සොක්රටීස්ගේ නඩු තීන්දුව වෙලාවේ ජූරි සභාව පන්සියක් හිටියේ කියලා තමයි කියන්නෙ. ඒකෙන් දෙසීයක් එයාට පක්ෂවත් තුන් සියයක් විපක්ෂ වත් තීරණය දුන්නලු.
ඒ කාලේ ග්රීසියේ තිබුණු පාලනය ප්රජාතන්ත්රවාදී රාමුවේ තිබුන එකක්. ඒ කියන්නේ අදහස් පළකිරීමේ නිදහස තිබුණා කියන එක.
ඕනම තැනක අදහස් පළ කිරීමේ නිදහස තියෙන්නෙ පාලකයන්ට තර්ජනයක්, එහෙමත් නැත්තං අභියෝගයක් වෙනකන් විතරයි.
ධනපති පන්තියේ ප්රභූ පැලැන්තියේ තරුණ පිරිස් අතර සොක්රටීස් ප්රශ්න කිරීම් වලට ලක්වුනා, ඒවාට සොක්රටීස් දුන් පිළිතුරු වල සරදම ගැබ් වෙලා තියෙද්දී පාලකයන්ට එයාව නිහඬ කරන්න ඕන වුණා. සරදම කියලා කියන්නේ එයාගේ දේශන රටාව .
පවතින දෙවියන්ව විවේචනය , නව දෙවිවරුන් හඳුන්වාදීම, ඒහරහා තරුණ හිත් දූෂණය කිරීම, පොළොව යට අහස උඩ නොසෙවිය යුතු දෑ සෙවීම වගේ චෝදනාවලට අන්තිමට එයා වැරදිකාරය වුණා.
ඒ කාලෙ තිබුණු දඬුවම් ක්රම අනුව සොක්රටීස්ට තමන් කරපු කියපු දේවල් ගැන සමාව ඉල්ලූවා නම් ලිහිල් දඬුවමකින් මේක කෙළවර කරගන්න තිබුණ කියලයි කියන්නේ.
ඒ විතරක් නෙමෙයි එයා හිරගත වෙලා හිටපු කාලෙ එයාට පැනලා යන්න අවස්ථාවකුත් ප්ලේටෝ ඇතුළු පිරිස හදලා දුන්න කියලා කියනවා.
ඒ සේරම ප්රතික්ෂේප කරපු එයා සියතින් වස පානය කරලා මැරෙන්න දීපු දඬුවම පිළිගත්ත.
ක්රිස්තු පූර්ව 469 – 399 දක්වා අවුරුදු හැත්තෑ එකක් (උපන් වර්ෂය විවාදාත්මකයි) ජීවත් වුණ සොක්රටීස් අන්තිමට තමන් අතින්ම වස බීල මැරුණ.
අදටත් සමහර පාලකයන්ගෙ තීන්දු තීරණ ක්රියාත්මක වෙන්නෙ අර එදා ජූරියේ නිවැරදි තීරණය ගත්ත 200 දෙනාට වඩා වැරදි තීරණය ගත්තු 300 ට ඕන විදියට. සරලව කිව්වොත් වැඩිපුර ක්රියාත්මක වෙන්නෙ ජනප්රිය තීරන මිසක් නිවැරදි තීරණ නෙමේ.
කොහොම වුණත් මේ පින්තූරයෙ ඉන්න සොක්රටීස් ලස්සන උනාට ඇත්ත සොක්රටීස් ලස්සන මනුස්සයෙක් නෙමෙයි කියලයි කියන්නෙ.

උපුටා ගැනීම: ..සමීර බෝපගේ …