විශේෂම තෑග්ග (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ පහල පින්තූරේ තියෙන්නේ අද මට මගේ ජීවිතේ ලැබුණ විශේෂම තෑග්ගක්…ඒක ගැනයි මම කියන්න හිතුවේ..මේක බැලූ බැල්මටනම් පොඩි බිස්කට් පැකට් එකක් තමයි..ඒත් මේකේ කතාව ඇහුවමනම් ගොඩක් වෙලාවට මේක ඔයාලටම තේරෙයි මිලක් තබන්න බැරි වටිනා දෙයක් කියලා..හ්ම්ම් කතාව පටන් ගන්නම්කෝ..
මම ඉන්නේ පොඩි ගමක..ගොවිතැනින් ගොඩක් අය ජීවිතේ ගැටගහගන්න ගමක.ඈතට විහිදිලා තියෙන වෙල් යාය..ගමටම වතුර දෙන මහ වැව..එතකොත් ඒත් එක්කම වගේ වැව පහල තියෙන පන්සල..ඉතින් මේ සුන්දර ගමේ..ඉන්න සුන්දර පිරිසක් ගැන තමයි මේ කතාව…
මේ කොරෝනා කාලෙනේ..ඉතින් ගමේ ඉන්න ඇච්චෝ බැච්ච්චොන්ටත් ඉස්කෝලෙත් නෑ..උන් ඉතින් එහෙමයි කියලා පොතක් පතක් බලන එකක් යැ….ඔන්න ඉතින් ඔක්කොමත් හරි මටත් කැම්පස් නිවාඩු..මාත් ඉතින් විභාගෙත් ඉවර එකේ..මගේ මේ සිඟිති පාතාලෙ මගේ පුංචි යාලුවෝ ටිකට කිව්වා..සෙල්ලම් කර කරම ඉන්න එකේ පොත් ටිකත් අරගෙන අපේ ගෙදර එන්න කියලා..
මොකද ඉතින් නිකන්ම මාත් පොඩි උන් එක්ක බයිසිකල් පැදලා ගම වටේ ඇවිදිනවට වඩා…මටත් ප්රැක්ටිස් එකටත් එක්ක.උන් ටිකට මොනවහරි කියලා දෙන්න පුලුවන් කියලා හිතුවා..ඉතින් ඕක කිව්වා විතරයි මෙන්න බොලේ පැනපු ගමන් හා කිව්වේ නැතෑ..මමනම් හිතුවේ නෑ කීයටවත් කැමතිවෙයි කියලා..කොහොමින් කොහොම හරි ඔන්න පහුවදාම මුන් ටික ආවා ..හවස 2 ට විතර..10 ක් 15 ක් විතර මගේ පාතාල සාමාජිකයින් ගෙදර පිරිලා..අපේ අත්තම්මනම් හැටට හැටේ මට රවනවා..අදත් පොඩි උන් එක්ක මොකක්හරි ජොගියක් නටන්න ලෑස්තිය කියලා හිතාගෙන..හි හී..
ඉතින් ඔහොම ටික දවසක් මේ වැඩේ සිද්ද වුණා..අනේ ඉතින් මොනවා නැතත් අපරාදේ කියන්න බෑ..මුන් ටික මට කට පුරා ටීච කියලත් කියනවා…මේ අවුරුද්දට දුන්න අලුත් පොත් ටිකට පත්තර කොල දවටාගෙන තමයි කට්ටිය ආවේ…මම ඉතින් ගණිතය,ඉංග්රීසි ,දෙමළ,විද්යාව පොත් ටික තමයි අරගෙන එන්න කිව්වේ..අලුත්ම පන්තියට යද්දී කලින් දැනගෙන යන එක හොඳයිනේ කියලා ,කියලා දෙන්න පටන් ගත්තේ..මේ මගේ ඇච්චෝ අතරේ හිටියා පුංචිම පුංචි සුදු කොලු පැටියෙක්..දැන් 3 වසරේ ….ඉතින් පළවෙනිම දවසේ කට්ටිය ආවට පස්සේ මේ චූටි කොලු පැටියගේ එහා ගෙදර අක්කා කිව්වා..ටීච මේ මල්ලිටනම් 3 වසරේ හිටියට පොතක්වත් කියවගන්න බෑ කියලා…
අනේ..මට ඒ වෙලාවෙනම් අර කෙල්ලගේ ඔලුවට තඩි පොල්ලකින් ගහන්න හිතුණා.ගැහුවේ නෑ ඉතින්…. කවදාවත් තව ළමයි ගොඩක් ඉස්සරා දුර්වල ළමයෙකුගේ දුර්වලකම් කියන්න හොඳ නෑ..කියලා මම හැමෝටම කියලා දුන්නා .හරී ඒකත් කමක් නෑ කියලා මම අභියෝගය බාරගත්තා..මේ චූටි කොල්ලාට ඇත්තටම අකුරු බෑ..ඉතින් එහෙමයි කියලා ඌ රැල්ලට හරි මගේ ළඟට ආවනේ.ඉතින් මාත් අභියෝගය බාරගෙන වැඩ පටන් ගත්තා..පළවෙනි දවසනම් පිස්සුවක් වුණා..එක එක වයස් වල ළමයිනේ..එකම වයසක අයට උගන්වනවා වගේ නෙවෙයිනේ..කොහොමහරි අත්තම්මගේ තේ පැන් සංග්රහයත් භුක්ති විඳලමයි සෙට් එක ගියේ..කට්ටියම යන්න මිදුලට ගියාම.අර චූටි කොල්ලා දුවගෙන ඇවිත් මට දණ ගහලා වැන්දා…ඇත්තමයි.මට හිතාගන්න බැරි වුණා..මමත් හදවතින් ම බුදුසරණයි පුතේ කියලා ඔලුව අතගෑවා..
ඉතින් ඔහොම ටික දවසක් මම මෙහෙම උගන්වන අතරෙදි දවසක් අර චූටි කොලු පැටියගේ අම්මා ආවා හවස පන්තිය ඉවර වෙන වෙලාවට..ඇවිත් මට කතාකරලා කියපු දේ මට මගේ ජීවිතේටම ඇති කියලා හිතුණා..ඒ අම්මලාගේ පවුල් පරිසරය ගැන මම දන්නවා.මොකද එක ගමේනේ..ඒත් මම ලොකූවටම ගමේ හැමෝම ගැන දන්නේ නෑ..මොකද ඕවා හොයනවට වඩා වැඩ තියෙන නිසා..
ඉතින් අර චූටි කොලු පැටියගේ අම්මා ඇවිත් කිව්වා.”.අනේ නංගී අපේ කොල්ලා ඇවිත් කරදරේ නේද?? ඕකා ඉස්කෝලේ ගියේම නෑ 2 වසරට ගියාටම..සතියක් දෙකක් ගියේ..මම නොකරපු දෙයක් නෑ..මටත් බෑනේ නංගි ඊට වඩා කරන්න..කන්න බොන්නත් හොයන්නෙපැයි..ඒ හින්දා මාත් අය බල කරේ නෑ….ඒ වුණාට නංගී ඔයාලගේ ගෙදර එන්නේ හරි කැමැත්තෙන්.නංගී ගෙදර වැඩ කරන්න දුන්න පොත වැඩ ටික කරලා අපේ ටීචගේ පොත කියලා තුරුල් කරගෙන නිදාගන්නේ ..ඉස්කෝලේ යන්න බෑ කියලා අකුරක්වත් ලියන්න කැමති නැති එකා දැන් උදේ ඉඳලා ලෑස්තියලු නංගිලාගේ ගෙදර අකුරු ලියන්න එන්න..අනේ ගොඩක් පින් නංගී..ඔක්කෝම නැති වුණත්..දවසක බස් එකක බෝඩ් එකක් කියවගන්නවත් මගේ කොල්ලව හදලා දෙන්න නංගී” කියලා …
ඉතින් මටත් දැන් ඇස් දෙකට කඳුලුත් ඇවිත්..ඒක මගේ ප්රාතිහාර්යයක් නෙවෙයි.ඒක තමයි විය යුතු දේ කියලා හිතෙනවා..ඉතින් ඒ චුටි කොල්ලට දැන් ටික ටික අකුරු කියවන්න පුලුවන්..අදත් වෙනදා වගේම අකුරු කරලා යන ගමන් මගේ චූටි කොල්ලා දුවගෙන ඇවිත් මට වැඳලා..කොලේක ඔතපු රෝලයක් වගේ එකක් දුන්නා..මම ඇහුවා මොකක්ද පුතේ මේ කියලා..එයා කිව්වා මේ බිස්කට් එකක් ටීච කියලා..මම ඇහුවා ඇයි පුතේ මේ..අනේ මට එපා.මගේ පුතා අරගෙන ගිහින් මේක කන්න කියලා….ඒත් ඒ වෙලාවේ ඒ චුටි කොල්ලා කිව්වේ..
” මේ මම ආසම බිස්කට් මීක් සෝට් කීම් බිස්කට්…ඉතින් මම ආදරේම ටීචට.ඒ හින්දා අම්ම ගාමට් ඉඳලා එද්දී ටීචටත් එකක් ගේන්න කීවා..මම ආදරෙයි ටීච”
කියලා කොල්ලා පුලුවන් විදියට බිස්කට් එකේ නමත් කියාගෙනම දිව්වා..මම මගේ පුංචි ඇච්චොන්ට පන්තියක් නෙවෙයි කරන්නේ..එයාලට පාඩම් කියලා දෙනවා විතරයි.සත පහක්වත් ගන්නේ නැතිව.මගේ දැනුම මගේ පොඩි උන් ටිකට කියලා දෙනවා විතරයි..උන් සල්ලි දීලත් වෙන වෙන පන්තිවලටත් යනවා ඇති..ඒත් මම දන්නවා උන් ඒ හැමෝටම වඩා මට ආදරෙයි..අන්න ඒ ආදරේනම් සල්ලි වලට ගන්න බෑ..ඉතින් මගේ චූටි කොලු පැටියා දවසක හොඳම තැනට යනවා බලන්න මම ආසාවෙන් බලන් ඉන්නවා….මේ පහළ තියෙන්නේ ඒ ආදරෙන් ඔතාගෙන ආව බිස්කට් එක..ආයෙම කවදාවත් මම මුකුත් ගන්නේ නම් නැහැ කාගෙන්වත්..අද මේක ගත්තේ පොඩි එකාගේ හිත රිද්දන්න බැරි නිසා..
අර Hitchk movie එකේ කියනවා වගේ..මටනම් අදටත් හිතෙන්නේම..
“මේ ලෝකේ නරක ශිෂ්යයෝ කියලා කවුරුත් නෑ..ඉන්නේ නරක ගුරුවරු විතරයි.”
❤️වාසු❤️ 
Image may contain: food
උපුටා ගැනීම: Wasu Wanninayake

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!