අමෙරිකානු සහන සේවකයෙක් උගන්ඩා දරුවෙකුව සොම්බි (Zombie) තත්ත්වයට පත් කළේය යන චෝදනාව පසුගියදා ප්රවෘත්ති වල යනවා ඔයාල දකින්න ඇති. ඒත් එක්කම වූඩු ආගම (Voodoo) අප්රිකාවේ කොතරම් මුල් බැසගෙන තිබේද යන්න පිළිබඳ විවිධ මතවාද නැවත පලවෙන්න පටන් ගත්තා.
මේ වූඩු-සොම්බි අභිරහස පිළිබඳ සොයා යැමක්. දීප්තිමත් හිරුගෙන් ආලෝකමත් වූ මෙලොවට සොම්බී මිනිසුන් අයිති නැති බවත් ඔවුන් පැමිණෙන්නේ තමන්ව මරා දැමූ අයගෙන් ලෙයින් පළිගැනීම සඳහා බවත් නොඑසේ නම් ඒ ආත්මයේ තමන්ට අවසන් කිරීමට නොහැකි වූ කාර්යයක් නිම කිරීම සදහා බවත් ඔබ අපගේ පිලිගැනීම. අනිත් අතට ඒ ඇස් තුළ ජීවයක් දකින්න නෑ.. (ෆිල්ම්වල දැකල ඇති) ජීවයක් තිබෙන්නේ කෙසේද? සොහොන් ගැබ්වලින් අවදිවූ නමුත් ඔවුන් මළවුන්.
ඇවිදින මරණය යන අදහස එන සොම්බි යන යෙදුම ඔවුන්ට භාවිත කරනවා. සොම්බි කෙනෙක් මුහුණට මුහුණ මුණගැසුණහොත් එය කෙබඳු අත්දැකීමක් වෙයිද? එය බිහිසුණු ඇඟ ලොමුදැහැ ගැන්වෙන අත්දැකීමකි.
වරක හයිටි පුරවැසියෙක් එය මෙසේ විස්‌තර කළේය. “මම ඒක නැවතත් මතක් කරන්න කැමති නෑ. ඔහුගෙ ඇස් මැරුණු කෙනෙකුගේ වගෙයි. අන්ධ නැති වුණත් අන්ධයෙකුගෙ ඇස් දෙකක් වගෙයි. කිසිම දීප්තියක් නැහැ. මුහුණෙත් කිසිම හැඟීමක් පළවෙන්නෙත් නැහැ”. එය සත්යයකි. තවත් නම් මෙහෙමවත් ජීවත්වෙන්න බැහැ යෑයි එම ඇස්‌වල ලියෑවී තිබේ.
සොම්බි යන වචනය සමග වූඩු යන යෙදුමද නිතර භාවිත වේ. සැබවින් ම වූඩු යනු ආගමකි. තවද එය මැජික් ක්රමයක් ද වේ. වූඩු ආගමේ තිඹිරිගෙය හයිටි රාජ්යයයි. හයිටි ජාතිකයන් වූඩු ආගම ප්රගුණ කරන්නේ සොම්බිවරුන් මිහිදන් කර තිබෙන සොහොන් බිම්වලදීය. වූඩු ආගමේ මන්ත්රකරුවෝ යම් අයෙක් මිය ගොස් එක්‌තරා කාල සීමාවකදී ඔවුන්ව නැවත ජීවිතය කරා කැඳවීම සිදුකරති. මෙය ආත්මය, එම ශරීරය තුළට -රිංගවා මෙලොවට කැඳවීමකි. මේ සඳහා හයිටිවරුන්ටම ආවේණික යන්ත්ර මන්ත්ර හා පක්‌ෂි බිලි පූජා ද ක්රියාත්මක කෙරේ.
විසිවැනි සියවසේ මුල්භාගය තරම් සොම්බිවරු නිසා ලෝකය කැළඹූ යුගයක් නොමැති තරම්ය. හයිටි දේශය පවා මේ ඇවිදින මරණය නිසා සලිත වී ගියේ ය. වූඩු මැජික්‌කරුවන් විසින් මෙලොවට කැඳවනු ලැබූ මියගිය පුද්ගලයන්, ඒ මැජික්‌කරුවන්ගේ යම් කිසි ප්රමාද දෝෂයක් නිසා හෝ වෙනයම් අබිරහස් හේතුවක් නිසා ගම්මානවල සැරිසරන්නට පටන් ගැනීම එයට හේතුවයි.
තමන්ගේ ප්රියයන් සොම්බිවරුන් බවට පත්වී ගම්මාන පුරා ඇවිදයාම එක් අතකින් ඔවුන්ට දරාගත නොහැකි අත්දැකීමක් ද වූවාට සැක නැත. ඒනිසා තම සමීපතමයෙක් මියගිය විට ඔහුව මිහිදන් කළ ස්‌ථානය අසල දින ගණන් රැක සිටීමට ඥාතීහු වග බලා ගත්හ. මළ සිරුරේ සම්පූර්ණයෙන් ම මස් දිය වී යන තෙක් ම එසේ කෙරිණි. තවත් ක්රමයක් වූයේ මියගිය අයගේ හිසට වෙඩි තබා ඔවුන් වළෙන් නොනැඟිටින ලෙස තවත් වරක් මරා දැමීමයි.
සොම්බිවරු පිළිබඳ හොඳම අත්දැකීම හා උදාහරණය ලැබී තිබෙනුයේ ද 20 වැනි ශතවර්ෂයේ මුල් භාගයෙනි. එකල හයිටියේ අමෙරිකානු උක් සීනි සමාගමක් වූ හැස්‌කෝ වාර්තාගත ලාබයක් ලබමින් සිටි කාලයයි. ආයතනය ලබන ලාබය වැඩිකර ගැනීම සඳහා අලුතෙන් ම කම්කරුවන් නව දෙනෙක් බඳවා ගැනීමට එහි කළමනාකාරිත්වය තීරණය කළේ ය.
ඔවුන්ව මෙහෙයවීමටය ජෝසප් නමැති මුලාදෑනියා හට ද ඔහුගේ බිරියට ද නියම වී තිබිණි. මේ කම්කරුවන් නව දෙනාගේ මුහුණුවල රැඳී තිබුණේ සුවිශේෂී පෙනුමකි. ඒ මුහුණු මැළවී විකෘති වී තිබිණි. ඔවුන් හැඳ සිටියේ ද වැරහැලි ඇඳුම්ය. මුහුණුවල තිබූ හාමත් පෙනුම, දුප්පත්කම නිසාම ලැබුණකැයි ටයි ජෝසප් සිතුවේය. ඔවුන් පැමිණ සිටියේ හයිටි දේශසීමාව අසල ඉතාම නොදියුණු ගම්මානයකිනි.
එවකට හයිටි යටත් විජිතයේ නිල භාෂාව වූ ප්රංශ බස තබා දේශීය හයිටි භාෂාව ද කතා කරගත නොහැකිව ඔවුන් පසුවූයේ ලැඡ්ජාවෙනි. එහෙත් ඔවුන්ට බර වැඩවල යෙදීමට විශේෂ හැකියාවක් තිබෙන බව ද කළමනාකාරවරයා ටයි ජෝසප් හට දැනුම් දුන්නේය. ඒ අනුව ඔවුන්ට තෝරාදුන්නේ උක්‌යායේ අසීරුම වැඩ කොටසක් තිබූ ප්රදේශයකි. ඔවුන්ට වැටුප නියමිත කාර්යය අවසානයේ ජෝසප් අතට දීමට නියමිත වූ අතර එය ඔහු ඔවුන් අතර බෙදා දෙනු ඇත.
ප්රථම දිනය නිමාවිය. ඔවුන් කර තිබූ වැඩ තොගය දැක ජෝසප් මෙන්ම සමාගමේ කළමනාකාරවරයා ද විස්‌මයෙන් ගල් ගැසුණහ. මිනිසුන් සිය දෙනෙකුටවත් එක් දිනකදී කපා නිමකළ නොහැකි තරම් විශාල ප්රදේශයක උක්‌යායක් ඔවුන් විසින් කපා තිබිණි. දිවා ආහාරය ගැනීමට පවා ඔවුන් නතර වූයේ නැත. විවේක ගත්තේ ද නැත. සවස් කාලයේ දී මිලට් පොරිලින් සැදූ කැඳ පමණක් ආහාරයට ගත්හ. පසුදින ද මේ වැඩකිරීමේ කාර්යක්‌ෂමතාවයේ වෙනසක් දක්‌නට ලැබුණේ නැත. ගිනිගහන මද්ධහනේ නිරාහාරව සිටිමින් ඔවුහු වෙහෙස වී වැඩ කළහ.
එදින සවස, මේ වැඩ කිරීම ගැන අතිශය සතුටට පත්ව සිටි සමාගමේ කළමනාකාරවරයා මෙම කම්කරුවන් නවදෙනාට සෙසු අයට වඩා විශේෂ සැලකිල්ලක් දැක්‌වීමට තීරණය කළේය. ඔහු අසල්වැසි ගමක උත්සවයක් නැරඹීමට ඔවුන්ව කැඳවාගෙන ගියේය. එහෙත් උත්සවය, රසවිඳින බවක් නම් ඔවුන්ගෙන් දිස්‌වුණේa නැත. ඔවුන් කුසගින්නේ සිටින්නේ යෑයි සැකකළ කළමනාකාරවරයා දුඹුරු විස්‌කෝතු පැකට්‌ටුවක් ඔවුන්ට ගෙනැවිත් දුන්නේය. එවිට සිදුවුණේ පුදුමාකාර දෙයකි. ඔවුහු ඒ විස්‌කෝතු විකීමට උත්සාහ කර ඉන්පසු මහ හඬින් වැළපීමට පටන්ගත්තේ ය.
ඉන්පසු විදුලි වේගයෙන් හැරී දිව යාමට පටන් ගත්හ. ඔවුන් දිව ගියේ සීනි කම්හල වෙත ද නොවේ. තමන් පැමිණ තිබූ ගම්මානය වෙතටය.ඒ නව දෙනාගේ කණ්‌ඩායම ගම්මානයට සම්ප්රාප්තිවන විට ගම්මු භීතියෙන් ඇළලී ගියහ. ඔවුන් දුටුවේ තමන් මීට දින කිහිපයකට පෙර මියගොස් භූමදාන කර තිබූ නව දෙනෙක් නැවත තමන් ඉදිරිපිටට පැමිණ තිබෙන බවයි.
එම භීතිය ඉවසාගැනීමට සොම්බිවරුන් සූදානමින් සිටියේ නැත. ඔවුහු නැවත වරක් පලායාම ඇරඹූහ. මෙවර ඒ ගමන නතර වූයේ ගම්මානයේ සොහොන් පිට්‌ටනියෙනි. කඩිනමින් ඒ වෙත දිවගිය ඔවුහු තම තමන්ගේ මිනිය වළදමා තිබූ ගොඩැල්ල තෝරාගෙන එම හිස්‌වූ වළවල් තුළට පැන නිසල වූහ.
වූඩු සහ සොම්බිවරුන් මිත්යාවක් ද? බටහිර ලෝකය නොකඩවා ඒ පිළිබඳ ප්රශ්න කරයි. හාවඩ් විශ්වවිද්යාලයේ ගුප්ත විද්යාවන් පිළිබඳ පර්යේෂකයෙකු වූ ආචාර්ය ඊ ඩේවිස් හයිටි දේශයේ නැවතී සිට මේ පිළිබඳ පර්යේෂණ කළේ ය. පසුව ඔහු ප්රකාශ කළේ වූඩු මිත්යාවක් නොවන බවයි. ඇවිදින මළ සිරුරු හයිටියේ ගම්බද ප්රදේශ කිහිපයක සැරිසරා තිබෙන බව ද ඔහු පසුව ප්රකාශ කළේය.
ඔහු ඒ පිළිබඳ විද්යාත්මක පැහැදිලි කිරීමක් ද ඉදිරිපත් කළේ ය. එයට අනුව සොම්බිවරුන් ප්රථමවරට මියගොස් තිබුණේ බොහෝවිට බියුගෝ මැරිනස් නමැති ගෙම්බාගේ සමෙහි විෂ ශරීරගතවීම නිසා හෝ puffer fish නමැති මත්ස්යයාගේ විෂ ශරීරගතවීම නිසා ය. මෙහි දී ඔවුන් සත්ය ලෙසම මරණයට පත්නොවන බවත් එය සායනික නිද්රවක් පමණක් බවටත් ආචාර්ය ඩේවිස් මතයක් ඉදිරිපත් කළේය.
ඉන්පසු වූඩු මැජික්‌කරුවන් කරන්නේ එම විෂ වර්ගය පහ වී යන රහස් ද්රව්යයක් මළ සිරුරුවලට එන්නත් කිරීම බව ද ඔහු කීවේ ය. එම රහස් ද්රව්යය නිසා මිනීවළෙන් දින කිහිපයක් සඳහා පමණක් අවදිවීමට ඔවුන්ට හැකියාව ලැබේ. එහෙත් නොවිසඳුණු ප්රශ්න රාශියකි.
සොම්බි තත්ත්වයට පත් වූ අයට අධිමානුෂික කායශක්‌තියක් ලැබෙන්නේ කෙසේද? තමන් පැමිණිගම, තමන්ට සොම්බි මිනීවල ඔවුන් දැනගත්තේ කෙසේද? මේ සියලු සැකසංකා මධ්යයේ සොම්බි සහ වූඩු ආගම නයිජිරියාව, උගන්ඩාව, හයිටි දේශය ආදී බොහෝ අප්රිකානු රටවල අදටත් ජීවමානය.
උපුටා ගැනීම: රාම් වණා