වසර 400ක් පැරණි රෑ සමනලයෙක් කේම්බ්‍රිජ් සරසවියෙන් මතු වෙයි..! (පරිසරය හා ස්වභාධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
========-=======-===========
ඉතා හොඳින් සුරැකුණු රෑ සමනලයකු හෙවත් සලබයකු ලන්ඩනයේ කේම්බ්රිජ් විශ්ව විද්යාලයේ පුස්තකාලයකින් හමු වී තියෙනවා. අවුරුදු 400කට පෙර සිටි ආකාරයට ම ඉතාමත් ආකර්ෂණීය ආකාරයට, වර්ණවල කිසිම අඩුවීමක් නැතිව සුරැකිව තිබීම දුටුවන් මවිත කරවනසුලු වුණා.
බ්රිතාන්යයේ මුල්ම කෘමීන් පිළිබඳ කෘතිය ‘ද ඉන්සෙක්ටෝරියම් සිව්
මිනිමෝරියම් ඇනිමලියම් තියට්රම්’ (1634)
සලබයා හමු වී ඇත්තේ ඒ පුස්තකාලයට අයත් දුර්ලභ ගණයේ පොතක් ඇතුළේ තිබිලයි. ඒ පොත ලියැවී ඇත්තේ කෘමීන් ගැනයි. පැරණි පොතක් වුනාට එහි රූප හා චිත්ර සටහන් පිරී තිබුණා. ඒ සටහන් අතර එම සලබයා පිළිබඳ විස්තර ඇතුළත් වන පිටුවේ උගේ රූපය අසල තමයි, වසර 400ක් තිස්සේ මේ සැබෑ සලබයා ඉඳලා තියෙන්නේ.
කෘමීන් පිළිබඳ ලියැවුණු බ්රිතාන්යයේ පළ වූ පැරණිම පොත ලෙස සැලකෙන මෙහි පිටු අතර තිබී මේ සැබෑ සලබයා සොයා ගෙන ඇත්තේ ට්රිනිටි හෝල් පුස්තකාලයේ අධිපතිනිය වූ ජෙනී ලෙකී-තොම්ප්සන් (Jenni Lecky-Thompson) තමයි. ‘මම අප සතුව ඇති සතුන් ගැන ලියැවුණු විශේෂ පොත් ගැන සෙවීමක් කළා. ඒ අවස්ථාවෙදි තමයි මට මේ කෘමීන් ගැන ලියුවුණු පොත හම්බ වුණේ.’ ජෙනී කියනවා.
‘මං ඒ පොත පරිස්සමෙන් පෙරළලා බැලුවාමයි, මට මේ අපූරු යාළුවා හමු වුණේ. මේ සැබෑ සලබයා හා එහි ලී අච්චුවයි සසඳා බලන්න කවුරුන් හෝ උත්සාහ කරලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ. ඒත් පොත් අස්සේ ශාක කොටස්, මල්, පත්ර ආදිය දැමීම සාමාන්ය දෙයක්. ඒත් කෘමි නිදර්ශකයක් පොතක් අස්සේ දමා තිබූ අවස්ථාවක් මං මේ දැක්කාමයි.’ ජෙනී තවදුරටත් කියනවා.
සලබයා පිළිබඳ විස්තර ඇතුළත් වන පිටුවේ උගේ රූපය අසල තමයි,
වසර 400ක් තිස්සේ මේ සැබෑ සලබයා ඉඳලා තියෙන්නේ.
කිසිවකුටත් හරියටම කියන්න බැහැ මේ සතා මෙතැනට ආවෙ කොහොමද? කවදාද? කියලා. ඒත් මේක පොත ඇතුළට එන්න ඇත්තේ මේක ට්රිනිටි පුස්තකාලයට එක්වෙන්න ඉස්සරින් විය යුතුයි. ‘මේක 17 වන සියවසේ දී මේ පොතේ මුල් අයිතිකාරයා තමයි මේක ඇතුළට දමන්න ඇත්තේ.’ ජෙනී කියනවා.
මේක වටිනා පොතක් නිසා විශේෂ ආරක්ෂිත පෙට්ටියක් ඇතුළේ තබා අගුල් දමා තිබුණ නිසා කාටවත් මේකට යමක් ඇතුළු කිරීම කළ නොහැකියි. ඒ නිසා මේ ගැන ජෙනී තවත් අයගෙන් විමසා බැලුවා. ‘මං ඉපැරණි දුර්ලභ පොත් විශේෂඥයන්ගෙන් පවා මේ ගැන විමසුවා. ඔවුන් හැමෝම කීවේ මේ සමනලයා එතැන තබන්නට ඇත්තේ සිය වස් ගානකට පෙර විය හැකි බවයි.’ ජෙනී කියනවා.
බ්රිතාන්යයේ ඓතිහාසික ආයතනයක් වූ ස්වභාව විද්යා ඉතිහාසය සඳහා වෙන්වුනු ලීනියන් සමාජයේ පුස්තකාලයාධිපති විල් බෙහෙරල් කියන්නේ මෙය විස්මයජනක සොයා ගැනීමක් බවයි. ‘මේ වගේ ශාක එකතු අප ඕනෑ තරම් දැකලා තියෙනවා. ඒත් කෘමියෙකු මේ විධියට දමා තිබෙනු දැකීම දුලබ දෙයක්!’ යයි කියන ඔහු, ‘චාල්ස් ඩාවින්ගේ සමකාලීනයකු වූ ඇල්ෆ්රඩ් රසල් වොලස් මේ ක්රමයට කෘමීන් පොත්වල අලවා සංරක්ෂණය කළ බව සඳහන් වෙනවා’ යයි වැඩිදුරටත් කියනවා.
ශාක එකතු කිරීම සුලබ වුවත් කෘමියෙකු මේ විධියට දමා තිබෙනු දැකීම දුලබ දෙයක්!
මේ පොත බ්රිතාන්යයේ පළ වූ මුල් ම කෘමීන් පිළිබඳ ග්රන්ථයයි. මේ පොත ට්රිනිටි හෝල් ආදිශිෂ්යයකු වූ ලෝරන්ස් ස්ට්රැන්මන් විසින් එම විද්යාලයට පරිත්යාග කර තියෙනවා. ‘ඔහු පැරණි වටිනා පොත් රැස් කරන්නෙක්. පොත්වල ආදරය කරන්නෙක්. එවැන්නෙක් කවදාවත් පොතක් ඇතුළට කෘමියකු දමා පොත විනාශ කරාවියැයි සිතිය නොහැකියි. ඒ නිසා ඔහුට ලැබෙන්න කලිනුයි මේ සතා මේ පොතට ඇතුළු කරන්නට ඇත්තේ.’ යයි ජෙනී කියනවා.
මේ සැබෑ සලබයා හමු වූ පොත අවුරුදු ගණනාවක් තිස්සේ කිප දෙනෙකු අතින් සංස්කරණය වුණු එකක්. ඒ පොතේ නමත් දිව උළුක්කු වෙන එකක්. එය ‘ද ඉන්සෙක්ටෝරියම් සිව් මිනිමෝරියම් ඇනිමලියම් තියට්රම්’ (The Insectorum Sive Minimorum Animalium Theatrum) වුවද පුස්තකාලයේ අය එය කෙටියෙන් හඳුන්වන්නේ ‘තියෙටර් ඔෆ් ඉන්සෙක්ට්ස්’ කියායි.
කේම්බ්රිජ් විශ්ව විද්යාලයට අයත් ට්රිනිටි කොලීජියේ පුස්තකාලයට අනුව මේ පොත ලිවීම ආරම්භ කර ඇත්තේ ස්විස් ජාතික ස්වභාව විද්යාඥයකු හා වෛද්යවරයකු වූ කොන්රඩ් ගෙස්නර් (Conrad Gesner) විසිනුයි. 1565 දී ඔහුගේ අභාවයත් සමග මෙහි අසම්පූර්ණ අත්පිටපත ඔහුගේ ලිපි ගොනු අතර තිබී ඔහුගේ සහායකයා වූ තෝමස් පෙනී විසින් මිල දී ගෙන තියෙනවා. ඔහු ඉංග්රීසි ජාතික සත්ව විද්යාඥයකු වූ එඩ්වඩ් වොටන් (Edward Wotton)ගේ සටහන් උපයෝගී කර ගෙන මෙය සම්පූර්ණ කරන්නට උත්සාහ කළ ද 1589 දී සිදු වූ ඔහුගේ හදිසි අභාවයත් සමග එය ඇණ හිටියා. අවසානයේ දී තෝමස් පෙනීගේ අත්පිටපත විශාල කොට සම්පූර්ණ කළේ ඔහුගේ මිතුරකු වූ තෝමස් මොෆේ (Thomas Moffett) විසිනුයි.
ඒත් අත්පිටපත මුද්රණයෙන් පළ කිරීමට කළ සකාච්ඡා අසාර්ථක වුණ නිසා, 1604 දී මොෆේ මිය යනතුරු ඒ අත්පිටපත ඔහු වෙත තිබුණා. ඉන්පසු එය වසර ගණනාවක් මොෆේ පවුලේ වස්තුවක්ව තිබී අනතුරුව, ප්රංශ වෛද්යවරයකු වූ තියඩෝර් ටර්කු ඩ මියානේ (Théodore Turquet de Mayerne) (1573–1655) විසින් එය මිල දී ගෙන 1634 දී ප්රකාශයට පත් කරනු ලැබුවා.
මෙහි චිත්ර රූප සටහන් 600කට වැඩිය තියෙනවා. එකල තිබූ මුුද්රණ පහසුකම් අනුව පොතේ පිරි වැය අඩු කර ගන්න, කැටයම් කළ ලී අච්චුයි මුද්රණයට යොදා ගෙන තියෙන්නේ…
………..අන්තර්ජාලය ඇසුරෙනි………

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!