සමුගැනීම් , මිනිසුන්ට දරාගන්න හරි අමාරුයි.
ජීවිතේ සමහර තැනකදි ඔබ මම මේ කටුක අත්දැකීම ලබන්න ඇති
” මට ගෙදරින් ප්‍රෙශර් කරනව, අයියත් ආව ගෙදර අය එක්ක ලබන සතියෙ බලන්න එනව ලු….”
ප්‍රේමය.. සම්මතද අසම්මතද ප්‍රේමය නම් ප්‍රේමයමය…
ඈ මට හමුවන කාලයෙත් ඇය පෙම්වතියක් අට වසරක ප්‍රේම කතාවක චරිතයක්. සුලු දෙදැරුමක පැලුම් රේකාවක විවරයෙන් මටත් ඉඩ හැදුන තුන්වැන්නෙක් විදිහට අසම්මතයේ පෙම් කරන්න.
හරි වරද මම නොදනිම්.
මාසයක පමන වට්ස් ඇප් ප්‍රේමයක අහවර මම ඇය හමුවට මුලින් යන්නෙ හවසක ක්වීන්ස් හෝටල පහු කරන් තිරිකුනාමල විදියේ මම පොද වැස්සෙ ඇවිදන් එද්දි ඉදිරියට ඈතින් අඩ අඳුරේ දුටු රුව හඳුනන්න මට වැඩි වෙලා ගියෙනෑ . ලඟට ඇවිත් කතා කලා. යන තැනක් ගැන අදහසක් නෑ සිටි සෙන්ටර් එක පැත්තට ඇවිදන් ගියා.
ක්වීන්ස් කොරිඩෝව දිගේ ඇවිද යන ටික වෙලාවට මම දහ වරකට වඩා බලන්න ඇති ලතින් පාටයි , කොල පාට ඇස් රෝස තොල් නල දත්
වශී වෙන්න තව මොනවද මදි ????
නවතින්න කතා කරන්න ඉඩක් තිබුනෙ නෑ.
ආයෙ කැරකිලා ගියේ මාලිගාව පහු කරන් වැව අයිනෙ අවන්හල ඉස්සරහ බෙන්ච් එකට …
පළමු හමුව එහෙමයි මතක…
රොබරෝසියන් ගස් යට වැවරවුමෙ මාලිගාව පිටිපස අවන්හල පෙදෙස අපි දෙන්නගෙ අධි ආරක්ශිත කලාපය…
සිනාසුණු හැඬූ සිපගත් තැන
අදටත් මම දිගන බස් එකේ කවුලුවෙන් ඒ අතීතයට යනව…
මේ ගත්තෙ පුන්චි ආරම්භයක්
මම මගෙ ජීවිතේ එතෙක් ඈට තරම් ආදරයක් කාටවත් දීල තිබුනෙ නෑ.අපි දෙන්න දන්නව අපිට එකතු වෙන්න බෑ.
” අයිය ගෙදර අය එක්ක ඇවිත් එන්ගේජ්මන්ට් එකට දින දාගත්ත”
අපි දෙන්න ඇඬුව . මම මොන තරම් හැංගුවත් මට බැරි උනා මම ඇඬුව.
අපි එතැනින් සමුගත්ත
මුලදි හිත හදන් ආවත් දින දෙකක් පමණ යද්දි
මට ඈ නැතිව බැරි උනා
ඈ යලි නොඑන බව දැනුනත් මට එය දරාගන්න පුලුවන් හයියක් තිබුනෙ නෑ
නොකා නොබී උන්නු දවස් අහිමි වේදනාව උහුලන්න නොහැකි දවස් මම තනිව විඳෙව්ව.
ඈ නොදන්නව නොවේ. මම කෝල් කලාට කිසි ප්‍රතිචාරයක් තිබුනෙ නෑ. මැසේජ් රිප්ලයි නෑ
මම දන්නව ඈ මේ දේවල් අපි පොරොන්දු වූ දේ විදිහට කරන්නෙ. දෙදෙනා අතර කිසිදු පනිවිඩයක් කතාවක් නොකර ඉන්න.
මට මගේ දරගැනීමේ අන්තයටම යන උනා. අවසන අමාරුම තැනදි . ඇය දකින්න මම ගියා
උදේ රැකියාවට යන අතරෙ දිගන බස් එකට නගින්නෙ 6.30 ජෝයි බෝට් එක ලඟින්.
ඈත් එක්ක බස් එකේ නැංගා. දිගනට යනකන් මං කලේ සාරි කර තෙත් වෙනකන් ඇඬුව එක ඔලුව හංගන් ඉල්ලුවෙ එක දෙයයි … මට කතා කරන්න
හවස කතා කරන පොරොන්දුව පිට මම ගෙදර ආව….
කතා කරන්න පටන් ගත්තත් ඇයට මාව සනසන්න බැරි උනා. මට ඈව ඕන මම එක පයින් උන්නා
සාමාන්‍යයෙන් කතාවට කියන්නෙ ගැහැනිය රැකබලාගන්නෙ තීරණ ගන්නෙ ආරක්ශා කරන්නෙ පිරිමි.
මොන ප්‍රශ්නෙ ආවත් ගෙදරින් එන්න
මම බලාගන්නම් අපි ගිහින් බඳිමු
මම පුලුවන් විදිහට කන්න අඳින්න දෙන්නම්.
මේ කියන්නෙ පිරිමි .
දවසක් ,
හදිසියෙ ඇය මා හමුවෙන්න ආව.
“මට තීරණයක් ගන්න වෙනව
මම ඒ තීරණේ ගත්ත . මට මේ ජොබ් එක ඇති
මම පුලුවන් විදිහට ඔයාව බලාගන්නම්
ඔයා ඉගෙනගන්න මං ඉතිරි හැමදේම බලාගන්නම්
අපි බඳිමු ……”
ඈට සමුදීල මම ගෙදර එන අතරත් ඇවිත් දින ගණනකුත් කල්පනා කරන්න ගත්ත .
දවස් කිහිපයකින් මම ආයෙමත් ඈ හමුවට ගියා
” අපි මේක නවත්තමු “
මට හොඳට මතකයි ඇය හිනාවකින් මගේ තීරණය භාරගත්ත..
උදේ හවා බස් එක වැර රවුමෙන් උඩට යද්දි
අවන්හල ලඟ බංකුව දකිනව….
මට ඒ වේදනාව යනෙන වාරයක් පාසා
දැනෙනව….
තනිකම පපුවට කටු අනිනව
අදටත් එදා මගෙ තීරණයට හේතු අදටත් මම හොයනව …
දවසක අතහැරුනු මගහැරුනු ජීවිතේ
පුරවන්න බැරි අඩුවක් එක්ක
ජීවත් වෙන එක හරි අමාරු දෙයක් 

උපුටා ගැනීම: Doll UI