ඔහු ළමා මනෝ විද්යාව සම්බන්ධ සම්මානලාභී මහාචාර්ය වරයෙක් ,
ඕනෑම ළමයෙකු ගෙ මනස ඔහු වෙත හරවාගත හැකි හැකියාවක් මේ මහාචාර්ය වරයාට තිබුනා, රටේතොටේ බොහොමත්ම ප්රසිද්ධියක් ඉසිලූ වා වගේම බොහෝ දෙමව්පියන් ඔහුගේ උපදෙස් අනුගමනය කලා,
දිනක් මහාචාර්ය වරයා ඔහුගේ බිරිඳ සහ දරුවා සමග සාප්පු සවාරියක නියැලී අවසාන මොහොතේ දරුවා ඉතා මිල අධික සෙල්ලම් බඩුවක් දැක ඔහුට එය ඕනෑම යැයි ඇවිටිලි කලා, සාප්පුවෙන් එලියට යාමට නොහැකි යැයි පොලොවේ පස් කමින් බිම දිගාවුනා, (ටයිල් පොලොව )
මහාචාර්ය වරයා දන්නා ශිල්ප කොතෙක් භාවිතා කලත් ඔහුට නොවේ තමන්ගේ දරුවා නම්මවා ගැනීමට හැකිවුණේ ,
ලැජ්ජාවත් අපහසුතාවයත් අතරේ වටපිට බැලූ ඔහුට සෙල්ලම් බඩු සාප්පුවේ අලෙවි නිලධාරියෙක් එනු දුටුවා ,
” සර් මැඩම් එක්ක එලියට යන්නකො මම ළමයව එවන්නම්”
“ලොකු උදව්වක් පුතා” මහාචාර්ය වරයා බිරිඳ සමග සාප්පුවෙන් එලියට ගියා ,
මොහොතකින්
” තාත්ති අපි යමු ” දරුවා එලියට ආවා,
දරුවා බිරිඳ සමග රඳවා නැවත සාප්පුව වෙත දිවූ මහාචාර්ය වරයා
” පුතා ඔයා දරුවට මොනවද කීවේ”
” කිව්වට කමක් නැද්ද සර්”
“කියන්න කියන්න පුතා කිසි ප්රශ්නයක් නෑ “
“කොල්ල පල ආච්චිට හාල් ගරන්නැතුව ( “වාසුදේව” යා ) එලියට ” කියල විතරයි සර් කිව්වෙ “
බොහොම ස්තුතියි යනුවෙන් පැවසූ මහාචාර්ය වරයා අලෙවි නිලධාරියා ගේ පිටට තට්ටුවක් දමා සාප්පුවෙන් එලියට ගියා ,
උපුටා ගැනීම: Sugath Abeysekara