ඉස්සර අලුත්කඩේ උසාවියේ නීතීඥයෙක් හිටියලු. හැමදාම හොදටම මත්පැන් බීපු මෙයා එකපාරටම බීම නැවැත්තුවා. ඔහුගේ මිතුරන්ට මේක ලොකු ගැටළුවක්. මෙි ගැන ඔහුගෙන් විමසන විට ඔහු මිතුරන්ට කිව්වේ “මචං මම හිට්ලර් ගැන ලියවුන පොතක් කියෙව්වා. මිනිහා ලෝකෙන් බාගයක්ම යටත් කරගත්තත් කවදාවත් අරක්කු බීලා නෑ. දැන් මමත් අනුගමනය කරන්නේ හිට්ලර්ව” කියලා.
මෙහෙම කියපු මිනිහා ටික දවසකින් අායෙත් කරටි කැඩෙන්න බොන්න ගත්තලු. මේකට හේතුව විදියට එයා යාළුවන්ට මෙහෙම කිව්වලු. “මචං හිට්ලර් ලෝකෙන් බාගයක්ම අැල්ලුවට මිනිහට එංගලන්තෙ යටත් කරගන්න බැරිවුණා. එංගලන්තය පාලනය කලේ චර්චිල් කියලා හොදට කනබොන මිනිහෙක්”.
1874 නොවැම්බර් 30 වෙනිදා උපත ලැබූ වින්ස්ටන් චර්චිල් මියගියේ 1965 ජනවාරි 24 වෙනිදා. 1940-1945 සහ 1951-1955 අතර කාලය තුළ චර්චිල් දෙවරක්ම බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා ලෙස කටයුතු කලා. චර්චිල් හොද කියමන් කාරයෙක් ලෙස ප්‍රසිද්ධයි. “බුරන බල්ලන්ට ගල් ගහන්න නැවතුනොත් මට මගේ ගමනාන්තයට ලගාවෙන්න බැරි වෙනවා” කියලා අපේ රටේ අයත් කියන්නේ චර්චිල්ගෙ කියමනක්.
එංගලන්තයේ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වන නැන්සි අැස්ටර් අාර්යාව වරක් සාදයකදී චර්චිල්ට කෝපි පිළිගන්වන ගමන් “ඔබ මගේ සැමියා වුනානම් මම ඔබට දෙන්නේ වස කෝප්පයක්” කියලා කිව්වලු. චර්චිල්ගෙ පිලිතුර වුනේ “ඔබ මගේ බිරිඳ නම් මම එය අාශාවෙන් පානය කරනවා”
තව දවසක් පාර්ලිමේන්තුවේදි විපක්ෂ මන්ත්‍රීවරයෙක් චර්චිල්ව දැඩිව විවේචනය කලා. ඔහු තම කතාව අවසාන කලේ “මට විශ්වාසයි දවසක ඔබ මියයන්නේ උන්මත්තකාගාරයක එහෙම නැත්නම් දරුණු සමාජ රෝගයකින්” යනුවෙන් පවසමින්. වහාම නැගීසිටි චර්චිල් “මන්ත්‍රීතුමා එය තීරණය වන්නේ ඔබේ ප්‍රතිපත්ති අනුගමනය කිරීම හෝ ඔබේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පැවැත්වීම මතයි” කියා පැවසුවා.
වරක් සාදයකදී චර්චිල් බීමත්ව සිටිනු දුටු බෙසී බ්‍රැඩොක් මන්ත්‍රීවරිය ඔහුට මෙහෙම කිව්වලු. “ඔබ බීලා. බිව්වම මට ඔබව පිලිකුල් සහගතයි”. චර්චිල් අැයට මෙහෙම උත්තර දුන්නා. ” ඔව් දැන් මම බීලා ඉන්නේ. මට දැන් ඔබව පේන්නේ කැතට. හැබැයි හෙට උදේට මම හොද සිහියෙන් ඉන්නේ. එතකොටත් මට ඔබව කැතයි”.
ජීවිතයේ ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණය කුමක්දැයි චර්චිල් ගෙන් විමසා සිටිවිට ඔහු “මාත් සමග විවාහ වීමට මගේ බිරිඳව නම්මවා ගැනීමට මට තිබුණු හැකියාව මගේ විශිෂ්ටතම ජයයි” ලෙස පැවසුවා.
දෙවන ලෝක යුද්ධයේදි බ්‍රිතාන්‍ය අගමැති ලෙස චර්චිල් විශාල සේවයක් කලත් යුද්ධයට පසුව 1945දී පැවති මැතිවරණයෙන් ඔහු පරාජය වෙනවා. මේ අාරංචිය පැවසීමට ඔහුගේ ලේකම්වරයා එනවිට චර්චිල් සිට අැත්තේ නානකාමරයේ. කලබලය නිසා අනවසරයෙන්ම නානකාමරයට අැතුලුවුන ලේකම් “අගමැතිතුමනි අපි පරාදයි” කියූවිට චර්චිල් මෙසේ පැවසුවාලු. “මේක ප්රජාතන්ත්රවාදී රටක්. පාලකයා පත්කරන්නට වගේම ගෙදර යවන්නත් ජනතාවට අයිතිය තියෙනවා.මගේ පාලන කාලය තුලදී ප්රජාතන්ත්රවාදය උපරිමයෙන් අාරක්ෂා වෙලා තිබීම ගැන මට සතුටුයි. කරුණාකරලා මට ඔය තුවාය දෙන්න”
උපුටා ගැනීම: ලහිරු උදාන අබේසේකර..