විශ්මිත පිලිතුර (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
තරිඳු සහ අචිනි දෙන්නා මට මුණගැහෙන්න නුගේගොඩ පංති යන දවස්වල. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම ආදරේ කරන දෙන්නෙක් වෙච්ච ඒ දෙන්නා උසස් අධ්යාපනය හදාරන්නත් තෝරගෙන තිබුනෙ එකම ආයතනයක එකම විෂය පථයක්. ඒ කාලෙ ඉඳන් මේ ජෝඩුව හොඳ ආදර වන්තයන් කියලා අපි හැමෝම දැනගෙන හිටියා. වැඩි දෙනෙක් එක්ක කතා බහක් නැතිව පාඩුවෙ ඉන්න අචිනිත් ඉක්මන් කේන්ති කාරයෙක් උන තරිඳුත් අතරෙ පංතිය ඇතුලෙත් පොඩි පොඩි බහින් බස් වීම් වචන හුව්මාරු ඇති උනත් ඒවා අපි කාටත් විශේශයක් උනේ නෑ. මොකද ආදරේදි ඔය වගේ දේවල් බොහොම සාමාන්ය සිද්දි නිසා. කාලයත් එක්ක අදාල අද්යාපනික කටයුත්ත නිම කරපු අපි එකිනෙකාගෙන් වෙන් වෙලා යාමත් එක්ක තිබ්බ පැරණි හිතවත්කම් බොහොමයක් මග් හැරිලා ගියා.
ඊට වසර ගනනකට පස්සෙ මට අචිනිව මුණගැහෙන්නෙ ෆේස්බුක් හරහා. එතනදි ඇතිවුන අදහස් හුවමාරුවකදි මම අචිනිගෙන් අහනවා තරිඳු ගැන.
“ඉතිං ඔයාලා දෙන්නා බැන්දද?”
“ඔව් අපි බැන්දා”
“කොහොමද දැන් තරිඳුට කොහෙද එයා වැඩ කරන්නෙ?”
“මම දන්නෑ අපි ඩිවෝස් වෙලා දැන් අවුරුදු දෙකක්”
“මොකක්?”
ඇයගෙ පිලිතුරෙන් මම විශ්මයට පත්වුනා.
“ඔව් ඒක දිග කතාවක්”
එදායින් පස්සෙ දවසක ඇතිවුන කතා බහකදි ඇය මා එක්ක කියනවා තරිඳුගෙ වෙනස්වීම ගැන.
“ඔයා දන්නවනෙ මම ඒ කාලෙ එයාට කොච්චර ආදරෙන්ද හිටියෙ කියලා. ඒ නිසා එයා කියන ඕනම දෙයක් අහන්න මම පුරුදුවෙලා හිටියා. කොට ගවුම් අඳින්න එපා ක්ලාස් යනකොට ඩෙනිම් විතරක් අඳින්න. ඒකත් ඇඟට හිරවෙන්න අඳින්න එපා, ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන්න එපා ඔය වගේ නීති ගොඩක් ඒ කාලෙම එයා මට දැම්මා.
ඒත් මම ඒවා එච්චර හිතුවෙ නෑ මට තියෙන ආදරේ නිසා එයා එහෙම කරනවා කියලා හිතාගෙන එයාට අවනත උනා. අපි බඳින්න ලන් වෙද්දි එයාගෙ නීති තව වැඩි උනා මම වෙඩින් එකට අඳින්න ඕන ඇඳුම පවා තීරණය කලේ එයා. ඒත් මගෙ ආසාවට වඩා මම එයාගෙ ආසාවට තැනදීලා නිහඬ උනා. බැන්දට පස්සෙ එයාගෙ නීති තව තවත් වැඩි උනා බස් වල යනකොට පිරිමි ඇඟේ වදිනව කියලා බස් එකේ වැඩට යන්න එපා කිව්වා . ජොබ් එකට යන්න ඕනනම් ස්කූටර් එකක් ගන්න කිව්වා අන්තිමට මම ඒකත් කලා. ඊට පස්සෙ ඔෆිස් එකේ ඉන්න මල්ලි කෙනෙක් එක්ක කතා කලා කියලා වැඩට යන්නම එපා කිව්වා. මේ කාලෙ වෙද්දි මට එයාගෙන් එන පීඩනය දරාගන්න බැරුව හිටියෙ මට තේරුනා එයා නිතරම මාව සැක කරනවා කියලා ඒ වගේම ඒක මොකක් හරි මානසික අවුලක් කියලා ඒ නිසා මම එයාව ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනියන්න පුළුවන් තරම් උත්සහා කලා. ඒකෙන් උනේ මට එයාගෙන් ගුටිකන්න උන එක විතරයි. එයාලගෙ අම්මලත් හොඳට ඉන්න කොල්ලව දොස්තරලා ලඟට ගෙනිහින් පිස්සෙක් කරන්න එපා කියලා මට සෑහෙන්න බැන්නා. උහුලගන්න බැරිම තැන මම මේ ගැන අපේ අම්මලාට කිව්වා එයාලත් තරිඳුට මේ දේවල් තේරුම් කරන්න උත්සහ කලා ඒත් එයාව වෙනස් කරන්න බැරි උනා අන්තිමට මට සිද්ද උනා එයාගෙන් වෙන් වෙනවා කියන තීරණයට එන්න .
ඒ කාලෙ වෙද්දි එයා ගැන කිසි ආදරයක් මගෙ හිතේ තිබුනෙ නෑ තිබුනෙ මම ගැන කලකිරීමක් විතරයි. මම ආයෙ කිසිම පිරිමියෙක්ට ආදරේ කරන එකක් නෑ මම ඒ ගෙවන නිදහස් ජීවිතයට මම ආදරෙයි.”
අචිනිගෙ ඒ කතාව අද මට මතක් උනේ එක්තරා කෙනෙක් මට කියපු දෙයක් නිසා
“මම නම් මචං අපේ එකීට ඕන විදියට නටන්න දෙන්නෙ නෑ. මම ඉඅරක් ගහලා ඒකෙ හිටගනින් කිව්වත් ඒකි ඒක උඩ ඉන්න ඕනා. ගෑණු ඉස්සරහා මිනිහා එක පාරක් පදිරි උනොත් ජීවිතේම පදිරි තමා”
පිරිමි අපි නොහිතන සමහර පුංචි දේවල් ඇති ගැහැනියකගෙ ආත්මයම කඩාවැටෙන්න. ඒක අපි අපහසුවෙන් හෝ තේරුම් ගතයුතු කරුණක්.
අචිනි අද තමන්ගෙම ව්යාපාරයක් කරගෙන ඇයගෙ ඉල්ලක්ක පසුපස යනවා. තරිඳු ගැන අදටත් ආරංචියක් අපි කාටත් නෑ.
උපුටා ගැනීම:  සමීර මධුසංක ( දඹලෙ)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!