02 🍃
අක්ශාගෙයි අක්ශිගෙයි අම්මා පවනි ශ්රී ලන්කා ජාතික කාන්තාවක්. මතක ඇති කාලෙ ඉදන් පව්ලේ අය ලන්කාවට කිහිප සැරයක් ගිහින් තිබ්බාත් ඒ කිසිම සැරයක අක්ශි ලන්කාවට ආවේ නැ. කෙල්ල එදා ඉදන්ම ලන්කාව කියන නම ඇහෙනකොටත් අමුතුම විදිහට හැසිරුනේ පවනිටත් එයාලාගෙ තාත්තා ටොනිටත් දුකක් එක්ක. ඒ නිසාම කවමදාවත් අක්ශි ඉස්සරහා ලන්කාව පිලිබදව කිසිම වචනයක් ඩියොන් නිවසේ කතා උනේ නැ.
තව ලොකුම වෙනසක් උනේ අක්ශි බහතොරන කාලේ ඉදන්ම සින්හල බාශාව කතා කරන්න සහජ හැකියාවක් තිබ්බා. ඒත් කෙල්ල වයසින් ලොකු වෙද්දි හුගක් දේවල් වෙනස් උනේ අදටත් පවනි ටොනි ඒ ගැන දුක් වෙද්දි. ඒත් අදට අවුරුදු දහනමයක්. ඒ කම්පාසගත වේදනාබර අතීත මතකය එක්ක.
මිති… ඔයා… ඔයා මොනවාද මේ කියන්නෙ…
මන් කිව්වෙ… මන් ලන්කාවට යනවා… ලන්කාවේ කැම්පස් එකකට… මමි දන්නවා ඇති… ලන්කාවේ සීතල පලාතක් තියෙනවා බ.බ..දුල්.ල.. කියලා… එහෙ… කැම්පස් එකට…
අක්ශි අහක බලාගෙන ඒ නම මිමිනුවේ හරිම අමාරුවෙන් කියලා අක්ශාට හොදට තෙරුනා. ඒත් අක්ශා මුකුත් කියන්න කලින් අක්ශි ඉක්මනට ඇදේ අනිත් පැත්තට හැරුනෙ කොට්ටෙන්ම මුන වහගෙන. අක්ශා වේදනාවෙන් කාමරයෙන් එලියට ආවෙ. අක්ශා හිමින් පඩි බැහැලා පහලට ආවේ මේ වෙන කිසිම දෙයක් ගැන අගක් මුලක් හොයා ගන්න බැරි ගානට.
පිය ගැට පාමුල නතර උන අක්ශා නොසන්සුන් කමින් බලාන් හිටියේ කිචන් එකේ හරි හරියට කැම හදලා මේසය සකස් කරන අම්මායි තාත්තායි දිහා. කොච්චර දුක්බර දේවල් උනත් මේ පුන්චි පව්ලේ ආදරේ සෙනෙහස උතුරලා ගියේ අඩු නොවෙන්න. ඒත් තාමත් අක්ශාට මේ දෙවල් තෙරුම් ගන්න බැ.
මෙල්… මෙල්…
අක්ශා ලගට දුවගෙන ආපු අවුරුදු පහක් වයසැති පුන්චි හුරතල් මල්ලි අක්ශ අක්ශාගෙ අතින් අල්ලාගෙන ඇද්දෙ කැම කාමරේට යන්න. අක්ශා බැග් එක එතනම තියලා අක්ශව අතට වඩාගෙන කිචන් එකට ආවේ පවනි ටෝනි දිහා ආදරෙන් බලමි. මෙච්චර ආදරිනිය පව්ලක් අක්ශිට මගහැරුනෙ කොහොමද කියන එක අක්ශාට වේදනායි.
මමි…
මෙල්… කො මිති… අදත් එන්නෙ නැද්ද… ඩැඩි ගෙදර ඉන්න දවසටවත් මේ කෙල්ල එන්නෙ නැනේ… කොලෙජ් ඉවර උනා විතරයි කාමරේමයි…
අක්ශාව දැකපු පවනි දුකින් කිව්වෙ උඩ මහල දිහා බලන ගමන්. අක්ශාට ඒ ගැන කතා කරන්න වචන නැ. ටොනිත් කැම මේසයෙන් බන්දෙසි තියලා එයාලා දිහා බැලුවා.
ඇයි මෙල් දු… නන්ගි එන්නෙ නැද්ද… ඉතින් එයා පඩුවෙ හිටපු දෙන්කො… අද මන් ගෙදර ඉන්නවානෙ…
එහෙම නැ ඩැඩි… එයා තාම නිදි… පස්සෙ එයි…
ඒකනේ… එන්න එන්න… අද මගෙ අතින්මයි කැම හැදුවේ…
ටොනි කිව්වෙ හරි ආසාවෙන් අක්ශව අක්ශා අතින් ගන්න ගමන්. පවනිත් වැඩි කතාවක් නැතුව මේසයෙන් ඉද ගත්තේ අක්ශා දිහා බැල්මක් හෙලලා.
කාමරයේ අඩවන් උන දොරෙන් පහල ඇහෙන කතා බහා අක්ශිට යන්තම් ඇහුනා. කෙල්ලගෙ ඇස් වලින් ගලාගෙන යන කදුලු කොට්ටෙම තෙමුවේ කෙල්ල ඒ ගෙවෙන හැම මොහොතක්ම විදවන එකට සාක්ශි.
‘ ඇයි මට මේ ආත්මෙවත් සැනසිමක් නැත්තේ… මෙච්චර ආදරය කරන පව්ලේ අයට මන් මොන දුකක්ද දෙන්නේ… වෙච්ච් දේවල් වෙලා ඉවරයි… මට දැන්වත් ජීවත් වෙන්න දෙන්න… ‘
අක්ශි අත් දෙකෙන්ම ඔලුව බදාගෙන හැඩුවේ හිතාම විලාප තියද්දි. ඒත් ඒ හැම මොහොතකම අක්ශාට ඒ බොදව උන මතකයෙ පැහැදිලි ඒ රාමුව ඇදුනේ හිත කිරි ගහන බයක් වගේම වේදනාවක් එක්ක.
°° කලු ගල් පියනේ අවසන් හිදැසේ නිදහස් වා තලයෙන් නැගුන එකම දෙනෙත් යුගලේ අවසන් දසුන කෙල්ල දිහාම බලාන් හිටියේ ඇසි පිය නොහෙලන පවසා ගත නොහැකි වු එක කතාවක්. ඒත් පැවසුවෙ එක සාපයක්.
• මහදර පුරාණ මහා සාපි…
කල් ගත කල් නොමකන මේ සාපි…
සදාකල් මා නුබ පැතු මා හි…
අවසන් නුබ එනකම් මා බල දුන්
සාපි…
සාපි වේවා මානම්කුල දේවතාවි… •
• පව්ල් පිටිල් පව්ල් මල යකුන් වෙවා…
බත බුලත මල පෙරෙත සැතිර වේවා…
නියම්ගම් නියම් ධන ශුන්යය වේවා…
නිදොකල් නුබලා නිදොස් නොවෙවා… සාපි සාපි මහා සාපි… •
කාලයේ ඇවැමෙන් නුනද අවසන් නුන එකම කර්මය සේ පල දෙන මහා සාපය. නිර්මල හදවත දෙවි නොදුටු සාපය මහා සාපය. °°
මගෙ සාපයක් නෙමෙයි… මානම්කුල දෙයියො…
මහ හයියෙන් බෙරිහන් දුන්න අක්ශා කෙල්ලගෙම කටහඩින් ගැස්සිලා ඇහැරුනේ කම්පනයෙන්. කෙල්ල ගැහෙන හිතින් එකපාරටම ඇදෙන් ඉද ගත්තෙ ඔලුවම අල්ලාගෙන.
මිති… මිති… මගේ දූ…
ටොනි කාමරේ දොර ඇරගෙන කලබලෙන් ආවේ කෙල්ලගෙ කැ ගැහිල්ල පහලටම ඇහුන හින්දා. ටොනිව දැකපු අක්ශිට ඇඩුම් ආවේ හයියෙන්.
අනේ ඩැඩි… මට බයයි ඩැඩි…
අක්ශි හඩාගෙන අත් දිගු කරද්දි ඊටත් වඩා කම්පනයෙන් දුකින් ටොනි කෙල්ලව තුරුලු කර ගත්තා. අක්ශිට මේ වෙන දේවල් ටොනිට දරන්න බැරි තරම්.
මගෙ දූ… ඇත් දුවේ මෙහෙම වෙන්නෙ… ඩැඩීට කියන්න මැනික… මෙච්චර කාලයක් ඩැඩි ඉවසාන් හිටියා මගෙ දු වෙනුවෙන්… ඩැඩිට කරන්න බැරි දෙයක් නැනේ… කියන්න දුව… මට තව විදවන්න බැ මගෙ දුව ඔහොම ඉද්දි…
සොරි ඩැඩි… සොරි…
අක්ශි ටොනිගෙ තුරුලේ ඉකි ගගහා ඇඩුවේ කෙල්ලට කතා කරන්නවත් වචන නැති තරම් හින්දා. ඒත් කෙල්ල කොහොම නම් කියන්නද මේ කිසිම දෙයක අවසානයක් නැ කියලා.
අක්ශි ටොනිගෙ තුරුලෙම කොච්චර වෙලා ඇඩුවාද කියලාවත් කෙල්ලට මතක නැ. ටොනි තව මුකුත් අහන්නෙ නැතුව කෙල්ලව තුරුලු කරන් ඒ ඔලුව ඉබින ගමන් කෙල්ලව සන්සුන් කරන්න උත්සහා කලා.
ඩැඩි…
කියන්න මගෙ දු…
සොරි ඩැඩි මන් හින්දා…
ඒ මුකුත් කියන්න එපා… ඩැඩි දූට ආදරේ හින්දා කියන්නෙ… ඩැඩිටත් දුකයි දූ…
අනේ ඩැඩි…
ඩැඩිට දැන්වත් කියන්න මිති…
ටොනි අක්ශිගෙ කදුලු පිරුන නිල් පාට ඇස් දිහාම බලාන් කිව්වෙ දුකින්. අක්ශි ලොකු හුස්මක් අරන් ටොනිට තවත් තුරුලු උනා.
ඩැඩි… මට ලන්කාවට යන්න ඕන ඩැඩි… මට මේ හැමදේයක්ම ඉවර කරන්න ඕන… මට යන්න ඕන…
මොනවාද මගෙ දු… කොහෙද…
ඩැඩි… මාවයි… මානම්වයි… බිලි දුන්න… ඒ මානම්කුල කන්දට… මානම්… තාමත් ඒ කන්දේ බලාන් ඉන්නවා ඩැඩි… එයාව හිර කරලා තියෙන්නෙ… අවුරුදු ගානක්ම… මානම්කුල දෙයියො කෝප වෙලා ඩැඩි… මගෙ මානම් දෙයියො බලාන් ඉන්නවා ඩැඩි… මානවිගෙ මානම් දෙයියො සාප වෙලා… මට බයයි ඩැඩි… මාව බේර ගන්න ඩැඩි…
අක්ශිගෙ හැඩුම ආයෙත් අලුත් උනේ කෙල්ලගෙ ඇගම ගැහෙද්දි. කෙල්ලගෙ වචනයක් ගාමේ ටොනි අහන් හිටියෙ පුදුමයෙන් කම්පනයෙන්. අක්ශිට මෙහෙම දෙයක් කියලා ටොනිට හිතා ගන්න බැරි උනා.
ලෝඩ් ජීසස්…
ටෝනිට මිමිනුවේ කෙල්ල වෙනුවෙන්ම තාත්තා කෙනෙක් හින්දා දැනෙන වේදනාවෙන්.
බැන්කු කලමනාකාරනියක් වූ අක්ශිගෙ අම්මා පවනියි අක්ශායි මල්ලි අක්ශයි එක්ක හවස ගෙදර ආවේ එකටමයි.
හම්මො… සීතල… නත්තලත් ලග හින්දා ට්රැෆික් එකත් වැඩි… ඩැනි… වොශ් එකක් දා ගන්න… ආපු ගමන් ටිවි එකේ… මෙල් ඩැඩියි මිති කොහෙද බලන්න…
පවනි එක දිගට කියාගෙන ගියේ ගෙනාපු බඩු මලුත් මුලුතැන්ගෙයි තියලා ජැකට් එක ගලවන ගමන්. ඒත් පවනි දැක්කෙ සාලයේ කල්පනාවක ඉන්න ටොනිව. අක්ශාත් පවනි දිහායි ටොනි දිහායි බැලුවේ නොසන්සුන්කමින්.
මමි… ඩැඩි…
ටොනි… ඇයි මේ… කො මිති…
පවනි ඉල්ලන්නෙ ටොනි ලගට ගිහින් ඉද ගත්තෙ කෙල්ලව හොයන ගමන්. ඒත් ටොනි පවනි දිහා බැලුවේ රත් පැහැ උන වේදනාබර මුහුනින්.
…….
මතුවට.
උන්මාද මානම්කුල (1 කොටස)
උන්මාද මානම්කුල (3 කොටස)
උන්මාද මානම්කුල (4 කොටස)
උන්මාද මානම්කුල (6 කොටස)
උන්මාද මානම්කුල (7 කොටස)
උන්මාද මානම්කුල (8 කොටස)
උන්මාද මානම්කුල (9 කොටස)
උන්මාද මානම්කුල (10 කොටස)
උන්මාද මානම්කුල (11 කොටස)
උන්මාද මානම්කුල (12 කොටස)
උන්මාද මානම්කුල (13 කොටස)
උන්මාද මානම්කුල (14 කොටස)
උන්මාද මානම්කුල (15 කොටස)
උන්මාද මානම්කුල (16 කොටස)
උන්මාද මානම්කුල (17 කොටස)
උන්මාද මානම්කුල (18 කොටස)
උන්මාද මානම්කුල (19 කොටස)
උන්මාද මානම්කුල (20 කොටස)
උන්මාද මානම්කුල (21 කොටස)
උන්මාද මානම්කුල (22 කොටස)
උන්මාද මානම්කුල (23 කොටස)
උන්මාද මානම්කුල (24 කොටස)
උන්මාද මානම්කුල (25 කොටස)
උන්මාද මානම්කුල (26 කොටස)
උන්මාද මානම්කුල (27 කොටස)
උන්මාද මානම්කුල (28 කොටස)
උන්මාද මානම්කුල (29 කොටස)
උන්මාද මානම්කුල (30 කොටස)