හෙරක්ලියන් (Heracleion) නම් පුරාණ නගරය මුහුද විසින් ගිලගෙන තිබී පසුගියදා විද්යාඥයන් විසින් මතු කර ගෙන ඇති අතර එහි සැඟවී ඇති රහස් එකින් එක දැන් හෙළිදරවු වෙමින් ප්ව්තිනවා. ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි්රයා නගරයේ සිට සැතැපුම් 20ක් ඈතින් මධ්යධරණී මුහුදෙන් මතු කර ගෙන ඇති පුරා වස්තු අතර ප්රතිමා 16ක්ද රන් කාසි හා යෝධ පුවරු ආදිය ඒවා අතර වෙනවා.
වසර සිය ගණනක් තිස්සේ ප්රවාදයක් පැවති මෙම නගරයට හෙරක්ලියන් යන නමට අමතරව තෝනිස් (Thonis) කියා ද කියනවා. ගිය දශකයේ මුල් හරියේදී තමයි, මේ පුරවස්තු මතු කර ගන්න පටන් අරන් තියෙන්නේ.
ට්රෝජන් යුද්ධයට පෙර හෙලන් රැජින සිය පෙම්වතා වූ පැරිස් කුමරු සමග හෙරක්ලියන් නගරයේ සංචාරයක යෙදුණු බව ගී්රක ජාතික ඉතිහාසඥ හෙරඩෝටස් සිය ඉතිහාස විස්තරවල සදහන් කර තිබෙනවා.
2000 වසර වන තෙක් මේ නගරය ගැන ඒ තොරතුරු හැරෙන්නට කිසිම විධියක සාක්ෂියක් ඉතිරිව තිබුණේ නෑ. ඒ නිසා හැමෝම හිතුවේ ඒක නිකම්ම ප්රබන්ධයක් විතරයි කියලා.
ෆ්රෑන්ක් ගොඩියෝ ඇතුළු යුරෝපීය සාගර පුරාවිද්යා විශ්ව විද්යාලයේ ප්රංශ පර්යේෂකයන් පිරිසක් විසින් මහමුහුද යටින් මේ නටබුන් මතු කර ගත්තාට පසුව එම කරුනු සනාත වුනා. ඔබ හිතන්න පොත් වල සදහන් බොහෝ දේ සත්ය නොවන බවට අප සිතා නිකම්ම බැහැර කරනවා නේද.. ඒ තොරතුරු හොයා ගියොත් යටගියාව නැවත උඩටගන්න පුලුවන් වන බව මෙම සොයා ගැනීම කදිම නිදසුනක්…
ඔවුන් ඉදිරිපත් කළ වාර්තාවට අනුව ඇතන්ස් රාජධානියේ කිරුම් මිනුම් පඩි ඒ නටබුන් අතර තිබී හමු වූ බව සදහන් වෙනවා. එයින් ඔප්පු වෙනවා එය කලකට පෙර එහි වෙළඳ වරායක් ව පැවති බවට.
එම පුරාවිද්යා වැඩ බිමේ කටයුතු කරන ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්යාලයේ පුරාවිද්යාඥවරියක වූ එලිසැබත් වැන් ඩ විල්ට් කියන්නේ, නැගෙනහිර මධ්යධරණී මුහුදු ප්රදේශයේ ඉතා ඈතට වෙළඳාම ව්යාප්තව පැවති බව දක්වන ඉතා හොඳ සාධකයක් ලෙස එය හඳුන්වන්න පුළුවන් බවයි.
”වරාය පිහිටි නිම්නයේ කළ කැණීම්වලදී අපට හමු වුණා, ඊයම්වලින් තැනූ කිරුම් පඩි ගණනාවක්. ඒවා බදු ගෙවීමට හා භාණ්ඩ මිල දී ගැනීමට දේවාලවල පූජකයන් හා වෙළන්දන් භාවිත කළ ඒවා ලෙසයි, අපට පෙනී ගියේ.” ඇය ඒ ගැන සඳහන් කරමින් කීයා සිටී.
මෙම කැණීම් සඳහා එක් වූ විද්යාඥ පිරිසට අයත් ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්යාලයේ සාගර පුරාවිද්යා මධ්යස්ථානයේ අධ්යක්ෂ ආචාර්ය ඬේමියන් රොබින්සන් ඬේලි ටැලිග්රාෆ් පුවත්පතට ඒ ගැන කීවේ මෙහෙමයි: ”අපි මේ ගොඩ ගන්නේ අතීතයේ පැවති ප්රධාන නගරයක නටබුන්. මේ බිමේ පුරාවස්තු විස්මිත ආකාරයට ආරක්ෂා වෙලා තියෙනවා. අපි දැන් උත්සාහ ගන්නේ ඒ කාලයේ ජීවිතය කෙබඳු දැයි සොයා බලන්නයි”
මේ ගී්රක නගරය කෙසේ මුහුදු බත් වීද යන්න තාමත් පුරාවිද්යාඥයන්ට ගැටලූවක්. ඔවුන් දැනට දරණ මතය අනුව මුහුදු මට්ටම ඉහළ යාමෙන් හදිසියේ ම මෙම නගරය මුහුදට බිලි වන්නට ඇති බවට උපකල්පනය කෙරෙනවා.
උපුටා ගැනීම: රාම් වණා