වෙන්වීම… (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ට්රැෆික් නඩුවකට මට උසාවි යන්න උණා.
හුගාක් වෙලාවට ට්රැෆික් නඩු ගන්නේ හවස නිසා උදේ ඉඳන් මං ඉඳගෙන ඉන්නවා. උදේ වරුවම ඇහුනේ නඩත්තු හා දික්කසාද නඩු. එක අවස්ථා වක නඩත්තු පැහැර හැරීමේ නඩුවක් ගනිද්දී දුටුව දසුනි න් මගේ හදවත හොඳට ම රිදුණා.. ඒ නිසාමයි මේක ලියන්න හිතුවෙත්..
අම්මා කෙනෙක් දරුවෝ තුන් දෙනෙක්‌ එක්ක එක පැත්තක . තාත්තා විත්ති කූඩුවේ.. සිද්දිය මොකක් උණත් ඔවුන් වෙන් වෙලා. අනේ අර අම්මා අතේ ඉන්න අව්රුදු 3ක විතර දරුවා අනිත් පැත්තේ ඉන්න තාත්තා දිහාට අත දික් කර කර හිනා වෙනවා. උකුලු මුකුළු කරනවා.. ඇස් පුංචි කරනවා. අම්මා දිහා බලනවා . තාත්තා පැත්තට අත දික් කර කර මොනවදෝ මු මු නන වා. කාටවත් ඒවා පෙන්නේ නෑ.අම්මටවත් තාත්තට වත්. මගේ පපුවත් එක්ක රිදෙන්න ගත්ත . ආපහු යනකල් ම දරුවාගේ ඇස් තිබුණේ තාත්තා ගාව…
මගේ හිත අතීතයට දිව්ව. අව්රුදු ගානකට කලින් මට ආව නන්නාදුනන ටෙලිෆෝන් කෝල් එකක් නිසා මම මගේ දූ ව අරගෙන මගේ මහ ගෙදරට ආව. එක දිගට මට ඔය ටෙලි ෆෝන් කෝල් එක ආව. හිත හදා ගන්නම බෑ. එතකොට එයා හිටියේ වැලිසර කෑම්ප් එකේ. “මං දුව අරං ගෙදර යනවා. අදින් පස්සේ ඔක්කොම ඉවරයි “එහෙම කියලා හෑන්ඩ් ෆෝන් එකත් ඔෆ් කරල ඩ්රයිව කෙනෙකුත් කතා කරන් මගේ විතරක් කියලා හිතුනු කාර් ඒකය් දුවයි අරගෙන එයාගේ අම්මයි තාත්තයි වැලපෙත්දී මං නුවර මගේ ගෙදර ආව..
හදවත අඩා වැටෙත්දී මං හිත ගලක් කර ගන්න හැදුව. හරියටම ඇත්ත ක් නොදන්න සිදුවීමක් කනට ඇහිලා මාව හොඳටෝම රිද්දුව. ජිවිතේ ම එයා කියලා හිතුව මට හොරෙන් එයාට හුස්ම වත් ගන්න බෑ කියලයි මං හිතුවේ. දවස් ගෙවුනා. එයාට කතා කරන්නවත් මගේ හිත නැමුනේ නෑ. එයා අම්මට අය්යා ට කතා කරල අඩා වැටිලා තිබුණ. නමුත් මගේ කනට ඇහුනු නපුරු කතා මාව ආපහු හරවන් නැති තැනට පත් කරල තිබුණ..
නෑදෑයෝ යාලුවෝ එකේක උපදෙස් දුන්නා. “රස්සාවක් තියේනම් දැන උගත් කම තියේනම් මොකට ආපහු යනවා ද. වෙන් වෙන්නයි තියෙන්නේ. මොකද රටේ දික්කසාද වෙන එකම එක්කෙනා ඔයාද? ” ඔයවගේ උපදෙස් වලින් කන් පිරුණා. මං හිටියේ හදවත හිස් කඩදාසියක් වගේ කරගෙන. අරමුණක්, කොටින්ම හුස්ම ඉබේ වැටුන මිසක් ජිවත් වෙනවා කියලා නොදැන. ඒක දැනෙන්න එහෙම සිදුවීමක ට මුණ දෙන්නම ඕන. අම්මා හැමදාම උදේට නැගිටින්නේ ඇස්වල කඳුළු පුරවාගෙන. “අනේ පුතේ, මට පුතා කියන ඒවා අහන් ඉන්න බෑ. එයාගේ පුහුණුව නිසා එන්නත් විදියක් නෑලු. රෑ තිස්සේ අඬ අඬ මට කතා කරනවා “මගේ ෆෝන් ඔෆ් නිසා එයා අම්මට අඬ අඬ කතා කරනවා නිර්දෝෂී බව කියන්න. මට යකා නගිනවා. අම්මටත් බැනල මං තව මගේ හිත ගල් කරගන්නවා.
ඔය ඔක්කොම දිහා මගේ දූ ඉවසීමෙන් බලන් හිටිය. මාසයක් විතර තාත්තිව අහන්න නෑ. හැමෝම කියන දේවල් කරන දේවල් දිහා බලන් හිටි මගේ දූ මෙහෙම කිව්ව “අම්මි අම්මිට තාත්තිගේ න් වෙන්වෙලා වෙන ජිවිතේ කට යන්නම ඕන නම් තාත්ති ගෙන් වෙන් වෙන්න. එහෙම නැතිනම් තාත්ති ට සමාව දෙන්න.. මොකද මට තාත්ති ඕන. “මාව ගල් උණා. මගේ චූටි දුවට එහෙම දෙයක් කියන්න තරම් තේරුමක් තියෙනවා කියලා මට දැනුනේ එදා. ඇත්ත සමහර විට එයාගෙන් වෙන් වෙලා මට ජීවිතයක් ලැබෙයි.. ඒත් මගේ දූට ජිවිතයක් ලැබේවි ද.. මං ආපහු හැරුනා. මගේ ජිවිතේ, සතුට හරි දුක හරි විඳින්න මං තෝරගත්ත තැනටම එන්න. ඒ සිදුවීමට මුණ දීලා අව්රුදු ගණනාවක් උණත් අර උසාවියේ සිදුවීම මට ඒක ආපහු මතක් කලා. දරුවෝ සතුටු වෙන්නේ අම්ම තාත්ති එකට ඉත්දී. උන්ගේ ජිවිත විනාශ නොකර රැක ගන්න එක අම්ම තාත්තා දෙන්නගේ ම වගකීම. යුතුකම.
හෙට දවසට අපි එක වහලක් යටට වෙලා අව්රුදු 17ක්. රණ්ඩු වෙන්න, තරහා වෙන්න ඕන තරම් හේතු හැදුනත් අර සිදුවීම මට ලොකු පාඩමක් ඉගැන්නුවා. වෙන් වෙන්න හේතු හොයනවට වඩා මං එදා ඉඳලා හෙව්වේ එකට ඉන්න හේතු. පරණ සිදුවීම මං කවදාවත් ඇහුවේ වත් එයාට ඒ ගැන මුකුත් කියන්න දුන්නේ වත් නෑ. අපියි අපේ දරුවෝ අපේ ලෝකෙට ගෙන්න ගත්තේ. ඒ ප්රශ්න වලින් ඒ අහිංසක හිත් තලනන නෙවේනේ. මගේ දෙකඩ වෙන්න ගිය ජිවිතේ රැකුණේ ඇත්තටම මගේ දූ නිසා. වෙන්වී මියෙන වද? එක්වී රැකෙනවා ද? හිතන්න ඕන නේ?
උපුටා ගැනීම:  WasNa Disanayaka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!