🍃 උන්මාද මානම්කුල 🍃
උන්මාදන අසුර දන් සර
කදු මුදුනේ…
සිර වි යයි ඒ මානම්කුල
මුඳු අතරේ
🍃
°°° මහදර පුරාණ මහා සාපි…
කල් ගත කල් නොමකන මේ සාපි…
සදාකල් මා නුබ පැතු මා ගිරිසාපි…
අවසන් නුබ එනකම් මා බල දුන්
සාපි…
සාපි වේවා මානම්කුල දේවතාවි… °°
මානම්-
පව්ල් පිටිල් පව්ල් මල යකුන් වෙවා…
බත බුලත මල පෙරෙත සැතිර වේවා…
නියම්ගම් නියම් ධන ශුන්යය වේවා…
නිදොකල් නුබලා නිදොස් නොවෙවා… සාපි සාපි මහා සාපි… °°°
මානවි-
‘ මගෙ දෙයියො… මගෙ මහත්තයො… මාව දාලා යන්න එපා රත්තරන්… උබලාට සාප වෙනවා… මේ අපරාදේ කරන්න එපා… උබලා මැරිලා පලයල්ලා… මගෙ දෙයියො… මට බැ මගේ දෙයියො නැතුව ඉන්න… අතැරපන් මගෙ මහත්තයාව… මගෙ රත්තරන් මහත්තයො… මානම් දෙයියො… ‘
‘ මායවි… සමාවෙයන් කෙල්ලෙ… මේ දෙයියොට සමාවෙයන්… මන් බලාන් ඉන්නම් මයෙ කෙල්ල එනකම්… ඒත් මන් නිහඬ වෙන්නෙ නැ… මන් රැක්ක මේ අඩවියම… මේ ගිරි පඬුරු පූජාවම… ගිනි ගනීවි දවසක… මානම්කුල මානම් බලාන් ඉන්නම්… මයෙ කෙල්ලට ඇත්ත කියාන්නම්… සමාවෙයන් මායවි… ‘
‘ මානම්… මන් ආවා මානම්… සාපය ඉවර කරන්න… ඔයාව නිදහස් කරන්න… ඒත් ඔයාගෙ ඇත්ත මට දැන ගන්න ඕන… ඇයි මගෙ මානම් ගිරි පඬුරු බාර අරන් මානම්කුල හන්ඟා ගත්තේ… මම හැමදේම හරි ගස්සන්නම්… ආත්මිය ශාපයම… ඉවර කරන්නම්… මගෙ දෙයියො ආයෙත් එනවා නම්… ඒත් මගෙ මානම් ආවා… මාව හොයාගෙනම ආවා… ‘
‘ මන් බලාන් හිටියා සුදු කෙල්ල එනකම්… ඒත් මන් කිසි දෙයක් දන්නෙ නැ සුදු කෙල්ලෙ… මන් මානම් තමයි… ඒත් මානම් කිසි දෙයක් දන්නෙ නැ… මගෙන් අහන්න එපා රත්තරන් සුදු කෙල්ලෙ… ඒත්… මොන දේ උනත් මාව දාලා යන්න එපා… ඔයා මාව දාලා ගියොත් මට දරා ගන්න බැ… ඒක විතරයි මන් දන්නෙ… මට සමාවෙන්න මගෙ සුද්දි… මගෙ අක්ශි… ‘
••••••••••
උන්මාද මුතු මීදුම් සරන් දෙව් අඩවියේ…
ඔබය හරිත දෙව් මැව් පෙම් පුජාසන උත්තරියේ…
පමාවන්නට සාපේ කල් සාපි ආත්ම බවයේ…
අවසර දෙන් ඔබ පාමුල වැඳ සාපි අවසන් කරන්න සාපේ…
මා ගිරි පඬුරු දෙන්නම් උන්මාද මානම්කුල කදු මුදුනේ…
සමා වන්න මා දෙවි ස්වාමි ගිරිසාපි අවදි වෙන්නම් ඔබේ නාමේ…
°°°°°
🍃ගිරිසාපි
කතාවෙන් ඉදිරියට. සැගවුන දේවියකගෙ අනුවේදනීය ගිරිපඬුරු පුජාව.
🍃මානම් දෙවියො.
මානම්කුල අඩවියේ මානම්ගම ගම්මානයෙහි අතීතයේ ඉදන් පැවත එන මානම්කුල කදුකරයට අදිපති දෙවියන්. මානම් ලෙස මානම්කුල අඩවිය ආරක්ශා කරන තරුනයෙක්. ජනප්රවාදයන්ට අනුව මානම්කුල දෙවියන්ගෙ එක් අවතාරයක්. නමුත් ඔහු දෙවියෙක්ද මනුෂ්යයෙක්ද යක්ශයෙක්ද යන්න කවුරුවත්ම දන්නෙ නැ. අදටද මානම් අබිරහසකි.
🍃මායවි
මානම් සමග ආදරයෙන් මානම්ගම පාරම්පරික වෙද පව්ලක බාල දියනිය. මානවි වෙද ශිල්පයේ කෙල පැමිනි ලාබාල තරුනියක් ලෙස ගමේ ගෞරවය ලැබුනා.
🍃අක්ශි මිත්ලානා ඩියොන්.
ශ්රී ලන්කා ජාතික මවක් සහ ජර්මානු පියෙකුගෙ දෙවෙනි දියනිය. අලන්කාර රත් පැහැ දිගු ගන කොන්ඩයක් සහ මුහුදු නිල් පැහැ දෑසක් තියෙන රූමත් හුරුබුහුටි යුවතියක් උන අක්ශි බොහො හේතුන් නිසා තමන් ඇත්තටම කවුරුන්ද කියලා අමතක කරලා නිහඩ චරිතයක් උනා. ඒත් එක කාලයකට විතරයි. මානවි අක්ශිගෙ පෙර ආත්මය. ඒ වගේම තව එක් අයෙක්.
🍃මානම් උත්තරාධර ( අභිරහසක් )
සැගැවුන රහසක කම්පාසගත මානම් කවුරුන්ද කතාවෙන් ඉදිරියට.
මානම්කුල දෙවියොත් නොබැලු ඇගේ ප්රේමයේ අවසන් ආත්මිය විලාපය මුසු මහා කම්පිත ප්රේමයක ශාපයෙන් මුදාන් පෙම්බරය මැකී ගිය අඩවිය සොයාන් යන් ඇගෙ අනුවේදනීය ආත්මීය අන්දරය…
එක් වෙන්න…
තුන් භව සරා එකම දෙව් පෙම පතා, ගිරිපඬුරු සාප කදු මුදු කම්පා කල… අවසන් තුන් යුග අන්දරය…
මෙහෙසරා සඳමාලි / සඳමාලි පෙරුම්බුලිආරච්චි
•• දේවි දේවි මගෙ ගිරි දේවි…
සසර සර මා පුරන දේවි…
පෙම්බර ගිරිකුල මගෙ දෙවි…
නුබ නා මග මා බලන් දේවි…
සාපි අවසන කර මගෙ දෙවි…
සමා යදි සසර කලකිර දේවි…
මා නුබේ මානම්කුලය දේවි… ••
උන්මාද මානම්කුල (1 කොටස)
” අනේ මගේ දෙයියො… මාව දාලා යන්න එපා… මගේ බුදු මහත්තයො… අතැරපල්ලා… මට යන්න දීපල්ලා… මගේ මහත්තයාව අතැරපල්ලා… උබලාට හෙන ගහනවා යකුනෙ… අපිට යන්න දීහල්ලා… මගේ දෙයියො… උබලාට සාප වෙනවා… උබලා මැරිලා පලයල්ලා… ”
අහිංසක කෙල්ලගෙ විලාප හැඩුම් හඩ මහ අන්දකාරයේ දොන්කාර දුන්නෙ මහ වැසි ඇද හැලෙන මානම්කුල කදුයායම කම්පා අරලා. ඒත් ඒ විලාපයට කිසි කෙනෙක්ගෙ අනුකම්පාවක් ලැබුනෙ නැ. මහ මුසල රෑ යාමයේ කෙල්ලගෙ ඇස් පනාපිට ගිනි පෙනෙලි උස්සා ගත් වියරු ගම්මුන් කෙල්ලට පෙනුනේ කිසි වරදක් නැති මේ ජිවිත ගිල ගන්න ආව රාක්ශයො වගේ. ඒත් ඒකේ වෙනසක් තිබ්බෙ නැ.
කෙල්ලගෙ අත් මිරි කාගෙන අල්ලාන් හිටපු මිනිස්සු දෙන්නාටත් ගගහා කෙල්ල දැගලුවේ ප්රාන සම ඒ පෙම්වත වෙත යන්න. ඒත් ඒ රෑයාමය කුරිරුයි. මානම්කුල කදුමුදුනේ පුරාන දෙවොල ඉස්සරහා දේව කුහර ලෙස පුද ලද ඒ ගුහා කුහරය ඉස්සරහා ආදරනීය ප්රේමවන්තයාගෙ අවසන් මොහොත කෙල්ලගෙ හිතට දැනුනා. දෙවියන්වත් නොලද ආශිර්වාද කෙල්ල ජීවිතයෙන් අයැදුවේ ඒ පන බේරාගන්න. වරුසාව මැද කදුයායත් අසරනයි.
‘ අනේ මගෙ මහත්තයො… යන්න දීපල්ලා… මොන වැරැද්දක් කරාටද අපිට මෙහෙම කරන්නෙ… අනේ කදු දෙයියොම බලන්න මේ අසාධාරනේ… මගෙ මහත්තයො… ‘
අහින්සකී මොර දුන්නේ ප්රේමයේ නාමයෙන්.
‘ ඕකිගෙ කට වහපල්ලා… උබලා නොකලාට කම් නැ… උබලා ගෙවාපිය මේ සාපේ… ‘
‘ මානම්කුල දෙයියෝ… සාපෙට සාපේ… සාදු සාදු සාදු… ‘
‘ මනම්කුල කදු දෙවි හාමුදුරුවනේ… බාර ගන්න මේ කුලුදුල් සාපේ… ‘
ගම්මු දොහොත් මුදුන් දිලා එක හඩින් කිව්වෙ මහ වරුසා අස්සෙ හෙන ගෙඩි ගහන අස්සෙ. මානම්කුල දෙවියො මේ මහා පොලොව නුහුලන අපරාදය දිහා බැලුවේ නැ.
වරුසාවට සේදිලා යන ගල් බැවුමේ කුහරය ඉස්සරහා ගල් වට පෙට්ටියේ දෙදන තියා නිසොල්මන්ව හිටපු ඒ පිවිතුරු දෙනෙත් එක් මොහොතකට දෙනෙත් උස්සලා බැලුවේ විලාප තියන පෙම්බරිය දිහා. නිහඩව හිටියේ කුරිරුකම් පවා ඉවසලා. ඒත් දෙවියන් ඉස්සරහා ජීවිතය යදින ඇය වෙනුවෙන් ඔහු තාමත් නිහඩයි.
‘ අනේ මගේ බුදු මහත්තයො… රත්තරන්… මාව දාලා යන්න එපා… උබලා තිරිසන්නු… ‘
ඇය තාමත් ඉකි ගැහුවා. ගම්මුන්ගෙ බියකරු ඇස් ඉස්සරහා අනුකම්පාවක් නොව තිරිසන්කමටත් එහා පිපාසය විතරයි තිබුනේ.
‘ උබලා විදවාවි මේ කරන අපරාදෙට… අනේ දෙවියනේ… මොන සාපයක්ද මේ… උබලා කරන ඒවාටයි සාප වෙන්නෙ… මගේ දෙයියො… ‘
කෙල්ලගෙ විලාපය අතරින් අත් ඔසවාගෙන එකම සාදුකාරය දෙන ගම්මුන් මහා අපරාදයකට පියවර තිබ්බෙ නිහඩ ඔහුගේ ඇස් ඉස්සරහා.
‘ මානම්කුල දේවතාවො… බාර ගන්න මේ තුටු පඬුර… තුන්කුල් පිවිතුරු ආත්මය… සාදු සාදු සාදු… ‘
මහා හඩින් බෙරිහන් දුන් අෂ්ට කියවු මිනිසා සන් කලේ ලග හිටි මිනිසුන්ට. කෙල්ලගෙ ඇස් ඉස්සරහා කොල්ලා බලාන් ඉද්දි ඒ කලුගල් පියන කොල්ලා හිටපු ගල් බදුන හිමින් වසා දැමුවේ කොල්ලා තාමත් බලාන් ඉද්දි. කෙල්ලගෙ මහ හැඩුම් එක්ක කෙල්ලගෙ බොද ඇස් අන්තිමට දැක්කෙ ඒ මුවින් පිට වුන වචන පේලියයි.
” මහදර පුරාණ මහා සාපි…
කල් ගත කල් නොමකන මේ සාපි… සදාකල් මා නුබ පැතු මා හි…
අවසන් නුබ එනකම් මා බල දුන් සාපි…
සාපි වේවා මානම්කුල දේවතාවි… ”
අවසන් ඒ මිමිනුව කෙල්ලගෙ දෙසවන් ලග රැදුනේ කෙල්ලගෙ විලාපයෙන් කදුකරයම හෙල්ලිලා යද්ද්දි.
සාපයක් නොලද කදුකරය නිදොස් ඒ පෙම් කතාවේ සාපය සත්යක් කරමින් මහා අපරාදයකින් මානම්කුල සගවා ගත්තේ ඇගෙ කදුලින්.
‘ උබලාට සාප කරනවා මන්… මේ කරපු අපරාදෙට…
පව්ල් පිටිල් පව්ල් මල යකුන් වෙවා…
බත බුලත මල පෙරෙත සැතිර වේවා…
නියම්ගම් නියම් ධන ශුන්යය වේවා…
නිදොකල් නුබලා නිදොස් නොවෙවා… සාපි සාපි මහා සාපි… ‘
ඇගෙ දෝන්කාරය කදුකරයම සාපයෙන් වෙලා ගත්තේ සාපයන් නොව්න් සාපය උපන් යාමයත් එක්ක. ‘
වසර හැටකට පසු… 🍃 🍃 🍃
” මානම්… මානම්… මගෙ මහත්තයො… මගේ මානම් දෙයියො… ”
සිහින් අහසේ ඇදි යන මියුරු කටහඩක් කන ලගින්ම මිමිනුවේ හරි ලයාන්විතව. සිසිල් සුලග හමන හරිත වර්න වෙල් යායේ නියර දිගෙ පාවන් නැති සියුමැලි පියවර තියලා ඒ දිගම දිග කොන්ඩේ ගසාගෙන දුවගෙන එන රුව එක එල්ලෙ බලාන් හිටියේ සුන්දර වලාකුළු හැපෙන ඒ ලස්සන කදුකරය පාමුල ගල් තලාවේ ඇය එනකම් බලාන් ඉන්න රුව දිහා. ඒත් රූ දෙකම බොද වෙලා තිබුනේ හිතම වේදනා දෙද්දි.
” මානම්… මගෙ මහත්තයො… ”
කන ලගම ඇසුන හඩින් එකවරම ඇස් ඇරපු අක්ශි මුලු ඇගම දහදිය දාලා තිබ්බෙ ඇග කිලිපොලාන ඒසි එක්කමයි. කෙල්ල වේගයෙන් නැගිට්ටෙ ඒ හුරුපුරුදු හඩ ඒ නම එක්ක. හිත විතරක් නෙමෙයි. මුලු හිසම අමුතුම විදිහට වේදනා දුන්නෙ කෙල්ලට ආයෙත් නින්දක් ලන් නොවෙන්න. අක්ශි ඇදෙන් නැගිටලා නාන කාමරේට ගියේ හිත තාම ගැහෙන සද්දෙන්.
මුහුනට වතුර එකක් දාගෙන ඔලුව උස්සලා කන්නාඩිය දිහා මොහොතක් බලාන් හිටපු අක්ශිට හීල්ලුනේ ඉබේටමයි. අක්ශිගෙ මුහුදු නිල් පාට ඇස්ව කදුලු පේලියට රෝස කම්මුල් දිගේ පහලට ගලාන් ගියා. ඒ රක්ත පැහැට හුරු මෙරුන් පාට දිගම දිග කොන්ඩේ පුරා වතුර බිදු දිලිසුනා. අක්ශිට හැඩුම් ආවේ මුලු ආත්මෙම උදුරාගෙන එන වේදනාව එක්ක.
ඒ වේදනාව, ඒ විලාපය, ඒ සාපය අදටත් අක්ශිට වේදනා දුන්නෙ මතක ඇති කාලේ ඉදන්මයි. පෙර බවය ලද අමරනීය පෙම්වත පුද සාපය අක්ශිට එක මොහොතක් නෑර මතකයි. ඒත් ඒ ආත්මගත කතාව අක්ශිගෙ හිතේ විතරක් සදාකල් උනා.
මිති… මිති.. ඔයා ඇතුලෙද… අනේ ඉක්මනට එන්නකො… මටත් යන්න ඕන…
නාන කාමරයේ එලියෙන් ඇහෙන අක්ශිගෙ අක්කා අක්ශාගෙ කටහඩ ගැස්සුන අක්ශි ලොකු හුස්මක් අරන් මුන පිහදාගෙන එලියට ආවේ කිසි හිනාවක් නැතුව. එලියේ අමාරුවෙන් වගෙ ඉන්න අක්ශා කෙල්ල දිහා අඩන්න ඔන්න මෙන්න වගේ බැලුවා.
හයියු… අමාරුයි… මොනවාද අනේ ඇතුලට වෙලා කරන්නෙ…
අක්ශා කලබලෙන්ම නාන කාමරේට ගිහින් දොර වහ ගත්තේ වේගයෙන්. අක්ශි ඒ දිහා බලලා ආයෙත් ඇදට වැටුනේ පපුව අල්ලාගෙන. මේ හැගීම මුලු හිතම කම්පා කරන වේදනාව අක්ශි දරාන් ඉන්නෙ මතක ඇති කාලෙ ඉදන්මයි. පෙර අත්මයේ මතකයන් එක්ක ඒ හැම මොහොතක්ම කිසිම වෙනසක් නැතුව මතකයේ රදවන් අක්ශි නිහඩවම ඉන්නෙ ඇයි කියලාවත් කෙල්ලට හිතා ගන්න බැ.
හම්මො… සනීපෙ…
අක්ශා හරි සැහැල්ලුවෙන් බෙල්ල ලගට කෙටි ලස්සන මෙරුන් පාට කොන්ඩේ ගසලා මුහුදු නිල් පැහැ ඇස් වලින් අක්ශි දිහා බැලුවා. ඒත් අක්ශි හිටියේ හැමදාම වගේ කෙල්ලගෙ කල්පනා ලොකේ. පුන්චි කාලේ හරිම දගකාර හුරතල් කෙල්ලෙක් උන අක්ශි අවුරුදු එකොලහක් වෙනකොට ගොඩාක්ම වෙනස් කෙනෙක් උනේ හරිම වේගයෙන්. ඒ වෙනස පව්ලේ අයට දැන් සාමාන්යයි. ඒත් ඊට වඩා දෙයක් අක්ශා දන්නවා.
මිති… ඔයා ආයෙත් හිනේ දැක්කාද…
හ්ම්ම්…
ඔයා මට කවද්ද ඔය දේවල් කියන්නෙ මිති… ඔයා මුකුත්ම කියන්නෙ නැතුව හිතේ හන්ගන් ඉන්නවා…
හ්ම්ම්…
අක්ශි කිසි උත්තරයක් දුන්නෙ නැ. ඒත් හැමදාම වගේ කතාව එතනින් ඉවරයි. කෙල්ල දිහා බලලා අක්ශා පොත් බැග් එකයි ෆයිල් ටිකයි අතට අරන් ආයෙත් කෙල්ල දිහා බැලුවා.
ඔයා අපේ කැම්පස් එකට සිලෙක්ට් වෙලා ඉන්නෙ… ඩැඩි කැමති ඔයාත් ඒකටම යනවා නම්… ඒත් ඔයා කැමති දෙයක්… හොදගෙන පහලට එන්න… මමි කතා කලා…
අක්ශා යන්න දොර ලගට යද්දි අක්ශි යන්තම් අක්ශා දිහා බැලුවා.
මෙල්…
අක්ශිගෙ සිහින් හඩ පවා අක්ශාට දුකයි.
කියන්න මිත්…
මෙල්… මට ලන්කාවට යන්න ඕන… මමිගෙ රටට…
අක්ශි කියද්දි අක්ශාගෙ ඇස් ලොකු උනේ ගොඩාක් පුදුමයෙන්. අක්ශිගෙ හැම වචනයකම හේතුවක් තිබ්බා.
උන්මාද මානම්කුල (2 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)