ඔහු රසායන විද්යාඥයෙක් ..
ඔහුට දිනක් උවමනා කලා කාබන් පරමාණු 6 ක් එකිනෙකට සම්බන්ධ කරන්න
ඔහු දින ගනනාවක් වෙහෙසුනත් ඒ ගැන කිසිදු සාර්ථක විසඳුමක් ලැබුනේ නම් නැහැ
අවසානයේ ඔහු විඩාවට පත් වුනා.
ඔහු නින්දට වැටෙන්න ට ආසන්න මොහොතේ ඔහුට තමාට උපකාර ගත හැකි යම් කෙනෙකු වෙත්දැයි සිහිපත් කලා
ඔහුට මතකයට නැගුනේ ඔහු යටිසිත ගැන උගත් පාඩමක්
ඔහු නින්දට පෙර මෙසේ පැවසුවා..
මගේ යටිසිත මේ ගැටළුව විසඳා දේවි.
ඔහු නින්දට වැටුනා..
මධ්යම රාත්රියේ ඔහු අවදි වූයේ අපූරු සිහිනයක් දැකීමෙන්
සර්පයෙක් උගේම වල්ගය සපාගෙන කැරකෙන අයුරු යි ඔහු දුටුවේ.
සැනෙකින් ඔහුට කාබන් පරමාණු 6 එකිනෙකට සම්බන්ධ කල යුතු අයුරු අවබෝධ වූවා
ඒ අනුවයි ඔහු රසායන විද්යාවේ
බෙන්සීන් වලය නම් සුවිශේෂ ව්යුහය
නිර්මාණය කලේ..
ලෝකයේ ජයග්රාහී මිනිසුන් තමන්ගේ යටිසිත එක්ක ගනුදෙනු කිරීමේ කලාව හොඳින්ම දන්නවා.
ඔබේ දරුවාටත් ඉගෙනුම් කටයුතු වලට යටිසිත උදව් කරුවෙකු කරගන්න අයුරු කියා දෙන්න ..
ඔහු සියළු අභියෝග දිනාවි..
ඔබේ ජීවිත ගැටළු වලටත් බාහිර බලවේග වල නිසරු උදව් හොයන්නෙ නැතිව යටිසිතෙන් උදව් ගන්න
උපුටා ගැනීම: Samanthee Deshapriya Samarathunga