උසස් පෙළ සඳහා ජීව විද්‍යාව හදාරන බොහෝ සිසුන් පිරිසක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා අයදුම් කරන විට ඒ අතරින් බහුලවම තේරී පත්වන පාඨමාලාවක් වන අතර විද්‍යාව කෙරෙහි ඉතාමත් උනන්දුවක් දක්වන ඔවුන් හට සුදුසුම උපාධි පාඨමාලාවකි. ඒ වගේම උපාධිය හැදෑරීමෙන් පසුව රැකියා අවස්ථා බොහොමයක් සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකි වන අතර එය ශ්‍රී ලංකාව තුළ වගේම ජාත්‍යන්තරය තුලද ඉහල පිලිගැනීමක් සහිත උපාධියකි.
ව්‍යවහාරික විද්‍යාව යනු ..
විද්‍යාව ප්‍රායෝගික ව වැඩි දියුණු කිරීම සඳහා තාක්ෂණය සහ නව නිපැයුම් පිළිබඳව හැදෑරීමයි.පළමුව මූලික විද්‍යාව හැදෑරීම ඔස්සේ ස්වභාවික ලෝකයේ පවතින සංසිද්ධීන් පිළිබඳව හැදෑරීම සිදු කරන අතර ඉන්පසුව වියවහාරික විද්‍යාව හරහා ප්‍රායෝගික යෙදීම් සඳහා යොදා ගනී. මේ හේතුව නිසාවෙන් විද්‍යා ක්ෂේත්‍රය තුළ ඉතාමත් දියුණුවක් ලබා ගනිමින් විද්‍යාව ප්‍රශස්ත මට්ටමක තබා ගනිමින් මානුෂීය ජීවිත වගේම පරිසරය ඉහළ තත්ත්වයෙන් තබා ගැනීම සඳහා ඉවහල් වේ.
ඒ වගේම මූලික වශයෙන් ව්‍යවහාරික විද්‍යාව හැදෑරීම සිදු කරන්නේ රසායනික විද්‍යාව,ජීව විද්‍යාව, ක්ෂුද්‍ර ජීවී විද්‍යාව,ආහාර පෝෂණය සහ පරිසර විද්‍යාව ඔස්සේයි.

ඒ වගේම විශ්වවිද්‍යාලයයන් තුළ වර්තමානයේ දී ව්‍යවහාරික විද්‍යාව උපාධිය සදහා සිසුන්ට අවශ්‍ය කරන දැනුම ලබා දීම සිදු කරන්නේ ඉහළම තාක්ෂණයෙන් යුත් දැනුම පද්ධතියක් හරහායි.ඔවුන්ට ප්‍රායෝගික දැනුම මට්ටමක් ලබා දෙමින් වෘත්තිය ලෝකයට අවශ්‍ය කරන කුසලතාවලින් පරිපූර්ණ සිසුන් පිරිසක් බිහි කිරීම අරමුණයි. උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටි සිසුන් ඉතාමත් සීමිත පිරිසක් මේ සඳහා බඳවා ගැනීම සිදුකරන අතර මෙම උපාධි පාඨමාලාව වසර 4 කින් යුක්තයි. ඒ වගේම තිබෙන වසර අවසානයෙන් පසුව bachelor of science study වැඩසටහන සඳහා යොමු කරනු ලබයි.ඉන් පසුව මාස 4ක කාලයක වෘත්තීය පුහුණුවක් පෞද්ගලික හෝ රාජ්‍ය ආයතනයන් තුල ලබාගත හැක.
මෙම උපාධි පාඨමාලාව හැදෑරීමෙන් පසුව ඔබට රැකියා අවස්ථා ලබාගත හැකි ක්ෂේත්‍රයන්..
රසායනාගාර විශ්ලේෂකයින්, රෝග විනිශ්චය විකිරණවේදින්, රසායන විද්‍යාඥයින්, ජෛව විද්‍යාඥවරුන්, භෞත චිකිත්සකයින්, අධිකරණ වෛද්‍යවරුන්, පරීක්ෂකවරුන්, පාසල් හෝ විශ්ව විද්‍යාල ගුරුවරුන්, හෙද සේවය.

ඔබට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් තුළින් ව්‍යවහාරික විද්‍යා උපාධිය හැදෑරිය හැකි අතර උපාධිය පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල..
- කොළඹ විශ්වවිද්‍යාලය
- පේරාදෙණිය විශ්ව විද්‍යාලය
- නැගෙනහිර විශ්ව විද්‍යාලය
- කැළණිය විශ්වවිද්‍යාලය
- වයඹ විශ්වවිද්‍යාලය
- අග්නිදිග විශ්වවිද්‍යාලය
- ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
- රජරට විශ්වවිද්‍යාලය
- ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය