පසුගිය වසර ගනනාව තිස්සේම ගමේ උන් සමග විනෝද හා වන්දනා චාරිකාවක් නොගිය නිසා මෙම අවුරුද්දේවත් එය සංවිදානය කරන ලෙස ලොකු හාමුදුරුවෝ තමන්ට උපදෙස් දුන් බව ග්‍රාමසේවක මාමා පැවසුවේ ආරච්චී මාමාගේ ලොකු දුවගේ ගෙදර සිටි රට බල්ලාට වූ ටාසන් ට පහර දි හිරිහැර කිරීම සම්බන්දයෙන් සැකපිට ඩාලින්ගේ නඩු විභාගය සදහා පැමිනි අවස්ථාවේදීය. තමාට මනිශා නැන්දා එවු බිස්කට් පැකට්ටුවක් කෑවායැයි සැකපිට පහල ගෙදර සෝමා නැන්දාගේ කොල්ලා සමග සුදු හුනු ගාන ලද විල්බැරෝවකින් ටාසන් ව පැහැරගෙන පැමින තිබූ අතර ගෙවල් පහල මඩුවේ එල්ලා, ලගදි විජේ බැලු දෙමල චිතරපටියක පොලිස් කාරයෙකු හොරකෙකුට වද දෙන ආකරයට ඌට වද දී තිබුනාය. ටාසන්ගේ කකුල් දෙකෙන් එල්ලා ඌගේ හිසට වතුර හලා අතින් පයින් පහර දී තිබූ අතර ඌ කියනා දෙය පරිවර්තනය කොට තිබ්බේ ටයිගර් ය. කෙසේ වෙතත් ලැබුනු සංග්‍රහ හමුවේ ටාසන් වැරද්ද පිලිගෙන තිබූ අතර දිනගනනක් අතුරුදහන් වී සිටි බල්ලා ගෙදරට පැමිනි විට ඌ දැක ආරච්චී ගේ ලොකු දුව ඉංග්‍රියෙන් ඩාලින්ට සෑහෙන හොද කිවූ බව කීවේ එහි අත් උදව්වට යන එන්සිනා නැන්දාය. කෙසේ හෝ නඩුව ග්‍රාමසේවක මහතා සාමදාන කල අතර විනොද චාරිකාව සදහා ගමේ උන් සමග සාකච්ඡා කීරීමට දිනයක් දාගෙන ග්‍රාමසේවක මාමා පිටත්ව ගියේය.
ගමේ සියලු දෙනා සමගින් සමගින් රැස්වීම පැවැත්වූයේ ගමේ පාසලේය. මෙවර ගමන යනවානම් වියදම නොබලා හොද බසයක යමු යැයි කීවේ විජේය. ගියවර සිරීපාදේ යාම සදහා පාන්දර පිටත් වූ ගමේ බසය පනගැන්වීමට මුලු ගමේම කොල්ලෝ එකතු වී තල්ලු කල අතර එය දහවල් වනවිට තල්ලුවෙන්ම ටවුමට සේන්දූ වූවේය. පසුව සිරිපාදේ යාම අත් හැර දැමූ සියල්ලෝ එදා පොලෙන් ගෙවල් වලට බඩු ගෙන ටවුමෙන් හයර් කරගත් වෙන බසයක නැගී ගෙදර ආවෝය. එදා බසය තල්ලු කොට හැදුනු තුනටිය අමරුව තවම හොද නැති බව කී විජේ එම බෙහෙත් වලට වියදම් කල සල්ලී වලින් ඒරොප්පේ චාරිකාවක් යා හැකිව තිබූ බව කීවේය. කෙසේ වෙතත් රට තොට බලාගැනීමත් හදිසියේ කොලබ ගිය විට සිදුවන අපහසුතා මගහරවා ගැනීම ගැන සලකා මෙවර කොලබ බලා කියා යාමට යමු යැයි කීවේ නෑකෙනෙක්ගෙ ගෙදර යාමට කොලබ යනවා කියලා පිටකොටුවේ සතියක් පමන පාර වැරදී මල්වත්ත පාරේ ඉහල පහල යමින් සිට පසුව කොටුව පොලිසීයෙන් අල්ලා ගමට එවූ සේතං මාමාය. කලුබන්ඩාර මාමා සිටි සමයේ බෙහෙත් ගැනීමට පැමිනි සුදු මහතෙකු බසයක් හා මුලු ගමටම නවාතැන් දීමට පොරොන්දු වී තිබු හෙයින් කොලබ බලා කියා ඒමට යාමට සියලු දෙනාම තිරනය කරගත්තොය.
පාන්දර 4ට පමන ගමන් පිටත් වීමට හැකිවූයේ පාන්දර 1ට පිටත් වෙමු යැයි අපේ තාත්තා එදා පවසා තිබූ නිසාය. පාන්දර 1230 වනවිට පැමිනි බසයේ රියැදුරු හා සහයක බසයේම නිදාගෙන තිබුනේ පාන්දර 3 වනවිටත් එකෙක්වත් නොපැමිණි නිසා තමන් වෙන ගමකට වැරදී පැමින ඇති බව සිතාය. බසය අදිනවිටදී මහාහයියෙන් සාදුකාරයක් දුන් පුංචි ආච්චී මොනාද කවි වගයක් කීමට පටන් ගත් අතර එය නැවතුනේ තමන්ට නිදාගන්නට දීපං යැයි සෝමේ මාමා කල ගෝරනාඩුවෙන් පසුවය.
පැය හතකට ආසන්න කාලයකින් පසු බසය කොලබට ලගාවු අතර එය මුලින්ම ලගා වූයේ ගංගාරමයටය. පන්ඩිතයා මෙන් මුලින්ම බසයෙන් බැස්සේ චුට්ටේය. බැස්ස සැනින් බසයේ සහායකයා ව්ත් පෙරලාගෙන බසයට නැග්ග චුට්ටේ රියැදුරු ගේ බෙල්ලෙන් අල්ලාගත් අතර “බස් එක ගනින් යකෝ” කියමින් බෙරිහන් දුන්නේය. ඉදිරියේ විශාල ගොඩනැගිල්ලක් කඩා වැටෙන බවත් මුන් අපිව මරන්න හදන බව කියමින් චුට්ටේ මරහඩ දුන් අතර මොහොතින් බසයම මලගෙයක් වූවේය. පුංචි ආච්චි ඉතිපිසෝ ගාතාව කියන්න පටන් ගත් අතර තමා ගිය අවුද්දේ ඉල්ලු කොට ගවුම මැරෙන්න කලින් අරන් නොදීම ගැන අක්කා විජේට දොස් පැවරීය. වහාම කොලයක් පෑනක් හොයාගත් කරුනාවතී අන්තිම කැමත්ත ලියන්න පටන් ගත් අතර හරක් දෙන්නා ලොකු නංගීටත්, එලදෙන ලොකු අයියාටත් ඒ මොහොතේම ලියු අතර පහල මඩුවේ තිබු ගොම ගොඩ හා පුස් කා තිබූ හාල් ටික නැන්දාගේ දුවට ලීවේ මැරෙන මොහොතේ උනත් උන් කල කුහක කම් අමතක නොකල යුතු යැයි කියාය. ගමට වී නිදහසේ නිදා ගැනීමට නොදී සියලු දෙනා මරා දැමීමට කුමන්ත්‍රණය කලේ යැයි සියාතු ග්‍රාමසේවක මහතාට චෝදනා කල අතර කොල්ලෙක්ගේ අතකින් වත් නොඅල්ලා මෙසේ මිය යා නොහැකි බවට හැඩූ කදුලෙන් පැවසුවේ හය හැවිරිදි ඩාලින් ය. කෙසේ වෙතත් බසයේ මයික්‍රපෝනය අතට ගත් රියැදුරු එය ලගදී තැනු අල්ටෙයාර් ගොඩනැගිල්ල බවත් එය සාදා ඇත්තේ ඇල වී තිබෙන ආකාරයට බවත් පැවසූ පසූ බසය තුල වූ කලබගෑනිය අඩුවූවේය. කෙසේ වෙතත් නින්දට වැටෙන් හැම මොහොතකම චුට්ටේ බය වී ඇහැරුනු අතර ගමට ගිය පසු තොවිලයක් කරන්නට වෙන බව කීවේ කපු මාමාය.
ගංගාරමය වැදපුදා බසය බත්තරමුල්ල දෙසට ඇදුනු අතර ඈතින් පෙනෙන්නේ පාර්ලිමේන්තුව බව සහායකයා පැවසුවේය. එහි ලග තිබූ හෙවනක බසය නැවැත්තූ අතර පාර්ලිමේන්තු පිවිසුමේ කලබලයක් ඇසී ඒ දෙස බලන විට මා දුටුවේ එහි වැටක් පෙරලා පොලීසිය සමග රන්ඩු අල්ලන කරුනාවතීය. ගිය චන්දේදී පොරොන්දු වූ පරිදී පාර නොසෑදීම ගැන මැම්බර් මහතා සමග තමාට සාකච්ඡාවක් කිරීමට ඇති බවත් වහාම තමාට ඇතුලට යාමට දෙන ලෙසත් පවසමින් රන්ඩුව පටන් ගෙන තිබුනාය. ඇයවත් කුදලගෙන එහි ලග තිබූ ඇවිදීමේ තීරුවකට මා ආ අතර එහි ඇවිදින ගෑනුන් දැක තමාද ගමට ගොස් මෙලෙස ඇදුම් ගෙන වැව් බැම්මේ ඇවිදින බවත් එවිට ගමේ උන් ඊරිසියාවෙන් පැලෙන බවත් ඇය පැවසුවාය. වරක් ආරච්චී ගේ ලොකු දුව එසේ දුවන්නට ගොස් තනි දලයා එලවා තිබූ අතර එද දිවූ දිවිල්ලට කිලෝ කිහිපයක් අඩු වී තිබූ බව ඇය පසුව පවසා තිබුනාය.
එදා රාත්‍රිය ගත කිරීමට සුදු මහතා විසින් හෝටලයක් ලෑස්ති කොට තිබුනේය. මුලු හෝටලයම අප හට වෙන් කර තිබූ අතර සවස දුන් තේක නම් මෙලෝ රහක් නැතිබව කීවේ චුට්ටේය. තේ බෙදන එකා තේ පෝච්චි කිහිපයක් අරන් ආ බව කී චුට්ටේ එක පෝච්චියක තිබ්බේ කහට විතරක් බවත් අනිකේ උනු වතුර හා කිරි පමනක් තිබූ බව කී චුට්ටේ මුන්ට පොච්චි තුනකට හදලාත් රසට තේකක් හදාගන්නට බැරි බව කියමින් බැන වැදුනේය. තුනෙන්ම උගුර උගුර බී බැරිම තැන තේ බොන එක අත් හැර දැමු බව කියනු අසා සිටි ආරච්චී මාමාගේ ලොකු දුව එය සෙපරේට් ටී එකක් බවත් පෝච්චි වල ඇති දේවල් පදමට දමා තේක සාදාගත යුතු බවත් පැවසුවාය. හෝටලේ ඇදන් ඉතා සුමුදු වූ අතර කරුනාවතී ඇදට නැගුනු පසු ඇය ගිලී ඇද මධයේ විශාල වලක් සෑදුනු අතර එයට පෙරලී යාම නැවැත්වීමට මට ටයිටැනික් නැවේ අවර පෙත්තේ එලී සිටි රෝස් මෙන් ඉන්නට වූවේය. බැරිම තැන පසුවදා වනතුරු බිම නිදාගත්තෙමි.
උදෑසන මා අවදිවන විට විජේ පහල ලොකු රන්ඩුවක පැටලී තිබුනේය. උදේ පාන්දර බාල්දියක් හා ඩාලින් රැගෙන විජේ හා අක්කා පිහිනුම් තටාකයට ගොස් තිබුනේය. හෝටල් කලමනාකරු එන විට තටාකයේ ගැට්ටේ අක්කා දත් මදිමින් සිට ඇති අතර විජේ කරවටක් වතුරේ සන්ලයිට් කැබැල්ලක් අතුල්ලම්න් ඩාලින් නාවමින් සිට තිබුනේය. පෙගෙන්නට දැමූ රෙදිවගයක් තටාකයේ පාවෙමින් තිබී ඇති අතර එහි තිබූ අක්කාගේ යට ඇදුමේ විශාලත්වය දැක හොටලේ උන් ෆොටෝ ගහගෙන ගොස් සමාජ මාධයේ දමා තිබුනේ ලෝකයෙ නවතම පුදුමය ලෙසය. ඔය වගේ පොඩි දෙයකට රන්ඩු අල්ලන එක අසාදාරන බවත් ඊයේ හව්ස නාද්දී තමාට දෙපාරක් තටාකයේ මූත්‍රා ගිය බවත් එය දැනගත්තානම් කලමනාකරු මැරෙන්නේ තටාකයට පැන බවත් චුට්ටේ මා ලගට වී රහසින් කීවේය.
ඉන්පසු විහාරමහාදේවී උද්‍යානය බැලීමට බස් රථය පිටත් වූවේය. එහි සිටි පෙම්වතුන් මෙන් සිටීමට ගොස් සුදුනෝනා හා ඇයගේ අලුත් පෙම්වතා එහි ආරක්ෂයින්ගෙන් යාන්තම් ගුටි නොකා බේරුනේය. පොඩි උන් යන ලිස්සන බෝට්ටුවක යාමට ගොස් සෝමපාල අයියා මුනින් අතට පෙරලී දත් ඇන්ද පොලොවේ ඇනගත්තේය. ඩාලින් සොයා උමගක් අස්සට රිංගීමට ගොස් උමගේ හිරවූ අක්කා එලියට ඇද ගත්තේ බස් රියැදුරා බසය ඇදීමට තබා තිබූ ලනුවක් ඇගේ ඉනේ ගැටගසා උද්‍යානයට පැමිනි සියලුදේනාගේ උදව්වෙන් ඇදීමෙන් පසුවය. එනපොට හොද නැති බව තේරුම් ගත් ග්‍රාමසේවක මහතා කටිටිය බසයට පටවා නොගන්නට උද්‍යානය සතියකට්වත් වැසීමට සිදුවන බව එතන සිටි උන් කසු කුසු ගෑවෝය.
ගමට පිටත් වීමට පෙර සියලු දෙනා මුහුද බැලීමට රැගෙන ගියේ අපේ තාත්තාය. මෙවන් වැවක් ගමට තිබ්බානම් මුලු ගමම අස්වද්දන බව කීවේ අබරං මාමාය. වැල්ලේ මායිමෙන් එපිටට යාම තාත්තා තහනම් කලේ මේතාක් දුරට ගමේ උන් කල හපන්කම් නිසාය. කෙසේවෙතත් මධ්‍යම රාත්‍රිය වෙන විට බසය ගමට සේන්දු වූ අතර ගමේ සියල්ලම ඉතා සතුටින් පසු වූවේය. එදින රාත්‍රිය ගමේ ගතකනරන ලෙස රියැදුරු හා සහායකගෙන් ඉල්ලු නමුදු නිදිමතේ ගොස් හැප්පි මැරෙන එක මේ ගමේ රැයක් ගතකොට හිතාගත නොහැකි දෙයක් වී මැරෙනවාට වඩා සැප බව පවසා රෑම පිටත් වී ගියේය.
කෙසේ වෙතත් විනෝද චාරිකාව කිසිදු කරදරයක් නොමැතිව අවසන් වූවේය. රියැදුරු සහායක සුදු මහත්තයා ඇතුලු ගමේ සියලු දෙනා හොදින් ඉදීවා යන්න මගේ පැතුමයි.
උපුටා ගැනීම: Rakshitha Dikkumbura