යොහානිවත් පුදුමයට පත්කරමින් යොහානි සිටි හෝටල් කාමරයට රිතික් රෝෂන් එවපු වටිනා තෑග්ග (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මුළු ඉන්දියාවම තම වසඟයට පත් කරගත්තු අපේ රටේ පුංචි කෙල්ල යොහානි මේ වෙද්දී ඉන්දියාවේ විතරක් නෙවෙයි මුළු මහත් ලෝකයේම ආකර්ෂණය දිනා ගනිමින් ජාත්‍යන්තර තාරකාවක් බවට පත්වී හමාරයි. ඉතින් යොහානි ඇගේ මංගල සංගීත ප්‍රසංගය වගේම ඉන්දියාවේදී පවත්වපු දෙවන සංගීත ප්‍රසංගයත් අති සාර්ථක ලෙස පැවැත්වුවා. ඉතින් ඇයට දෙවන සංගීත ප්‍රසංගයෙන් අනතුරුව ඇයට ආදරය කරන රසිකයින්ගෙන් වගේම බොලිවුඩයේ දැවැන්තයින් කිහිපදෙනෙකුගෙන්ම තෑගීභෝග බොහොමයක් ලැබී තියෙනවා. ඒ අතරින් තමන්ගේ හිත ගත්ත සුවිශේෂී වටිනා ත්‍යාගයක් ගැන යොහානි ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට සතුටු කඳුළු සමඟින් එකතු කරලා තිබුණේ මේ විදියටයි.

“ Thank you so much HRX Brand. ” ඉතින් මේ අපූරු වටිනා ත්‍යාගය එයාට ඒවා තිබුණේ බොලිවුඩයේ සුපිරි තරු රිතික් රෝෂන් විසින් බවයි වාර්තා වෙන්නේ. රිතික් රෝෂන්ගේ වෙළෙඳ සන්නාමයක් වන HRX නිෂ්පාදන පෙළක් තමයි මේ විදියට ඔහු විසින් යොහානිට ඇයගේ දක්ෂතාව අගයමින් වගේම ඇයට සුභපැතුම් එක් කරමින් ඒවා තිබෙන්නේ. ඇය එක්කර තිබූ චායාරූපවලින් අපිට හොඳින්ම දැකගන්න පුළුවන් වෙනවා ඇය ඒ වෙනුවෙන් කෙතරම් සතුටු වෙලාද කියලා. ඉතින් ඊට අමතරව දෙවන ප්‍රසංගයෙන් පස්සේ ඇයට ලැබුණු තවත් ත්‍යාග අගය කිරීම් පිළිබඳවත් තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මේ විදියට එකතු කරන්න යොහානි අමතක කර තිබුණේ නැහැ.

ඇත්තටම මෙය පුදුම වියයුතු කාරණයක් නෙවෙයි. ඉන්දියාවේ බොහොමයක් දැවැන්තයින් නව පරපුරේ දක්ෂතාවන්ගෙන් හෙබි තරුණ තරුණියන්ට තමන්ගේ අත්වැල ලබාදෙන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් මීට කාලයකට කලින් අපිට දැකගන්න ලැබුණා දුම්රියක ගී ගයමින් හිටපු රනු මොන්ඩාල්ට කෙතරම් වටිනා සුඛෝපභෝගී ජීවිතයක් ඇයගේ දක්ෂතාවය වෙනුවෙන් උරුම වුණාද කියලා.ඉතින් ඒ විදියටම මෙවර ඉන්දියන් ඉඩොල් දොළොස්වන තරඟාවලියේදී අවසන් තරඟයට තරඟ වැදුණු පවන්දීප් රාජන්ට සහ අරුනීතා කන්ජලාල්ටත් ඉතාම වටිනා ත්‍යාග හිමිකර දෙන්න රිතික් රෝෂන් අමතක කරලා තිබුණේ නැහැ.

අවසන් තරඟාවලියෙන් පස්සේ තමන්ගේ නිවසටම එන්න කියලා ආරාධනා කරපු රිතික් රෝෂන්ගේ පවුලේ සාමාජිකයින් අරුනීතාට වගේම පවන්දීප්ට ඉතාම වටිනා රන් මාලයක් සමඟින් රන් කාසිය බැඟින් දෙන්න කටයුතු කර තිබුණා. රුද්‍රාක්ෂ ලාංචනය තිබෙන අපූරු වටිනා රන් මාලයක් එක්ක ලක්ෂ්මි දේවියගේ රූපය සටහන් වුණු වටිනා රන් කාසියක් ඔවුන් දෙපලටම ලබා දෙන්නට රිතික් රෝෂන් වගේම ඔහුගේ පියා රාකේෂ් රෝෂන් සහ මව පින්කි රෝෂන් විසින් කටයුතු කර තිබුණා.ඉතින් අපේ රටේ මේ දක්ෂ සුරූපී කෙල්ල යොහානිට තව තවත් මේ වගේ වටිනා ත්‍යාග සමඟින් ඇයගේ සංගීත ගමනේ ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපිත් හදවතින්ම සුභපැතුම් එක් කරමු.

 

උපුටා ගැනීම: Lanka Plus

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!