විශාදය යනු සුලභව ඇති මානසික රෝගයකි. විශාදය නම් රෝග තත්ත්වයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ එම පුද්ගලයා තුළ පවතින අධික දුකයි. දුක යනු සියලූ දෙනාටම දැනෙන තාවකාලික දෙයකි. නමුත් විශාදය නිසා ඇතිවන දුක දීර්ඝ කාලයක් පවතී. යම්කිසි පුද්ගලයෙකුගේ දීර්ඝ කාලීනව පවතින (සතියක් හෝ මාසයක් එක දිගට) නොවෙනස් චිත්තවේගීමය තත්ත්වය (Mood) විශාදයේ ප්‍රධාන ලක්ෂණය වේ. මීට අමතරව විශාදයෙන් පෙළෙන පුද්ගලයෙකු හඳුනා ගැනීම සඳහා තවත් රෝග ලක්ෂණ රාශියක් ඇත. එනම්,
පුද්ගලයාගේ චිත්තවේග (Mood) සම්බන්ධයෙන් ඇතිවන වෙනස්කම්, නින්ද සහ ආහාර ගැනීම සම්බන්ධයෙන් ඇතිවන වෙනස්කම් පෙරට වඩා වෙනස්ය, සිතුවිලිවල ඇතිවන වෙනස, සෘණාත්මක සිතුවිලි ඇති වීම සහ යම්කිසි දෙයක් පිළිබඳව තීරණ ගැනීමට ඇති දුෂ්කරතාවය.
මෙම රෝග ලක්ෂණවලට අමතරව යම්කිසි පුද්ගලයෙකු විශාදයෙන් පෙළෙන බව හඳුනා ගැනීම සඳහා ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ රෝග ලක්ෂණ වර්ග කොට ඇත.
පළමු කාණ්ඩයේ රෝග ලක්ෂණ
දීර්ඝ කාලීනව පවතින අධික දුක හෝ අධික සතුට (Depressed Mood ) මීට පෙර තමන් සතුටු වූ දේවල් වලට සහ කැමැත්තක් දැක් වූ දේවල් වලට ඇති කැමැත්ත නැති වීම, සතුටක් නොදැනීම, ශරීරයට නිතරම වෙහෙසක් (තෙහෙට්ටුව) දැනීම, සුළු වැඩක නිරත වූව ද දැඩි වෙහෙසකර බවක් දැනීම (Increased Fatigue).
යම්කිසි පුද්ගලයෙකුට විශාදය ඇති බවට නිගමනය කිරීමට නම් මෙම පළමු කාණ්ඩයේ රෝග ලක්ෂණ තුනෙන් අවම රෝග ලක්ෂණ දෙකක්වත් තිබිය යුතුය.
දෙවන කාණ්ඩයේ රෝග ලක්ෂණ
දෙවන කාණ්ඩයේ රෝග ලක්ෂණ හතකි. යම්කිසි පුද්ගලයෙකුට විශාදය ඇති බවට නිගමනය කිරීමට නම් මෙම දෙවන කාණ්ඩයේ රෝග ලක්ෂණ 7න් අවම රෝග ලක්ෂණ දෙකක්වත් තිබිය යුතුය.
කිසිදු දෙයකට අවධානය යොමු කිරීමට නොහැකි වීම, තම ආත්ම විශ්වාසය සහ ආත්ම අභිමානය බිඳ වැටීම, නිතරම තමන් පිළිබඳ වරදකාරී හැඟීමක් ඇතිබව සිතීම, සෑම දෙයක් පිළිබඳවම අසුභවාදි ලෙස සහ ඍණාත්මක ලෙස සිතීම, නිතරම සියදිවි නසා ගැනීමට ආශා වීම සහ ඒ සඳහා උත්සාහ කිරීම, කෑම අරුචිය, නින්දේ ඇතිවන ගැටලූ, නින්ද නොයාම.
මේ අනුව යම්කිසි පුද්ගලයෙකුට විශාදය ඇති බවට නිර්ණය කිරීමට නම් අවම වශයෙන් පළමු කාණ්ඩයෙන් රෝග ලක්ෂණ 2 ක් සහ දෙවන කාණ්ඩයෙන් රෝග ලක්ෂණ 2 ක්වත් තිබිය යුතුය. ඕනෑම පුද්ගලයෙකුට විශාදය ඇති විය හැකිය. ජීව, මනෝ සහ සමාජීය වශයෙන් ඇතිවන හේතු සාධක මේ සඳහා බලපායි. එමෙන්ම ජානමය සාධක, පාරිසරික සාධක, ළමා වියේ ඇති අමිහිරි අත්දැකීම් යනාදී හේතු පුද්ගලයෙකුට විශාදය ඇති වීමට හේතු විය හැකිය. පුද්ගලයෙකුට දරා ගත නොහැකි ආකාරයේ ප්‍රශ්න ඇති වීම, පේ‍්‍රම සබඳතා බිඳ වැටීම වැනි හේතු ද විශාදය ඇති වීමට බලපායි. මෙය ඉතාම සුලභ රෝග තත්ත්වයකි. සමස්ත ලෝක ජනගහනයෙන් 20%ක් පමණ විශාදයෙන් පෙළෙන බව අදාළ වාර්තාවන්ගෙන් පෙන්වා දී ඇත. එමෙන්ම පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවයට විශාදය ඇති වීමේ අවදානම වැඩිය. පවුලේ කෙනෙකුට විශාදය තිබේ නම් ජානමය බලපෑමෙන් පවුලේ තවත් අයෙකුට විශාදය වැළ‘දීමේ අවදානමක් ඇත.
විශාදය ඇති රෝගියෙකුට සිය එදිනෙදා ජීවිතයේ කටයුතු සිදු කිරීමට නොහැකිය. එමෙන්ම විශාදයෙන් පෙළෙන රෝගීන්ට හදවත් රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි වෙනත් රෝගාබාධයන් වැළඳීමේ අවදානමක් ද ඇත. විශාදය ඇති පුද්ගලයන් සියදිවි නසා ගැනීමට වැඩි ප්‍රවණතාවයක් ඇත. වත්මන් පර්යේෂණයන් ම‘ගින් සොයා ගෙන තිබෙන තොරතුරු අනුව අතීතයට සාපේක්ෂව වර්තමාන සමාජයේ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් විශාදයෙන් පෙළෙන බව පැහැදිලි වේ. පෙරට වඩා රෝගය හඳුනා ගැනීම ද වැඩි වී ඇත. වර්තමාන පුද්ගලයාගේ ජීවිතය සංකීර්ණ වීම නිසා මානසික පීඩනය වැඩි වීම එයට බලපාන ප්‍රධානම හේතුව වේ. 21වන සිසවසට පෙර යුගයේ මෙවැනි රෝග තත්ත්වයන් බහුල ලෙස වාර්තා වී නොමැත. මන් ද අතීතයේ පැවතියේ සරල සමාජයකි. 2010 වසර වන විට ලංකාවේ පුද්ගලයන් 100 ගත් විට ඔවුන්ගෙන් 6.6කට විශාදය ඇතිවීමේ නැඹුරුතාවක් ඇති බවට අදාළ පර්යේෂණ වාර්තා මගින් පෙන්වා දී ඇත.
විවිධ රටවල් අනුව විශාදයෙන් පෙළෙන රෝගීන් පෙන්වන රෝග ලක්ෂණ වෙනස්වන බව වෛද්යවරුන් සඳහන් කරයි. රෝග හඳුනා ගැනීමේ දී බටහිර රටවල සහ ආසියාතික රටවල රෝගීන් පෙන්වන රෝග ලක්ෂණවල ස්වභාවය වෙනස්ය. එමෙන්ම මෙම රෝගය හඳුනා ගැනීමේ ප්‍රමාණය ආසියාවේ අඩු වන අතර බටහිර රටවල වැඩිය. විශාදයේ රෝග ලක්ෂණ ගත්තද බටහිර රටවල රෝග ලක්ෂණවලට වඩා ආසියාතික රටවල විශාදීමය රෝග ලක්ෂණ වෙනස් වේ. ආසියාතික රටවල විශාදයෙන් පෙළෙන රෝගීන් සිය දිවි නසා ගැනීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක ඇති අතර (The Depression Suicide Paradoxin Asia) දුක පෙන්වීම අවම වේ. එමෙන්ම ආසියාතික රටවල විශාදයෙන් පෙළෙන රෝගීන් පෙන්වන පොදු රෝග ලක්ෂණ වන්නේ ස්නායු පද්ධතියේ ඇතිවන දුර්වලතාවන්, අධික වෙහෙසකර බව, අමතක වීම, ශරීරය දුර්වල වීම, කෑම අරුචිය ඇති වීම වැනි කායික වශයෙන් ඇති වන අපහසුතාවන් ය (Neurasthenia) චීනය සහ ජපානය යන රටවල විශාදයෙන් පෙළෙන රෝගීන්ගේ ලක්ෂණ ද මේ හා සමාන වේ. ස්නායු පද්ධතියේ ඇතිවන දුර්ලතාවයන් එහිදී ප්‍රධාන වේ. මෙම තත්ත්වය නිසා විශාදය හඳුනා ගැනීමට විශ්වීය වශයෙන් පිළිගත් පොදු රෝග ලක්ෂණ හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් භාවිත කළ නොහැකිය. මෙම නිසා බටහිර රටවල රෝග නිරීක්ෂණ ක්‍රමවේදයන් භාවිත කොට ආසියාතික රටවල මානසික ආබාධයන් හඳුනාගත නොහැකිය.
ශ්‍රී ලංකාවේ රෝගීන් බොහෝ විට චිත්තවේගීමය (Mood) වශයෙන් දුක පිටතට නොපෙන්වයි. තෙහෙට්ටුව, කලන්තය, ඇඟපත වේදනාව, ශරීරය දැවෙන ස්වභාවය, කෑම අරුචිය, මහන්සිය, සාංකාව, තනිකම, දෛනික කටයුතු අතපසු කිරීම සහ ආත්ම විශ්වාසය බිඳ වැටීම වැනි රෝග ලක්ෂණ ලංකාවේ රෝගීන් පෙන්නුම් කරයි. ශී‍්‍ර ලංකාවේ පුද්ගලයන් 100 දෙනෙක් ගත් විට උපතේ සිට මරණය දක්වා කාලය තුළ (Life Time Prevalence) කාන්තාවන්ට 20% සහ පිරිමින්ට 10% විශාදය වැළඳීමේ ප්‍රවණතාවක් ඇත. ඇමෙරිකාවේ එය 17.1% ප්රතිශතයකි. ලංකාවේ වසරක කාලය තුළ (12 Month Prevalence) 2.7% කට විශාදය සෑදීමේ අවදානමක් ඇත. අද ලෝකයේ ජනගහනයෙන් කාන්තාවන්ගෙන් 8%ක් ද පිරිමින්ගෙන් 4% ක්ද විශාදය ඇත. මේ මොහොත වන විට සමාජයේ කාන්තාවන්ගෙන් 6-8%කට ද, පිරිමින්ගෙන් 3-4%කට ද විශාදය ඇත. නමුත් විශාදයෙන් පෙළෙන හඳුනා නොගත් රෝගීන් විශාල පිරිසක් ඇත. නමුත් මෙම තත්ත්වය මතුපිටට නොපෙනේ. එය මුහුදේ ගිලී ඇති විශාල අසිස් කන්දක ජලයෙන් යට වී ඇති කොටකට සමාන වේ. එවැනි අයිස් කන්දක මතුපිටට පෙනෙන්නේ ඉතාම සුළු කොටසක් වුව ද විශාල ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇත.
depresion2ඕනෑම වයසක පසුවන අයෙකුට විවිධ හේතු නිසා විශාදය සෑදීමට අවකාශය ඇත. කුඩා දරුවන්ට සහ මහලූ වයසේ පසුවන අයට ද විශාදය සෑදිය හැකිය. වැඩිම අවදානමක් ඇත්තේ වයස අවුරුදු 20දිය. විශාදය ඇති පුද්ගලයෙකුගේ රෝග තත්ත්වය වයස අවුරුදු 24-25 සහ 30 ගණන්වල දී උච්චතම තත්ත්වයට පත් විය හැකිය. වයස අවුරුදු 50 වන විට එය අවම වේ.
ජීව, මනෝ, සමාජීය වශයෙන් ඇතිවන සාධක තුනම විශාදය සෑදීමට බලපායි. විශාදය සෑදීමට ජීව විද්යාත්මක හේතු ගණනාවක් බලපායි. මොළයේ ඉදිරි පස සහ ඇතුළත ඇතැම් කොටස්වල ( Dorsal Prefontal Cortex, Subcortical) කි‍්‍රයාකාරිත්වය අඩු වීම, මොළයේ ජෛව රසායනික කි්රයාකාරිත්වයේ ඇතිවන අසමතුලිතතාවය, සෙරටොනින්, නොඑපිනෙපි්රන් සහ නොඇඩි්රනලීන් යන රසායනික ද්රව්යවල කි්රයාකාරිත්වයේ ඇතිවන අසමතුලිතතාවය වැනි තත්ත්වයන් නිසා විශාදය ඇති විය හැකිය. එමෙන්ම විශාදය ඇති වීම සඳහා බලපාන මනෝ සමාජීය හේතු සාධක වශයෙන් කුඩා අවදියේදී දෙමව්පියන් අහිමි වීම, පවුලේ අයගෙන් ලැබෙන සහාය අඩු වීම, ඇතුළාන්තයට යොමු වූ පෞරුෂයක් තිබීම, සමාජයෙන් ප්‍රතික්ෂේප වූ අය, සමාජය සමග සම්බන්ධතා නැති හුදකලාව වෙසෙන අය, ගැහැනු බව, මානසික ආතතිමය තත්ත්වයන් සහ වෙනත් රෝගාබාධවල බලපෑම ආදිය සඳහන් කළ හැකිය. විශේෂයෙන්ම විශාදය වෙනත් රෝග තත්ත්වයන් සමගද තිබිය හැකිය. වෙනත් රෝග නිසා ද විශාදය ඇති විය හැකිය.
අන්තරාසර්ග පද්ධතියේ සහ තයිරොයිඞ් ග්‍රන්ථීයේ ඇතිවන ප්‍රශ්න, අඝාත තත්ත්වයන්, ස්නායු රෝග, පෝෂණමය ගැටලූ (සින්ක් අඩු වීම), පිළිකා වැනි රෝග, ඒඞ්ස්, රිය අනතුරු සහ වෙනත් අනතුරු නිසා මොළයට, හිසට සහ ශරීරයේ වෙනත් ස්ථානයන්ට සිදුවන හානි සහ එම‘ගින් ඇතිවන අතුරු ආබාධ තත්ත්වයන්වි, විවිධ විෂවීම්, ශරීරය තුළ ඇති වෛරස් සහ බැක්ටීරියාවල කි‍්‍රයාකාරිත්වය, ශරීරයේ ඇති ප්‍රතිදේහ ශරීරයට විරුද්ධව කි‍්‍රයාකිරීම.
මෙම රෝග තත්ත්වයන් විශාදය ඇති වීම සඳහා බලපාන ද්විතියික සාධක (Secondary Causes) වේ.
විශාදය තිබෙන රෝගීන් සිතන ආකාරය බෙහෙවින්ම වෙනස්ය. තමන් පිළිබඳව, අවට පරිසරය, ලෝකය සහ අනාගතය පිළිබඳව ඍණාත්මකව සහ වැරදි ආකාරයෙන් සිතීමට ඔවුන් නිතරම පෙළඹේ. ඔවුන්ට අනාගතය පිළිබඳව ඇත්තේ අසුභවාදී සිතුවිලිය. ඔවුන් වැරැුද්දක් නොකරත් තමන් වැරදි බව නිතරම සිතයි. විශාදය ඇති වූ විට එම රෝගී තත්ත්වය දීර්ඝ කාලයක් පවතී. එක් වරක් විශාදය සෑදුණ අයෙකුට නැවත වතාවක් විශාදය සෑදීමේ අවදානම වැඩිය. දුර්වල පෞරුෂයක් ඇති පුද්ගලයන්ට කරදරකාරී අවස්ථාවක දී සහ සුළු ගැටලූවකදී පවා විශාදය සෑදීමේ ප්‍රවණතාවක් ඇත. වර්තමානයේ ලෝක ජනගහනයෙන් 1/5 විශාදය ඇති බව වාර්තාවන් අනුව පැහැදිලි වේ. එමෙන්ම වර්තමාන සමාජයේ ඇති සංකීර්ණ බව නිසා විශාදය වැඩි වී තිබේ. එහිදී බටහිර රටවල විශාදයෙන් පෙළෙන රෝගීන් අනෙක් රටවලට සාපේක්ෂව වැඩිය.
Types fo Depression
විශාදය ඉතා සංකීර්ණ රෝග තත්ත්වයකි. රෝග ලක්ෂණවල ඇති ස්වභාවය සහ විවිධත්වය අනුව විශාදය විවිධ කාණ්ඩ යටතේ වර්ග කොට දක්වා ඇත. මේ පිළිබඳව දැනුවත්භාවය රෝග හඳුනා ගැනීමේ දී අපට ඉතාම වැදගත් වේ.
1) Atypical Dpression
මෙම තත්ත්වයෙන් පෙළෙන රෝගියෙකුගේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ප්‍රමාණය ඉක්මවා වැඩියෙන් නිදා ගැනීම සහ ආහාර ගැනීමයි. තමන් ප්‍රතික්ෂේප වූ විට වඩාත් සංවේදී වේ. ඉතා ඉක්මනින් චිත්තවේගීමය (Mood) වෙනස්කම් සිදු වේ.
2) Psychotic Dpression
භ්රාන්ති සහ මායාවන් වැනි තත්ත්වයන් ඇත. සැබෑ ලෝකයෙන් මි‘දී ජීවත් වේ. චිත්තවේගීමය වෙනස්කම් සිදු වේ. සුළු කරුණකට පවා විශාල වශයෙන් කලබලකාරි ලෙස හැසිරේ. මෙවැනි රෝගීන්ට ඖෂධ ප්‍රතිකාර සහ විද්යුත් කම්පන (ෑක්ඔ) ප්‍රතිකාර ක්‍රම ලබාදීමෙන් රෝගය සුව කර ගැනීම හෝ පාලනය කිරීම කළ හැකිය.
3) Malancholic Dpression
මෙවැනි රෝගීන් කිසිදු දෙයකින් තෘප්තිමත් නොවෙයි. වෙනදා සතුටට පත් වූ දේවල්වලින් දැන් සතුටක් නොලබයි. ආහාර රුචියක් නෙමැති අතර නින්දෙහි අක්‍රමිකතා ඇති වේ. නිතරම දුකින් සිටියි. චිත්තවේගීමය (Mood) වෙනස්කම් සිදු නොවේ. මෙවැනි රෝගීන් සඳහා ඖෂධ ප්‍රතිකාර සුදුසුය.
4) Seasonal Depression
මෙම විශාද තත්ත්වය සෘතු වෙනස්කම් නිසා ඇති වන තත්ත්වයකි. සෘතු වෙනස්කම් ඇති රටවල වෙසෙන පුද්ගලයන්ට මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකිය. මෙහි ස්වභාවය වන්නේ එක් ඍතුවකදී රෝගය වැඩිවන අතර තවත් ඍතුවකදී අඩු වීමයි. ඒ අනුව Summer වලදී රෝගය වැඩි වී Winter වල දී රෝගය අඩු විය හැකිය. අවට පරිසරයේ සිදුවන පාරිසරික සහ දේශගුණික වෙනස්කම් මත මෙලෙස පුද්ගලයාගේ මානසික සෞඛ්යය වෙනස් වෙයි. මෙම රෝගය සඳහා ඖෂධ ප්‍රතිකාර සිදු කිරීමෙන් එතරම් ප්‍රතිඵලයක් නොලැබේ. වෙනත් ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු විය යුතුය.
4) Catatonic Depression
මෙම රෝගය ඇති පුද්ගලයන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ බොහෝ වෙලාවක් එකම ඉරියව්වෙන් සිටීමයි. නිතරම තනිව කතා කිරීම, අනෙක් පුද්ගලයන්ගේ චර්යාවන් අනුකරණය කිරීම මෙම රෝගයේ අනෙක් ලක්ෂණ වේ. මෙවැනි රෝගීන්ට ඖෂධ ප්‍රතිකාර සහ විද්යුත් කම්පන (ECT) ප්‍රතිකාර ක්‍රම ලබාදීමෙන් රෝගය සුව කරගැනීම හෝ පාලනය කිරීම කළ හැකිය.
5) Perinatal Depression
මෙම තත්ත්වය බහුලව ඇත්තේ කාන්තාවන්ටය. කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතියේ සිදුවන වෙනස්කම් මෙම විශාදිමය තත්ත්වය ඇති වීමට හේතු වේ. කාන්තාවකගේ මාසික ඔසප් වීම නිසා සිදුවන හොර්මෝන වෙනස්කම් නිසා ද මෙම විශාද තත්ත්වය ඇති විය හැක. ඔසප් වීම නතර වූ විට ද කායික වශයෙන් සිදුවන ජීව රසායනික වෙනස්කම් නිසා ද විශාදය ඇති වීමේ අවදානමක් ඇත. දරු ප්‍රසූතියෙන් පෙර සහ පසුව කාන්තාවකගේ ශරීරයේ සිදුවන කායික සහ මානසික වෙනස්වීම් නිසා ද විශාදය ඇති විය හැකිය. දරුවෙකු පිළිසිඳ ගත් විට සහ දරු ප්‍රසූතියෙන් පසුව ඇතිවන විවිධ සංකූලතාවයන් මෙලෙස විශාදය ඇති වීමට බලපායි. මෙම තත්ත්වය නිසා දරුවා සහ මව අතර ඇතිවන බැඳීම අඩුවන අතර මව දරුවාට හිංසා කිරීමට පවා පෙළඹේ. තම දරුවා මැරීමට පවා යොමු විය හැකිය. මෙම විශාදමය තත්ත්වය නිසා මව සියදිවි නසා ගැනීමට ප්‍රවණතාවයක් ඇත. මෙහිදී දරුවා සහ මව අතර ඇතිවන බැඳීම අඩුවන නිසා එය දරුවාගේ අනාගතයට ඍණාත්මක බලපෑමක් ඇති කරයි.
මෙලෙස වෙනත් මානසික රෝගවල දී මෙන්ම විශාදයේද මානසික රෝග තත්ත්වයන් ගණනාවක් ඇත. විශාදය යනු දරුණු මානසික රෝගයකි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ රෝගියා සියදිවි නසා ගැනීමයි. විශාදය කලින් හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වීමෙන් සුවය ලබාගත හැකිය. විශාදය පිළිබඳ කාලීන වශයෙන් දැනුවත් වීම ඉතා වැදගත්ය.
කේ.ජී. හර්ෂණී එරන්දිකා කුමාරි
පර්යේෂණ සහකාර
පේරාදෙණිය විශ්වවිද්යාලය
තොරතුරු – පේරාදෙණිය විශ්වවිද්යාලයේ මනෝවිද්යා අධ්යයන අංශය මගින් පවත්වනු ලබන මනෝවිද්යාව සහ උපදේශනය පිළිබඳ පාඨමාලාව ඇසුරෙනි.
උපුටා ගැනීම: Kavindi Malshika