වෙඩින් ෆොටෝ … (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔය ඩිජිටල් කැමරා ආවේ ලඟදි නේ.. ඊට කලින් තිබ්බේ අර ෆිල්ම් රෝල දාලා ගහන කැමරා…. ඒ කාලේ කැමරාවක් ළග තිබ්බේ එහෙමත් කෙනෙක්ට තමයි… ගෙදර තිබ්බා ඇන්ටික් මොඩල් එකේ පෙට්ටි කැමරාවක්. කැමරාව තිබ්බට ජීවිතේට ඕකෙන් ෆොටෝ එකක් අරගෙන නෑ… ගන්න දන්නෙත් නෑ ඒ දවස්වල..
ඒ දවස්වල අපේ ගෙවල් ළඟ තිබ්බා ස්ටුඩියෝ එකක්.. නම උමා ෆොටෝ.. අයිතිකරු විෂ්වනාදන් කියලා තමිල් පොරක්.. වයසින් අපේ අපේ තාත්තාට වඩා අවුරුදු කිහිපයක් බාල ඇති. ඔය ස්ටුඩියෝ එකට එහා පැත්තේ විංකල් එකක්.. දවසේ වෙලාවක් කලාවක් නැතිව කොල්ලො සෙට් වෙන්නේ ඔය වින්කල් එකට හෝ ස්ටුඩියෝ එකට. ඉතින් වයසින් කොච්චර වැඩි උනත් ස්ටුඩියෝ එකේ හිමිකරුට කොල්ලො කතාකරන්නේ ෆොටෝ කියලා. දෙමළ උනාට හන්දියේ කොල්ලොන්ට ඌ සිංහලයෙක්. අනික බැදලා හිටියෙත් සිංහල ඇන්ටි කෙනෙක්.
ඒ කාලේ දැන් වගේ ෆෝන් කැමරා නෑ… ඉතින් කෙනෙක් ෆොටෝ එකක් ගන්නවා කියන්නෙත් විශේෂ අවස්ථාවක්. ගොඩාක් වෙලාවට ළමයෙක්ගෙ උපදිනයක් වගේ එකකට ඔතනට ඇවිත් ෆොටෝ එකක් ගන්නවා. එහෙම වෙලාවට මිනිහා කරන්නේ ස්ටුඩියෝ එක පිටිපස්සේ ගෙදර මිදුලට එක්කරගෙන ගිහිං ෆොටෝ එකක් ගන්නවා. ඔහොම ෆොටෝ එක ගන්න එන පොඩි උන්ගේ පින්තූර ගන්න එක තමයි අමාරුම වැඩේ. මොකද දැන් වගේ play කරලා බලන්නත් බෑ.. ෆොටෝ එක සවුත්තු උනොත් මකලා ආයේ ගන්නත් බෑ..
ඉතින් ඔහොම ෆොටෝ ගන්න එන පොඩි උන්ගේ අවධානය කැමරාව පැත්තට තියාගන්න මිනිහා හැම වෙලාවෙම කියන වචන සෙට් එකක් තියෙනවා…
හා…. හා.. බබා… ඔන්න ගිරවෙක් එනවා…. ඔන්න මෙහෙ බලන්න…… හා…… හා…… හා….. මෙන්න කුරුල්ලෙක්. වගේ වචන සෙට් එකක්… ඔය ටික දෙමළ උරුවත් එක්ක සිංහලෙන් කියනකොට මරු… ඉතින් ඔය වෙලාවට කොල්ලො සෙට් එක ළග හිටියොත් ” මොන ගිරවුද යකො…. ඔන්න තාඩි කපුටෝ සෙට් එකක් එනවා… ඔන්න තඩි ගැරඩියෙක්” වගෙ කථා කියලා මිනිහගේ වැඩේ ෆුල් අවුල් කරනවා… ඒ වෙලාවට අර ළමයත් එක්ක එන අම්මලත් හිනාව නවත්වා ගන්න බැරුව හරි අපහසුවට පත් වෙනවා… එහෙම වෙලාවට මිනිහා කරන්නේ කොල්ලොන්ට බැනලා එළවන එක.
දවසක් ඔහොම ළමයෙක්ගෙ ෆොටෝ එකක් ගන්න ගිහිං කුණුහරුප කිය කිය මිනිහා ඇවිත් ස්ටුඩියෝ එකට රිංග ගත්තා… ඔතන හිටපු කොල්ලෙක් පස්සෙන් ගියා මූට මොකද උනේ බලන්න… ඒත් එක්කම ඇතුලේ බඩු පෙරෙලෙන සද්දෙකුත් එක්ක අපේ යාළුවා එළියට දුවගෙන ආවා….
අර ගිරවු කතාව කිය කිය පොඩි එකෙක්ගේ ෆොටෝ එකක් ගනිද්දී කපුටෙක් මුගේ ඔළුවට වර්චස් පිඩක් හෙළල….😂😂😂😂
තව දවසක් කපල් එකක් ඇවිත් ෆුල් බර බරේ…
බැලුවා මොකද කියලා….
මූ ඒ දෙන්නගේ වෙඩින් එක කවර් කරන්න ගිහිං.. උදේ වරුවේ පෝරුවේ ෆොටෝ ටික අරගෙන. වැඩ ටික ඉවර හින්දා මිනිහා lunch එකට කළින් drink එකට සෙට්වෙළා.. ෂෝට් එක දෙක වෙලා… දෙක තුන වෙලා..
කොහොමින් කොහොම හරි මූ කපල් එක පිටත් වෙන වෙලාවේ අමාරුවෙන් ෆොටෝ ටික අරගෙන…
ගෙදර ඇවිත් බලනකොට හවස ෆොටෝ අරං තියෙන්නේ රීල් එක නොදා…
ලස්සනම කතාව කියන්නේ මූ අර දෙන්නට කියනවා.. බයවෙන්න එපා මං වෙන වෙඩින් එකක ෆොටෝ ටිකක් දාලා ඇල්බම් එක හදලා දෙන්නම් ලූ…😂😂😂😂  
උපුටා ගැනීම: Ishantha Sampath

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!