1705 දී මාගෝරි මැකාල් උණ රෝගයක් නිසා රෝගාතුර වී සිට අයර්ලන්තයේ ෂැන්කිල්හිදී මිය ගියේය. ඇගෙන් එම උණ රෝගය වෙනත් අයට පැතිරීම වැළැක්වීම සඳහා කඩිමුඩියේම භූමිදානය කිරීමට තීරණය කෙරිණි. ඇය ජීවත් වන විට පැළඳ සිටි වටිනා මුද්දක් ඇය මිය යන විට ඇයගේ ඇඟිල්ලක දමා තිබූ අතර එය එලෙසම තිබියදී ඇයව මිහිදන් කෙරිණි.
මිනී මංකොල්ලකරුවන් විසින් සිරුර හාරා යාම වැළැක්වීම සඳහා මුද්ද ඉවත් කිරීමට අවශ්ය බව ඔවුන්ගෙන් සමහරු පැවසූහ. කෙසේ නමුත් මුද්ද සිරුරෙන් ඉවත් නොකර ම ඇගේ සිරුර භූමිදානය කෙරිණි.
එදිනම රාත්රියේ ඇගේ සිරුර මංකොල්ලකරුවන් විසින් මිනී වළෙන් ඉවතට ගන්නා ලදී. ඉන්පසු මුද්ද ඉවත් කිරීමට ඔවුන් දැඩි වෑයමක් දැරු අතර මුද්ද ඉවත් කිරීමට අපොහොසත් වීමෙන් පසු, ඔවුන් මුදු ඇඟිල්ල කපා ගැනීම සඳහා පිහියක් භාවිතා කළහ. පිහියෙන් ඇගේ සම සිදුරු කළ විට ඇති වූ ලේ වැගිරීමත් සමගම මැකාල්ගේ කෝමා තත්ත්වය ඉවත් වී සිහිය ලැබී ඇත.
සිහිය ලැබූ වහාම ඇය යටි ගිරියෙන් කෑ ගැසීමට පටන් ගත් අතර මංකොල්ලකරුවන් භියවී පලා ගිය අතර (සමහර තැන්වල සඳහන් වන්නේ ඔවුන් අතරින් එක් අයෙකු එම ස්ථානයේම භිය වී මියගිය බවයි. මිය ගියේ නැතත් ඔවුන් නැවත කිසිදින මිනී වලවල් මංකොල්ලකෑමට නොයන්නට ඇතැයි සහතික කළ හැකිය) සොරුන් පලාගිය විට මැකාල් ඇගේ නිවසට ගොස් ඇත.
ඇගේ ස්වාමිපුරුෂයා වන වෛද්යවරයකු වන ජෝන් දරුවන් සමඟ නිවසේ සිටියේ දොරට තට්ටු කරන හඩ ඇසුණු විට ඔහු දරුවන්ට “ඔබේ මව තවමත් ජීවතුන් අතර සිටියා නම්, මම දිවුරනවා එය ඇගේ තට්ටු බව.” පැවසූ බව සදහන් වේ. කෙසේ නමුත් ඔහු විසින් දොර අරින විට ලේ පෙරෙන අතක් සහිතව තම බිරිඳ වළදැමූ සුසාන ඇඳුම පිටින් සිටගෙන සිටිනු දුටු විට ඔහු බය වී ඇද වැටී මිය ගිය බව කියවේ. පසුව ඔහුව බිරිදව වලදැමීමට යොදාගත් වලේම භූමිදානය කර ඇත.
පසුව ඇය බොහෝ කල් ජීවත් වී ඇති අතර වෙනත් විවාහයක් සිදු කරගෙන දරුවන් කිහිප දෙනෙක් ද සිට ඇත. අවසානයේ පසු දිනක ඇය මිය ගිය විට මැකාල් දෙවන වරටත් නැවත ෂැන්කිල් සොහොන් පිටියට ගෙන ගොස් භූමිදානය කෙරිනි.
“එක් වරක් ජීවත් වූවා, දෙවරක් භූමදාන කරන ලදි” යනුවෙන් සදහන් ලිපිය සහිත ඇගේ සොහොන් ගල ඔබට තවමත් අයර්ලන්තයේ ලූගන් නම් සොහොන් බිමේ දැක ගත හැකිය. නමුත් එවර ඇගේ වටිනා මුද්ද ඇය සමඟ ම සොහොන් වලට ගියේ ගියේ දැයි කවුරුත් නොදනී.
උපුටා ගැනීම: රාම් වණා