යළි කටහඩ අවදි කළ ඊජිප්තු නෙසියමුන් මමිය (විද්‍යා හා තාක්ෂණය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

නෙසියමුන් කියන්නේ කවුද? නෙසියමුන් යනු ඊජිප්තුවේ තීබ්ස් ප්‍රදේශයේ අමුන් නමැති ආගමික ස්ථානයක වාසය කළ පූජකවරයෙකි. ඔහු ශුද්ධත්වයේ යම් උසස් මට්ටමකට පත්ව සිටි පූජකවරයෙකු වූ අතර, එහෙයින් ඔහු වාසය කළ අමුන් ආගමික ස්ථානයේ අමුන් ප්‍රතිමාව අසලට යාමට ඔහුට අවසර තිබිණි.

මමිය-ස්කෑන්-කරන-අවස්ථාව

නෙසියමුන් නමැති පූජකවරයා වාසය කර ඇත්තේ, ක්‍රිස්තු පූර්ව 1099 – 1069 අතර කාලයේය. එම කාලය දේශපාලනික වශයෙන් අස්ථාවර තත්ත්වයක් පැවති එකොලොස් වන රැම්සෙස් පාරාවෝ රජුගේ පාලන සමය විය. තිබ්ස් හි ආගමික කටයුතු කිරීමට මෙම පූජකයාට තියුණු කටහඩක් තිබුණා. අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ, නෙසියමුන්ගේ දත් දැඩි ලෙස දිරාගොස් තිබූ අතර ඔහු විදුරුමස් රෝගයකින් පෙළුණු බවය. ඔහු දරුණු අසාත්මිකතාවකින් 50 හැවිරිදි වියේදී මියගොස් තිබේ.

එකොලොස් වන රම්සෙස් රාජ්‍ය පාලන සමයේ විසූ බවට තහවුරු වී ඇති එකම මමිය වන නෙසියමුන් නිසා වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ඔහුගේ මෘත දේහය මගින් පුරාණ ඊජිප්තුව පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ. මමියක් ලෙස සකස් කරන ලද නෙසියමුන්ගේ මෘත දේහය බ්‍රිතාන්‍යයේ ලීඩ්ස් නාගරික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තියෙනවා.

කටහඩ ප්‍රතිනිර්මාණය කිරීම.

නිර්මාණය-කළ-මමියේ-කෘත්‍රිම-ස්වරාලය

ඊජිප්තුවේ මමියක් ලෙස තැන්පත් කර තිබූ පූජකවරයෙකුගේ මරණයෙන් පසු ජීවිතය සඳහා වූ ප්‍රාර්ථනය විද්‍යාඥයින් පිරිසක් විසින් ඉටු කරනු ලැබ තිබේ. ඒ, කෘත්‍රිම වාචික ශබ්ද මගින් ඔහුගේ කටහඬ ප්‍රතිනිර්මාණය කිරීමෙනි. නෙසියමුන්ගේ මරණයෙන් පසු ඔහුගේ කටහඬ නිහඬ විය. එහෙත්, වසර 3000කට පසු පර්යේෂකයින් කණ්ඩායමක් ඔහුගේ කටහඬ යළි ජීවමාන කරන්නට සමත් වුණා.

ඊජිප්තුවේ නෙසියමුන් නමැත්තාගේ කටහඬ ස්වරයක් ආකාරයේ ශබ්දයකින් යළි නිර්මාණය කර ඇත.

ඔවුන් එසේ කර ඇත්තේ, නෙසියමුන්ගේ ස්වරාලයට සමාන වන පරිදි ත්‍රිමාණ මුද්‍රිත ස්වරාලයක් නිර්මාණය කිරීමෙනි. කෘත්‍රිම ස්වරාලයකින් නැගුණු ශබ්දය භාවිත කිරීමෙන් ඔවුහු නෙසියමුන්ගේ හඬට සමාන ස්වරයක් සංස්ලේෂණය කළෝ ය.

මෙම පර්යේෂණය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සහ යෝර්ක් විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමග ලීඩ්ස් කෞතුකාගාරය එක්ව සිදුකර ඇත.

මමිය-පරීක්ෂාකරමින්

කටහඬ ප්‍රතිනිර්මාණය කිරීමේ තාක්ෂණය මගින් “දීර්ඝ කාලයකට මිය ගිය අයගේ කටහඬ ඇසීමේ අවස්ථාවක් අපට ලැබී තියෙනවා,” මෙම පර්යේෂණයේ සම කර්තෘවරයෙකු වන යෝර්ක් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය ජොආන් ෆ්ලෙචර් පැවසීය.

මහාචාර්ය ෆ්ලෙචර් බීබීසී පුවත් සේවයට පැවසුවේ, නෙසියමුන්ගේ ආගමික විශ්වාස පද්ධතියේ කොටසක් වූ මරණින් මතු ජීවිතයේදී සිය හඬ ඇසීම නෙසියමුන්ගේ ප්‍රාර්ථනය වී ඇති බවයි.

“ඔහුගේ මිනී පෙට්ටිය මත ඒක ඇත්තට ම ලියලා තියෙනවා. ඒක තමයි ඔහුට අවශ්‍ය වුණේ, එක් පැත්තකින් අපිට පුළුවන් වෙලා තියෙනවා, ඔහුගේ ප්‍රාර්ථනාව ඉටු කරන්න,” මහාචාර්ය ෆ්ලෙචර් පැවසනවා.

මෙය මිය ගිය පුද්ගලයෙකුගේ කටහඬක් කෘත්‍රිමව සාර්ථකව ප්‍රතිනිර්මාණය කළ පළමු ව්‍යාපෘතිය ලෙස සැලකනවා. ඉදිරියේදී නෙසියමුන්ගේ කටහඬින් සම්පූර්ණ වාක්‍ය ප්‍රතිනිර්මාණය කිරීමට පර්යේෂකයෝ අපේක්ෂා කරන බවත් සඳහන් වෙනවා.

 

උපුටා ගැනීම: The Lanka Post

Limali De Mel
Candidate Student of Diploma in Mass Communication
University of Kelaniya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!