නංගිගේ මනාලයා (04 කොටස) nangige manalaya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අම්මා ....... කොහෙද අනේ ඉන්නේ.... මොකද කෙල්ලේ කෑ ගහන්නේ... අම්මා දන්නවද වැඩක්,,,අද අරකි කරලා තියේන වැඩක් ..එකී අද ගෙදර ආවේ යසිරුගේ කාර් එකේ..ඔකීට වටිනවද අම්මා නංගීගේ මිනිහා වෙන්න ඉන්න එකා එක්ක එහෙම ඉන්න.. අනේ ඇත්තටම එ කොල්ලටත් පිස්සුද බං හිරිකිතක් නැතුව ඔහොම වාහනේ දාගෙන එන්න.. එකනේ අම්මා කියන්නේ ...මං කිව්වා එයාට මං කැමති නැ කියලා කාර් එකේ දාගෙන එනවට...
අම්මා ……. කොහෙද අනේ ඉන්නේ….
මොකද කෙල්ලේ කෑ ගහන්නේ…
අම්මා දන්නවද වැඩක්,,,අද අරකි කරලා තියේන වැඩක් ..එකී අද ගෙදර ආවේ යසිරුගේ කාර් එකේ..ඔකීට වටිනවද අම්මා නංගීගේ මිනිහා වෙන්න ඉන්න එකා එක්ක එහෙම ඉන්න..
අනේ ඇත්තටම එ කොල්ලටත් පිස්සුද බං හිරිකිතක් නැතුව ඔහොම වාහනේ දාගෙන එන්න..
එකනේ අම්මා කියන්නේ …මං කිව්වා එයාට මං කැමති නැ කියලා කාර් එකේ දාගෙන එනවට…
ඇයි බං එ කොල්ලා උඹට කැමති නැ කිව්වා නේද….
එක මං බලාගන්නම්කෝ..එයා අකමැති උනාට මං කැමති…
මේ කෙල්ලේ දොස්තර කිව්වේ මොනවද කියලා අප්පච්චගෙන් අහලා දැන ගනිං…
**********
අප්පච්චි ……..ඔයා කොහෙද …
නංගී අප්පච්චට කතා කරගෙනම මගේ කාමරේට ආවේ…මං කාමරේට ඇවිත් කල්පනා කරේම නංගී කොහොමද යසිරුව අදුරන්නේ…එයාලා ගොඩක් කල් ඉදන් අදුරනවා වගේ..අනික එයා කොහොමද මගේ නම දන්නේ…මගේ කල්පනාව බිදුනේ නංගී මට කතා කරපු සද්දෙට..
මේ හලෝ තමුසේ මොන ලෝකෙද ඉන්නේ…හීන බලනවද එකත් දවල් හීන….නංගී කට කොනින් හිනා වේලා මගේන් ඇහුවේ….මේ හලෝ යසිරු තමුසෙව කාර් එකේ දාගෙන ඇවිත් තියේන්නේ අප්පච්චිව විතරක් දාගෙන එන්න බැරි නිසා….යසිරු මට කියනවා ගිහිපු ගමන් කාර් එක වොශ් කරන්න ඕන කියලා…
මොකක්ද ……
ඕව් ඇහුනේ නැද්ද ….
එයා එහෙම කිව්වාද…..
කිව්වා තමයි…අප්පච්ච දැක දැම දාලා එන්න බැරි නිසා එක්ක ඇවිත් තියේන්නේ. මොකද බෑණා ගැන වැරදියට හිතයි කියලා එක්කන් ආවාලු…තමුසේ ආයේ එහෙම එනවා නෙමෙයි හරිද….බලනවා මුණේ හැටි තමුසෙගේ අප්පිරියයි …
එහෙම කියලා නංගී එලියට ගියේ සද්දෙට දොරත් වහගේන…
එයා නංගී බදින්න ඉන්න කෙනාද….එයා මාව දාගෙන ආවේ අකමැත්තෙන්ද….එයා අකමැති නම් මොකටද මාව දාගෙන ආවේ…ඇත්ත තමයි එයා අප්පච්චිට එන්න කිව්වාට මට එන්න කිව්වේ නැනේ..අනේ මං දැනගත්තා නම් කවදාවත් එයාගේ කාර් එකේ එන්නේ නැ ..එයා නංගී බදින්න ඉන්නේ …මං හිතුවා එයා හොද කෙනෙක් කියලා…හැමෝම එක වගේ,මං හිතුවේ කොහොමද එයා එහෙම නැ කියලා මගේම අම්මා නංගි මට මෙහෙම කරද්දී ..මට ඕන උනේ අඩන්න ඇයි හැමෝම මට මේහෙම කරන්නේ… මං අඩ අඩාම ගියේ කණ්නාඩිය ලගට ,කණ්නාඩියෙන් පේන මගේම මුණ බැලුවම මටම එපා වෙනවා එ තරම් බලන්න බැ…මට මං ගැනම දැනුනේ තරහක් එකයි මං ලග තිබුන මල් වාස් එකෙන් කණ්නාඩිය කුඩු වෙන්න ගැහුවේ…
මොකද උඹට වේලා තියේන්නේ…. කරුමයක් උනානේ මේක.මැරිලා පල මේ ගෙදර තියේන දෙවල් විනාස නොකර …හැතිරි.. නොදකිං උඹ මොනවට ඉපදුනාද මන්දා ,අපිව කාගෙන යන්න ඇවිත්,,
මට ඇහුනේ අම්මා මට බනින සද්දේ..ඇයි අනේ අම්මා මට මේ තරම් නරක විදියට බනින්නේ…වෙලාවකට මට හිතේනවා මාව අරගෙන හදාගෙනද කියලත්…එත් ගොඩක් අය මට කියලා තියේනවා මං අප්පච්චිගේ හැඩලු..අප්පච්චිත් මං වගේම සුදුයි…ඇස් දෙක නහය අප්පච්චිගේ වගේමයි..නංගි පොඩ්ඩක් වත් අප්පච්චි වගේ වත් මං වගේවත් නැ..අම්මාගේ හැඩ තියේන්නේ ..අම්මා එක නිසා වෙන්න ඇති නංගීට විතරක් ආදරේ…
මං කාමරේ අස් කරලා නාගෙන ඇවිත් ඩොක්ට දිපු ක්රිම් එක මුණේ ගා ගත්තේ…මං දවල්ට කෑවේත් නැ බඩගිනි මට ..කන්න කියලා හිතාගෙන කුස්සියට ගියේ…
මං යද්දී අම්මයි නංගීයි හීනා වේවි කතා කරනවා..මාව දැක්කා විතරයි සද්දෙට හිනා උනා…අප්පච්චි පෙන්න නැ..එකයි මට අර විදියට බැන්නෙත්….මං බත් ටිකක් බෙදාගෙන කුස්සියට වෙලාම කැවේ….මට ඇහෙන්න එක එක දෙවල් කියනවා..යසිරුගෙයි නංගීගෙයි වෙඩින් එක ගන්න හැටි කතා කරනවා…නංගි යසිරු ගැන කියද්දි මට දැනෙන්නේ දුකක් එක මට කියන්න තෙරෙන්නේ නැ. …
🌷🌷🌷🌷🌷🌷🌷
ආදරෙයි හැමෝටම..අදත් අදහස් කියාගෙන යමු…ඔයාලගේ අදහස් කියවද්දි ලියන්න ආසයි…
නංගිගේ මනාලයා (14 කොටස)
නංගිගේ මනාලයා (16 කොටස)
නංගිගේ මනාලයා (17 කොටස)
නංගිගේ මනාලයා (18 කොටස)
නංගිගේ මනාලයා (19 කොටස)
නංගිගේ මනාලයා (24 කොටස)
නංගිගේ මනාලයා (25 කොටස)
නංගිගේ මනාලයා (26 කොටස)
නංගිගේ මනාලයා (27 කොටස)
නංගිගේ මනාලයා (28 කොටස)
නංගිගේ මනාලයා (29 කොටස)
නංගිගේ මනාලයා (30 කොටස)
නංගිගේ මනාලයා (31 කොටස)
නංගිගේ මනාලයා (32 කොටස)
නංගිගේ මනාලයා (33 අවසාන කොටස)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!