විකෘති වූ නව කොවිඩ් වෛරසයක් වියට්නාමයෙන් මතුවෙයි ! (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

බ්‍රිතාන්‍ය සහ ඉන්දීය ප්‍රභේදය මුසුවූ නව කොරෝනා ප්‍රභේදයක් වියට්නාමයෙන් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට වියට්නාම සෞඛ්‍ය අමාත්‍ය එන්ගුවෙන් තාන්-ලෝන් ප්‍රකාශ කර ඇත්තේ වාතය මගින් සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඉතා භයානක බවයි.

කොරෝනා වෛරසය පාලනය කළ රටක් ලෙස වියට්නාමය සැළකෙන අතර, ගතවූ පැය විසි හතරේ එරටින් නව ආසාදිතයන් 143ක් පමණක් වාර්තාවී තිබූ බව එම මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 6,713ක් ලෙස සඳහන් වී ඇති අතර නව මරණ කිසිවක් එරටින් වාර්තාවී නොමැත. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 47ක් ලෙස සටහන් වී ඇත.

මේ අතර අදින් අවසන්වීමට නියමිතව තිබූ දිල්ලියේ වසා දැමීම ජූලි මස හත්වනදා දක්වා තවත් සතියකින් දීර්ඝ කර තිබේ.

කෙසේ වෙතත් නිෂ්පාදන හා ඉදිකිරීම් ව්‍යාපාර සඳහා සීමාවන්ට යටත්ව අවසර ලබාදී ඇති බව වාර්තාවේ.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් දහහත් කෝටි හයලක්ෂ නවසිය හතළිහක් දක්වා ඉහළ ගොස් තිබේ.

මරණ සංඛ්‍යාව 3547,690 ක් ලෙස දැක්වේ.

තවදුරටත් දෛනික ආසාදිතයන් සහ මරණ ඉහළ අගයක් ඉන්දියාවෙන් වාර්තාවන අතර, පසුගිය පැය විසි හතරේ එරටින් නව ආසාදිතයන් 174,041ක් සහ මරණ 3,614ක් වාර්තා වී තිබේ.

 

උපුටා ගැනීම: Gossip Lanka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!