සාමාන්යයෙන් ඕස්ට්රේලියානුවන් මිත්රශීලි, විනීත, අනිකාට ගරු කරන යහපත් වචනයෙන් කතාකරන, තමන්ගෙ වැරැද්ද පිලිගෙන සමාව ඉල්ලන මිනිසුන් වෙති. එහෙත් ඉඳ හිට අසාධාරණ ලෙස වැරැද්ද අනිකා පිට පටවා කතා කරන අය නැත්තේද නැත.
අද උදේ වැඩට යන විට ඔෆිස් එකේ තිබෙන මගේ කිරි බෝතලෙ ඉවර වී ඇති නිසා අලුත් කිරි බෝතලයක් ගැනීමට කඩයට දිව්වේ මම කාර් පාක් එකේ මගේ කාර් එක හරියට ගාල් කිරීමෙන් පසුවයි. මට එහා පැත්තේ තිබූ වාහනය හරියටම ඉර උඩම ගාල් කර තිබුනු බව දුටුවත් මම විනාඩියෙන් ආපසු එන නිසා ආයෙත් වාහනය ගෙන වෙන තැනක ගාල් කිරීමට කාලය ගතවෙන නිසා කඩය ඇතුලට ගියෙමි.
මම විනාඩියෙන් ආපසු එන විට, කාන්තාවක් අර කිව්ව වාහනය ලඟ හිටගෙන සිටි විට, ඇයට ඇයගේ වාහනයේ දොර අරින්නට බැරි නිසා ඉන්න බව දැක මම
‘කනගාටුයි, ඔයාට දොර ඇර ගන්න බැහැ නේ.’ කිව්වේ
‘දුක් වෙන්න එපා. ඒක මගේ වරද. මම හරියට පාක් කලේ නැහැ නේ’ යන්න බලාපොරොත්තුවෙන්. නමුත් ඇය කිව්වේ
‘අනික් අය ගැන හරියට හිතන කෙනෙක් නේ’
(very considerate, are we?) උපහාසයෙන් උපහාසාත්මක හිනාවක් සමග.
ඔන්න අර මගේ අනික් චරිතය (ජනාධිපති කිව්ව වගේ) එලියට ආවා එතකොට.
‘නෝනා, මම සොරි කිව්වෙ මනුස්සකමට, ඒක කියන්න කිසිම අවශ්යතාවයක් තිබුනෙ නෑ. බලන්න මම හරියට මගේ ස්ථානයේ පාක් කරලා. ඔයා තමයි අනුන් ගැන නොසිතා එහෙම පාක් කරලා තියෙන්නෙ. ඒ මදිවට මට වරදත් පටවනවා.’
(lady, I said sorry to be nice to you though I didnt have to. Look, how you have parked your car and how I have parked my one. You were the one who is inconsiderate. Dont put the blame on me.)
එයා තව තව මොනවද කිව්වා මට ඇහෙන්නෙ නැති වෙන්න (ඒවා ඇහෙන්න කියන්න තරම් ශීලාචාර නැතිව ඇති). ඊට පස්සෙ අමාරුවෙන් දොර ඇරගෙන ගියා මට ඇඟිල්ලකුත් පෙන්නලා. ඒ කියන්නෙ එයාට දොර ඇරගන්න බැරි කමට නෙවෙයි, පොඩ්ඩක් වුනු අපහසුවට එයාම කර ගත්තු. මම ආපහු මම වෙලා ෆොටෝ එකකුත් අරගෙන වැඩට ආවා).
තව දවසක අපේ ක්රිකට් මැච් එකක් වෙලාවක තරුණ අම්මා කෙනෙක් අවුරුදු දෙක තුනක දුවගෙ අතින් අල්ලගෙන ෆීල්ඩ් එක මැදින් යන්න ආවා. මම දුවල ගිහිල්ල කිව්වා
‘ප්ලීස්, මේක මැදින් යන්න එපා ඒක අන්තරාදායකයි. බෝලේ ඇඟේ වදින්න පුලුවන්’
සාමාන්යයෙන් නිම්මි හැර අනෙක් ගැහැනු අය මට කෑ ගහන්නේ නෑ කියල තිබුනු මගේ විස්වාසය කඩලා අර ගෑනි කිව්ව නේ
‘ඔයා කවුද මට කියන්න. මේ පිට්ටනිය කාටත් අයිතියි. බෝලෙ වදින්න පුලුවන් නම් ඔයාලා අපි යනතුරු සෙල්ලම නවත්වන්න. අපේ ඇඟේ බෝලෙ වැදුනොත් මම නඩු දානවා (I will sue your arse off කියල මගෙ ලස්සන පස්ස පැත්තත් මතක් කලා). පුදුම ආත්මාර්ථකාමී මිනිස්සු’
මට වචන එන්න ටික වෙලාවක් ගියා. මොකද ඔහොම මෝඩ කතාවක් ජීවිතේට බලාපොරොත්තු නොවූ නිසා. ඒත් මම නිකම් හිටියෙත් නෑ
‘දැන් ආත්මාර්ථකාමී අපි. සල්ලි ගෙවලා මේ පිට්ටනිය බුක් කරලා විසි දෙදෙනෙක් සහ විනිසුරුවො දෙදෙනෙක් ඉන්න තරඟය නවත්වන්න ඕන ඔයාලා දෙන්නා පිච් එක මැදින් යන නිසා’
මෙන්න ඒ පාර ගෑනි ෆෝන් එක අර ගෙන වීඩියෝ කරනවා අපේ මැච් එක. මම ටිකක් බයේ හිටියේ ගෑනි ගෙදර ගිහිල්ලා මිනිහට කියලා, එයා ගමේ චන්ඩි අරන් ඇවිල්ලා තමන්ගෙ රටට පිටින් ඇවිල්ලා උන් කියන විදියට ඉන්නෙ නැති එකාට නෙලයි ද කියලා. සමහර විට ඌ පලාත්සභා මන්ත්රී කෙනෙක් නම් තත්වය තවත් දරුණු වෙන්න පුලුවන් වෙයි කියලත් හිතුනා.
ඒත් මොකුත් වුනේ නෑ. සමහරවිට ගෙදර ගිහිල්ලා නොකියන්නත් ඇති, කිව්වත් මිනිහා හිනා වෙලා කියන්න ඇති ක්රිකට් මැච් ගහන කොට මුලු පිට්ටනියම අයිති ක්රීඩකයන්ට, අනික් අය වටෙන් යන්න ඕන කියලා.
තව දවසක මම ඇවිදින්න යන කොට නෝනා කෙනෙක් සොසේජ් බල්ලෙකුත් (dachshund) එක්ක මගේ ඉස්සරහට ආවා. මෙන්න මේ බල්ලා කිසිම හේතුවක් නැතුව මට ගොරවලා හපන්න ආවා. ඉතින් මම කිව්වා බල්ලට හිනා වෙලා
‘මොකක්ද අයිසෙ තමුසෙගෙ ප්රශ්නෙ (whats wrong with you mate)?’ කියලා.
මෙන්න අර ගෑනි සමාව ගන්නෙ නැතිව මට කෑ ගහනවා
‘මගේ බබාට මොකුත් කියන්න එපා. පිස් ඕෆ්’ කියලා.
මම ඉතින් හිනාවක් දාලා කිව්වා
‘කැත බල්ලෙක්, කැත අයිතිකාරියක්’
බල්ලයි, බැල්ලියි ඉක්මන් ගමනින් නොපෙනී ගියෝ ය.
මේ කතාවලින් මම දැන ගත්තේ නිම්මි හැර මට කෑගහන්නේ මෝඩ ගෑනු විතරයි කියල. ඒ වගේම ලස්සන, මොලේ තියෙන, හොඳ නෝනලා නම් කවදාවත් මට හිත රිදෙන්න මොකවත් කියන්නෙ නෑ කියලත්.
උපුටා ගැනීම: Devapriya Siriwardena