක් හම්බ උනොත් නම දාන්නේ මන් හොදද..
හාකො හාකෝ..
මොකද්ද දන්නෑ දාන්නේ නේ..
ව්හග කියලා දාමු …
විහග 😁 ඇයි කුරුල්ලෙක්ද ….
කුරුල්ලෙක් නෙවේ මෝඩයෝ…
විහග කියන්නෙ කුරුල්ලටනේ …
කොහොම උනත් ඔයාට ඔය නම නම් දාන්න වෙන්නෙ නෑ …
ඇයි ..
චුට් දොනියක්නේ මන් ඔයාට දෙන්නේ…
මට ඕනේ ඉතින් කොලු පැටියෙක්නේ…
අනේ මගේ මෝඩි….
අතීතේ ඒ විදිහට ඔලුව අස්සේ දෝන් කාර දෙද්දි මන් නැවතුනේ ලොකු ප්රශ්නාර්ථ ලකුනක
පොලිස්රාල හාමි අසී ට හෙට පොලිසියට එන්න කියලා යන්න ගියාට පස්සෙ නංගිත් අසීට යන්නම් කියලා මගේ දිහාට ආවා..
මන් අසී එක්ක වචනයක් වත් කතා නොකර ඔහේ බලාන හිටියා…
මොකද අනේ ඔයා අර මනුස්සයා එක්ක වචනයක් වත් කතා කරේ නැත්තේ ..කොච්චර උනත් අපි අතින්නේ ඒ ලමයා හැප්පුනෙ..ඔයා වචනයක් හරි කියනන් එපැයි හිත හැදෙන්නවත්…
මන් නංගිටම දේවල් කියන්න දීලා සද්ද නැතුව බලන් හිටියේ කරන්නේ කියන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව…
ගෙදරට එනකම්ම නංගි කියෙව්වේ ඒ ගැන උනත් ඒ කියපු කිසි දෙයක් හරියට මගේ ඔලුවට වැටුනේ නෑ….
මට තියන ලොකුම පස්නේ ඇයි අසී ලමයට ඒ නම දැම්මේ..නෙතුකි කියලා දැම්මත් ඇයි රත්නායක කියලා දැම්මේ..
ඒ වගෙම ඇයි අසී මහත්තයා එක්ක ආවේ නැත්තේ…
සමහර විට ඒ ලමයා….පිස්සුද එහෙම වෙන්න බෑ…
මගේ ඉහ මොල රත් වෙන්න ගත්තා..ඒත් අනේ එහෙම නම් වෙන්න එපා…මගේ හිත මට ම වද දෙන්න ගත්තා..
අයියේ මට බයයි ..අම්මා දැන ගත්තොත් මාව මරයි අයියේ..
බය වෙන්න එපා මැනික ..මන් පොරොන්දු වෙනවා මන් කව්දාවත් මගෙ මැනිකෙව තනි කරන්නෙ නෑ..
මාව විස්වාසයි නේද …
හ්ම්…..,, ඉකි ගගාහා අඩන ගමන් ඔලුව හොල්ලනකොට මන් හිමීට හොටෙල් රූම් එක තුල නිරුවත් උන ඇයව මගේ පපුවට තියලා තද කර ගත්තා…
මටවත් අවනත නොවුණු මගේ ශරීරේ ඇයට නතු වෙන්න වැඩි වෙලාවක ගත උනේ නෑ..ඒ පහසට මගේ ආත්මය ලොල් උන හැටි මට අදත් මතකයි …ඒත් ඒ පව් කාර අතීතයෙන් කරුමෙට වත් අහිංසක කිරිසප්පයෙක් එලිය දැක්කද…මගේ හිත අයේම ඉබාගාතෙ දුවන්න ගත්තා
ඒක වෙන්න බෑ ….අනේ ඒහෙම නම් වෙන්න එපා…මන් දෙයියන්ගෙන් ඇයැදුවත්..
මගේ හිත මාවම සනස ගන්න ට්රයි කරත් , ඒක කරන්න පුලුවන් උනේ නෑ…
එදා මුලු රෑම මට නින්ද ගියේ නෑ මන් හිට්යේ කල්පනා කර කර…
සුදු මහත්තයො ඔයා ඔච්චර හිතන්න එපා ඔය ගැන…
ඔයා හිතලා කරේ නෑනෙ.. අනික ඩොක්ටත් කිව්වනේ අව්ලක් නෑ කියලනේ..
හැමදේම හොද විදිහට විසදෙයි…
නංගි මාව සනසවන ගමන් පපුව හිමීට පහුරු ගෑවා
වෙනද පුංචි ස්පර්ශයකින් පවා මාව නතු කර ගන්න එයාට අද මාව එයාගේ කරගන්න බැරි වෙලා……
පහුවදා උදේ නමයට විතර මන් පොලීසියට ගියේ කට උත්තරයක් දෙන්න …
ඒ වෙලාවෙම තමයි අසීත් පොලිසියට ආවේ..
මන් මගේ කට උත්තරේ දීලා අසනි එනකං පොලිසිය ඉස්සරහට වෙලා බලා හිටියා..
ටික වෙලාවකට පස්සෙ එයා එලියට ආවත් මන් ඉන්නව දැක දැකත් මාව එයා ගනන් ගන්න බවක් පෙන්නුවේ නෑ..
අසී …අසී මට චුට්ටක් කතා කරන්න ඕනෙ..
සුපුන් තවත් මට ඔයා එක්ක කතා කරන්න දේවල් නැති බව ඔයා හොදටම දන්නවනේ..
පීලිස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න …
අනේ අසිනි මට විනාඩි පහක් කතා කරන්න දෙන්න…
මන් එකසැරයක් කිව්වානෙ.. මගේ ජීවිතේ ආයෙත් අපායක් කරන්නේ නැතුව යන්න මෙතනින්…
අනේ අසී ..ප්ලීස්…මන් අසීගේ දෙපා මුල ඇදගෙන වැටුනා…අනේ අසී පීලීස් ..
මාව ලැජ්ජ කරන්නද ඔනේ සුපුන් ..
හරි මොනවාද කතා කරන්න ඕනේ දැන් …
ඇයි අර ලමයට අර නම දැම්මේ…
මගේ ලමයට දාන්නේ මට ඕනේ නම ..ඇයි මන් ඒක ඔයාගෙන් අහලා දාන්න ඔනේද
ඒත් ඒ නමම
කෝ ඔයාගේ මහත්තයා ..
ඇයි ඔයා මගේ මහත්තයා ගැන හොයන්නෙ ..
මගේ මහත්තයා ඉන්නවා.. අපි එයා එක්ක සතුටින් ඉන්නවා …ඔයා මගෙන් උදුරගත්ත ආදරේ මට එයා අඩු නැතුව දෙනවා..
පීලීස් අපේ ජීවිතේ විනාස කරන්නේ නැතුව යන්න…සුපුන් යන්න..මන් වැදලා කියන්නම්..
අසී මට කෑගැහලා එතනින් යන්න ගියේ මාව පයට පෑගෙන දූව්ල්ලක් තරම් වත් මායිම් නොකර…
එක අතකින් එයා එහෙම කරන එකත් සාදාරනයි…මොකද මන් දුන්නු බලාපොරොත්තු හීන වලම එයාව හිරකරල අසරන කමේ මිනි පෙත්තටම මන් එයාව අරංගියානේ…
එයා කොච්චර විදවනන්න ඇත්ද… කොච්චර අඩන්න ඇත්ද ..
අසී මොනවා කිව්වත් මගේ හිතේ තුබුනු පස්නාර්ථ ලකුන අයින් උනේ නෑ…
පහුවදා උදේ නංගිට කෙල්ලව බලන්න හොස්පිටල් යන්න ඕනේ කිව්වා නිසා මාත් ගියා එයත් එක්ක….
ඒ යනකොට කෙල්ල ඇහරලා …
අම්මගේ වගේම ලස්සන නිල් පාට ඇස් දෙකක් ඒ කෙල්ලට තියෙන්නෙ…කෙල්ල ගාව නතර වෙලා හිටියේ කෙල්ලගේ ආච්චි අම්මා…
නංගි අරං ගියපු සෙල්ලම් බඩු ටික දීලා…අපි දෙන්නා චුට් කෙල්ල එක්ක කතා කරේ හරිම ආදරෙන් මොකද අපිටත් තාම දරු සුරතල් බලන්න වාසනාව ලැබිලා නෑනේ…
ඔය වෙලාවේ මගේ ඔලුව ඇතුලෙන් ආයෙත් මට වද දෙන්න පටන් ගත්තා ..මන් ඒ සැකෙත් එක්ක හිමීට ඒ චූටි කෙල්ල ගාවට තව චුට්ටක් කිට්ටු උනා…
දෝනි තාත්ති ආවේ නැද්ද අද දෝනිව බලන්න..
මන් එහෙම අහනකොට කෙල්ලගේ කට ඇබුල් උනත් වචනයක් වත් පිට උනේ නෑ..
ඇයි තාත්ති ආවේ නැද්ද බලන්න ඔයාව… මං ඔලුව අත ගාන ගමන් ඇහුවා
අපේ තාත්ති අපිව බලන්න එන්නේ නෑ අන්කං එයා අපිට ආදලේ නෑ …..අංකල් ට බැරිද අපේ තාත්තිට අපිව බලන්න එන්න කියන්න…
හ්ම් මන් කියන්නංකෝ පුතාගේ තාත්තාට ..
පුතා බල්න්න ඉක්මන්ට තාත්තා එයි..
නංගි ඒ කෙල්ලව හුරතල් කරන අතරේ මන් කිට්ටුවුනේ කෙල්ලගේ ආච්චි ගාවට…
ඇයි ආන්ටි මේ ලමයව බලන්න මේ ලමයගේ තාත්තා එන්නෙ නැත්තේ..
එයා රටවත් ගිහිල්ලදා..
නෑ මහත්තයා ..ඒ මිනිහා මගෙ කෙල්ලගේ බඩට ලමයෙක් දීලා .මගෙ කෙල්ලව අසරන කරේ මේ කෙල්ලව හම්බෙන්නත් කලින්…
මගේ කෙල්ල මේ කෙල්ලව ඉපදුනු දා ඉදන් දුක් විදලා හදා ගත්තේ මහත්තයෝ… අසීගේ අම්මා එහෙම කිව්වේ ඇස් වල කදුලු හිරකන්…
ඒ වචන ඇහෙන කොට මගේ පපුව වේගයෙන ගැහෙන්න ගත්තා .. පපුව පැලෙන්න තරම් හඩවත වේදනාවෙන් බර උනා…
මන් කෙල්ල ලගට ගිහින් කෙල්ලව බදා ගත්තේ කරන්න ඕනේ මොකද්ද එපා මොකද්ද කියලා හිතා ගන්න බැරුව .. ..මට සමාවෙන්න දුවේ මට ස්මාවෙන්න ..
කෙල්ල පුදුම වෙලා වගේ බලාන හිටියා…
මම තමයි පුතාගේ තාත්තා කියලා ලොකෙටම ඇහෙන්න කියන්න ඕනේ උනත් මන් නිහඩ උනා…
යන් නේද සුපුන්…
බලන්නකො ඔයා ඒ ලමයවනේ මැරෙන්න පාරෙ දාලා එමු කිව්වේ…දැන් නම් ඔයාටත් ආසා හිතිලා වගේ ..නංගි එහෙම කිව්වෙ හිනා වෙවී උනත් මට නම් තිබ්බේ මැරෙන්න හිතෙන මූඩ් එකක් ….
මම ආයෙත් හවස නංගිටත් හොරෙන් හොස්පිටල් ආවේ කෙල්ලව බලන්න නෙවේ ඒ අසීව වහම්බෙන්න…
අසී හොස්පිටල් එකට යනවා දක්කත් මන් එයා හොස්පිටල් එකට ගිහින් එලියට එනකං පාරට වෙලා බලාන හිටියා…
අසී…
අසී…
අයෙත් ආවද…
අසී…..
මන් කදුලු පුරෝන එයාගෙ පස්සෙන ගියත් එයා චුට් අනුකම්පාවක් වත් මට පෙන්නුවේ නෑ .
එක සාදාරනයි ….මන් එයාව විනාස කරා මට මෙහෙම වෙලා මදි මගේ හිත මටම වද දුන්නා..
ඇයි සුපුන් මේ මෙහෙම අපිට වද දෙන්නෙ…
ඇයි අසී ඔයා මට බොරු කිව්වේ …
කවුද දුවගේ තාත්තා ඒ මමද අසී…ඒ මමද
එතකොට නම් අසීගේ ඇස් වල කදුලු තවත් හිර කරගෙන ඉන්න පුලුවන් උනේ නෑ…
එතකොට මට තෙරුනා මේ ඉන්නේ මගෙම දුව කියලා..
ඇයි අසී ඔයා මට කිව්වේ නැත්තේ ..
කිව්වේ නැත්තේ, මන් මේ බඩත් උස්සගෙන ඔයා හම්බෙන්න කී පාරක් ඔයාගෙ ගෙදරට යන්න ඇත්ද ..ඔයාගෙ අම්මා මං ඉන්න තත්වේ ගැන වත් නොහිතා මාව ගෙයින් එලියට දැම්මේ…මට ඒවා හොදට මතකයි සුපුන්…
අනේ මේ මොනවත් මම දන්නෙ නෑ අසී …මන් දිවිරනවා…
දැන් ඒ සේර්ම වෙලා ඉවරයි ..සුපුන්
අයේ එන්න එපා ..
මගෙවත් දරුවගේ වත් මුන බලන්න ආයේ එන්න එපා..
මටයි මගේ දුවටයි පාඩුවේ ඉන්න ඉන්න දෙන්න ..මන් එච්චරයි ඉල්ලන්නේ…
මගේ ඇස් වලින් කදුලු කැට කඩා හැලුනත් ඒ කදුලු කැට වලට බෑ අසීගේ දුක සම කරන්න..
මගේම ලෙයින් උපන් කිරි කැටියව උබ මැනිකක් වගේ රැක ගන්න එකම ඇති මැනික…
අසීට මන් එදා එහෙම පිටු පෑවත් ඒ කියපු එක වචනයක් වත් කිව්වෙ මගේ තුන්හිතකින් නෙවේ ..ඒ අම්මට ඕනේ නිසා ..අම්මා දිව් නසා ගන්නවා කිව්ව නිසා..
මන් අසීට කොහොම හරි සමු දුන්නත් තව දුරටත් ලංකාවෙ ඉන්න මට එදා පුලුවන් උනේ නෑ.. ඒ හින්දා ඊට සතියකට පස්සේ මන් ලංකාවෙන් ගිහින් අයේ ආවේ අවුරුදු හතරකට පස්සෙ …අම්මා මට නිකමට වත් කිව්ව නම්. ඒ ගැන….
ඒත් ඒ සේරම වෙලා ඉවරයි…
අම්මගේ බල කීරීම හින්දම මම නංගිව කසාද බැන්දත් මුලදි අසීට දුන්න ආදරය මට එයාට දෙන්න බැරි උනා..
ඒත් කාලය්ත් එක්ක මට නංගිවත් නැතිවම බැරි උනා..
ඒත් දැන් මොකද්ද මන් කරන්න ඕනේ ..
නංගිව අසරන කරලා අසී ගාවට දුවන්නද ..එත් එහෙම ගියත් අසී මාව බාර ගනීද..ඇයි දෙය්යනේ මං මෙහෙම පව් කාරයෙක් උනේ…
මන් එදා කෙලින්ම ගියේ ගෙදර …එ යක්ස වේසෙන්…
අම්මා ..අම්මේ …
මොකද යකො මෙතන මැරෙන්න කෑගහන්නේ..මොන යකෙක් වැහිලද තොට…
මන් මරාන මැරෙන්න තරම් කේන්තියෙන් අම්මගෙ ඇගට කඩා පයින කොට නංගි ඇවිත් මාව අල්ල ගත්තා
මොකද සුපුන් මේ. මොකද්ද ප්රශ්නේ..
ඇයි අම්මේ මට මේහෙම කරේ …ඇයි අම්මේ ඇයි…
මොකද්ද ….
ඇයි අම්මේ කිව්වේ නැත්තේ අසීට මගෙන් ලමයෙක් ඉන්නවා කියලා..ඇයි ඒ අහිංසකීට එහෙම කරේ…
අම්මා ටික වෙලාවක් නිහඩ උනා..
එහෙම කරේ උබ ගැන හිතලා ..උබට තියන අදරේට…උබේ අනාගෙතේ ගැන හිතලා
ආදරේ ආදරේ ..මගුලේ ආදරේ…
මොකද්ද සුපුන් ඒ කතාවේ තේරුම ..
.නංගිගේ ඇස් වල කදුලු පිරෙන්න මහ වෙලාවක ගියේ නෑ…
නංගිත් මට සමාවක් දුන්නෙ නෑ…
නංගි පහුවදාම මාව දාලා එයාගේ තාත්තා ගාවට ගියේ අයේ නොයෙන පොරොන්දුව පිට..
මන් මාසයක් විතර යනකං ඔහේ කල්පනා කර කර කාලය ගත කරත් අන්තිමේ යන්තං හිත හදා ගත්තා ..
මං මගේ දුව වෙනුවෙන් ඉතිරි ජීවිත කාලේ ගත කරනවා , එයාලගේ නැති උන සතුට ආයෙත් ගෙනත් දෙනවා ..
මන් අවුරුදු දෙකක් පුරාවට කොච්චර අසීලගේ පස්සෙන් ගියත් ඒ හැම මොහොතකම මාව එයා ප්රතික්ශේප කරා…පිලිකුල් කරා..
ඒත් පුලුවන් හැම විදිහටම මන් එයාලට උදව් කරා ..ඒ සමහර වෙලවට එයාලට හොරෙන්…
අන්තිමේදී දෝනිගේ 7 වෙනි උපන්දිනේ දවසේ අසී මාව ආයෙත් බාර ගත්තා..
ඒ ඒයා වෙනුවෙන් නෙවේ දුවට තාත්තා කෙනෙක් ඔනේ නිසා..
ආයෙත් මන් අසී ලගට කිට්ටු උනත් අපි ආදරේ කරන කාලේ වගේ එයා මට ආදරේ දුන්නෙ නෑ…
හැම වෙලේම කරේ නිකං නිකරුනේ මට බැන්න එක ..දොස් පවරපු එක..එත් කවදාවත් මං එයාට වචනයක් කිව්වෙ නෑ..හැමදේම ඉවසුවා…
එත් කාලයත් එක්ක ටිකෙන් ටික ආයෙත් එයා මට ආයෙත් ආදරේ දෙන්න පටන් ගත්තා…
හැබැයි ඒකට මට ගොඩාක් කල් බලා ඉන්න උනා…..
දැන් නම් එයා මට ආයෙත් ගොඩක් ආදරෙයි…
ඒත් මන් ඉස්සර වගේම එයාට චුට්ටක් බයයි…
ඒ වගෙම දැන් තවත් චුට්ටෙක් අපේ ගෙදරට ලගදිම එකතු වෙන්නයි යන්නේ
අසී චුට්ටක් ඉක්මන් කරන්නකෝ…
පරක්කු වෙලා තියෙන්නෙ..
තව විනාඩියක් ඉන්න මන් එනෝ…
තාත්ති බල්නන්කො.. මේ අම්මා ..අපි දෙන්නා දැන් ලැහැස්ති වෙලා දැන් කොච්චර වෙලාද…
ඒකනි දෝනි …
හරි , ඔන්න ආවා..
තාත්තයි දුවයි මොනවද කුමන්ත්රණය කරන්නේ …
නෑ නෑ මොකුත් නෑ..
ඔයා අද නම් මාර ලස්සනයි කියලා කිව්වේ..
අද මගේ හොදම යාලුවෙක්ගේ නංගි කෙන්ක්ගේ වෙඩින් එකක්…
ගොඩක් කාලෙකින් කොහෙවත් ගියෙත් නැති නිසා මෙහෙම ගමනක් වත් ආපු එක ගැන මං ගොඩක් ලොකු සතුටකින් හිට්යේ…
මන් කාලා පේලේට් එක අයින් කරන්න යද්දී.. චූටි කොලු පැටියෙක් ඇවිත් මගේ කකුලේ එල්ලුනා…
තාත්ති තාත්ති කියලා හුරතල් කමට කියනකොට මට හිනා..ඒ කොල්ලට ඒක කියවෙන්නෙත් නෑ…
කාගේ හරි කොලු පැටියෙක් අම්මගෙන් මග ඇරිලද කොහෙද…
වැඩි වයසත් නෑ ඔනේ නම් අවුරුදු පහක් විතර ඇති..
කෝ පුතාගේ අම්මා .කොල්ල ලග කවුරුත් හිටිය නැති නිසා මං පාත් වෙලා කොල්ලගෙන් ඇහුවා… කොල්ලා කොල්ලගේ චුටි ඇගිල්ලක් දික් කරලා ඈත පෙන්නන කොට මන් ඒ පැත්ත බැලුවේ ඒ කවුද බලන්න…
ඒ දැකපු දෙ නම් මන් ජීවිතේ කවදවත් බලාපොරොත්තු නොවුනු දෙයක්….
ඒ මීට අවුරුදු පහකට කලින් මාව දාලා ගියපු නංගි…
එතකොට මේ ලමයා….?????
මගේ හිතේ තවත් ප්ශ්නාර්තයක්…එක්ක මන් හිර උනා……
..
…………….නිමි…………
වැරදි වෙන්නේ මිනිස්සුටලු ඒත් සමහර වැරදි හරි ගස්සන්න වැරැද්ද කරන තරම් නම් ලේසි නෑ….
හොදම දේ පුලුවන් තරම් වැරදි නොවෙන්නෙ වග බලා ගන්න එක…
කොච්චර දෙන්නට දෙන්නට දෙන්නා ආදරේ කරත් හෙට බදින්න හිටියත් ,අද බබසර කෙලෙසගන්න එපා…..
මොකද ඒකෙන් ජිවිතක් නෙවේ ජීවිත ගානකම විදවන්න පුලුවන් ….
ඔයාටත් ඒ ගින්නෙන් පිච්න්න උනොත් ඔයාට තේරෙවි ඒ ගින්දර කොච්චර නම් සැරද කියලා…..
අනිත් එක එදා සුපුන් ඒ කෙල්ලව පාරේ දාලා ආවනම් ..එයා නිසා මැරෙන්නේ එයාගෙම ලේ..
ඉතිං ඔයාලත් මොන වැරැද්ද තමන්ගෙන් උනත් ඒකේ ප්රතිවිපාකේ නොහිතා පිලිගන්න

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!