මං බයිසිකලේ නතර කරේ කෙසෙල් ඇවරියක් ගන්න. ඒත් එක්කම එතැන තැඹිලි තියනවා දැක්කා. මං තැඹිලි ගෙඩියක් කපන්න කීවා.
‘මහත්තයා පට්ට රශ්නේ නේද ?‘‘
‘තැඹිලි ‘යා‘ ඇහුවා. ‘‘
‘‘ඒකනේ. මේ කාලේ කෝමත් රශ්ණයි. ‘‘
‘‘මහත්තයා දන්නවද වසක් විසක් නැතුව බොන්න පුලුවන් තැඹිලි විතරයි. ‘‘
හම්. එයා හොඳ මාකටින් පාරක් කරනවා කියලා මට හිතුන් නෑ. මොකද ?මේ රශ්‍නේ කාලේ ආය කියව ඉන්න දෙයක් නෑ. තැඹිලි බොන්න අය කීප දෙනෙක් බලාන හිටියා.
‘‘බලන්න මහත්තයා අර කෙසෙල් කැන. ‘‘
එයා අල්ලපු පලතුරු කඩේ කෙසෙල් කැනක් පෙන්නුවා.
‘‘ඒවා තනිකරම බෙහෙත් ගාලා ඉදවන ඒවා. නිකං හිතන්න ඇයි ඒ අයට ස්වභාවීක විදිහට ඕක ඉදවන්න බැරි. දැං කැවෙන්නේ විස නේද ?‘‘
හම් ! මං කෙටි උත්තරයක් දුන්නත් කැඹිලි යා ගැන පැහදුනා. මිනිහා මීටරේ.
‘‘ඔය එලවළු ත් එහෙමයි. හාලුත් එහෙමයි. හැමදේම ජාන වෙනස් කරලා වෙන මගුලක් තමයි හදන්නේ ‘‘
එයා තව වටයකින් දැනුම පෙන්නුවා. තැඹිලි බොන්න කීප දෙනෙක් හිටියත් එයා පිහිය පිහිද පිහිද හිටියේ.
‘‘බලන්න මහත්තයා විශක් කවලම් කරන් නැතුව මොනවද කන්න බොන්න තියෙන්නේ, අනික අපෙත් පුරුද්ද දෙන දේ ගන්න එක.‘‘
එක අතකට වස විශ ගැන කතා කරලා පාර්ලිමේන්තු යන සාදුලා ඉන්න රටක අවංකවම මෙහෙම කතා කරන මිනිහෙක් ගැන ආඩම්බර වෙන්න ඕන. එයා ආයම තැඹිලි ගෙඩියක් කපන්න අතට අරං මං දිහාවට නැමිලා,
‘‘බලන්න අරක්කු ටිකක් ගත්තත් කවලමට කොකාකෝලා දානවා. මහත්තයා දන්නවද ඔය ජරාව කොච්චර විසද කියලා. දවසක් මං පෝන් එනේ දැක්කා පිටරට වල උදවිය මලකඩ යවන්නත් කොකාකෝලා දානවා කියලා. ‘‘
මිනිස්සු නූගත් වගේ හිටියට බුද්ධිමත් නේද කියලා මට හිතෙන්න ගත්තා.
‘‘මං නං මහත්තයා ඔය කිසිම වසක් විශක් කන්නේ නෑ, අරක්කු ටිකක් බීවත් අමුවෙන්.‘‘ බලන්න මහත්තයා දිව්ය අවුශදේ වගේ තිබ්බ ගංජා ටිකටත් මූ මෝටීන් දානවා නේ. හෙන ගන්න ඕන වේස හැත්තට. මං නං මහත්තයා උන්ට අහුවෙන් නැ. මං පැල දෙකක් තුනක් ඉන්ඳ ගත්තා.
–
පේපර ස්වියට් නැද්ද.
මගේ උගුරෙන් ආපහු පැන්න තැඹිළි ටික පිහිද ගන්න විදිහක් නැතුව මං එහෙම ඇහුවා.
උපුටා ගැනීම: Chandana Ellewala