විල්පත්තු ජාතික වනෝද්‍යානය….. (පරිසරය හා ස්වභාධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
විල්පත්තු ජාතික වනෝද්යානය පුත්තලම සිට කිලෝමීටර් 25 ක් උතුරින් සහ අනුරාධපුරට කි.මි. 30 ක් බටහිරට වන්නට වයඹ දිග වෙරළ තීරයේ පිහිටා ඇති මෙම උද්යානය උතුරු මැද පළාත සහ වයඹ පළාත අතර මායිම වසාගෙන පැතිර පිහිට තිබෙනවා. විල්පත්තු ජාතික වනෝද්යානයට දකුණු දෙසින් මෝදරගම් අරූ ගංගාව සහ උතුරු දෙසින් කළා ඔය ගලා බසිනවා.
විල්පත්තු වනෝද්යානයේ ඉතිහාසය….
විල්පත්තු වනෝද්යානයේ ඉතිහාසය පිලිබඳ විමසා බැලීමේදී, 1905 වසරේදී විල්පත්තු වනජීවී අභයභූමිය ලෙස ප්රකාශයට පත් කර තිබෙනවා. ඉන් පසු 1938 පෙබරවාරි 25 වන දින වනෝද්යානය ජාතික වනෝද්යානයක් ලෙස නම් කර තිබෙනවා. වර්ෂ 1947 නොවැම්බර් 7 වන දින විල්පත්තුව උතුරු ප්රදේශය විල්පත්තු උතුර රක්ෂිතය ලෙස ප්රකාශයට පත් කර තිබෙනවා.
දේශගුණය සහ භූ විෂමතාව…..
විල්පත්තු ජාතික වනෝද්යානය ශ්රී ලංකාවේ විශාලතම වනජීවී අභය භූමිය වන අතර එය හෙක්ටයාර 131,690 ක් පුරා පැතිරී පවතිනවා. මෙහි පිහිටීම මුහුදු මට්ටමේ සිට මීටර් 152 ක තරම් උසක් දක්වා විහිදී තිබෙනවා.
විල්පත්තුව ජාතික වනෝද්යානය ශ්රී ලංකාවේ වෙනත් වනජීවී අභය භූමින් මෙන්ම වියලි කලාපය තුල පිහිට තිබෙනවා. ඒ වගේම විල්පත්තුවේ වඩාත් කැපී පෙනෙන භූ ලක්ෂණ විශේෂත්වය වන්නේ “විල්ලු” නමින් හැඳින්වෙන සුවිශේෂී තෙත් බිම්කඩවල් පනහකින් පමණ සමන්විත තෙත්බිම් සංකීර්ණයක් පිහිටා තිබිමයි.
‘විල්ලු ‘ යනු ඝන කැලෑ වනාන්තර මධ්යයේ විවෘත තණකොළවලින් වටවී ඇති වැසි ජලයෙන් පිරී ඇති නොගැඹුරු ස්වාභාවික විල් ලෙස හඳුන්වන්න පුලුවන්. මෙම විල්ලු ජලය පිරි තිබෙන ප්රමාණය නිරීක්ෂණය කිරීමෙන් උද්යානය පුරා පවතින කාලගුණික තත්ත්වයන් වඩාත් හොඳින් පැහැදිලි කළ හැකි අතර නියඟ කාල සීමාව මැයි සිට සැප්තැම්බර් මුල දක්වාද, ප්රධාන වැසි සමය සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ පවතිනවා. ඊසාන දිග මෝසම් වැසි, අන්තර් මෝසම් සමය මාර්තු සහ අප්රියෙල් මාසවල වන උද්යානය පෝෂණය කරනවා.
උද්යානයේ වාර්ෂික සාමාන්ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.2 ක් වන අතර එහි වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1000 ක පමණ අගයක පවතිනවා. විල්පත්තු ජාතික උද්යානය නැරඹීමට හොඳම කාලය ලෙස පෙබරවාරි සහ ඔක්තෝබර් මාස අතර කාලය හඳුන්වන්න පුළුවන්. විල්පත්තු ජාතික වනෝද්යානය සංචාරය කරීම සඳහාම විශේෂිත වූ බොරළු මාර්ග ජාලයකින් සමන්විත වෙනවා.
විල්පත්තු ජාතික වනෝද්යානයේ ශාක හා සත්ව ප්රජාව…
විල්පත්තු ජාතික වනෝද්යානය තුල ශාක ව්යාප්තිය ප්රධාන වශයෙන් කාණ්ඩ තුනකින් යුක්ත වන බවට හඳුනාගෙන තිබෙනවා.
ලුණු තෘණ සහ වෙරළට ආසන්න,(වෙරළට යාබදව/වෙරළාශ්රිත) වෘක්ෂලතාදිය.
කි.මි. 5-10 පුරා විහිදුනු උසින් අඩු පඳුරු සහිත මෝසම් පිරුණු වෙරළ තීරය.
ගොඩබිමට වන්නට දැවමය ශාක වලින් සමන්විත ඝන වන වැස්ම එනම් පලූ (Manilkara hexandra) සහ බුරුත (Chloroxylon swietenia), මිල්ල (Vitex altissima), වීර (Drypetes sepiaria), කළුවර (Disopyros ebenum) සහ වැවරණ (Alseodaphne semecapriflolia) වැනි ශාක වලින් වලින් සමන්විත වන වනාන්තර කළාපය.
උද්යානයෙන් 73% පමණ ඝන වනාන්තර හෝ වන වදුලු වලින් සමන්විත වන අතර ඉතිරි කොටස වඩාත් විවෘත භුමි වලින් සමන්විතව පවතිනවා.
විල්පත්තු ජාතික වනෝද්යානය තුල විවිධ වූ ස්වාභාවික වාසස්ථාන දකින්න පුළුවන්. ඒ අතර වෙරළ තීරයන්, ස්වාභාවික විල් (විල්ලු), පාෂාණ සහිත ගංඟා, ලඳු කැලෑ, විවෘත තෘණ බිම් හා ඝන වනාන්තර සහ විවිධ වර්ගවල වන සතුන් විශාල ප්රමාණයක් දැකගන්න පුළුවන්.
මෙහි ක්ෂීරපායී විශේෂ 31 හඳුනාගෙන ඇති අතර කොටියන් (Panthera pardus kotiya) සහ වලසුන් (Melursus ursinus) ඒ අතර වේ. මෙම ක්ෂීරපායින් දෙදෙනාට අමතරව ආසියානු අලින් ((Elephas maximus), තිත් මුවන්(Spotted Deer), මී මින්නන්(mouse deer), ඕලු මුවන්(Barking Deer), ගොනුන්(Samber Deer), හිවලුන්(jackals), වල් ඌරන්(Wild boar), කුළු මී හරකුන් (Bubalus bubalis) සහ කිඹුලන්(Mugger Crocodiles) මෙහි වාසය කරනවා.
සමනළුන් වර්ග කිහිපයක්ම වාර්තා වී ඇති අතර ඒ අතර Great Eggfly, Blue Mormon, Common Mormon, Common Rose Great Orange Tip, Glad-eye Bushbrown, Blue Mormon, Common Mormon, Common Rose and Crimson Rose ලෙසින් හඳුන්වන විශේෂ ඇතුලත් වෙනවා.
ගණන් කල නොහැකි තරම් වූ කුරුලු විශේෂ ගණනාවක් මෙහි දැකගන්න හැකියාවක් තිබෙන අතර උද්යානය නොවැම්බර් සිට මාර්තු දක්වා කාලය තුළ ශීත ඍතුවේ සංක්රමණික පක්ෂීන් ගණනාවකටම සත්කාරකත්වය ලබා දෙනවා.
තණ බිම්වල ඇවිදිමින් සිටින තාරක ඉබ්බන්(Geochelone elegans) විල්පත්තුවෙහි සුලභ දසුනක්. ඒ වගේම විශාල ප්රමාණයේ විල්ලු වල පොකුණු ඉබ්බන්(Melanonchelys trijuga) සහ කිරි ඉබ්බන්(Lissemys punctata) දැකගන්නත් පුළුවන්.
විල්පත්තු ජාතික වනෝද්යානයේ සංස්කෘතික උරුමය…..
විල්පත්තු ජාතික උද්යානය සහ එහි වටපිටාව ක්රි.පූ. 543 දී නැගෙනහිර ඉන්දියාවේ සිට විජය කුමරුගේ පැමිණීම දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියනවා. විජය කුමරු ගොඩබට වෙරළ කුඩ්රියාමලී ලෙස හැඳින්වෙන ප්රදේශය කියල විස්වාස කරනවා.
දිවයිනේ නන්දි ගෝත්රික කුමරියක වූ කුවේනියගේ මාලිගය පිහිටි ස්ථානය ලෙස කාලි විල්ලු නම් ප්රදේශය හඳුන්වනවා.
එමෙන්ම විල්පත්තුහි පිහිටි මරඳන්මඩු ඊසාන දෙසින් පිහිටා ඇති විරඳගොඩ සහ ගල්බැඳී නියර යන ප්රදේශ දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සිය පෙම්වතිය වූ අසෝකමාලා සමග ජීවත් වූ ප්රදේශ ලෙස හැඳින්වෙනවා.
තවද විල්පත්තුහි පොම්පාපිප්පු ප්රදේශයේ මළ මිනිස් සිරුරු කිහිපයක අස්ථි නෂ්ඨාවශේෂ සොයාගෙන තිබෙනවා.ඒ වගේම ශ්රී ලංකාවේ වාර්තාගත ඉතිහාසයට පෙර කාලයට අයත් වන උඳුන් කිහිපයක නටඹුන් හමුවී තිබෙන අතර ඒවා විජය කුමරුගේ පැමිණීමට පෙර කාල ප්පරසයකට අයත් වන බවට තහවුරු කර තිබෙනවා.
විල්පත්තු ජාතික වනෝද්යානයේ ජීප් සෆාරී….
විල්පත්තුව ජාතික වනෝද්යානය සංචාරය කිරීමේදී සාමාන්ය ජීප් රථයක් භාවිත කිරීම සාමාන්ය දෙයක්. කොටියන්, අලින්, වලසුන්, මුවන් සහ ආවේණික පක්ෂීන් අර්ධ දින සෆාරි තුළදී පහසුවෙන් දැක ගන්න පුළුවන්. සැබවින්ම, ජාතික උද්යානයේ මුළු දවසම සංචාරය කිරීම වනජීවීන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට ඉඩ කඩ ලබා දෙනවා. සෆාරී අතරතුර, සංචාරකයන්ට ජීප් රථයෙන් බැසීමට ඉඩ ලබා නොදෙන අතර, එය වන ජීවීන්ගේ ජීවන රටාවන්ට ඇති විය හැකි බලපෑම අවම කරීම සඳහා ඉවහල් වෙනවා. විල්පත්තු ජාතික වනෝද්යානයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී සංරක්ෂණ භටයින් සංචාරකයින් හට මහඟු සේවයක් සපයනවා. වනජීවී සංරක්ෂණ භටයින් සමඟ සිටින තුරු ඉතා ඝන වනාන්තරයේදී උවත් සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඔවුන් බැඳී සිටිනවා.
විල්පත්තුවට ලඟා විය හැකි ආකාර…
විල්පත්තුව ජාතික වනෝද්යානය නැරඹීම සඳහා පළමුව කොළඹ – පුත්තලම A3 මහා මාර්ගයේ පුත්තලම නගරයට පැමිණිය යුතුය. පුත්තලමේ සිට පුත්තලම – අනුරාධපුර A12 මාර්ගයේ කි.මි. 42ක් පමණ ගමන් කල පසු විල්පත්තු උද්යානයේ විශාල නාම පුවරුවක් දක්නට ලැබෙන අතර එතැනින් වම් පසට දිවෙන මාර්ගයේ කි.මි. 7ක් පමණ ගමන්කල විට හුනුවිලගමට එහෙමත් නැත්තම් වනෝද්යානයේ පිවිසුම ට ළඟාවෙන්න පුළුවන්.
……………අන්තර්ජාලය ඇසුරෙනි…………….

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!