වෙරෝනිකා චිත්‍රපටය පිටුපස ඇති සත්‍ය කතාව (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මෙම සිදුවීම ස්පාඤ්ඤයේ ගුප්ත සිද්ධීන් වලට ආදරය කරන්නන් අතර වඩාත් ප්රචලිත සිද්ධියක් වන අතර එය නිල පොලිස් වාර්තාවක ලේඛනගත කළ අද්භූත සංසිද්ධි පිළිබඳ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයේ සටහන්වී ඇත.
පැකෝ ප්ලාසා (REC) විසින් අධ්යක්ෂණය කරන ලද සහ නෙට්ෆ්ලික්ස් විසින් නිෂ්පාදනය කරන ලද වෙරෝනිකා චිත්රපටය මෙම කතාවෙන් ආශ්වාදයක් ලබා ඇති අතර චිත්රපටයේ පෙන්වන සිදුවීම් සැබෑ කතාවට වඩා බෙහෙවින් වෙනස් වුවද උසාවියේ නඩුවක් පවා ක්රියාත්මක වූ මෙහි ප්රධාන චරිතය වන්නේ මැඩ්රිඩ්හි උපන් එස්ටෙෆානියා ගුටරෙස් ලාසරෝ ය.
ඇය සිය පවුලේ අය සමඟ වැලෙකස්හි පිහිටි මහල් නිවාසයක වාසය කළාය. එස්තෙෆානියා ගුප්ත සංසිද්ධීන් කෙරෙහි උනන්දුවක් දැක්වීමට පටන් ගන්නා අතර දිනක් පාසැලේදී ඇය ඔයිජා පුවරුවක් යොදාගනිමින් පාසැල් මිතුරන් දෙදෙනෙකු සමඟ අධ්යාත්මික ගුප්ත මැතිරීමකට පෙලඹී ඇත. ඒ ඉන් කාලයකට පෙර මියගිය තම පෙම්වතා මෙලොවට ගැන්වීමටය. කන්යා සොයුරියන් විසින් පාලනය කල පාසලක ඉගෙනුම ලැබූ ඇය එකල බහුලව පැවති ගුප්ත විද්යා පොත් වැඩි වශයෙන් පරිශීලනය කිරීම නිසා ඒ පිළිබඳ දැනුම ද ඇය ඕනෑවටත් වඩා ලබාගෙන තිබූ බව කියවේ.
1990 ජූලි 22 සූර්යක්ග්රහනයක් සහිත දිනයක් (අන්තර්ජාලයේ සොයා බලන්න සැබෑවටම එදින සූර්යග්රහණයක් පැවති ඇත) වූ අතර සියළුම ළමුන් පාසලේ පහළ මිදුලේ සිට සූර්යග්රහණය නරඹමින් සිට ඇත. නමුත් වෙරෝනිකා සහ ඇගේ යහළුවන් දෙදෙනා පාසලේ හුදකලා කොටසක මෙම මැතිරීම පටන් ගෙන ඇත. එ දිනය ඇය තොරාගෙන ඇත්තේ සූර්යග්රහණය මෙම ක්රියාවලිය සදහා අත්යවශ්ය බැවිනි.
මැතිරීම ආරම්භ වී ටික වෙලාවක් ගත වූ අතර ගුරුවරයෙක් ඔවුන් සොයා පැමින ඔයිජා පුවරුව ඉරා දැමීය. එදින පැමිණ සිටි ගැහැනු ළමයින් කියා සිටියේ ඔයිජා පුවරුවෙන් දුමාරයක් පිටවන බව දුටු බවත් එස්ටෙෆානියා එම දුම ආශ්වාස කළ බවත්ය. ඉන් ඇයගේ ලෝකය සම්පූර්ණම වෙනස් වීමට පටන් ගැනිණි.
ඒ මොහොතේ සිට නව යොවුන් වියේ සිටී ඇය නින්ද නොයාම, මායාවන් සහ අපස්මාර රෝගවලින් පීඩා විඳීමට පටන් ගත් අතර රාත්රියේදී අමුතු මිනිස් ස්වරූපයක් ගත් කිසිදු මුහුණක් නොමැති සළුවක් ඇඳගත් යමෙක් ඔහු සමඟ එන ලෙස ඉල්ලා සිටින බව ඇය කියා තිබේ.
දෙමව්පියන් ඇයව විවිධ රෝහල් වෙත ගෙන ගිය අතර, ඇගේ රෝගී තත්වයට හේතුව සොයා ගැනීමට උත්සාහ කළ නමුත් වෛද්යවරුන්ට කිසි විටෙක කිසිවක් සොයා ගැනීමට නොහැකි විය. 1991 ජූලි 13 වන දින ඇය තම සොහොයුරිය වූ මාරියානෙලාට දරුණු ලෙස පහර දුන් අතර ඊළඟ දවසේ, ජූලි 14 වන දින එස්තෙෆානියාව කෝමා තත්වයෙන් රෝහලට ගෙන යන අතර එදින රාත්රියේ ඇය මිය ගියාය. මරණ පරීක්ෂණයේ “හදිසි හා සැක සහිත මරණයක්” යැයි සඳහන් කර තිබූ අතර මරණයට හේතු පැහැදිලි කිරීමට අපොහොසත්
වී ඇත.
එස්ටෙෆානියා මිය ගිය මොහොතේ සිට ගුටරෙස් නිවසේ අද්භූත සංසිද්ධි උත්සන්න විය. නිවසේ කාමර වලින් එස්තෙෆානියා තමාට කතා කරන ආකාරය, මහලු මිනිසෙකුගේ සිනහව, පැහැදිලි කිරීමකින් තොරව වීදුරු කැඩීම, වස්තූන් චලනය කිරීම, දොරවල් ඇරීම සහ තනිවම වැසීම ආදිය ඇති වුන බව මව විසින් පොලිස් පැමිනිල්ලේ සටහන් කොට ඇත. එක් රාත්රියක, නිදා සිටියදී යමෙකු තම අත් සහ පාද ස්පර්ශ කරන බව මවට දනුනු බවත්, තවත් රාත්රියක කුඩා දියණියන් භීතියෙන් අවදි වන අතර ඔවුන්ගේ මැණික් කටුව බිත්තියට තදින් පහර දී තිබූ වබත් කියවේ.
එස්ටෙෆානියාගේ මරණයෙන් වසර දෙකකට පසු 1993 නොවැම්බර් 1 වන දින, විසිත්ත කාමරයේ එල්ලා තිබූ ඇයගේ ඡායාරූපය ගිනිගෙන ඇති අතර පිළිස්සුණු කොටස අයගේ මුහුණ නිරූපණය කරන එකක් පමණක් වන අතර රාමුවට හෝ අසල ඇති වස්තූන් වලට කිසිදු හානියක් සිදු වී නොතිබිනි.
1992 නොවැම්බර් 27 වන දින ගුටරෙස් පවුල පොලිසියට කැඳවීමට තීරණය කළේය. පරීක්ෂක හොසේ නෙග්රි සහ ඔහුගේ කණ්ඩායම රාත්රියේදී නිවසින් පිටත, වැස්සෙන්, භීතියෙන් සිටි දෙමාපියන් සහ දරුවන් සොයා ගෙන ඇත.
පරීක්ෂාවෙන් පසුව පරීක්ෂක විසින් ලියන ලද වාර්තාව ගුප්ත විද්යාඥයින් අතර සංස්කෘතික වස්තුවක් බවට පත්ව ඇත. එම වාර්තාව විස්තර කරන්නේ ඇඳුම් ආයිත්තම් දමා ඇති කොටස්වල දොරවල් පවා ප්රචණ්ඩ ලෙස විවෘත වන බවයි. කෙසේ වෙතත් කිසිවක් නොසිටින බැල්කනියේ සිට එන ශබ්ද සහ ඇඳ අසල මේසයක් මත ඇති වූ අමුතු සිදුවීම් ද එහි විස්තර කරයි.
කුරුසයක් ගැන වාර්තාවේ විස්තර කර ඇති අතර, ඒජන්තයින් පැමිණෙන විට බිත්තියේ එල්ලා තිබූ කුරුස එය සවි කර තිබූ ලීයෙන් ඉරා බිම දමා තිබූ අතර නියපොතු තුනක සීරීම් බිත්තියේ පැහැදිලිව දැකගත හැකි විය. නිවසේ වඩාත්ම හොල්මන් ස්ථානය පවුලේ අයට අනුව නාන කාමරය වූ අතර පරීක්ෂකයන්ගේ ජීවිතයේ මීට පෙර කිසි දිනෙක දැනී නොතිබූ උෂ්ණත්වයේ හදිසි අඩුවීමක් දැනුනු බව ද නඩුවේදී පොලිසිය වාර්තා කර ඇත
තමන්ට කිසිවක් කළ නොහැකි බව දැනගත් පොලිසිය කඩිමුඩියේ මෙම මහල් නිවාසයෙන් පිටව ගොස් ඇති අතර ටික කලකට පසු, ගුටරෙස් පවුල ඔවුන්ගේ නිවස විකුණා වෙනත් ප්රදේශයකට පදිංචියට ගොස් ඇත .
ටික කලකට පසු, එස්ටෙෆානියාගේ මව මනෝවිද්යාත්මක පරීක්ෂණයකට භාජනය කරන ලද අතර, එමඟින් චිත්තවේගීය අස්ථාවරත්වය, කාංසාව තිබූ බව සොයාගෙන ඇත. එයින් ඇඟවෙන්නේ ඇය දුටු සිදුවීම් විශාල කොට උළුප්පා දක්වා ඇති බවයි. කෙසේ වෙතත්, පොලිස් වාර්තාව මගින් විස්තර කරන ලද සිදුවීම් මව පැවසූ යමු කරුණු හා නොගැලපීම් පවතින බවද සොයාගෙන ඇත.
 උපුටා ගැනීම:   රාම්වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!