මේ සිදුවීම උනේ 2003 අන්තිම වගේ. කොළඹ ප්රසිද්ධ පුද්ගලික රෝහලක ඇඩ්මිට් උනු යාළුවෙක් බලන්න කියලා අපි තුන්දෙනෙක් AL ක්ලාස් ඉවරවෙලා හවස හොස්පිටල් එකට ගියා. අපි යද්දී යාළුවාගේ අම්මයි තාත්තායි රූම් එකේ හිටියේ. යාළුවාගේ අම්මා යාළුවා ගාව රෑ නවතින්න ලෑස්ති උනාට අපි තුන් දෙනාට හිතුනා රෑ නවතින්න. ඉස්කෝලේ 6 වසරේ ඉඳන් එකට ඉන්න යාළුවෝ නිසා ගෙවල්වල අයත් හොඳට අඳුරනවා. යාළුවාගේ අම්මා ලවා අපේ ගෙවල්වලට කතා කරලා අවසර අරගෙන අපි තුන්දෙනා රෑ හරිම සතුටින් නැවතුනා.
යාළුවාට කිසිම ලෙඩක් තිබ්බේ නෑ, එයාගේ තාත්තාගේ ඉන්ෂුවරන්ස් එකෙන් ෆ්රී මෙඩිකල් චෙකප් එක කරගන්න තමයි එයා හොස්පිටල් එකේ නැවතුනේ. සැරෙන් සැරේ පොඩි පොඩි නර්ස් අක්කලා ඇවිත් යාළුවාගෙන් බ්ල්ඩ් සාම්පල් ගන්නවා. යාළුවාට ෆාස්ටින් ඉන්න කිව්වා තව ටෙස්ට් වගයක් කරන්න තියෙනවා කියලා. ඒක නිසා එයත් එක්කම ගෙදරින් ගෙනාපු කෑම, පළතුරු, තව හොස්පිටල් එකෙන් හම්බවෙන කෑම ටික අපි හතර දෙනාම කාලා නාලා එයාගේ ඇඳුම් ඇඳගෙන රෑ නිදාගන්න ලෑස්ති උනා. ලෙඩාට ලොකු බෙඩ් එක, අපි තුන්දෙනෙක්ට පොඩි බෙඩ් එක. ඒත් පොඩි බෙඩ් එකේ තුන්දෙනෙක්ට නිදාගන්න බැරි නිසා අපි ලෙඩාව පොඩි බෙඩ් එකට දාලා අපි තුන්දෙනා ලොකු බෙඩ් එකේ සැපට නිදාගත්තා. ලෙඩා අමාරුවෙන් පොඩි බෙඩ් එකේ නිදාගත්තා 

ඒත් සැරෙන් සැරේ කාමරේට එන පොඩි නර්ස් අක්කලා එක්ක එහෙම නිදාගන්න බැරි නිසා අපි කාමරේ ඇතුළෙන් දොරට තදවෙන්න ලොකු ලී පුටු දෙක තිබ්බා එකපාරටම දොර ඇරන් ඇතුළට එන්න බැරිවෙන්න. රෑ ජාමයක් වෙනකල් ඉස්කෝලේ රස කතා කියව කියව ඉඳලා අපි නිදාගත්තේ පාන්දර වෙලා. හොඳටම තද නින්දක් ගිහින් තියෙනකොට කාමරේ එළියේ ඉඳන් නර්ස් කෙනෙක් දොර අරින්න ට්රයි කරනවා වගේ තේරිච්ච නිසා අපි තුන්දෙනා දඩබඩ ගාලා ඇඳෙන් බැහැලා ලෙඩාව නැඟිට්ටවලා ලොකු ඇඳට දාලා අපි පොඩි ඇඳට පැන්නා. රෑ අන්තිමට බල්ඩ් සාම්පල් එක ගන්න ආපු පොඩි නර්ස් අක්කාම තමයි පාන්දරත් ආවේ.
ලෙඩා ගෙඩි පිටින් දිලිසි දිලිසි ලොකු ඇඳට වෙලා හිටියට නර්ස් අක්කා මගේ අතින් අල්ලාගෙන මගේ බ්ල්ඩ් සාම්පල් එකක් ගන්නම හදනවා. මම කොහොමත් ඉන්ජෙක්ෂන් කට්ටට මාර බයයි, මාව සීතල වෙලා තරු පොකුරු පිටින් පේන්න ගත්තා. අක්කේ ලෙඩා මම නෙමේ, අරයා ලෙඩා අරයා….. මට හිනාවයි බයයි දෙකම. ලෙඩායි අනික් දෙන්නායි හුස්ම හිරකරන් හිනාවෙනවා කතා කරගන්න බැරුව.
මම: අක්කේ ලෙඩා මම නෙමෙයි අර ඉන්නේ කිය කිය එයා අල්ලාගෙන ඉන්න මගේ අත ඇරවගන්න ට්රයි කරනවා.
නර්ස් අක්කා: අනේ නංගී විහිළු කරන්න එපා, ඊයේ ශෝක් එකට හිටියේ, අද මොකද අනේ මේ කිය කිය මගේ අතේ නහර හොයනවා.
අනික් යාළුවෝ දෙන්නා: අක්කේ.. අනේ අම්මේ අක්කේ.. ඔයා නෙමෙයි ලෙඩා මෙයයි ලෙඩා කියලා හිනාව තද කරගෙන කියනවා.
ලෙඩා: ඒකාට කතාකරගන්න බෑ හිනාවෙලා වැඩිකමට.
මම: හිනාව අස්සෙන්, ලෙඩ්ඩු බලන්න ආපු අයගෙනුත් මේ හොස්පිටල් එකේ ලේ ගන්නවා කියලා අදමයි බොලේ දන්නේ කිව්වාම එච්චර වෙලාවක් අල්ලාගෙන හිටපු මගේ අත අතාඇරියා.
නර්ස් අක්කා රෑ අන්තිම බ්ල්ඩ් සාම්පලේ එක ගන්න එද්දී ලෙඩා ඇඳගෙන හිටියේ රතුපාට මල් ගවුමක්.
ආපහු බ්ල්ඩ් ගන්න එන්නේ පාන්දර කිව්ව නිසා අපි නාලා යාළුවාගේ ඇඳුම් බෑග් එකෙන් ඇඳුම් අරන් ඇඳගත්තා. ලෙඩා නිදාගද්දී රතු ගවුම මාරු කළාට මම බෑග් එකෙන් අරන් ඇන්දේ ඒ වගේම රතු ගවුමක්.
ඒ නර්ස් අක්කාට රතුපාට මල් ගවුමේ මතකේ තිබිලා තියෙන්නේ.
පස්සේ විස්තරේ තේරුම් ගියේ….
බලන්නකෝ ඔයාලා කරන වැඩ, තව ටිකෙන් මගේ ජොබ් එකත් ඉවරයි කියලා නර්ස් අක්කා කිව්වා…
වෙලාවට කතා කරන්න පුලුවන් උනේ, ගොළුවෙක් උනානම් මළහත්තිලව්වක්නේ මට වෙන්නේ අක්කේ කිව්වාම, අනේ කාටවත් කියන්න එපා නංගී හරිද කියලා ඔරිජිනල් ලෙඩාගෙන් බ්ල්ඩ් සාම්පල් එකත් අරගෙන හිනාවෙවී යන්න ගියා 



උපුටා ගැනීම: සාරංගා රණසිංහ
ජායාරූපය අන්තර්ජාලය ඇසුරිනි