මේක මේ ඉස්කෝලෙ යන කාලෙ අපේ අයියලාගෙ පන්තිවල හිටපු නසරානි සෙට් එකත් එක්ක කරපු වැඩක්.
අපේ ඉස්කෝලෙ ඉතිං සෑහෙන විශාල භූමි ප්රමානයක තිබ්බ ඉස්කෝලයක්. විදුහල්පති තුමාගෙ ක්වාටර්ස් එක තිබ්බෙත් ඉස්කෝලෙ ඇතුලෙම පිට්ටනෙයෙන් එහා පැත්තෙ කෙලවරක. මේ විදුහල්පති තුමා බොහෝම සැර ඒ වගේම විනය කියන දේ ලෙසටම හදපු කෙනෙක්. එතුමාගෙ භාර්යාවත් අල්ලපු වැටේ තිබ්බ ප්රාතමික පාසලක ගුරුවරියක්. ගෙදර වෙන කවුරුවත් නෑ. හැබැයි දෙන්නම ඉන්ටර්වල් එකට ගෙදර එනව. ඒත් වෙලාවල් දෙකකට තමා එන්නෙ හේතුව ප්රාතමිකේ ඉන්ටර්වල් එක අපේ එකට වඩා පැය බාගයක් කලින් දෙන්නෙ. ඒක නිසා විදුහල්පති තුමාගෙ බිරිද ගෙදර ඇවිල්ල ආපහු ගියාම තමා අපේ සර් ගෙදර යන්නෙ. යතුර තියල යන්නෙ ගේ ඉස්සරහ දකුනු පැත්තෙ මල් පෝච්චියක.
ඉතිං මේ කියන දවසෙත් අර ටීච යතුර තියල යනව අපේ අයියල සෙට් එකත් බලාගෙන. විදුහල්පති තුමා එන්න තව විනාඩි කීපයක් පරක්කු වෙන සුනංගුවට එකෙක් ගිහිං අර හැමදාම යතුර තියෙන දකුනු පැත්තෙ මල් පෝච්චියෙන් යතුර අරං වම් පැත්තෙ පෝච්චියක යටින් තියල සුටුස් ගාල ආව.
දැං සර් එනව ගෙදර. අයියයල සෙට් එක පිට්ටනියෙන් එහා පැත්තෙ ඉදං දර්ශනේ නරබනව.
සර් ඇවිල්ල බලනකොට යතුර නෑ. සර් දොරත් තල්ලු කරල බැලුව ම්හු.. ඇරෙන්නෙ නෑ. පාපිස්ස යටත් යතුර නෑ . ඈතට උනත් දැං අසූහාරදහට තද වෙලා කියල පේනව. ඒ කාලෙ හෑන්ඩ් පෝන් එහෙමත් නෑ ඉතිං. මොනා කරන්නද කියල සර් තනියම බැන බැන ආපහු ඔපීස් එකට ගියා. ඒ අතරවාරෙදි අර නසරානියොන්ගෙන් එකෙක් ගිහිං අර යතුර ආපහු දකුනු පැත්තෙ පෝච්චියටම දාල ආව. ටික වෙලාවකින් මේන් දෙන්නම එනව පේනව. ඉන්ටර්වල් ඉවර වෙන්න කිට්ටු උනත් හොදම හරිය යද්දි සීන් එක නොබල කොහොමද . අයියල සෙට් එක බලාගෙනම ඉන්නව.
ටීච ආපු ගමන් වෙනදට තියෙන පෝච්චිය උස්සල යතුර ගත්ත. ලොකු සර් ඔලුවත් කස කස වටපිට බලනව ඒ මොකක්දේ උනේ කියල. කියන දේවල් ඇහුනෙ නැති උනත් සර් අත් දික් කර කර සීන් එක විස්තර කරපු හැටි බලන් හිටපු අපේ අයියයල සෙට් එකට ඇහැට කදුලු ඉනුවෙ දුකට නම් නෙමේ. හිනාවෙලාමයි. පස්සෙ කාලෙක ඒලෙවල් කරන්න ගියාම 80% නෑ කියල රෙජිස්ටරේ උස්සං ගෙදර යන්න තරම් ඒ අයියල අද්යාපන කටයුතු වලට බැදිල හිටිය…
උපුටා ගැනීම: Samya Charitha Bandara