විශ්මා සඳමාලි නම් ශ්‍රී ලාංකික තරුණියක ජපානයේදී සැක සහිත ලෙස මි යයාම සම්බන්ධව ඇති වූ විවේචන, ජපාන රජයට සිය ‘නව සංක්‍රමණිකයන් සම්බන්ධ ආගමන පාලන හා ස රණාගතයින් හඳුනා ගැනීමේ පනත’ හකුළා ගැනීමට තරම් ප්‍රබල විය. මෙම මර ණයට රජයේ රැඳවුම් මධ්‍යස්ථානය සෘජුවම වගකිවයුතු බව ජපාන රජය දැන් පිළිගෙන ඇති අතර පෙරේදා (10 වැනිදා) ඒ වෙනුවෙන් එරට අධිකරණ ඇමැති යොකෝ කමිකාවා විශ්මාගේ පවුලෙන් සමාවද ඉල්ලා ඇත.
වයස අවුරුදු 33ක් වූ විශ්මා සඳමාලි නම් තරුණිය පසුගිය මාර්තු මාසයේ දී නගෝයාහී පිහිටි නීති වි රෝධී සංක්‍රමණිකයින්ගේ රැඳවුම් මධ්‍යස්ථානයකදී සැක කටයුතු ලෙස ම රණයට පත්වීමත් සමග එරට ජනතාව මෙන්ම ලෝකය පුරා බොහෝ ජපාන සංක්‍රමණික නීතිය ගැන විස්මය මෙන්ම අප්‍රසාදයද පළකළහ. අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට පැමිණ සිටියදී වීසා බලපත්‍ර කල් ඉකුත් වීම නිසා නීති වි රෝධී සංක්‍රමණිකයෙක් බවට පත්වූ විශ්මා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකර ඇත. අනතුරුව එහිදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත ඇය මියගිය අතර විශ්මාට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණු බවට ජපාන ජනමාධ්‍ය ඔස්සේද ප්‍රබල චෝ දනාවක් එල්ල විය. අනතුරුව ඇයගේ සහෝදරිය ඇතුළු පිරිසක් ජපානයටම ගොස් මේ සම්බන්ධයෙන් ජපාන රජයට වි රෝධය පළකරමින් සාධාරණයක් ඉල්ලා සිටියහ.
ඒ සමගම ජපාන සමාජ ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් මෙම සිදුවීමට සාධාරණයක් සිදු කරන මෙන් ඉල්ලා ජපාන රජයට දිගින් දිගටම සිය වි රෝධය පළ කළ අතර මෙම වි රෝධතා හමුවේ ජපාන රජයට සිය සංක්‍රමණික නීති සම්බන්ධ ප්‍රතිශෝධන පනත් කෙටුම්පත එරට ජපාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පවා ප්‍රමාද කිරීමට සිදුවිය.
ජපානයේ ආගමන විගමන කාර්යාංශය විශ්මාගේ ම රණය සම්බන්ධ සිදු කරන ලද පරීක්ෂණයෙහි අතුරු වාර්තාවේ සඳහන් වන්නේ ඇය මි යයාමට පෙර පැය ගණනාවක් හුස්ම අදිමින් ම රණය සමඟ පොරබදා ඇති බවයි. ඇය රඳවා සිටි කුටියේ සවිකර තිබූ සීසීටීවී කැමරාවල පටිගතවූ දර්ශන හරහා මෙම ඛේ දවාචකය අනාවරණයවී ඇත. ශිෂ්‍යාවක ලෙස ජපානයට යන විට කිලෝ 85ක් බරින් යුක්තව සෞඛ්‍ය සම්පන්නව හුන් විශ්මා මිය යනවිට ඉන් බර කිලෝ 19 ක් අඩුව තිබුණු බව අයගේ ම රණ පරීක්ෂණ වාර්තාව අනාවරණය කර තිබේ.
උපාධිධාරිනියක් සහ ඉංග්‍රීසි ගුරුවරියක වූ විශ්මාගේ සිහිනය වී ඇත්තේ ජපානයේ වැඩිදුර අධ්‍යාපනය ලබාගෙන එහි ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස කටයුතු කිරීමය. ඇය යම් රෝගී තත්වයකින් පෙළෙමින් සිටි බවට සාක්ෂි තිබුණ ද ඇයට ලබා දී ඇති වෛද්‍ය ප්‍රතිකාරවලින් අවධානය යොමු කර ඇත්තේ ඇයගේ මානසික සෞඛ්‍ය වෙතය. විශ්මාට ඇගේ රෝගයට අදාළ කිසිදු ප්‍රතිකාරයක් ලබා දීම තබා ඇයව රෝහල් ගත කිරීමේ වගකීම ද රැඳවුම් බලධරයින් සම්පූර්ණයෙන් පැහැර හැර ඇති බව ආගමන විගමන කාර්යාංශ වාර්තාව පෙන්වාදෙයි.
එම නොසැලකීම හමුවේ විශ්මා සඳමාලි 2021 මාර්තු 06 වෙනිදා දහවල් දෙකට පමණ කිසිදු හව්හරණක් නොමැතිව මාරයා සමග හුදෙකලා අරගලයක නිරත වී අවසන් හුස්ම හෙළා ඇත.විශ්මාගේ ම රණය පිළිබඳ ආරම්භයේදී සිදුකරන ලද විමර්ශනයේ අතුරු වාර්තාවේ ද ඇයගේ රෝගයට නිසි ප්‍රතිකාර නොලැබුණු බව පැහැදිලිවම සඳහන් කර තිබේ. රැඳවුම් බලධරයින් සිතා ඇත්තේ සිය රැඳවුම් සීමා ඉවත් කර ගැනීම සඳහා විශ්මා රෝගී තත්ත්වයක් මවා පානා බවයි.
වීසා කල් ඉකුත්වීම නිසා නීති වි රෝධීව ජපානයේ රැඳී සිටින සංක්‍රමණිකයින් වෙනුවන් පෙනී සිටින සංවිධානයේ යසුනොරි මත්සුයි විශ්මාගේ තත්ත්වය පිළිබඳව එරට ජනමාධ්‍ය වෙත මෙසේ ප්‍රකාශ කර ඇත.
““ඇය රෝහල්ගත කර ඇයට නිසි ප්‍රතිකාර ලබාදෙන ලෙස කිහිපවරක්ම අපි ඉල්ලීම් යොමු කර තිබුණා. නමුත් සංක්‍රමණිකයන් පිළිබඳ කාර්යාංශය සිටියේ ඇයට කිසිදු රෝගයක් නැතැයි කියන මතයේ. දෙදාස් විස්ස වසරේ අගෝස්තු මැද භාගයේ පටන් තමාට නිතර වමනය යන බව විශ්මා සිය රැඳවුම් නිලධාරීන්ට දන්වා තිබුණා. මෙම වසරේ ජනවාරි මාසයේ පටන් ඇයට වමනය, කැරකිල්ල, බඩේ කැක්කුම, කෑම අරුචිය සමඟ ශරීරය පණ නැතිවෙන්න පටන්ගෙන තිබුණා.”
උපුටා ගැනීම: – නයන තරංග ගමගේ