ඊයේ දිනයේ දී පලකල පොස්ට් එකක් වන “විසුවියස් ගිනිකන්ද පුපුරා යාමෙන් මිනිස් ඇටකටු පමනක් ඉතිරූ වූ හර්කියුලේනියම් නගරයේ චායාරූපය” පිලිබදව කිහිප දෙනෙකුට නැගුන ප්‍රස්නයක් වූයේ විසුවියස් ගිනි කන්ද පුපුරා යාමේ දී පොම්පේ නගරයේ මිනිසුන් ගල් වී හර්කියුලේනියම් නගරයේ මිනිසුන් ඇටකටු බවට පත්වූයේ ඇයි යන්නයි.
ප්‍රශ්න නැගූ අයව අගය කරමි. 

ක්‍රි.පූ.79 දී, වෙසුවියස් කන්ද පුපුරා, අසල පිහිටි රෝම නගර වන පොම්පෙයි සහ හර්කියුලේනියම් උණුසුම් අළු වලින් වැසී ගියේය. අළුවලින් වැසුණු බොහෝ පිරිසකගේ ලක්ෂණ වූයේ සියලු දෙනාම වාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට උත්සහ දරා තිබෙන ආකාරයයි. දුම් වලින් සහ අළු වලින් නගර පිරී ගිය ද , නව අධ්‍යයනයකින් කියැවෙන්නේ හුස්ම හිරවීම බොහෝ වින්දිතයින්ගේ මරණයට හේතුව නොවන බවයි.
පුරාවිද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ , සුපිරි රත් වූ වායුවකින් හා උණුසුම් අළු රැල්ලකින් ඔවුන්ගේ රුධිරය තම්බා ඇති අතර ඔවුන්ගේ හිස් කබල් පුපුරා යාමට හේතු වූ බවයි. පොම්පෙයි සිට සැතපුම් 11 ක් පමණ දුරින් ධනවත් රෝමානුවන් සඳහා මුහුදු වෙරළේ පිහිටි නිවාඩු නිකේතනයක් වන හර්කියුලේනියම් හි බෝට්ටු නිවාසවලින් මේ පිලිබදව සාක්ෂි ලැබී තිබේ.
පුරාවිද්‍යාඥයන් විසින් පුපුරා යාම වළක්වා ගැනීම සඳහා ජල අද්දර කූඩාරම්වල සැඟවී සිට මියගිය සිය ගණනකගේ දේහය සොයා ගැනීමට පටන් ගත්හ. චායාරූපයේ වන්නේ එම පිරිසෙන් කොටසකි.
වසර සිය ගණනක් තිස්සේ පුපුරා නොගිය ගිනි කන්ද, අළු හා කුට්ටි කැබලි අහසට විදීමෙන් බොහෝ මිනිසුන් ඉවත් වීමට හෝ රැකවරණය පතා ගමන් කිරීමට පටන් ගැනිමට සිදූ වී ඇත. හර්කියුලේනියම් නගරය පොම්පෙයි නගරයට වඩා විසුවියස් ගිනිකන්ද ට ලගය. පැත්තකින් මුහුදය. ඉතින් ඔවුන් ජලයට ආසන්නව කූඩාරම් ගසාගෙන ආරාක්ෂාවිමට තැත් කර ඇත. නමුත් සුපිරි උනුසුම් වායුව ගලායාම පැයට සැතපුම් සියගණනක් වේගයෙන් කඳුකරයට පෙරළී දිය ඇලි කුටිවල සිටි මිනිසුන් අන්ධ කළ බව පෙනීයයි.
People one සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයන් පෙන්වන්නේ් බෝට්ටු හලේ අය මියගියේ අළු වැටීමෙන් හුස්ම හිරවීමෙන් නොව තාපයෙන් මියගිය බවට තවත් සාක්ෂි පවතින බවයි. විශේෂයෙන්, හිස් කබල් බොහොමයක් පිටතින් පුපුරා ගොස් ඇති බවත් ඒවා මත අපද්‍රව්‍ය ඇති බවත් පෙන්නුම් කරයි. අංශක 400 සිට 900 දක්වා තාපය වින්දිතයින්ගේ හිස්වල තරලය තම්බා ඔවුන්ගේ හිස් කබල් පුපුරා ගොස් ක්ෂණිකව ඔවුන්ගේ මොළය අළු ගැටිති බවට හරවන බව විශ්වාස කෙරේ.
ඉතාලියේ නේපල්ස් හි ෆෙඩරිකෝ II විශ්ව විද්‍යාල රෝහලේ අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන පියර් පාවුලෝ පෙට්රෝන් පවසන පරිදි හර්කියුලේනියම් හි පදිංචිකරුවන් පොම්පෙයිහි මිනිසුන්ට වඩා කන්දට සමීප වූ බැවින් උණුසුම වඩාත් තීව්ර විය. එකවර ඇතිවන අධික ඌෂ්නත්වය නිසා ලේ මස් වාශ්ප වී යයි… එය සෙමින් සිදුවන් උනුසුම වැඩි වීමක් නොවේ.එම නිසා හර්කියුලේනියම් නගරයේ මිනිසුන් අධික තාපය නිසා මස් සහලේ වාෂ්ප පී ගොස් හිස් කබල් පුපුරා මිය ගොස් ඇත . පසුව ඔවුන්ගේ ශරීර මත වැටුණු අළුවලින් වැසී ඇටකටු පමණක් ඉතිරි විය.එමනිසා ඔවුන්ගේ ශරීර පොම්පේ නගරයේ මෙන් මමීකරණය නොවිණි.
අනිත් අතට ඈතින් පිහිටි පොම්පෙයිහි මිනිසුන් “තාප කම්පනය” නිසා මිය ගිය ගොස් ඇත. මෙම ගොදුරු වූවන් දුරින් සිටි නිසා, තාපය අංශක 200 ත් 250 ත් අතර වූ අතර, හර්කියුලේනියම් හි ඇති තුවාල වලට සමාන තුවාල ඔවුන් නොලද අතර හුස්ම හිරවී මියගොස් අලුවලින් වැසී මමීකරනය වී නොනැසී පැවතුනි.
සැබෑ හානිය සිදුවන්නේ පුපුරා යාමෙන් මුදා හරින ලද ගෑස් සහ අළු වල පයිෙරොක්ලාස්ටික් ගලනයෙන් පමනක් නොව ශනිකව සිදුවන අදික තාපය ලේමස් සියල්ල් වාශ්පකර දමා මොලය පුපුරවා හරී. ලෝක යුද්ධය අවසානයේ ජපානයට එල්ල කළ පරමාණු බෝම්බ වලට වඩා වෙසුවියස් ක්‍රි.පු.70 දී පුපුරා යාම 100,000 ගුණයකින් බලවත් බව ගණන් බලා තිබේ.