යතුරුපැදි ප්‍රදර්ශනයේ බයිසිකලය (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ස්ටොක්හෝම් නම් යතුරුපැදි ප්රදර්ශනයේදී ස්වීඩන් පොලිසිය සහ මාර්ග ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනතුරට ලක් වූ මෙම වාහන යුගලය ප්රදර්ශනයට දමා තිබිණි. එහි ඉහලින් සිදුවීම විස්තර කර තිබිණි.
යතුරුපැදිකරු දාවනය කල වේගය නිසා ඔහුගේ මොලය විසින් අනතුර වළක්වා ගැනීමට ලබා දුන් ප්රතික්රියා කාලය ප්රමාණවත් නොවූ බව එහි සදහන් විය.
ස්වීඩන් පොලිසිය ඇස්තමේන්තු කර ඇති පරිදි බයිසිකලය මෝටර් රථය සමග මංසන්ධියේ ගැටීමට පෙර පැයට කිලෝමීටර 250 ක වේගයෙන් ගමන් කර තිබේ. එම වේගය අනුව ඔවුන් ප්රකාශ කරන්නේ යතුරුපැදිකරුට ප්රතිචාර දැක්වීමේ කාලය (වාහනය දුටු අවස්තාවේ සිට) ඔහුට තිරිංග යෙදීමට පවා ප්රමාණවත් නොවූ බවයි.
මෝටර් රථයේ මගීන් දෙදෙනෙකු සිට ඇති අතර යතුරුපැදිය පැදවූ පුද්ගලයා ද අනතුරින් පසු වාහනය තුලම සිට ඇත. නමුත් තිදෙනාම එම ස්තානයෙම මරණයට පත් වී ඇත. වොක්ස්වැගන් කාර් එක යතුරුපැදිය ගැටී අඩි 10ක් දුරට විසි වී ඇත.
පැයට කිලෝමීටර් 250 ක වේගයෙන් ගමන් කරන යතුරුපැදිය තත්පරයට අඩි 227 ක වේගයෙන් ගමන් කරයි. තත්පර 1.6 ක් යනු මොලය යම් සිදුවීමකට ප්රතිචාර දක්වන සාමන්ය වේගයයි. එනම් SEE-DECIDE-REACT සඳහා සාමාන්ය ප්රතික්රියා කාලය සැලකූ විට යතුරුපැදිකරු එම වේගය අනුව අනිත් පසින් එන වාහනය දැක මොලය විසින් කුමක් කල යුතුද යන්න තීරනය කිරීමට උත්සාහ කරනවිට යතුරුපැදිය අඩි 363ක් ගමන් කර අවසන් ය.
මොලයට පනිවිඩය ගොස් නැව්ත පැමිනීම්ටවත් කාලයක් නොමැත. ඔහු ජීවිතය හැර ගොස් අවසානය. හිතන්න…
සමහර විට තව කෙනෙක්ට වැදගත් වේවි. Share කරන්න
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!