03 කොටස






නංගීගේ මනාලයා
අනේ දොස්තර මහත්තයෝ මගේ දරුවගේ මුණ සනීප කරන්න බැරිද,මොකක්ද වේලා තියෙන්නේ …
“
අපි උත්සාහ කරලා බලමු…මොකක්ද මේ ළමයාගේ නම කිව්වේ ….
“
මගේ නම මන්දාකිණි ….
මන්දාකිණි ඔයාට මෙහෙම උනේ කොච්චර කාලෙකට කලින්ද,
දැන් අවුරුද්දක් විතර වගේ ඩොක්ට …
ඕ මයි ගෝඩ්….
ඇයි ඩොක්ට ….
දරුවෝ මෙච්චර කල් මෙකට ට්රිට්මන්ට් කරේ නැද්ද …
බෙහෙත් කරා ඩොක්ට එත් පොඩ්ඩක්වත් අඩු උනේ නැ..තවත් වැඩි උනා..
තව කල් ගියා නම් මේක කැන්සර් එකකට උනත් එන්න තිබුණා..අනික දරුවෝ ඕය ළමයාගේ උපන් පාට මදි වේලාද එක එක බ්ලිචින් ක්රිම් පාවිච්චි කරේ.බලන්න ඔය ළමයාගේ මෝඩ වැඩ නිසා වේලා තියේන දේ….
ඩොක්ට මොකක්ද මේ කියන්නේ..අනේ ඩොක්ට මං කිසිම ක්රිම් එකක් පාවිච්චි කරලා නැ..මං කොහේහරි යද්දි නම් බේබි ක්රිම් ටිකක් ගානවා..
බේබි ක්රිම් වලට නම් එහෙම වෙන්නේ නැ.එත් කාලයක් තිස්සෙ මේ විස කොහොම හරි ඔය ළමයා පාවිච්චි කරලා තියේනවා…අපි බලමු ..මං මේ ලියලා දෙන ක්රිම් එක හැමදාම උදේ හවස මුණ පිරිසිදු කරලා ගාන්න…
අප්පච්චි මායි බෙහෙත් අරගෙන එළියට එද්දිම මං දැක්කේ අර යසිරු කියන කෙනා පාරෙන් එහා පැත්තෙ කාර් එක නතර කරගෙන බලාගෙන ඉන්නවා.මට හිතුනේම අපි එනකම් බලන් හිටියා වගේ…මාව දැකපු ගමන් එයා අහක බලාගත්තා…මං දන්නැ ඇයි කියන්න මට එයාව දැක්කම දැනුනේ සතුටක්..
යසිරු පාර පැනලා අපි ඉන්න පැත්තට ආවේ…මගේ පපුව අසාමානය විදියට ගැහේනවා…මට හිතුනේම එයා මගේ දිහා බලාගෙන ආවේ කියලා…
ආ අංකල් බෙහෙත් ගත්තාද…
අනේ ඔව් පුතේ…පුතාව ආයේත් මුණගැහුනානේ…
එකනේ අංකල් මං මේ පොඩි වැඩකට බැන්ක් එකට ආවා..අංකල්ව දැකලා කතා කරන්න හිතුනා…යසිරු මං දිහා හොරෙන් බලන ගමන් කිව්වේ …මෙයා කියන බොරු,,අපිව දැක්කේ අහම්බෙන් ද,,එනකම් බලන් ඉදලා …
එහෙනම් අපි යනවා පුතේ…
“
අංකල් කොහොමද යන්නේ….”
අපි ත්රිවීල් එකක් කතා කරන් යනවා පුතේ…
අංකල් යනවා නම් මාත් එක්කම යන්න පුලුවන් මං මගේ යාලුවගේ ගෙදර යන්නේ…
එහෙනම් අපිත් මේ පුතා එක්කම යමු පුතේ…
” යමු අංකල් කාර් එක එහා පැත්තෙ…
යසිරු ඇවිත් කාර් එකට ගොඩ උනාම අපිත් ගොඩ උනේ…මග දිගට එනක්ම් අප්පච්චි යසිරු එක එක දෙවල් කතා කර කර ආවේ..මං දිහා එක පාරක් වත් බැලුවේ නැ..මං ජනේලෙන් එලිය බලාගෙන ආවා…ගේ ලගට ආවම අප්පච්චි මුලින් බැස්සේ..මං බහින්න හදනකොටම යසිරු මය මන්දාකිණි කියලා කතා කරා..මට පුදුමයි මං මගේ නම කිව්වේ නැතුව මෙයා මගේ නම් දන්නේ කොහොමද ,,,මං ඇස් ලොකු කරන් බලන් ඉන්නකොට එයාට හිනහා ගියා..එයා හිනා වෙද්දි හරිම ලස්සනයි …
මොකද ඇස් ගලවගන්න හදන්නේ ආ…මං කතා කරේ තමන්ගේ දෙවල් මෙහෙම අමතක කරන්න එපා කියන්න..එහෙම කියලා යසිරු මට දික් කරේ ෆොන් එකක්..දෙයියන් මගේ ෆොන් එක..ගෙදරින් යද්දි අරන් ගියත් එක මගේ අතේ නැ කියලා දැනුනේ නැ …මං යසිරුට ස්තුති වත් නොකර ෆොන් එකත් අරන් එක පිම්මට දුවලා ගෙට ගියේ නංගී අපි ඉන්න පැත්තට එනවා දැකලා…
ආනේ…යසිරු අයියා….ඔයා මෙහේ…මට කැමති නැ කිව්වට මාව බලන්න නේද ආවේ..මං දැන ගත්තා ඔයා මුලින් බැ කිව්වට මට කැමති කියලා..යමුකෝ අනේ ගෙට….
බැ ගිහානි මං මේ යාලුවේක් ගේ ගෙදර යනගමන් ඔයාගේ අක්කයි තාත්තයි ටවුන් එකෙදි මීට් උනා..එයාලව දාන්න ආවේ..
මොකක් ……ඔයාට දැන් ඉතිං මේ කාර් එක හොදන්න වෙයි අනේ…ඔයාට හිරිකිත නැද්ද අනේ එයාව දාගෙන ආවේ..මගේ අක්කා කියලා ඔයා ආයේ එහෙම එයාව කාර් එකේ දාගෙන යන්න එපා මං කැමති නැ.අනික මං එයාට කැමති නැ.මං අල්ලගන්නම් කො එයාව.
යසිරු ගිහානි දිහා බැලුවේ පුදුමෙන්..වගේම තරහින්..එකයි එහෙන්ම ගිහානි ඉන්න කොටම කාර් එක හරවගෙන වේගෙන් ගියේ……






ඔයාලගේ අදහස් කියාගෙන යන්න ළමයි…..
මධු භාෂි