වසර බිලියන 4ක් පැරණි පෘතුවියේ සවාරියක් (විද්‍යා හා තාක්ෂණය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අනුමාන කිරීම් වලට අනුව අප ජීවත් වන පෘතුවිය වසර බිලියන 4.5ක් පමණ පැරණි ඉතිහාසයකට උරුමකම් කියන බවට විද්යාඥයින් මත පල කරනු ලබනවා. වසර බිලියන 4.5ක් යනු ආසන්න වශයෙන් මුළු විශ්වයේම වයසෙන් තුනෙන් එකක් ලෙස සැලකෙනවා. මෙතරම් විශාල ඉතිහාසයකට උරුමකම් කියන පෘතුවියේ වසර බිලියන 4කට පෙර එක දවසක් ගත කරන්නට තිබුනා නම් ඒ අත්දැකීම මොන වගේ එකක් වේවිද?
බැලූ බැලූ තැන පාෂාණ විසිරුණු, ක්රියාකාරී යමහල් වලින් ඝහන, කාෂ්ටක, තෙරක් නොපෙනෙන භූමියක ඉදිරියට ඇවිද යන ඔබ ඒ මේ අත බලන්නේ ඔබ ඇවිද යන මලානික භූමි තලය හැරුනු විට ඇස පිනවන මොනයම් හෝ දෙයක් සොයා ගැනීමේ අභිප්රයෙනි. මේ සියල්ලටම ඉතිරිව ඇත්තේ පැය තුනක් වැනි ඉතාම කෙටි කාල වෙලාවක් පමණී. මන්දයත් වසර බිලියන 4කට පෙර පෘතුවියේ එක් දිනයක් පැය 6ක් වැනි කුඩා කාලයකට සිමාවී තිබීම නිසා වෙනි. සම්පුර්ණ දිනයක් පැය 6ක් නම් හිරු එලිය වැටි දහවල් කාලය පවතින්නේ පැය තුනක් වැනි කාලයකි. මෙයට හේතුව වන්නේ වසර බිලියන 4කට පෙර චන්ද්රයා පෘතුවියට ඉතා සමීපව පිහිටා තිබීමයි. එම නිසා චන්ද්රයා විසින් පෘතුවිය කෙරෙහි ඇති කරනු ලබන බලය හේතුවෙන් වසර බිලියන 4කට පෙර පෘතුවියේ එක් දිනයක් පැය 6ක් වැනි ඉතාම කෙටි කාලයකට සීමා කිරීමට චන්ද්රයා සමත් වී තිබුනා. පැය එක හමාරක් පමණ ඒ මේ අත ඇවිදිමින් වටපිටාව සොදිසි කිරිමෙන් පසුව විඩාවට පත් වූ ඔබ ගල් පතුරක් මත වාඩි වුනේ මද වේලාවකට විඩාව නිවා ගැනීමටයි. නිතර නිතර ගිණි කදු පුපුරා යෑම් නිසා මුලු පරිසරයම අධික රස්නයකින් වෙලා ගෙන තිබෙනු ඔබට දැනේ. පිටවන අධික දහඩිය පිසදා ගනිමින් නැවතත් ඉදිරියට ඇදෙන ඔබට වසර බිලියන 4කට පෙර පෘතුවියේ පිහිටා තිබෙන විශාල සාගරයක් නෙත ගැටෙන්නේ වසර බිලියන 4කට පෙර පෘතුවියේ ඔබ දුටු පළමු ජලය සහිත මුලාශ්රය එය බවට වෙමිනි. එය දැකීමෙන් ඉමහත් සතුටට සහ කුතුහලයට පත් වන ඔබට එය අසලට ගොස් ඒ සුන්දරත්වය විදීමට අවස්ථාවක් නැත. මන්දයත් වසර බිලියන 4කට පෙර පෘතුවියේ නැගුනු මුහුදු රළ සුනාමි රැළ මෙන් විශාල නිසාවෙනි.
නිතරම කඩා වැටෙන උල්කාපාත වලින් ආරක්ෂා වෙමින් රාත්රිය ගත කිරීමට සුදුසු ස්ථානයක් සෙවීමේ ගමන ආරම්භ කරන ඔබට වැඩි දුරක් යන්නට මත්තෙන් කුඩා ගුහාවක් වැනි ස්ථානයක් හමු වන්නේ ඔබේ සිතට මද අස්වැසිල්ලක් එක් කරමිනි. මුලු පරිසරයම ඝන අදුරින් වසා ගැනීමට ඇත්තේ තවත් මද වේලාවක් පමණි. එම නිසාම ගුහාව තුලට වී අවට නිරික්ෂණය කිරීමට තීරණය කරන ඔබ දුර ඈත පුපුරා යන ගිණි කන්දක් දෙස බලමින් කල්පනාවට වැටෙන්නේ මෙතෙක් දවස පුරා ඔබ අත්විදි අවස්ථාවන් ගැන සිහිපත් කරමිනි. මේ ආකාරයට පැය භාගයක් පමණ වසර බිලියන 4කට පෙර පෘතුවියේ ගුහාවක් තුළට වී කල්පනා සාගරයක කිමිදෙමින් සිටින විට හදිසියේම නෙත ගැටුනු සුන්දර දසුනක් නිසා ඔබව නැවතත් පියවි සිහියට පත්වේ. ඔබ දකින සුන්දර දර්ශනය වන්නේ ඉතා විශාල ආකාරයට දිස්වන චන්ද්රයාවයි. මෙසේ දිස් වන්නේ වසර බිලියන 4කට පෙර චන්ද්රයා කි.මි. 25,000 වැනි ඉතාම කුඩා දුරකින් කක්ශගත වී තිබීමයි. වර්තමානයේ පෘතුවිය සහ චන්ද්රයා අතර දුර කි.මි 380,000කි. ඇසට ඉතාම මනරම් දර්ශනයක් වන මෙය දෙස ඇස්පිය නොහෙලා බලා සිටින ඔබට චන්ද්රයාගේ මතුපිට පිහිටි යමහල් වල ක්රියාකාරිත්වය පවා ඉතා පැහැදිලිව දැක ගැනීමට හැකිය.
චන්ද්රයාගෙන ඇස් ඉවතට ගන්නා ඔබ අහස් දෙස නෙත් යමු කරන්නේ තවත් සුන්දර දර්ශනයන් ඇත්නම් ඒවාද දැක ගැනිමේ අභිප්රයෙනි. ඉතාම පැහැදිලිව පෙනෙන අහස් තලය දෙස මද වේලවක් බලා සිටින ඔබව ඔබටත් හොරා නින්ද විසින් පැහැරගෙන ගොස් අවසන්ය.
පාන්දර ජාමේ විශාල ශබ්දයක් නිසා තිගැස්සී අවදිවන ඔබ ශබ්දය ඇති වුනේ කුමක් නිසා දැයි සොයනු පිණිස ඒමේ අත සෝදිසි කලත් ශබ්දය ඇති වූ ආකාරය පිළිබදව කිසිදු හේතුවක් සොයා ගැනීමට නොහැකි වීම නිසා උල්කාවක් නිසා ඇති වූ ශබ්දයකැයි අනුමාන කොට නිදිමත කානුඅනුව පහව යන තෙක් ගුහාව තුලම රැදී සිටින්නට විය. පැය භාගයකට පමණ පසුව ගුහාවෙන් පිට වූ ඔබ නැවතත් ඇත පෙනෙන සාගරයක් දෙස එක එල්ලේ බලා කල්පනා කරන්නට විය. කිසිදු මිනිස් පුලුටක් නොමැති අඩුම තරමින් ජිවියෙකු යැයි කියා කිව හැකි කිසිම දෙයක් නොමැති පාළු ග්රහලොවක ඔහේ ඇවිද යන ඔබට පියවි ඇසට නොපෙන එක් කාරනාවක් ඇත. එනම් පෘතුවියේ ජීවය හට ගැනීමේ ක්රියාවලි ආරම්භ වී ඇත්තේ වසර බිලියන 4කට පමණ පෙර සිටයි. එනම් ඔබ දැන් ඇවිද යන්නේ පෘතුවියේ ජීවය ඇති කිරිමට පුරෝගාමී වූ ඇසට නොපෙන ක්ෂුද්ර ජීවීන් සිටින පොලවක විය හැකියි. පාළු ග්රහලොවක ඔබ තනිවී ඇතැයි සිතුනත් ඔබ තනි වී නොමැති වන්නට පුලුවන්. ඔබ පාගන වැලි කැටයක් පාසා, සාගරයේ ඇති ජල බිංදුවක් පාසා විවිධ වු ජීවයේ මුල් ආකාර වර්ධනය වෙමින් සිටින්නට පුලුවන්.
ඉතින් මොහොතක් සිතා බලන්න. ඔබ මේ අවස්ථාවේ මේ ලිපිය කියවමින් සිටින ස්ථානය මීට වසර බිලියන 4කට පෙර හුස්ම ගැනීමට පවා නොහැකි ස්ථානයක් නොවේද?
උපුටා ගැනීම:  Sameera Madushan

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!