වසර 7500 පැරණි හිස් කබල් කොටසකින් ප්‍රති නිර්මාණය වූ කාන්තාව (විද්‍යා හා තාක්ෂණය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

නවීන විද්‍යාවට හා තාක්ෂණයට කරන්න බැරි දෙයක් නොමැති තරම් යැයි කියන්න පුලුවන්. මේ කියන්නේත් තාක්ෂණය හරහා සිදුකළ ප්‍රාතිහාර්මය නිර්මාණයක් ගැනයි. ඇය නමින් කැල්පියා.

කැල්පියාට අයත් අස්ථි හමුවන්නේ වසර 7500 පමණ පෙර ජිබ්රොල්ටාවේ යුරෝපා තුඩුව අසල ලෙන් භූමදානයකිනි. මේ අවධිය හඳුන්වන්නේ නියෝලිතික අවධිය එහෙම නැත්තන් නව ශිලා යුගය ලෙසයි. කැල්පියාගෙ කපාලය වසර ගනනාවක් ගතවීම නිසා යම් කොටස් හානි වී තිබුනත් නවීන ස්කෑන් ක්‍රම

භාවිතයෙන් එම කොටස්නැවත සැකසීමට හැකියාව නවීන විද්‍යාව තුල පවතිනවා. කැල්පියා කියන්නෙ ඇත්තටම නූතන විද්‍යාවට කපාල ප්‍රතිසංස්කරණ කිරීමේදි පැන නගින අනෙක් අභියෝග හා සැසඳීමේදි ඉතාමත් පහසු අභියෝගයක්.

මේ ස්කෑන් තාක්ෂණික ක්‍රමවේදයන් තුලින් කපාලය ප්‍රතිසංස්කරණය කර සම්පූර්ණ කරගත් පසුව සිදුකරන පියවර තමයි වෝහාරික විද්‍යාවේ තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් කපාලයට ජීවමාන ස්වරූපය නැවත ලබා ගැනීම. මිනිස්කපාලයක පේශි පටක පිහිටන ආකාරය, ඒවා තුනීව, සියුම්ව, ගනව කපාලය වටා පිහිටන ආකාරයපිළිබඳව විවිධ නියමයන් පවතිනවා වෝහාරික වෛද්‍ය විද්‍යාව තුල මේ නියමයන් අනුසාරයෙන් තමයි මුහුණු ප්‍රතිනිර්මාණය කරන්නෙ, මුල් අවස්ථාවේදි නැවත ප්‍රතිසංස්කරණ කරන ලද කපාලයේ ත්‍රිමාණ මුද්‍රණයක් බොහෝ විට කාස්ට් එක වශයෙන් යොදාගන්නවා. මේ මුද්‍රිත කපාලයේ ලෑන්ඩ්මාර්ක් පොයින්ට්ස්

ලෙස හඳුන්වන ස්ථාන සටහන් කරගැනීම ඉන්පසු සිදුවෙනවා. ලෑන්ඩ්මාර්ක් පොයින්ට්ස්වලට අදාලව මාංශපේශින් ප්‍රතිනිර්මාණය තමයි ඊලඟ පියවර. මෙතැන් පටන් වෛද්‍ය විද්‍යාව, භෞතික මානව විද්‍යාව, මානව වංශ විද්‍යාව සහ මූර්ති ශිල්පයේ හවුලක් ලෙස තමයි මේ වැඩේ ඉදිරියට යන්නෙ. අක්ශි කුහර තුලට සාදාගත් අක්ශි සවි කිරීමෙන් පසු ක්‍රමයෙන් මාංශ පේශින් ඇඹීම සිදුවෙනවා. සාමාන්‍යයෙන් ශංඛක අස්ථිය (temporal bone) ආශ්‍රයෙන් තමයි මේක ආරම්භ කරන්නෙ නමුත් විවිධ ශිල්පීන් අනුව වෙනස්වෙන්න පුළුවන්.

මාංශපේශින් ප්‍රතිනිර්මාණය කරගත් පසුව තිබෙන්නෙ සමේ එකතු කර ගැනීම. කැල්පියාගෙ සමේ වර්ණය කල්පිතයක් ලෙස නොව DNA අනුසාරයෙන් යෙදුණු වර්ණයක්. කැල්පියාට අයත් අස්ථි තුලින් ලබාගත් DNA සාම්පල විශ්ලේෂණය තුලින් සොයාගන්නවා. ඇයගෙ ජානමය අතීතය පර්යේෂණ අනුව 10% පමණ ඇය ජිබ්රොල්ටාව ආශ්‍රිත හන්ටර් ගැදර් ගෝත්‍ර වල උරුමයත් 90% පමණ අනටෝලියානු නියෝලිතික පූර්වජ උරුමයත් ලද තැනැත්තියක්. අනටෝලියන් කියන්නෙ වර්තමාන තුර්කිය ආශ්‍රීත ප්‍රදේශයයි. නැගෙනහිර

මධ්‍යධරණීය නියෝලිතික් සංස්කෘතිය ක්‍රමයෙන් යුරෝපයට සංක්‍රමණය වීමක් තමයි මෙහිදි පෙන්නුම් කරන්නෙ. වැදගත් කාරණා තමයි DNA වලින් හෙලිවන මේ කාලය තුල යුරෝපයට සිදුවන මධ්‍යධරණීය තාක්ෂණික සහ සංස්කෘතික හුවමාරුව. මේ කාලයේදි තමයි කැල්පියා ජීවත් වෙලා තියෙන්නේ. මේ DNA සංයුතිය තුලින් තමයි ඇයගෙ සමේ වර්ණය ලබා දී තිබෙන්නේ. එය මධ්‍යධරණීය පෙදෙස්වල වෙසෙන ජනතාවට අයත් වර්ණයක්. මේ ආකාරයෙන් මුහුණු නිර්මාණය කරගනිද්දි අස්ථි කොටස්, කපාලය ආශ්‍රිතව වයස නිවැරදිව ගනනය කරන්න පුළුවන්. අදාල වයසට අනුව සිදුවන මාංශපේෂි පුළුල් වීම්, ඇකිලීම් ලෑන්ඩ්මාර්ක් පොයින්ට්ස්වලදි සටහන් වෙනවා.

ඇඳුම් පිළිබඳව සාධක හමුවන්නේ කැල්පියා ඉන්න කාලෙටත් වඩා වසර 45000 කට පමණ පෙරයි. අනටෝලියානු නියෝලිතික සම්ප්‍රදායන් ෆ්ලැක්ස්හණ යොදා ගනිමින් ඇඳුම් විවීම ප්‍රගුණ කර තිබු සංස්කෘතියක්. අනටෝලියානු මුතුන්මිත්තන්ටගන් පැවත එන කැල්පියා ප්‍රාථමික ඇඳුම් භාවිතා කරන්නට නැත. ඇයගේ කාලයට වඩා වසර 2000 පමණ පැරණි වියන ලද රෙදි පිළිබඳව සාධක මේ නියෝලිතික සම්ප්‍රදායෙන් හමුවනවා.

මේ ප්‍රතිනිර්මාණය හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයත් ජිබ්රොල්ටා කෞතුකාගාරයත් අනුබද්ධිත ප්‍රයන්තයක් ලෙස එලි දැක ඇත.

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!