අපේ මනුස්සයා ගෙදර එන්නේ සතියකට වතාවයි
,අපිත් ඉතින් පුදුම ආසාවකින් එනකල් කට ඇරං ඉන්නේ.
වෙන දේකට නෙවෙයි හිතෝතිනී එයා කන්න ගේන මල්ලට ආදරේට.
ඔන්න ඉතින් හවස කෝල් කරලා කිව්වා
“මම අද එනවා” .
මං ඉතින් ඇහුවා
“උයන්න ඕනීද ඒයි”
“නෑ,නෑ උයන්න ඕනී නෑ” කියලා කිව්වා මාත්
ඉතින් හා කියලා පෙර මං බලාගෙන ඉන්නවා පිළිගන්න .
වෙලව අටයි තාම නෑ මිනිහා
ගත්තා ආයි කෝල් එකක්
“ඔයා එන්නැද්ද?”
“නෑ නෑ එනවා..”
.
මේ එනගමන් පොඩ්ඩක් යාළුවෙක් හම්බවුණා එයා එක්ක කතා කරලා එන්නම් කිව්වා.
එතකොට මගේ සූටි මොලේට වැටහුණා හම්බෙලා විතරක් නෙවෙයි සප්පායමුත් වෙලා එන්නේ කියලා.
මාත් ඉතින් උඩට ගත්ත හුස්සම පහලට දැම්මා අහල පහල ඒවත් විසිවෙන තරමට.
ඉඳගෙන ෆෝන් එක ඔබ ඔබ ඉන්න ගමන් මටත් නිදිමතයි ,
ආයේ ගත්තා කෝල් එකක්
“ඔයි තමුසේ එන්නැද්ද?”
“නෑ නෑ එනගමං ඉන්නේ”
“තමුසේ පරංගියා කෝට්ටේ ගියා වගේද ගෙදර එන්නේ, දැං වෙලාව කීයද බලනවා, තමුසේ පැය තුනක් තිස්සේ එනවා.”
“මට ඇත්ත කියනවා තමුසෙට තව ගෑණියෙක් දෙන්නෙක් ඉන්නවද ?,ඒ ගෙවල් වලටත් ගිහිල්ලද ඔය එන්නේ.”
.කියද්දිම ෆෝන් එක කට් කලා.
මට ඉතින් මරාගෙන මරෙන්න තරම් තරහයි.
වරෙන්කෝ ගෙදර
අදනම් දොර අරින්නෑ .
නිදාගන්නේ නැතෑ වාහනේටම වෙලා .
මාත් ලයිට් නිවලා නිදාගත්තට මොකෝ නින්ද යන්නේ නෑ.
හරියටම වෙලාව දොළහයි කාලයි ඔන්න ආවා මනුස්සයා.
“බුද්ධිකා..”
“ඕයි.”..
මම නෙවෙයි කතා
මම නිදි වගේ ඉන්නවා.
“ඕයි “දොරට තඩි බානවා.
ඉන්නවා පොඩ්ඩක් මේ එනගමන්
මාත් කියපි
,
ආයි අඩගහනවා’
ඉන්නවා පොඩ්ඩක් ,තමුසෙට ටවුන් එකේ ඉදලා ගෙදර එන්න පැය හතරක් ගියා,
මට කාමරේ ඉදලා සාලෙට එන්න අඩුම පැයබාගයක්වත් යන්න ඕනේ ඔයාගේ විදියට කියලා කිව්වට දොර ඇරියේ නෑ.
මනුස්සයා විනාඩි පහලොවක් විතර එළියේ තිබ්බා.
පස්සේ මම කල්පනා කලා මොනා උනත් මිනිහනේ.දෙන්නෙක් ඉස්සරහා පොරොන්දු වෙලානේ බැදගත්තේ කියලා අනුකම්පා කරලා දොර ඇරියා විතරයි මූ මාව අතින් ඇදලා එළියට දාලා දොර වහපි.
ඕයි දොර අරිනවා.පිස්සුද තමුසෙට
මූ නෙවෙයි කතා කරන්නේ.
ඉදගත්තා පඩියෙන් රැහැයියොත් කින්ඩියට වගේ කෑගහන හොදවැඩේ ඔයැයිට කියලා.
ඕයි මේ යක්කු ගස් නගින වෙලාව දොර අරිනවා.
මොන මේ යකා දොර අරින්නෙම නෑ.ඒ වෙලාවේ මට හිතුණා මොනා උනත් ගෙයක් හදද්දී එළියෙන් කාමරක් හදන්නම් ඕනේ කියලා.
මේ මනුස්සයා පැයබාගයක් එළියේ තියලා තමා මාව ගෙට ගත්තේ.
උපුටා ගැනීම: Buddhika Ruwanthi